ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිට&#354

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ඉන්දියාව එන්න – අපි තමිල්නාඩුවේ ඊළම පිහිට&#354

    28sn575.png


    ලාංකේය දෙමළ ජනයාගේ දුක දැක උණු වුණු ඉන්දීය බුරුල්ල මේ දිනවල නිරන්තරයෙන් කිරෙන් නැහැවෙමින් පවතී. ඒ කිරි බොන්නට ලංකාවේ දෙමළ ජනයා හැර අන් සියළු බොරු ඇඬිලිකාරයෝ නොයෙක් විජ්ජාවන් දමති. ලංකාවේ පමණක් නොව සමස්ත දෙමළ ජනයාගේම යහපත් සුඛවිහරණයන් උදෙසා අන් සැවොම එක්ව අවසන් පියවර ගත යුතුය. ඒ සඳහා කවර හෝ කැපකිරීමක් සිදුකර මේ ප‍්‍රශ්නය අවසන් කළ යුතුය. මේ මහා සද්ගුණවත් ඉන්දීය අරමුණ (එනම් දෙමළ ජනයාගේ දුක නිවීම) උදෙසා අප සැවොම අපට හැකි පමණින් දායක විය යුතුය. එය අද දවසේ අවශ්‍යතාවයයි.

    කැප කිරීම ආරම්භ කළ යුත්තේ ලොකු තැනිනි. ඒනිසා – ඉන්දියාව එන්න, අපි තමිල්නාඩුවේ ඊළම පිහිටුවමු. පකිස්තානය, බංගලාදේශය බිහි කළාට වඩා හොඳින්, ඊට වඩා විද්‍යාත්මකව අද දවසේ එය කළ හැකිය. ඉන්පසු ඒ තමිල් ඊළමේ සියළු දෙමළ ජනයාට නිදහසේ ද, සිතුමතේ ද , සකලශ‍්‍රියෙන් ආඪ්‍යවද ජීවත්විය හැකිය. ලොවපුරා වෙසෙන දමිළ ජනයාට තමන්ගේම කියා දේශයක් හිමිවනු ඇත. ඔවුනගේ ප‍්‍රමාණය අනුව ලංකාවේ උතුරු නැගෙනහිර හැරෙන්නටත් මදිබව ඕනෑම කෙනෙකුට පසක් වේ. එනිසා අපි ඒ ප‍්‍රායෝගික විසඳුමට එකඟවෙමු. ආදරණීය අවංක සත්ගුණවත් ඉන්දියාවේ අශිර්වාදය සහිතව හිස ඔසවන තමිල්නාඩුවේ කොටි බලවේග ද මේ විසඳුමෙන් සුරතාන්තයට පත්වනු ඇත.

    ඉන්පසු යාපනයේ දෙමළ ජනයාගේ යැපීම් මාර්ග අවහිරකොට ඔවුන් සැබෑ ලෙසම දුකට පත් කරන ඉන්දීය ධීවර ප‍්‍රශ්නය කියා ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇත. ලංකාවේ දෙමළ ජනයාගේ පරම්පරා හතරක්ම කැලයට දැක්කා, ඔවුනට ආයුධ පුහුණුව ලබා දී ලංකාවේ පරිපාලන කටයුතු වලින්ද, අධ්‍යාපන අවස්ථාවන්ගෙන්ද, සමාජ දායකත්වයෙන්ද ඔවුන් එළවා දැමීමට මුල් වීමේ පාපයට ඉන්පසු ඉන්දියාවට සමාව ලැබෙනු ඇත. තම රාජ්‍යයේවත් නැති ආකාරයේ බලය බෙදාදීමක් ලංකාවට යෝජනා කර ලංකාවේ පළාත් සභා අටවා නටන්නට ගිය නිමක් නැති තොවිලය ඉන්පසු අවශ්‍ය නොවනු ඇත. ලංකාවේ සදාකාලිකව මිනීමරාගන්නා දේශ සිමාවක් ඇති කිරිමද ඉන් වැළකෙනු ඇත. දෙමළ ජනයාගේ කදුළු පිසින්නටද, කිරිපල්ල අතගාන්නටද,සොටු සූරන්නටද , නැව් නැඟ ලංකාවට ඒම මින්පසු අවශ්‍ය නොවනු ඇත. බයිසිකලයකට හුලං ගසාගෙන වුවද දෙමළ ජනයාගේ දුක සැප බැලීමට යාමට ඉන්දියාවට ඉන්පසු හැකිවනු ඇත. අධිරාජවාදීන්ගේ පදයට නටනවා යැයි එක එකාගෙන් කතන්දර අහන්නටද ඉන්පසු ඉන්දියාවට සිදු නොවනු ඇත.

