සුරතලයට අති කරන මසුන් මෑරීම

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    සුරතලයට අති කරන මසුන් මෑරීම

    මම කුඩා කලෙයේදී සුරතලයට අති කරන මසුන් විශාල ප්‍රමනයක් විහිලුවට මෙන් මරනයට පත් කර අත.එම අකුසල කර්මය නති කර ගනීමට කල හකි යමක් වේද?
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මම කුඩා කලෙයේදී සුරතලයට අති කරන මසුන් විශාල ප්‍රමනයක් විහිලුවට මෙන් මරනයට පත් කර අත.එම අකුසල කර්මය නති කර ගනීමට කල හකි යමක් වේද?

    ප්‍රාණගාතයක් සම්පුර්ණ වෙන්න කරුණු 5ක් සම්පුර්ණ වෙන්න ඔනා.
    1පන ඇති සතෙක් සිටීම.
    2ඒ සතාට පන ඇති බව දැනගෙන සිටීම.
    3ඒ සතාව මැරීමට සිතුවිල්ලක් තිබීම.
    4මැරීමට උපක්‍රමයක් යෙදීම
    5සතාව මරණයට පත් කිරීම

    දැන් උබට ඒ මාලුන්ව මරන්න හිතුනද? එහෙමනම් ඉතින් මේ පව නැති කරගන්න අර පින කරන්න ඕනෙමයි කියල දෙයක් මම දන්නේ නැ,හැබැයි එක පින්කකින් එක පවක් යටපත් කරන්න පුළුවන්,කටින චීවර පුජා කරන එක ලොකු පිනක් කියලයි මම අහල තියෙන්නේ,ඕක හාමුදුරුවන් කෙනෙක්ගෙන් ඇහුවනම් තමයි හොඳ .

    බුදු සරණයි
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අහ් ඉස්සෙල්ලා කියන්න උනා.කරපු පවක් ගැන නිතර නිතර හිතන්න හොඳ නැ,ඒ නිසා එක ගැන හිතන්නත් එපා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    wihiliwata maruwa nam awlak na.

    maalu kama (fish food) packets 100 wage aragena lagapaatha malu athi karana ayata nomile beda denna.
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්.. කරපු පින් ගැන නිතර ප්‍රත්‍යවේක්ෂා කලාම ඒ පින බල ගැන්වෙනවා.. වැඩෙනවා.. ඒවගේම කරපු පවත් නිතර නිතර හිතේ පැසෙව්වොත් ඒක හොඳ නෑ..

    ඕක පොඩි දේ උණත් උඹට චුති චිත්තයට සෙට් උනොත් ප්‍රතිඵල ඉතා භයානයි..

    ඒ පව මකා දමන්නට (කැන්සල් කරන්නට ) උඹ මොන පින කලත් බෑ මචන්.. විපාක දෙනවා මයි,, නමුත් මෙහෙම කරන්න පුළුවන්.. උඹ ඊට වඩා බලවත් පින් කලොත් ඒ පොඩි පාපකර්ම වල විපාක දීම කල් දාන්න හෝ අහෝසි කරගන්න පුළුවන්.

    දැන් උඹේ හිතට මේ මාලු මරපු එක වද දෙනවා නම් මෙහෙම කරපන් මචන්... නිකම්ම පින් කරන්න නෙවෙයි බුද්ධිමත්ව හිතපන් මචන්:

    උඹ කලේ සතුන්ගෙ ප්‍රාණය අහිමි කල එක..
    දැන් ඒ වෙනුවට ඊට ගැලපෙන පිනක් කරන්න ඕනි.. උඹේ ශක්ති ප්‍රමාණයෙ හැටියට මස් කඩේකින් කුකුළෙක්, එළුවෙක් හෝ හරකෙක් (හරකෙක් නම් රු 27000/= විතර යනවා ) නිදහස් කරපන්.. එහෙම කරල උඹ ප්‍රාර්ථනා කරපන් උඹේ අතින් සිද්ධ උණ ප්‍රාණඝාත අකුසලයෙන් මිය ගිය සතුන් ට මේ පින අනුමෝදන් වේවා කියල..

    ඒවගේම බොහොම වැදගත් ඕක හිත හිතා ඉන්න එපා මචන්.. පින්කම කලා..ඊට පස්සෙ වෙච්ච පව අමතක කරපන්.. කරපු පින නිතර මෙනෙහි කරපන්..
    ඒ පින් වැඩේ උඹට සසරට උදව්වක් වේවි. මදුරුවෙක් වත් නොමරා ඉන්නට උඹට යඨාවබෝධය ලැබේවා
    තෙරුවන් සරණයි
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    චගු;14700471 said:

    :yes::yes::yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    kuda kaalayedi kara kiyanne umba notherum awadiyedi kara wenna athi! ethakota pawak sidda wenne ne mama danna widiyata! apith chootima kaale notherum kamata maduruwo,kumbi marala thiyanawa! ewa hithala krana ewa nemei! therena kaaldi kaloth thama paw