Sinhala සේරිවාණිජලා වෙනුවෙන් සිවුරු පසුපස යෑම

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,044
    11,995
    113
    Ohio, USA
    Sinhala සේරිවාණිජලා වෙනුවෙන් සිවුරු පසුපස යෑම

    Mirror - බොදු බල සේනාවේ සිවුරු පැළඳි නායකත්වයේ ඉතාම සිල්වත් සහ ගුණවත් වාගේම ජාතිවාදී තක්කඩියන් කියන කතා අනුව, ගෙවී ගිය ආසන්න කාලයේ මුස්ලිමුන්ට විරුද්ධව පාරට බැස කලකෝලාහල කර ඇත්තේ, ඔවුන්ගේ නමට කැළලක් කිරීමේ වුවමනාවෙන්, වෙනත් පිරිසකි.

    එහෙත් බොදු බල සේනා නිල වෙබ් අඩවියට මීට මාසයකට හමාරකට කලියෙන් ගොඩ වූවෝ, එහි වූ භයංකාර මුස්ලිම් හා අන්‍යාගමික විරෝධය දනිති. සිංහල බෞද්ධකම වැඞීම සඳහා වැඩි වැඩියෙන් ජාතිය බෝ කිරීමට කාන්තාවන්ට දේශන තබමින්, රජයේ වෛද්‍ය සායනවලට පැන යකා නැටූ සැටිත්, කි‍්‍රස්තියානි පල්ලි වෙත ගොස් මැරකම් ජඩකම් කළ සැටිත් අමතක වීමට තරම් ඒවා දුර ඈතක සිදු වූ කාලකණ්නිකම් නොවේ. මේ නිරුවත් නග්න සාමයික ජාතිවාදය සමග, නිව් යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් අන්තවාදයට එරෙහිව ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවාවේ අනුග‍්‍රහයෙන් අන්තර් ජාලයට මුදා හැරෙන සියල්ල ද මෙරට මුස්ලිමුන්ට එරෙහිව යොදා ගැනීමෙන් මෙය ඉතා පැහැදිලි සංවිධානාත්මක මුස්ලිම් විරෝධයක් බව ඔප්පු වන්නකි. ඒ වෙනුවෙන් සල්ලිකාර, සිංහල වාණිජ පසුබිමක් ඇති බවත් ’‘හලාල් විරෝධය’’ සහ මුස්ලිම් කඩ සාප්පු වර්ජනයට කෙරෙන කැඳවීමෙන් ඔප්පු වන්නේ ය.

    මේ රාජපක්ෂ ආණ්ඩුව පවතින්නේ ද සිංහල සේරිවාණිජලාගේ හයිය මත ගොනු වෙන සමාජීය මතවාදය පෙරටු කර ගෙන ය. ජාතිවාදය ඇවිස්සීම, සාමයට බාධා කිරීම, රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම, දේපල වලට හානි කිරීම වැනි අපරාධ චෝදනා යටතේ වහා අත් අඩංගුවට ගත යුතු පිරිසක් අරලියගහ මැදුරට කැඳවා සාකච්ඡුා කිරීමෙන් පෙන්වන්නේ මේ දෙගොල්ලන්ගේ ඇති පෙකැණිවැලේ සම්බන්ධය ය. එනිසා මේ සාමයික ජාතිවාදයේ අවසන් වාරය ද මෙය නොවිය හැකිය යන්න අප තේරුම් ගත යුත්තකි. එළෙසින්ම සිංහල සේරිවාණිජලා වෙනුවෙන් සංඝයා විසින් බුද්ධාගමද පෙරටු කර ගෙන පාරට බැස කලකෝලාහල කළ මේ රටේ පළමු වාරයද මෙය නොවේ.

    හැම විටම, සිංහල සේරිවාණිජ වුවමනාව, බොදු සිහල ගෝසාව පිටු පස නිහ`ඩව තැබෙන්නකි. හැම විටම සිංහල ජාතියට හා බෞද්ධාගමට අපහාස කිරීමට සහ විනාශ කිරීමට කුමන්ත‍්‍රණය කරන්නේ ය යන චෝදනාව, අන්‍යාගමිකයින්ට හා අඩුතර ජන වාර්ගිකයින්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන්නකි. මීට අවුරුදු 98 ට පෙර, 1915 දී මහනුවරින් ආරම්භ කෙරුනු මුස්ලිම් - සිංහල ජාතිවාදී කෝලාහලය යැයි ඉතිහාසයේ සටහන් වන පළමු සාමයික ජාතිවාදී ගැටුම ද, එවැනි සේරිවාණිජ කතාවකි. ඒ ගැටුම, ගම්පොළ නගරයෙහි බෞද්ධ විහාරස්ථානයේ දායකයින් සංවිධානය කළ වෙසක් පොහෝ දින බෞද්ධ පෙරහැරක් මහනුවර කාසල් හිල් වීදියේ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් යාම නිසා ඇති වූ ආගමික ගැටුමක් යැයි සරළව සඳහන් වන්නකි. එනිසා තර්කය මතු කරන්නේ, මුස්ලිම් පල්ලියක් ඉදිරියෙන් බෞද්ධ පෙරැුහැරකට මේ රටේ යන්නට ඇති තහනම කවරක් ද යන අයිතිවාසිකම් පිළිබඳ කතාවෙනි. එනමුත් ඒ ගැටුමට හේතු වූ තවත් විස්තරයක් ද ඉතිහාසයේ ඇත.

