ගොඩක්ම කණගාටුයි මචං. ඔය වගේ දෙයකට අපිට කවදාහරි මූන දෙන්න වෙනවා. මගේ තාත්ත නැති උනේ මීට මාස 6 කට කලින්. එයා නම් මාස 13 ක් අංශභාගය හැදිලා ඇඳ ටම වෙලා හිටියේ. 4 පාරක් ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලත් හිටිය. ඒ මාස 13 එයා වගේම අපිත් විදපු දුක් මෙතන කියන්න වචන නෑ . නමුත් මාත් මල්ලිත් අම්මත් අපිට කරන්න පුළුවන් උපරිමෙන් තාත්තට සැලකුවා. අන්තිමට හිත හද ගන්න පුළුවන් වෙන්නේ ඒ ගැන හිතල. මන් හිතනවා උබටත් එහෙම හිතල ටිකක් හරි හිත හද ගන්න පුළුවන් වෙයි කියල.
පොඩි දෙයක් කියන්න ඕනේ. ඔය වගේ වෙලාවල් වල අපේ හිත අපි හිතනවට වඩා ශක්තිමත් කියල මට හිතෙනවා. අන්තිම මොහොතේ තාත්තට පිරිතකුත් කියවල නැති උනාට පස්සේ තනියම ග්‍රාම සේවක, මරණ පරීක්ෂක වගේ අය හොයාගෙන ගිහිල්ල වැඩ ටික කරගත්ත එක ගැන මටම පුදුමයි.