කොහෙ-තියෙන-නිදහසක්ද-යකෝ?

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    කොහෙ-තියෙන-නිදහසක්ද-යකෝ?

    හැමෝටම අද හරි ආතල්. නිදහස් දිනය. ගූගල් එකේ ඩූඩල් එකකුත් දාලා. ඒකේ ආතල් එක විඳින අතරේ බැචාට ප්‍රශ්නයක් ආවා; මොනවද අපි මෙච්චර උඩදාගෙන සමරන්නේ? නිදහස? කොහෙ තියෙන නිදහසක්ද?

    හතලිස් අටේ පෙබරවාරී හතර අපි සුද්දොන්ගෙන් නිදහස ලැබුවලු. එච්චරකල් අපිව පාලනය කරේ සුද්දෝ. එතනින් පස්සේ අපිව පාලනය කරගන්න බලය අපිටම ලැබුණා. ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඕකටනේ. ඇමතිලා මන්ත්‍රිලා පත්කරන්නෙ අපි. ඉතිං පොතේ හැටියට අපි පාලනය කරන්නේ අපි විසින්මයිනේ. ඕකට තමා අපිට නිදහස ලැබුනා කියලා කියන්නේ.

    හැබැයි රටේ සාමාන්‍ය මිනිහට ඕන විදිහටද රට යන්නේ කියන එක අද ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍ය මනුස්සයට ඕනෙ නැති මහල් ප්‍රාසාද, කාර් රේස්, අභ්‍යවකාශ ගවේෂණ වලට මුදල් ටික වෙන් වෙද්දී, මිනිස්සුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ටික, සෞඛ්‍ය අවශ්‍යතා ටික බල්ලට ගිහින්. මිනිස්සු ගැන හොයන්න තියෙන පොලීසිය පගාවට යටවෙද්දී සාධාරණයට පෙනී හිටින අධිකරණය වලපල්ලට ගිහින්. බඩු මිල අහස උසට. ගෑස් එකේ ගාන රුපියල් සීය දෙසීයකින් වැඩි වෙද්දී, පඩිය රුපියල් විස්සකින්වත් වැඩි වෙන්නේ නෑ. රට හැමතැන බදු; විනෝද බද්දෙන් නවතින්නේ නැතුව ගෙදර මිදුල හාරලා ගන්න වතුර ටිකටත් බදු ගහලා.

    සුද්දෝ ඉද්දිත් පාරවල්, රේල් පාරවල් හැදුවා බොල. ඒත් උන් අපේ මිනිස්සු-උන්ගේ ඕනකං මායිම් කරේ නෑ. ඒකයි අපිට නිදහසක් ඕන උනේ. ඒත් හත්වලාමේ දැන් ඉන්න තකතීරුවෝ ඒවා මායිම් කරනවද? නෑ නේද? එහෙනං කොහෙ තියෙන නිදහසක් ගැනද උඹලා උදම් අනන්නේ?

    අපි නිදහස්ද නැද්ද කියන දේ තීරණය කරන්න ඕන අපිමයි. අද නිදහස් උත්සවේ වෙලාවේ රටේම ඉන්න කුඩු මුදලාලිලා, මිනීමරුවෝ, තක්කඩි හමුදා උත්තමාචාර මැද උත්සවයට සැපත් වෙන හැටි දැක්කම උඹලට අභිමානයක් දැනුනද? මට නං දැනුනේ ලැජ්ජාවක් - පිලිකුලක්.

    අපි තාම නිදහස් නෑ. අපි නිදහස් වෙන්නේ අපේ රටේ මිනිස්සු පාලනය තමන්ගේ අතට ගත්ත දවසටයි. පාලකයෝ වැරදි පාරක යද්දී උන්ගේ කනින් ඇදල හරි පාරට දාන්න මිනිස්සුන්ට පුළුවන් වෙච්ච දවසටයි. මිනිස්සුන්ගේ හිතුම් පැතුම් වලට අනුව රට පාලනය වෙන දවසකටයි. අවුරුදු 65ට කලින් අපි සුද‍්දොන්ගේ වහල්ලු වෙලා හිටියා. ඒත් තාමත් අපි වහල්ලු. ඒ බව නොපෙනීම හරිම උත්ප්‍රාසජනකයි!

    http://campusbatcha.blogspot.com/

     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නම් මොලේ කොලොප්පන් වෙච්ච පොරක් ලියපු කිසි පදනමක් නැති විකාර වචන ටිකක්
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේක නම් මොලේ කොලොප්පන් වෙච්ච පොරක් ලියපු කිසි පදනමක් නැති විකාර වචන ටිකක්

    ඔබේ දිරිමත් කිරීම සෑහෙන්න වටිනවා මිත්‍රයා :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    siea ban ,me rata kawadawath hadenna ,boru kai waru karayo withryi inne
    ලක්ෂ 100 ක පරෝජෙක්ට් එකක පටන් ගන්න උත්සවේට ලක්ෂ 50 යි ඕපන් කරන එකට 25 යි ප්‍රොජෙක්ට් එකට 10 යි ඉතිරි 15 කගේ හරි සාක්කුවක ,ඕක තමා අපේ ස්න්වර්දනය
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    siea ban ,me rata kawadawath hadenna ,boru kai waru karayo withryi inne
    ලක්ෂ 100 ක පරෝජෙක්ට් එකක පටන් ගන්න උත්සවේට ලක්ෂ 50 යි ඕපන් කරන එකට 25 යි ප්‍රොජෙක්ට් එකට 10 යි ඉතිරි 15 කගේ හරි සාක්කුවක ,ඕක තමා අපේ ස්න්වර්දනය
    :yes::yes::yes: