හලාල්

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
මෙය උපුටා ගැනීමකි - click here

http://www.lakbima.lk/news/index.ph...8:2013-02-27-04-59-46&catid=34:news&Itemid=62


හලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හලාල් ලාංඡනය සඳහා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් ගෙවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.අපි වර්ෂයටම ඒ සඳහා ගෙවන්නේ රුපියල් නවදාහක මුදලක්. අපි ළඟ ඒ සඳහා ගෙවීම් කළ රිසිට් පත් තිබෙනවා. අද දේශීය ව්‍යාපාරිකයෝ වශයෙන් පිටරටවලටද අපේ නිෂ්පාදන යොමු කරනවා. ජාත්‍යන්තරව විශේෂයෙන් මැදපෙරදිග ඇතුළු මුස්ලිම් රටවලින් අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ලැබෙන්නේ හලාල් ලාංඡනය නිසයි. ඒ නිසා ව්‍යාපාරිකයන්ට හලාල් තිබිමෙන් වාසියක් මිස අවාසියක් සිදු වන්නේ නැහැ. හලාල් කියන්නේ සුදුසුයි කියන අර්ථයයි. හලාල් ලාංඡනයෙන් අපේ නිෂ්පාදන සුදුසුයි කියනවා. හරාම් කියන්නේ නුසුදුසුයි කියන අර්ථයයි. හලාල් නෑ කියන්නේ හරාම්. අපේ
නිෂ්පාදනය නුසුදුසුයි. නුසුදුසු දේ සඳහා ඉල්ලුමක් නැහැ. සුදුසුයි කියා නිර්දේශ කරන සහතිකයක් ලබා ගැනීමේ වරදක් දකින්නේ නැහැ. එය ජාති බේදයක් නැතිව සියලුම දෙනාට සුදුසුයි.
අපේ නිෂ්පාදන සඳහා සත්ව තෙල් භාවිතා නොකිරීම අපේ ප්‍රතිපත්තියක්. විශේෂයෙන් ගඳගහන ඌරුතෙල් ඉඩමේ අහලකටවත් ගේන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය හලාල් මගින් සනාථ කිරීමයි කළේ. සමහර බිස්කට් වර්ගවල සියයට 30ක් පමණ ඌරු තෙල් තිබෙනවා. උම්බලකඩවත් නොකන උපාසකම්මා නොදැනුවත්ව ඌරු තෙල් භාවිත කිරීම හලාල් සහතිකය නිසා වළක්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. වෛද්‍යවරුන් වශයෙන් එළවළු තෙල් පමණක් පරිභෝජනය කරන අපේ ක්‍රියාවලිය ඔවුන් සහතික කළා.
එක මුස්ලිම් සේවකයෙක් ඇතුළුව බෞද්ධ විශාල පිරිසක් සමග එක්ව සේවය කරන අපි අතර බේදයක් නැහැ. සහෝදරත්වයෙන් කටයුතු කරනවා. අනවශ්‍ය ලෙස ඇතැම් හාමුදුරුවරුන් විසින් හලාල් ප්‍රශ්නයක් කිරීමෙන් අපි අපිම ඇනකොටා ගන්න තත්ත්වයක් ඇති වෙලා.
ජාත්‍යන්තර වශයෙන් අපට වාසිදායක හලාල් සහතිකය පූජ්‍ය පක්ෂයටත් ඉතාම හොඳ දෙයක්. උන්වහන්සේලාටත් සත්ව තෙල් අඩංගු නොවන ආහාර හා පාරිභෝගික ද්‍රව්‍ය තෝරා ගැනීම පහසු කෙරෙනවා.
