තාත්තා වෙනුවෙන් හැමෝටම කරන ආරාධනාවක්..

hrm

Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ගොඩක්ම කණගාටුයි මචං. ඔය වගේ දෙයකට අපිට කවදාහරි මූන දෙන්න වෙනවා. මගේ තාත්ත නැති උනේ මීට මාස 6 කට කලින්. එයා නම් මාස 13 ක් අංශභාගය හැදිලා ඇඳ ටම වෙලා හිටියේ. 4 පාරක් ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලත් හිටිය. ඒ මාස 13 එයා වගේම අපිත් විදපු දුක් මෙතන කියන්න වචන නෑ . නමුත් මාත් මල්ලිත් අම්මත් අපිට කරන්න පුළුවන් උපරිමෙන් තාත්තට සැලකුවා. අන්තිමට හිත හද ගන්න පුළුවන් වෙන්නේ ඒ ගැන හිතල. මන් හිතනවා උබටත් එහෙම හිතල ටිකක් හරි හිත හද ගන්න පුළුවන් වෙයි කියල.

    පොඩි දෙයක් කියන්න ඕනේ. ඔය වගේ වෙලාවල් වල අපේ හිත අපි හිතනවට වඩා ශක්තිමත් කියල මට හිතෙනවා. අන්තිම මොහොතේ තාත්තට පිරිතකුත් කියවල නැති උනාට පස්සේ තනියම ග්‍රාම සේවක, මරණ පරීක්ෂක වගේ අය හොයාගෙන ගිහිල්ල වැඩ ටික කරගත්ත එක ගැන මටම පුදුමයි.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    තාත්තට නිවන්සුව ලැබේවා !!!

    හැම කෙනෙක්ටම අත්විදින්න වෙන සිද්දියක් නමුත් කාලයත් එක්ක දුක තුනිවෙලා යාවි,

    .තාත්තට නිවන්සුව ලැබේවා !!! ..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔබගේ පියාණන්ගේ අභාවය එළකිරි සමාජයේ/පවුලේ බොහෝ දෙනකුට දැනුණා කියන එක නම් නිවැරැදියි. එසේම අද බොහෝ දෙනෙක් ඔබගේ නොදුටු පැත්තක් දකිනවා යැයි මට සිතේ.

    පියාණන්ගේ අභාවය ගැන මගේ සාතිශය සංවේගය මෙන්ම ඔබ පියාණන්ට මතු නිවන් සුවම අත්වේවා . . .!!!
    t_16%20$100%20wcs01.jpg

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මචං මට උඹ ගැන දුකයි. ලෝකේ තමන්ගේ අම්මගෙයි තාත්තගෙයි තැන ගන්න කිසිම කෙනෙක්ට බෑ. ඒ නිසා ඒ කෙනෙක්ගේ වෙන් වීම කියලා නිම කරන්න බැරි දුකක්. කොහොම නමුත් උඹගේ තාත්තට ඉක්මන් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කලිනුත් කිව්ව වගේ ජීවිතේ කවද හරි දවසක අපි හැමෝම ඔය දේට මුහුණ දෙනවා මචං.
    හිත හදා ගමු.....
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :( ඉපදෙන කවුරුත් මැරෙනව සහෝ. හිත හදාගෙන තාත්තා වෙනුවෙන් පින් කරන්න ශක්තිය දිරිය ලැබේවා කියලා පතනවා.
    එතුමාට නිවන් සැප ලැබේවා!