    ඒ ගැන පී.ටී.එම් ප‍්‍රනාන්දු නැමැත්තෙකු (Journal of Asian Studies  - 1970 පෙබරවාරි) තබා ඇති සටහනකට අනුව, ‘‘..... සිංහලූන් සහ මුස්ලිමුන් අතර වර්ධනය වෙමින් තිබූ වාර්ගික ගැටුම ගැන එතරම් අවබෝධයක් නොතිබූ යටත් විජිත පාලනයේ නිලධරයෝ, මෙම ගැටුම යටත් විජිත පාලනයට එරෙහි කැරැල්ලක් යැයි සිතුහ.’’ යටත් විජිත පාලකයින් වහා මාෂල් නීතිය පනවා, අනවශ්‍ය මර්දනයක් දියත් කළේ යැයි ඔහු ඊළ`ගට තවත් සටහන් තබා ඇත. ප‍්‍රනාන්දු කියන්නේ, ඒ වන විටත් (අඩුම තරමින් මහනුවර ප‍්‍රදේශයේ) සිංහලූන් සහ මුස්ලිමුන් අතර වර්ධනය වූ ගැටුමක් තිබුණු බව ය. ඊට හේතු සොයා ගත හැක්කේ, එම ආසියානු ස`ගරාවටම, ඒ. චාල්ස් බ්ලැක්ටන් ‘‘1915 කෝලාහලයේ ගැටුම් අවස්ථාව’’ යන හිසින් ලියා ඇති ලිපියෙනි.

    එහි මෙලෙස සඳහන් වේ. ‘‘වෙරළබඩ යෝනකයින් (19 වන සියවසෙහි කොචින් සහ මලබාර් වෙරළ තීරුවෙන් පැමිණි ඉන්දියානු මුස්ලිම්වරුන් එකල Coastal Moors  යනුවෙන් හඳුන්වනු ලැබිණ) ඉතා වංචාකාරී ලෙස සහ අධික ලෙස සූරාකන පිටස්තරයින් ලෙසින් සැළකිණ. ඔවුහු ගිනි පොලියට ණය ලබා දුන්හ. ද සූසා පවසන අයුරු, සිංහල තරුණියන් රවටා ගැනීම නතර කළ යුතු යැයි තර්ජනය කරමින්, 1915 කෝලාහලයට පෙර උඩරට සිංහලයින් වෙරළබඩ යෝනකයින්ගේ කඩ සාප්පු වර්ජනය කර තිබිණ. ඔහු තව දුරටත් පවසන්නේ, වෙරළබඩ යෝනකයින් අනවශ්‍ය භාණ්ඩ හි`ග ඇති කරමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමන්නේ යැයි ද ලාංකීය පාරිභෝගිකයින් චෝදනා කළ බව ය.’’     

    මේ සිංහල - මුස්ලිම් ජාතිවාදී කෝලාහලය මහනුවරට සීමා වූවක් නොවී ය. සන්නිවේදනය ඉතාම අවම කාලයක, දින දෙකක් ඇතුළත මුස්ලිම් විරෝධී කෝලාහලය පළාත් නවයෙන් සයකට පැතිරිණ. එය වඩාත් ප‍්‍රචණ්ඩ වූයේ කොළඹ ය. කාරණාව පැහැදිලිය. ගැටුමෙහි මුල ඇත්තේ මේ මුස්ලිම් පිරිස් වෙළඳුන් ලෙස හැසිරුණ ආකාරයෙහි ය. ගැටුමෙහි දේශපාලනය දැකිය හැක්කේ 1915 කෝලාහලයේ විනාශය පිරික්සීමෙනි. සිදුවූ විනාශය ජීවිත විනාශයක් බරපතල ලෙස සටහන් නොකරයි. මුස්ලිම් ජීවිත 25 ක් විනාශ වූ බවත් පුද්ගලයින් 189 ක් තුවාල ලැබූ බවත් සඳහන් වේ (Encyclopedia of Sri Lanka - Revised & Enlarged Edition  2006: සී.ඒ.ගුණවර්ධන - පිටු 312/314). මේ ජීවිත බොහෝ විට විනාශ වී ඇත්තේ දේපළ විනාශය හා ගැට ගැසීමෙනි. ගුණවර්ධනයන් ගේ සටහනට අනුව, මුස්ලිම් පල්ලි 17 ක් විනාශ කර තිබිණ. ඒ අතර බරපතල ඉලක්කය වී ඇත්තේ මුස්ලිම් වෙළඳාම ය. රට පුරා මුස්ලිම් කඩ 4,075 ක් මංකොල්ල කා ඇති අතර, 250 ක් ගිනි තබා ඇතැයි ඔහු සටහන් කරන්නේ ය.

    එකල වෙළඳ ඊර්ෂ්‍යාව ගැන මහාචාර්ය කුමාරි ජයවර්ධන ද ‘‘1915 කෝලාහලයේ ආර්ථික හා දේශපාලන සාධක’’ නම් ලිපියෙහි (Journal of Asian Studies  - 1970 පෙබරවාරි) මෙවැනි සටහනක් තබා ඇත. ‘‘කෝලාහලයට වසර කිහිපයකට පෙර සිට, සිංහල බෞද්ධ ජනයා අතර, නව පිබිදීමක් ඇතිව තිබිණ. එය හුදෙක් බි‍්‍රතාන්‍ය දේශපාලන ආධිපත්‍යයට එරෙහිව ඇති වූ අවදිවීමක්ම නොවේ. එය ලංකාවේ සු`ඵතර කණ්ඩායම් වල ආර්ථික බලයට එරෙහිව අවදිකරගත් ආධිපත්‍යයික බලයක් පිළිබඳව වූ හැගීමක් ද විය. 1915 කෝලාහලයට හවුල් වූවන් බොහෝ විට මංකොල්ල කෑමට පැමිණි අපරාධකරුවන් හා පාදඩයින් ලෙස හංවඩු ගැසේ. එහෙත් කොළඹ කෝලාහලයේ නායකත්වය ගත්තේ එවැනි පාදඩ පිරිස් නොවන බවට සාක්ෂි ඇත. කොළඹ දී කෝලාහලයට හවුල් වී ඇත්තේ කම්කරු පංතියේ වඩා සටන්කාමී, හොඳ වැටුපක් ලැබුණු, ශිල්පීය හා පුහුණු කොටස් ය.’’

    මෙය බොහෝ දෙනා කතා කිරීමට මැලි වූ කාරණා දෙකක් මතු කරන්නේ ය. මේ රටේ සංවිධානාත්මක වෘත්තීය සමිති ආරම්භ වන්නේම, ජාතිවාදී නායකත්වයක් යටතේ ගොනු වන සටන්කාමී සමාජ ස්ථරයක් ලෙසින් යන්න, පළමු වන කාරණාව ය. ඒ.ඊ. ගුණසිංහ කම්කරුවන් සංවිධානය කිරීමට එන්නේ 1915 කෝලාහලයට කොළඹ දී හවුල් වී සිරගත කිරීමෙන් පසුව ය. ඒ වන විට ඔහු අමiප ව්‍යාපාරයේ කි‍්‍රයාශීලි පුද්ගලයෙකු විය. අමද්‍යප ව්‍යාපාරයේ පදනම ලෙස යොදා ගැනුනේ බෞද්ධ මතවාදී සිංහලකම ය. එය එදා අනගාරික ධර්මපාලගේ අධිරාජ්‍ය විරෝධය සඳහා සිංහලයින් එකතු කිරීමේ දේශපාලනය විය. ඒ.ඊ. ගුණසිංහ කම්කරුවන් සංවිධානය කිරීමට 1920 පමණ වන විට ඉදිරිපත් වූයේ මේ සිංහල බෞද්ධ අධිරාජ්‍ය විරෝධයෙන් ඉවත් වී නොවේ.   

    දෙවැන්න, 1915 කෝලාහලයට කපිතාන් හෙන්රි පේද්‍රිස් ගේ සම්බන්ධ යයි. ඔහුගේ පියා වූ දුනුගේ ඩිසන් පේද්‍රිස් සහ මාමා වූ ප‍්‍රනාන්දු විජේසේකර පවුල් කොළඹ ධනවත් ව්‍යාපාරික පවුල් විය. 1915 වන විට හෙන්රි පේද්‍රිස්, පළමු ලෝක යුද්ධය වෙනුවෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා විසින් කොළඹ නගරයේ ආරක්ෂාවට පිහිට වූ ස්වේචා සන්නද්ධ කණ්ඩායමේ ප‍්‍රධානියෙකු විය. එනිසාම නොවූවත් ඔහුට කොළම සිංහල ව්‍යාපාරික ප‍්‍රජාව අතර සැළකිය යුතු පිළිගැනුමක් තිබිණ. අනගාරික ධර්මපාලගේ අමද්‍යප ව්‍යාපාරයට සහාය දෙනු ලැබූ සිංහල ව්‍යාපාරික පිරිස් අතර පේද්‍රිස් සහ විජේසේකරත් දොන් කරෝලිස් හේවාවිතාරණත් ප‍්‍රධාන විය. අමද්‍යප ව්‍යාපාරයේ සිංහල බෞද්ධ පදනමත් කුමාරි ජයවර්ධන සටහන් තබන ‘‘ලංකාවේ සු`ඵතර කණ්ඩායවල ආර්ථික බලයට එරෙහිව අවදිකරගත් ආධිපත්‍යයික බලයත්’’ යන්න දෙකක් නොව, එකක්ම විය. හෙන්රි පේද්‍රිස් නියෝජනය වූයේ ඒ සිංහල බෞද්ධ වාණිජ ප‍්‍රජාවගෙනි. එබැවින් හෙන්රි පේද්‍රිස් චෝදනා රහිතව ඝාතනය කිරීමේ අධිරාජ්‍ය විරෝධි කතා ඇතුළත ඇත්තේ ද සු`ඵතර කණ්ඩායම්වල ආර්ථික බලයට එරෙහි සිංහල අවදිවීම පිළිබඳ කතාව ය.        

    මේ සිංහල බෞද්ධ වාණිජත්වය පිළිබඳ කතාව, ලංකා ජාතික කොංග‍්‍රසය බිඳිමින් සිංහල මහ සභාව හැදීම දක්වාත් යටත් විජිත පාලනයෙන් නිදහස් වීම සඳහා 1948 දී තාවකාලිකව අටවා ගත් එක්සත් ජාතික පක්ෂය නැමති එකමුතුව අත් හරිමින් සිංහල මහ සභාවේ පිරිස් බණ්ඩාරනායක සමග 1951 දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැදීම දක්වාත් දිවෙන්නකි. එපමණක්ම නොවේ. මේ සිංහල බෞද්ධ වාණිජ දේශපාලනය පසුව ශී‍්‍ර.ල.නි.ප ප‍්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමේ දී එයට සිංහල බලය එක් කළ ප‍්‍රධානම සාධකයක් විය. එය ලංකාවේ සුළුතර වෙළඳ බලයට එරෙහිව, සිංහල රාජ්‍යයක් පිහිටුවා ගැනීම පිළිබඳ දේශපාලන කතාව ය.

    බණ්ඩාරනායක මැතිනිය ගේ 1960 සහ 1970 ආණ්ඩු රාජ්‍යවාදී ආර්ථිකයක් ලෙස පාලනය කළ වෙළඳ පලක් පවත්වා ගැනීමේ කාලය තුළ මේ සිංහල වාණිජ පිරිස් නැවත එක්සත් ජාතික පක්ෂය වෙත සංක‍්‍රමණය වූයේ, වෙළඳ පල ඔවුන්ගේ අණසක යටතේ විවෘත කර ගැනීමට ය. එය 1977 ජයවර්ධන ආණ්ඩුවේ ප‍්‍රධානම කර්තව්‍ය වූයේ එබැවින් ය. ජයවර්ධන ආණ්ඩුවේ දේශපාලනය පැහැදිලිවම 1915 කෝලාහලයේ පාදක සිංහල වාණිජ දේශපාලනය විය. ජනාධිපති ජයවර්ධන එනිසා 1983 ජූලි දෙමළ සංහාරයට දින 13 ට පෙර, ලන්ඩනයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත් පතේ ඉයන් වෝඩ් සමග කළ සාකච්ඡාවක දී පවසා තිබූ යේ, ‘‘යාපනයේ මිනිසුන්ගේ මතය ගැන මම දැන් කරදර වෙන්නේ නැහැ...... දැන් ඔවුන් ගැන හිතන්න අපට බැහැ......උතුරට වැඩියෙන් පීඩාවක් දමනවාට, මෙහේ සිංහල ජනතාව කැමතියි.....ඇත්තටම, දෙමළ මිනිසුන් බඩ ගින්නේ තියනවා නම්, සිංහල මිනිස්සු වඩා කැමතියි.....’’ යනුවෙනි.

    ඔහු ජූලි දෙමළ සංහාරයෙන් පසුව ‘‘ඉන්ඩියා ටුඩේ’’ සගරාවේ චයිතාන්‍යා කල්බාග් සමගින් අගෝස්තු 31 වන දින දෙමළ සංහාරය ගැන කියා තිබුණේ, ‘‘මගේ ආණ්ඩුවටවත්, මටවත්.....සිංහල මිනිසුන්ගේ ස්වභාවික වුවමනාවන් සහ ඉල්ලීම් සමනය කළ හැකි වෙන මාර්ගයක් පේන්න නැහැ....’’ කියා ය.