වෙන්ඩෝල් ආයතනය හරහා නිෂ්පාදනය කරන නිෂ්පාදන වර්ග 13ට අපි හලාල් අරගෙන තිබෙනවා. ඒ නිසා අපේ භාණ්ඩ පරිභෝජනයට සුදුසුයි. හලාල්වලට එරෙහිව යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් එම විරුද්ධත්වයට හේතුව ජාතික ආරවුලක්, යුද්ධයක් ඇති කිරීම හෝ ප්‍රසිද්ධ වීමේ අරමුණයි.
ලංකාවේ කාන්තාවන් මැද පෙරදිග අරාබිකරයේ රටවල බැලමෙහෙවර කර උපයන මුදල් හලාල්. ඒත් හලාල් හරාම්. අද මුස්ලිම් ජනතාව හලාල් නැති නිසා නිෂ්පාදන මිලදී ගන්නේ නැහැ. සිංහල ජනතාව හලාල් තිබෙන නිසා නිෂ්පාදන මිලදී ගන්නේ නැහැ. හලාල් සහතිකය නිකුත් කිරීමේදී අප ආයතනය විසින් ලබාදෙන ලියවිලි කිහිපයක ප්‍රමාදය නිසා මෙවර හලාල් අලුත් කිරීමට නොහැකි වුවත් අප විසින් හලාල් සහතිකය ඉල්ලුම් කරනු ලැබ තිබෙනවා.
ලියවිලි කිහිපයේ ප්‍රමාදය නිසා හලාල් සහතිකය නොමැතිකමෙන් කෝටි එකහමාරක පාඩුවක් අපට සිදුවෙලා තිබෙනවා. වෙන්ඩෝල් නිෂ්පාදනවල හලාල් නැහැ කියන නිසා මුස්ලිම් ජනතාව වෙන්ඩෝල් නිෂ්පා මිලදී ගත්තෙ නැහැ. ඇතැම් හාමුදුරුවරුන් කෑගසමින් හලාල් ඉවත් කිරීමට දින නියම කරනවා. තව දුරටත් මේ විදියට ක්‍රියා කළොත් මට සිද්ධ වෙන්නේ ආයතනයට පාඩු සිදුවන නිසා රැකියා අවස්ථා 200ක් පමණ නැති කිරීමටයි. මැද පෙරදිග පුරාවටම පරිභෝජනය කරන්නේ වෙනිවැල් නිෂ්පාදන. ලංකාවෙන් මැදපෙරදිග රටවල සේවයට යන ගෘහ සේවිකාවන් විසින් රැගෙන යන්නෙත් හලාල් ලාංඡනය තිබෙන වෙන්ඩෝල් නිෂ්පාදනයි. හලාල් ඉවත් කරන්නත් බැහැ. අපි එය ඉවත් කරන්නෙත් නැහැ. ළිං වැඩියො වගේ ජීවත් වන්න අපිට පුළුවන්කමක් නැහැ. අපේ නිෂ්පාදන ලංකාවට වගේම ජාත්‍යන්තරයටත් යොමු කළ යුතුයි. අයි.එස්.ඕ. සහතිකය ගන්නත් අපි ලක්ෂ එකහමාරක් ගෙවනවා. ඒ විතරක් ‍නෙවෙයි එස්.එල්.එස්. වලටත් ගෙවනවා. එහෙම ගෙවලා හරි සහතික කර ගන්නේ ඒ සහතික මගින් ව්‍යාපාරවලට යහපතක් සිද්ධ වෙන එකයි. බොදු බල සේනාව තවම ව්‍යාපාරිකයින්ගෙන් මේ ගැන ප්‍රශ්න කෙරුවේ නැහැ.
අපි හරි දෙය කතා කළ යුතුයි. ව්‍යාපාර කරන්නේ ව්‍යාපාරිකයෝ. මෙහෙම ගියොත් සිද්ධ වෙන්නේ රැකියා ප්‍රමාණය අඩු කිරීම නිසා මැදපෙරදිග රටවලට ගිහින් මුස්ලිම් ජාතිකයින්ගේ බැල මෙහෙවර කරන කාන්තාවන් ප්‍රමාණය තව තවත් වැඩි වීමයි.
 
  • Like
Reactions: shamrincool

shenat

Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    544087_224356607708979_1897156959_n.jpg
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    දෙයියන්ට දෙන පූජා වට්ටියට තියන කෙසෙල්ගෙඩිවත් කොණ්ඩුව කපල ''හලාල්'' කරනව කියල ආරංචියි