    එපමණක් නොවේ අළුත් දෙමළ රාජ්‍යයට නොගොස් යාපනයේ ඉතිරි වන දෙමළ ජනයාගේ අල ළුණු ටික ලංකාවේ ඉතිරි ප‍්‍රදේශ වලට ලබාගතහැකිවන පරිදි ඉන්දියාවෙන් අඩු මිලට ඒවා ලංකාවට පැටවීමද නතර කළ යුතුය. සීපා, සාටිස් වැනි ගිවිසුම් හරහා කෝටි ගණන් ජනයා ලංකාවට එවීමට ගන්නා උත්සාහයද අතහැරිය යුතුය. ලංකාවේ තිබෙන රැකියාවන් ලංකාවේ වෙසෙන දෙමළ ජනයාට ජීවත්වීමට අවශ්‍ය වන බැවිණි.

    ලංකාව මෙහිදී එක් දේශපාලන පියවරක් අනුගමනය කළ යුතුයx එනම් 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරිමයි. නැතහොත් අළුතින් පිහිටුවන දෙමළ රාජ්‍යය හෙවත් තමිල් ඊළමයේ කාට හෝ අසමජ්ජාතියෙකුට උතුරු නැගෙනහිර සමග ඒකාබද්ධව කටයුතු කිරිමට අදහසක් පහළ විය හැකි බැවිනි. එය දෙමළ ජනයාගේ විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනයාගේ අයහපතට හේතුවිය හැකි බැවිනි.

    මේ මහා විප්ලවීය කර්තව්‍යය එක් කුඩා ලිපියකින් මුළුමනින්ම පැහැදිලි කිරීම ඉන්දියාව නමැති ඉබ්බාගෙන් සද්භාවයේ පිහාටු ඉල්ලනවාටත් වඩා අසීරු කාර්යයකි. නමුත් ආරම්භයක් ලෙස මේ අදහස සමාජගත වීම අවශ්‍යය. මන්දයත් සියළු ඓතිහාසික සාධක ගොනුවී තිබෙනුයේ තමිල්නාඩුවේ ඊළම පිහිටුවීම සාධාරණීකරණය කරමින් වන බැවිනි.


    - අඛිල මහගමගේ-


    උපුටා ගැනීමhttp://lankacnews.com/sinhala/main-news/92157/
     
    • Like
    Reactions: sandaru1rox

    Lasithxyz

    Member
    Mar 21, 2013
    197
    11
    0
    Anuradhapura
    ඉන්දියාවෙන් වෙන් වී වෙනම ඊලාම් රාජ්ජයක් පිහිටුවා ගැනීමට තමිල්නාඩු වැසියන්ට සියලු ශක්තිය ලැබේවා......! :D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉන්දියාවෙන් වෙන් වී වෙනම ඊලාම් රාජ්ජයක් පිහිටුවා ගැනීමට තමිල්නාඩු වැසියන්ට සියලු ශක්තිය ලැබේවා......! :D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    TAMILNADUWE 60 MILLIONS TAMIL POPULATION EKAK INNAWA. TAMILNADU TAMIL POPULATION EKA SRILANKA WE SINHALA, TAMIL, MUSLIM ALL POPULATION EKA WAGE DEGUNAYAK [DOUBLE] WALATA WADA WADI . AKA NISA TAMILNADUWA TAMIL SEPARATE COUNTRY EKAK VENNA INDIA WALIN WEN VIMATA [SEPARATE] WIMATA PANATHAK INDIA PARLIAMENT EKATA IDIRIPATH KALA YUTHUI. TAMILNADUWA IS TAMILS MOTHER COUNTRY. SO INDIA SHOULD GIVE FREEDOM TO TAMILNADU TO SEPARATE FROM INDIA.
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    ඉන්දියාවෙන් වෙන් වී වෙනම ඊලාම් රාජ්ජයක් පිහිටුවා ගැනීමට තමිල්නාඩු වැසියන්ට සියලු ශක්තිය ලැබේවා......! :D

    :lol::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමිල්නාඩුවේ කොහොමත් ඊලමක් කෙසේ වෙතත් පැරණි විජය නගර අධිරාජ්‍යය-ද්‍රවිඩස්ථාන් නමින්- ගොඩ නගන්න 1920-1940 වගේකාතාලේ ලොකු උත්සාහයක් තිබුණා. ඒ ද්‍රවිඩස්ථාන් කියන රටට ලංකාවේ උතුරු නැගෙනහිරත් එක් කරල තිබ්බෙ අහම්බයක් විදියට නෙවෙයි......ඒ සදහා තිබුණා සංවිධානයේ නම නාන් තමිලම් -අපි දෙමළු. මේ සංවිධානය ඉංදියාව නිදහස ලැබුවායින් පසුව අගමැති නේරු නට්ටං කරල දැම්මා......
    තාම ඔය රගන්නේ ඒ හොල්මන්.....පිරබාහරනුත් ඒ විගඩමේම කොටසක්.....මෙහේ ඊලම හදලා එහේ ද්‍රවිඩස්ථාන් හදන්න...ඉන්දියාව ඕවට ඉඩදෙයි ....හොක් හොක්...........:baffled: