මේකත් මගෙ බ්ලොග් එකට කාලෙකට කලින් ලියපු එකක්. හොඳද බලන්න.
මැතිව්ස් එකම මැච් එකේ Hat-trick 2යි!
නුවන් සොයිසගෙ world record එක
Hat-trick එකක් ගත්ත චාටර්ම බෝලර් කවුද?
හැමෝම දන්නවනෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ Hat-trick එකක් කියන්නෙ මොකද්ද කියල. අද මම කතා කරන්නෙ ටෙස්ට් ක්‍රිකට් පිටියේ Hat-tricks ගැනයි. මේ දක්වා ටෙස්ට් Hat-tricks 39ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් බොහොමයක් එංගලන්ත හා ඕස්ට්‍රේයානු ක්‍රීඩකයින් ලබා ගත් ඒවා.
ඉතිහාසයේ පළමු Hat-trick එක ලබාගත්තේ FR Spofforth කියන ඕස්ට්‍රේයානු ක්‍රීඩකයා 1879 ජනවාරි මාසෙ එංගලන්තෙට එරෙහිව මෙල්බර්න් වලදි. 1800 ගණන් වලදි තවත් Hat-tricks 4ක් ඉතිහාස පොතට එකතු වුණා.
20වන ශත වර්ශයේ මුල් Hat-tricks 2ම ලබා ගත්තෙ ඕස්ට්‍රේයානු ජාතික H Trumble විසින් වීමත් ඒ Hat-tricks 2ම ලබා ගත්තෙ එංගලන්තයට එරෙහිව මෙල්බර්න් වලදී වීමත් අමතක නොවන සිදුවීම්. 1902 ජනවාරි හා 1904 මාර්තු වලදි ලබාගත් මේ Hat-tricks වලින් දෙවැන්න H Trumbleගේ අවසන් ටෙස්ට් තරගයේදි ලබාගැනීමත් විශේෂ සිදුවීම්.
1904 මේ Hat-trick එකෙන් පස්සෙ ක්‍රිකට් ලෝලීන්ට අවුරුදු 8ක් යනකල් Hat-trick එකක් දකින්න හම්බ වුණේ නැහැ. හැබැයි ඊට පස්සෙ 1912 මැයි මාසෙ මැන්චෙස්ටර් වලදි ඕස්ට්‍රේයානු ජාතික TJ Matthews දකුණු අප්‍රිකාවට එරෙහිව එකම තරගයේ ඉනිම් 2දී Hat-tricks 2ක් අරන් බිදිය නොහැකි ලෝක වාර්තාවක් තිබ්බා. ඒ ටෙස්ට් ක්‍රිකට් පිටියේ 8වන සහ 9වන Hat-tricks.
10වන Hat-trick එකත් විශේෂයි. එංගලන්ත ක්‍රීඩක MJC Allom නවසීලන්තයට එරෙහිව 1930 ජනවාරි වල Hat-trick එකක් ලබා ගත්තෙ තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේදීමයි. ඇලම්ට අමතරව නවසීලන්ත ජාතික PJ Petherick (1976 ඔක්තෝබර් පකිස්ථානයට එරෙහිව ලාහෝර් හිදී) හා ඕස්ට්‍රේයානු ජාතික DW Fleming (1994 ඔක්තෝබර් පකිස්ථානයට එරෙහිව රාවල්පින්ඩි හිදී) යන ක්‍රීඩකයිනුත් තම පළමු ටෙස්ට් තරගයේදීම Hat-trick ලබා ගත්තා.
දකුණු අප්‍රිකානු ජාතික GM Griffin 1960දී එංගලන්තයට එරෙහිව ලබාගත් Hat-trick එක ක්‍රිකට් මහගේ ලෙස සැලකෙන ලෝඩ්ස් පිටයේ වාර්තා වී ඇති එකම Hat-trick එකයි. ග්‍රිෆින් ජීවිතයටම ලබාගෙන ඇත්තේ ටෙස්ට් කඩුලු 8ක් පමණක් වන අතර මෙය ඔහු ත්රීඩා කළ අවසන් තරගයයි.
බටහිර ඉන්දීය CA Walsh (1988 ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන් හිදී) ඕස්ට්‍රේලියානු MG Hughes (1988 බටහිර ඉන්දීය දූපත් වලට එරෙහිව පර්ත් හිදී) බටහිර ඉන්දීය JJC Lawson (2003 ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිජ්ටවුන් හිදී) ලැබූ Hat-tricks වැදගත් වෙන්නේ ඒවාට ඉනිම 2ම සම්බන්ධ වීම නිසයි.
ඉතින් ලංකාව Hat-tricks අරන් නැත්ද? ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් එකම ටෙස්ට් Hat-trick එක ලබා ගත්තේ Nuwan Zoysa සිම්බාබ්වේ පිළට එරෙහිව 1999 නොවැමිබර් වල හරාරේ හිදී. මේකත් ලෝක වාර්තාවක්. සොයිසා තමන් තරගයේ යැවූ පළමු පන්දු 3න්ම Hat-trick එක ලබා ගත්තා. (තරගයේ පළමු පන්දු 3 නොවේ. වාස් අනෙක් අන්තයෙන් maiden-over එකක් යැවුවා.)
ශ්‍රී ලාංකාව අරන් තියෙන්නේ එක Hat-trick එකයි වුණාට ටෙස්ට් තරග වලදී 4පාරක් Hat-trick වෙලා තියනවා. ඒ හතරම පකිස්ථානෙට.
ඉන්දියාවෙ Irfan Pathan 2006 පකිස්ථානෙට එරෙහිව කරච්චි හිදී ලබාගත් Hat-trick එක ටෙස්ට් තරගයක පළමු ඕවරයේ ලබාගත් එකම Hat-trick එකයි.(අවසන් පන්දු 3)
අපට අහන්නට ලැබුණු අවසාන Hat-trick එක ලබා ගත්තෙ ඉන්දියාවට එරෙහිව එන්ගලන්තයේ Stuart Broad 2011 අවුරුද්දෙ.
Hat-trick ගැන තවත් වැදගත් කරුණු :
අද වන විට සියලුම ටෙස්ට් ජාතීන් Hat-trick ලබාගත් ලැයිස්තුවට ඇතුළත් වී තිබෙනවා.
ටෙස්ට් Hat-trick 39න් 13ක්ම වාර්තා වී තිබෙන්නේ වසර 2000න් පසුවයි.
Shane Warne අපේ මුරලිට වඩා ඉදිරියෙන් ඉන්න එකම තැන මේ Hat-tricks ලැයිස්තුව වෙන්න ඇති. මුරලිට Hat-trick එකක් ගන්න පුළුවන් වුණේ නැහැ.
එක්දින පිටියේ Hat-tricks පිළිබද රසවත් තොරතුරු රැසක් එක්ක පස්සෙ හම්බෙමු.