    ජයවර්ධන ආණ්ඩුවේ මේ සිංහලවාදී දේශපාලනය සනාථ කළ තවත් නායකයින් දෙන්නෙක් ගැන කිව හැකි ය. එන්. ශන්මුගදාසන් ඔහුගේ zzSri Lanka; the story of the holocaustZZ කෘතියෙහි උපුටා දක්වා ඇති අයුරු, 1983 සැප්තැම්බර 05 වන දින සිරිකොත රැස්වීමක් ඇමතු ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ගාමිණි දිසානායක පවසා ඇත්තේ, ’‘කවුද ඔබලාට පහර දුන්නේ ? සිංහලයින්. කවුද ඔබලාව බේර ගත්තේ ? ඒත් සිංහලයින්. ඔබලාට පහර දෙන්නත් බේර ගන්නත් පු`ඵවන් සිංහලයින්ටයි.’’(පිට 74)  

    ඒ වෙනුවෙන් නැවත පෙනී සිටියේ පේද්‍රිස් කුල පරම්පරාවේ ප‍්‍රධානම දේශපාලනඥයෙකු වූ සිරිල් මැතිව් ය. ඔහු ඒ.ඊ. ගුණසිංහ මෙන් සටන්කාමී වෘත්තීය සමිති නායකයෙකු නොවූවත් ජාතික සේවක සංගමයේ සභාපති විය. එවගේම ඔහු ඒ ආණ්ඩුවේ කර්මාන්ත ඇමති ද විය. 1983 ජූලි දෙමළ සංහාරයේ ඔහුගේ වගකීම හා නායකත්වය ගැන වාදයක් ද නැත. ඔහුගේ දේශපාලනය ඉතා මැනවින් ප‍්‍රකාශ කෙරෙන්නේ ඔහු විසින් රචිත ‘‘සිංහලයාගේ අදිසි සතුරා’’ කෘතියෙහි ය. එහි ඔහු සිංහල වාණිජ ප‍්‍රජාවගේ ආර්ථික අභිලාෂය සඳහන් කරන්නේ, ‘‘මේ පොත ඉතා ප‍්‍රවේසමෙන් කියවන්නකු, ශී‍්‍ර ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියටත් දේශපාලන හා ආර්ථික පසු බිමටත් එරෙහි දෙමළ බලවේගයන් ගේ ක‍්‍රමානුකූල වර්ධනයක් ඇති බව තේරුම් ගනු ඇත. දැන් පවතින තත්ත්වය අනුව, ‘සාමය පවතීවා‘ යැයි කීමේ කිසිදු ප‍්‍රයෝජනයක් නැත.’’(10 වන පරිච්ඡේදය) යනුවෙනි.

    එබැවින් ජයවර්ධන ආණ්ඩුවේ අනුදැනුම හා එකගත්වය ඇතිව ඔහු විසින් කල් තියා සංවිධානය කෙරුනු ‘83 ජූලි දෙමළ සංහාරය කොළඹ සහ ප‍්‍රධාන නගර වල දෙමළ ව්‍යාපාරික ප‍්‍රජාව සහ ඔවුන්ගේ ව්‍යාපාර ඉලක්ක කෙරුණකි. කේ. ගුණරත්නම් ගේ සියලූ සිනමා ශාලාත් ඔහු ගේ සියල් පෑන් සහ ස්ටාර් ටොෆි කම්හලත් ඔහුගේ බස් කිහිපයත් සහමුලින් ගිනි තබා විනාශ කිරීම එක් නිදසුනක් පමණි. කොළඹ දෙමළ ව්‍යාපාරිකයින්ගේ සෑම සිල්ලර කඩයක්ම, සෑම හෝටලයක්ම සෑම රෙදි සාප්පුවක්ම එළෙසින්ම තෝරා බේරා විනාශ කෙරිණ. ‘‘ශී‍්‍ර ලංකාවේ වාර්ගික සංහාරය’’ නම් පොතෙහි සටහනක් තබණ එම්. එස්. වෙන්කටචාලම් කියන්නේ, වීරකේසරී පුවත් පතේ කර්තෘවරයා පදිංචිව සිටි නිවස, ඉන්දීය දෙමළ පුද්ගලයෙකුට අයිති වූ නිසා එය ගිනි බත් කළ නමුත්, වීරකේසරි පුවත් පත් කාර්යාලය පැවති ගොඩවැගිල්ල ගිනි බත් නොකළ බව ය. එය අහම්බයක් නොවේ යැයි ඔහු කියයි. එම ගොඩනැගිල්ල ජනාධිපති ජයවර්ධන උපන් ගොඩනැගිල්ල වූ හෙයින් එය ගිනි නොතැබුණු බව ඔහු සටහන් කරයි. (පිට 47)

    මේ රටේ පළමු වාර්ගික කෝලාහලය වන 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයේ සිට තවමත් පැවත එන්නේ, වෙළඳ පල සිංහල ආධිපත්‍යයට හසු කර ගැනීමේ වාර්ගික ගැටුමකි. දෙමළ ත‍්‍රස්තවාදය පැරදවීමට යැයි දියත් කළ යුද්ධය සමග ‘‘අපේ දේ ගන්න’’ යැයි ‘‘සූර්ය-සිංහ’’ ලාංඡනයක් ගසා ගත්තේ ද සිංහලකම වෙනුවෙනි. 1915 දී මුස්ලිම් කඩ සාප්පු විනාශ කළ අයුරුම, 1983 දී දෙමළ කඩ සාප්පු, ව්‍යාපාරික ස්ථාන තෝරා බේරා විනාශ කළේ සිංහල වෙළඳ අයිතිය තහවුරු කර ගැනීමට ය. දැන් නැවත වෙළඳ පල සුද්ද කරන්නට යන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ වෙළඳ පංගුව සිංහලයින්ට අයිති කර ගැනීමට ය. ඒ වෙනුවෙන් නොකඩවා පෙරට ගනු ලබන්නේ පැරණි සිංහල බෞද්ධ මතවාදයම ය. සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට ඒ සඳහා ඓතිහාසික අයිතියක් ඇත. මේ රටේ සංඝ සාසනයේ උපසම්පදා කිරීමේ අයිතිය ශී‍්‍රමෝපාලි සියම් නිකාය විසින්, උඩරට ඉහළ නම්බුකාර කුල හිමියනට සීමා කර ගත් පසු, පහත රට බෞද්ධයින් සඳහා පළමුව අමරපුර නිකායත් දෙවනුව රාමඤ්ඤ නිකායත් පිහිටු වන්නට ගත් උත්සාහය සහ සියලූ වියදම් දැරූවේ, අතීතයේ මෙන් රජෙකු නොව, මේ පහත රට ව්‍යාපාරික පිරිස් ය. දැන් ඒ සංඝ සමාජය පැරණි සිංහලයේ මෙන් නඩත්තු වන්නේ රජුගෙන් නොව, සිංහල ව්‍යාපාරික ප‍්‍රජාවගෙනි. එනිසා සිංහල බෞද්ධ ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් සංඝයා පාරට බැසීම, මේ සිංහල බෞද්ධ රටේ සාමාන්‍ය දේශපාලන චර්යාවකි.

    එය ඒ අර්ථයෙන්ම, සිංහල ජාතිය වඳවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොව, විවෘත ආර්ථිකයක තරගකාරිව පැවතීමට මේ සාම්ප‍්‍රදායික, පෞරාණික ව්‍යාපාරිකයින්ට ඇති නොහැකියාව පිළිබඳ ප‍්‍රශ්නයකි. එනිසා මේ නැවත සිදුවන්නේ, සිංහල සේරිවාණිජයින් වෙනුවෙන් තවත් වටයක වාර්ගික ගැටුමකට අප සිවුරු පිටුපස යෑම පමණි.

    කුසල් පෙරේරා
    2013 පෙබරවාරි 17 දින ‘‘රාවය’’ පුවත් පතින්
     
    • Like
    Reactions: netlife007

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචන් මෙහ්.. මේක උඹලගෙත් රට තමා.. රටකට ගියාම කොහෙන්ද ආවෙ ඇහුවම මම මුස්ලිම් ඉස්ලාම් කියන්නෙ නෑනෙ. කියන්නෙ ලංකාවෙ කියලනෙ. උඹල මැරුණම වලලන්නෙ අරාබියෙ නෙවේනෙ. ලංකාවෙනෙ. උඹලත් ඉපදුනෙත් මැරෙන්නෙත් මේකේම තමා. ඒ උනාට උඹලෑ බහුතරය ඒක හිතේ අහලකවත් නැති විදිහට නේද හැසිරෙන්නෙ ? උඹලගේ අපිත් එක්ක මික්ස් වෙලා ඉන්න කොට්ඨාශය හොඳයි. ඒත් උඹ මුස්ලිම් අය විතරක් ඉන්න නැගෙනහිර ගිහින් බැලුවොත් සිංහල අපිත් එක්ක ඉන්න මුස්ලිම් අයත් නැගෙනහිර ඉන්න හම්බයො අතරත් වෙනස තේරෙයි. මික්ස් නොවී තමන්ගෙම පරිසරයක හැදෙන උංගෙ ඇතුලෙ අපිත් එක්ක එකට ඉන්න මුස්ලිම් අයගෙ හොඳ කම, මනුස්ස කම, හිතවත්කම නෑ. ඒ වෙනුවට මුස්ලිම් පරිසරයකම හැදෙන උං තුල තියෙන්නෙ වෙනමම ආකල්ප. ඒක නිසා අපිට අපි එක්ක මෙහේ ඉන්න මුස්ලිම් අයත් නැගෙනහිර ඇතුලු කම්ප්ලීට් මුස්ලිම් පළාත්වල ඉන්න හම්බයොත් එක වගේ කියලා කියන්න බෑ. ඒක නිසා තමා මේක වෙලා තියෙන්නෙ. මම හම්බයො කියද්දි ඒ කියන්නෙ අපි එක්ක එකට ඉන්න අන්තවාදී නැති මූලධර්මවාදී නොවෙන අයට නෙවේ. අර කියපු කසඩ මුස්ලිම් හම්පඩ මානසිකත්වෙන් ඉන්න උංටයි.
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    profilepic427884_4.gif
     
    මචන් උඹයි මමයි තවම තරුන වයසේ ඉන්නේ... අපි ඉපදුන කාලේ ඉඳලා තවම් මේ රටේ යුධ මානසිකත්වය නැතිවෙලා නෑ... අපේ ළමයින්ටත් ඒක එහෙම්ම තියෙන එක ස්තිරයි මේ යන තත්වේ බැලුවාම... එදාට අපි දෙගොල්ලෝ මේ රටේ ඉපදිලා මැරුනට.. අපි දෙගොල්ලොන්ගේ ළමයි ඉඳිවිද දන්නේ නෑ මේ රටේ... ඒතරමට රට තව තවත් ආගාධයට ගිහිල්ල තියෙන්න පුලුවන්... අපිට මොරාල් දෙන හැම කෙනාම යම්කිසි සැඟවුනු න්‍යායයකට වැඩ කරලා තියෙන බව මේ ලිපිය සම්පූර්නයෙන් මධ්‍යස්තව කියවන ඕනම කෙනෙකුට තේරෙනවා... හොඳම දේ අනුන්ගේ ඉත්තෙක් නොවී ඉන්න එකයි.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මචන් මෙහ්.. මේක උඹලගෙත් රට තමා.. රටකට ගියාම කොහෙන්ද ආවෙ ඇහුවම මම මුස්ලිම් ඉස්ලාම් කියන්නෙ නෑනෙ. කියන්නෙ ලංකාවෙ කියලනෙ. උඹල මැරුණම වලලන්නෙ අරාබියෙ නෙවේනෙ. ලංකාවෙනෙ. උඹලත් ඉපදුනෙත් මැරෙන්නෙත් මේකේම තමා. ඒ උනාට උඹලෑ බහුතරය ඒක හිතේ අහලකවත් නැති විදිහට නේද හැසිරෙන්නෙ ? උඹලගේ අපිත් එක්ක මික්ස් වෙලා ඉන්න කොට්ඨාශය හොඳයි. ඒත් උඹ මුස්ලිම් අය විතරක් ඉන්න නැගෙනහිර ගිහින් බැලුවොත් සිංහල අපිත් එක්ක ඉන්න මුස්ලිම් අයත් නැගෙනහිර ඉන්න හම්බයො අතරත් වෙනස තේරෙයි. මික්ස් නොවී තමන්ගෙම පරිසරයක හැදෙන උංගෙ ඇතුලෙ අපිත් එක්ක එකට ඉන්න මුස්ලිම් අයගෙ හොඳ කම, මනුස්ස කම, හිතවත්කම නෑ. ඒ වෙනුවට මුස්ලිම් පරිසරයකම හැදෙන උං තුල තියෙන්නෙ වෙනමම ආකල්ප. ඒක නිසා අපිට අපි එක්ක මෙහේ ඉන්න මුස්ලිම් අයත් නැගෙනහිර ඇතුලු කම්ප්ලීට් මුස්ලිම් පළාත්වල ඉන්න හම්බයොත් එක වගේ කියලා කියන්න බෑ. ඒක නිසා තමා මේක වෙලා තියෙන්නෙ. මම හම්බයො කියද්දි ඒ කියන්නෙ අපි එක්ක එකට ඉන්න අන්තවාදී නැති මූලධර්මවාදී නොවෙන අයට නෙවේ. අර කියපු කසඩ මුස්ලිම් හම්පඩ මානසිකත්වෙන් ඉන්න උංටයි.
    :yes::yes:
    11.gif
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තම සුළුපියා අතින් කෙළෙසීමට ලක්වූ පහළොස් හැවිරිදි තරුණියකට කස පහර සියයක දඬුවමක් මාලදිවයිනේ උසාවියක් විසින් නියමකර ඇති බවට බ්‍රිතාන්‍යය ගුවන් විදුලිය වාර්තා කරයි.
    ඇයට මේ දඬුවම දී ඇත්තේ විවාහයට පෙර කාම සේවනයෙහි යෙදුණු බවට චෝදනා කරමිනි.
    පසුගිය වසරේ සිදුවූ මෙම අපරාධයට සම්බන්ධයෙන් තරුණියට ලැබුණු දරුවා ඇගේ සුළුපියා විසින් මරාදමන ලද බවටද චෝදනා කර ඇත.
    මෙම අපරාධ සඳහා ඔහුට නඩු පැවරීම ප්‍රමාදවී ඇති බවද එම වාර්තාවේ දැක්වෙයිග
    මෙම නඩු තීන්දුව ඉතාමත් අසාධාරණ කුරිරු ආත්මගෞරවය කෙළෙසනල අමානුෂික තීරණයක් බව මේ පිළිබඳව සිය අප්‍රසාදය පළකරන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බීබීසී සේවයට පවසා ඇත.

    මාලදිවයිනේ ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් ෂරියා නීතියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/100230

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මුස්ලිම් එවුන්ට ඇයි බැරි අනික් ජාති වගේ ඉන්න ?

    ඇයි උන්ට සිංහල කෙල්ලො බදින්න පුළුවන් නම් අපිට මුස්ලිම් කෙල්ලො බදින්න බැරි ?

    ඇයි උන්ට බැරි අනිත් උන් කන කෑම කන්න ? අරාබි වෙළෙන්දො ලංකාවට ගොඩබැහැලා කෑවෙ හලාල් කෑමද ?

    ඇයි උන්ට බැරි අනිත් හැමෝටම පොදු නීති පිළිගන්න ? මොකටද එඩේර ශරියා නීතියම ඉල්ලන්නේ ?

    අනේ හුකේ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ube moda theory meke aya ganan ganne.ube eka kate thiya ganna kemathi ewunta katata denna kalin oya type karapu wisthare kiyapan.

    Paw Asaranaya................:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    apita kisima agamaka honda weradi wedak na eka eyala kamathi nisa ne a
    dahanne..eth ape agamata garahanawa nam ekata wirudda wenna oni..

    meka mama dan dakke..yantham koti tika iwara karagena nidahase inna hadanakota thawath yuddayak patan ganee wage..
    මතරේ මුස්ලිම් තරුණියන් හට මැර ප්‍රහාරයක්..

    ඊයේ දවසේ (27.02.2012) දික්වැල්ලේ සිට පෞද්ගලික පන්ති සදහා මාතර නගරයට පැමිණි මුස්ලිම් තරුණියන් තුනකට මාතර මහානාම පාලම ළඟ පොලු සමග පැමිණි බොදු බල අන්තාවාදීන් පිරිසක් විසින් ප්‍රහාර දියත් කර තිබේ. පහර දුන් පුද්ගලයන් විසින් මින් පසු හිජාබ් නොඅදින ලෙසත් පොලිසියට පැමිණිලි නොකර යුතු ලෙසත් බල කර තිබේ.

    තරුණියන්ව මෙම පුද්ගලයාගෙන් බේරාගන්න උත්සහ දැරූ සිංහල ජාතික කාන්තාවක් මෙම තරුණියන්ට පොලිසියේ ගොස් පැමිණිලි කරණ ලෙස ඉල්ලා තිබෙන අතර.එම කාන්තාව එසේ ඉල්ලන විට එම ස්ථානයේ විසු තවත් පුද්ගලයෙක් එම කාන්තාවට බැන වැදී ඇත.
    ...
    ප්‍රහාරයට ලක්වූ තරුණියන් බියවීම නිසා පොලිසියට පැමිණිලි නොකර තමන්ගේ ගෙවල් වලට පිටවගොස් ඇත.පසුව තරුණියන් දෙමව්පියන් සමඟ පැමිණ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.පොලීසිය විසින් සොදිසි මෙහයුමක් දියත් කරත් එම ප්‍රහාරකයා තවමත් හදුනාගැන නොමැත.මාතර මහානාම පාලම අසල මුස්ලිම් පල්ලිය ඉස්සරහ දවල් මුස්ලිම්වරුන්ගේ ආගමික වතාවන් සිදුවෙන අවස්ථාවෙදී මෙම පහර දීම විශේෂ කරුණකි.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    Source? :oo:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    photo_fail.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092

    ඇන්ටි ගොඩක් සයිට් වල තියෙන්නේ බොරු :P සමහර සිංහල ය දන ඒවත් බොරු මුස්ලිම් උන් දාන ඒවත් බොරු :cool: