You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
17
අගෝස්තු නිවාඩුව ඉවර උනාට පස්සේ ස්කෝලෙ යන්න නැති පාළුව සවින්දකට තවත් දැණුනා.ඒත් ඒ එක්කම ක්ලාස් පටන් ගත්තු හින්දා ඒ පාළුව ටිකක් විතර අඩු වුණා.දැන් ක්ලාස් තියෙන්නෙ සතියෙ දවස් වලට හින්දා ක්‍රිකට් මැචස් වලට ක්ලාස් නොගිහින් ඉන්න ඕනෙ නෑ. ඒ බව අම්මට යන්තම් තේරුම් කරල සවින්දක ක්‍රිකට් ගහන එකත් දිගටම කරගෙන ගියා.
සතියකට දවස් තුනක්ම උදේට පන්ති.හැමදාම හවසට ප්‍රැක්ටිස්.සෙනසුරාදා හවසට සඳිතිව හම්බ වෙන්න යන්න ඕනෙ හින්දා එදා හවසටත් බොරුවට ක්ලාස් එකක් දා ගත්තේ ගෙදරින් පැන ගන්න ඕනෙ හින්දා.
පන්ති ගිහින් වාඩිවෙල ඉන්න එක මුලින් මුලින් නම් මාරම අමාරු වැඩක්.යාළුවො කට්ටියම මේ පාර විභාගෙ කරනවම කියල වැඩේට බැස්සට ටික දවසක් යනකොට එකා දෙන්න ආයෙමත් ක්ලාස් කට් කරන්න ගත්තා.ඒත් සවින්දක කොහොම හරි කට්ට කාගෙන පන්ති ගියා.සෙන්ටත් සවින්දකත් එක්කම හිටියා.රමේෂ් සවින්දකගෙ පුන්චි කාලෙ ඉඳන්ම යාළුවෙක්. රමේෂ් ගැන ස්කෝලෙ තියල තිබුණෙ ලොකු බලාපොරොත්තුවක්. ඒත් මෙඩිකල් යන්න ලකුණු මදි වේවි කියන සැකය උඩ රමේෂුත් ආයෙ පන්ති එනවා.
පුන්චි කාලෙ ඉඳන්ම එකටම හිටියට සවින්දකගෙයි රමේෂ්ගෙයි යාළුකම A/L ක්ලාස් වල්දි පොඩ්ඩක් දුරස් වෙල තිබුනෙ ඒ දෙන්න ගියෙ මාර්ග දෙකක හින්දා. ඒත් ආයෙමත් ඒ යාළුකම අළුත් වෙල රමේෂ් සවින්දකට උදව් කරන්න ලෑස්ති වුණා.ඒක නම් සවින්දකට ලොකු හයියක් උණා.මුල් දවස් ටිකේ ගිය වෙලාවෙ ඉඳන් වෙලාව බල බල ඉන්න එක නැතිකර ගෙන පාඩම හොඳට අහගෙන ඉන්න සවින්දක පුරුදු වුනා.නොතේරෙන ගොඩාක් දේවල් රමේශ් කියල දුන්නා.
නංගිට O/L වලින් හොඳට ලකුණු තිබුනට එයා තෝර ගත්තේ ආර්ට් කරන්න.A/L වලට එයාට යන්න උනේ සවින්දකලගෙ ස්කෝලෙටම.
'ආ නංගී හොඳට රැග් එක එහෙම කන්න ලැහැස්ති වෙලා යන්න හොදේ'
'ආ ඒව කොහෙද මට රැග් කරන්න ආවොත් තමයි තමුසෙලගෙ ස්කෝලෙ කොල්ලො මට්ටු වෙන්නේ.'
'හරි හරි ඔන්න මට නම් පස්සෙ කියන්න එපා හරි.බලමුකො අපේ නංගිගෙ කට වගේම වැඩත් තියෙයිද කියලා.'
ස්කෝලෙ මල්ලිල ඔක්කොම සවින්දකව දන්නව උනාට.නංගිව දැනගෙන හිටියේ ටික දෙනයි.සවින්දකලත් එක්ක ක්‍රිකට් ගහන කවීශ් හිටියෙත් නංගිලගෙ පන්තිවල හින්දා සවින්දක කවීශ්ට විස්තරේ කිව්වා.සවින්දක කිව්වෙ අඳුරන්නෙ නෑ වගේ පොඩ්ඩක් රැග් කරපන් කියල.ඒත් නංගි කවීශ්ව අඳුරගෙන.
'එයා මාව අදුරගත්තා සවින්දක අයියේ.දැක්ක ගමන් හිනා වුනා.ඉතින් කොහොම රැග් කරන්නද බන්.අන්තිමට එයාට කවුරුවත් රැග් කරේ නෑ.'
අයියෝ උඹ වැඩේ කාලනේ බන්.'
සවින්දක එහෙම කිව්වට නංගිට කවුරුවත් රැග් නොකරන බව සවින්දක දැනගෙන හිටියා.
තමුසෙලගෙ ස්කෝලෙ උන් නම් මහ එපාම කරපු ජාතියක්'
නංගි සවින්දක ගෙදර එනකම් බලාගෙන ඉඳල කිව්වා.
'ඇයි මගෙ පැටියෝ ඔයාට රැග් කරාද'
'හ්ම්ම් මට නම් රැග් කරයි. ඒත් පවු අළුතින් ආපු ළමයි ඇඬුවත් එක්ක.'
'තමුසෙටත් අඬන්න තිබුණා අයියා නැති උනා නම්. දැන්වත් ආඩම් බර වෙනවා තමුසෙගෙ අයියා ගැන.'
'අපෝ වැඩේමයි.'
'ඔව් ඔව් දැන් කට ගහනවා මට කවීශ් කිව්වා මුල්ලකට වෙලා වෙව්ල වෙව්ල ඉන්නකොට කවීශ්වක දැකල පැනල හිනාවුණු හැටි.'
'ඒකනේ මම මගෙ අයියට මෙච්චර ආදරේ.කවීශ් මං ගැන අනිත් උන් එක්කත් කිව්වම කවුරුවත් මට රැග් කරන්න ආවෙ නෑ.සමහරු මාව අඳුරනවත්ලු.මගෙ අයිය ගැන මට ඒ වෙලාවෙ ඇතිවුනෙ හරිම ආඩම්බරයක්.'
'හා හා ඇති ඇති.ඇයි තමුසෙගෙ යාළුවා ආවෙ නැද්ද බලන්න.'
'කවුද'
'තරූලගෙ අක්කා'
'සඳිතිව තාම ස්කෝලෙ ඇතුලෙදි හම්බ වුනේ එකම දවසයි.ඒත් කැන්ටින් එකේදි.උදේ ගියාට පස්සෙ ආයෙ එයාව දකින්න වෙන්න හවසට තමයි.'
'
මේ ඒක නෙවෙයි.අපේ ස්කෝලෙන් හොඳ කොල්ලෙකුත් හොයා ගන්නවා.මම ගෙදරට කියන්නෙ නෑ.'
'හා අයියේ ඔයා දඟලන්නෙ නැතුව ඉන්න හරිද.ඔයාගෙ හොර අහුවෙයි කියන බයට දැන් මාව ශේප් කරන්න හදනවා නේද.මම හොයා ගන්නම්කො ටික දවසකින්.'
'මොනව හොයන්නද අපිට හංගන්න දේවල් නෑ නංගි හරිද.'
සවින්දක නංගි ස්කෝලෙට ගිය එකට ටිකක් විතර බයවුනා.ඒ සඳිති ගැන දැන ගනිවි කියලා.කවිශ් ඒ ගැන දන්න හින්දා සවින්දක කවීශ්ට මුලින්ම කිව්වා නංගිට නම් දැන ගන්න තියන්න එපා කියලා.
ඒත් නංගි ඒ ගැන දැන ගත්තත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලත් සවින්දකට හිතුණා.
ඒ ගැන සවින්දක සඳිතිගෙන් ඇහුවම එයා කිව්වෙත් සවින්දි අක්ක මුකුත් කියන එකක් නෑ කියලා.
සෙනසුරාද හවසට සවින්දක ගෙදර එනකොට නංගිගෙ මූණෙ තියෙන අමුතු හිනාව දැක්කම දැනටමත් එයා ඒ ගැන දන්නවද කියන සැකයත් සවින්දකට ඇතිවුණා.
comment thread is here
Last edited:
18
හෙමිනුත් නැතිව හයියෙනුත් නැතුව ගෙවිල ගිය කාලය දෙසැම්බර් නිවාඩුවටත් ලං කරා.නිවාඩු දුන්නට පස්සෙ සවින්දකට සඳිතිව හම්බ වුණු මුල්ම දවස.එතකොට වාර විභාගෙ ඉවර වෙල ලකුණුත් දීල තිබුනේ.
'අද ඔයා ඉන්නෙ දුකෙන් වගේ ඇයි ඒ'
සවින්දකට සඳිතිගෙ මූණෙ වෙනස හොඳටම තේරුණා.
'නැහැ එහෙම නෑ.'
'නැත්තෙ නෑ හලෝ මොකද කියල කියන්න'
'විභාගෙ ලකුණු දුන්නා සුදු අයියේ.'
'ඉතින්'
'මම මේ පාර දෙවෙනියා;'
'අයියෝ ඔයා ඕකටද මේ මූණ අමුතු කරගෙන ඉන්නේ.'
'මීට කලින් මම කවදාවත්ම දෙවෙනියා වෙලා නෑ'
'කමක් නෑ ඔයාට ලකුණු හොඳට තියෙනවනෙ'
'ඒත් මට හිතා ගන්න බෑ ඇයි කියල මෙහෙම උනෙ'
'ඔයා හිතන්නෙ එහෙම උනෙ මං හින්ද කියලද'
'මං එහෙම එකක් කිව්වද.මං එහෙම හිතන්නෙ නෑ අනේ.'
'හරි හරි මං විහිළුවක්නෙ කරේ.ඔයා ස්කෝලෙ වැඩ කරන කොට ඔය අනම් මනං හිතන්නෙ නැතුව ඒව කරන්න.පිසු කෙල්ල දැන් ඕව අමතක කරන්න.ඊලඟ පාර ආයෙමත් පලවෙනිය වෙන්න. එතකොට හරිනෙ.'
සවින්දකත් හිතට අරගෙනම වැඩ කරා.තනියෙන් පාඩම් කරන්න කම්මැලි හින්දා සෙන්ටවත් සෙට් කරගෙන සවින්දක පාඩම් කරා.ගොඩක් දවස් වලට දෙන්නත් එක්ක රෑ වෙනක්ම්ම පාඩම් කරා.ඒත් සවින්දකට බය සෙන්ට සඳිති ගැන මොනව හරි කියයි කියලා.සවින්දක ඒ හින්දම සෙන්ටට නංගිත් එක්ක තනියෙන් කතා කරන්න දෙන්නෙම නෑ.
ඒ වුනත් ඉඩ තියෙන වෙලාවට සෙන්ට වහෙන් ඔරෝ මොනවම හරි කියනවා.
ඊලඟ අවුරුද්දට ස්කෝලෙ පටන් ගත්තා සඳිති දැන් 11 වසරෙ.අලුත් අවුරුද්දට මුලින්ම සඳිතිව දැක්ක දවසෙ සවින්දකට හිතුණෙ එයා තවත් ලස්සන වෙලා කියලා.
'ඔයා දැන් තවත් ලස්සන වෙලනෙ'
'අනේ ඉන්න අනේ'
'බොරු නෙවෙයි අනේ ඇත්තට කිව්වේ.දැන් 11 වසරෙ නේ.ලොකු ළමයෙක්නේ.'
'හ්ම්ම්ම්ම්'
'හ්ම්ම්ම් වගේ නෙවෙයි දැන් වැඩිපුර වැඩ කරන්න ඕන.ඔයා ස්කෝලෙ බෙස්ට් රිසල්ට් ගන්න ඕන හරිද'
'බලමු'
'බලන්න දෙයක් නෑ.ඔයාට බැරි නෑනේ.'
ස්කෝලෙ ස්පෝර්ට් මීට් කාලෙ හින්ද සවින්දකලටත් ස්කෝලෙ පැත්තෙ ඉඳල හිටල වටයක් දාන්න පුළුවන් වුනා.ඒත් ඉස්සර වගේ නෙමෙයි දැන් ස්කෝලෙ පිට තැනක් වගෙයි සවින්දකට දැණුනෙ.
ස්කෝලෙ මැචස් තිබුණු දවස් වලටත් ක්ලාස් නැතිදාට සවින්දක ග්‍රවුන්ඩ් එකට ගියා.
සඳිති නම් මේ දවස් වල වැඩිපුර ස්කෝලෙ එන්නෙ නෑ.නංගි නම් බැහැලම වැඩ කරනවා සවින්දක දැක්කා.
බිග්මැච් එකට කලින් බිග්මැච් පාර්ටි ලං වෙන කොට ඒවයින් නම් බේරෙන්න වෙන්නෙ නැති බව සවින්දක හොඳටම දන්න හින්දා ඊට කලින් සඳිතිට ඒ ගැන කිව්වා.
'හැමදාම නෑනෙ ඉතින් ඕබී අයියලගෙන් බේරෙන්නෙ වෙන්නෙ නෑ.මටත් පොඩ්ඩක් වැරදි වැඩ කරන්න වෙනවා.'
සඳිති එපා කිව්වට අමාරුවෙන් එයාට තේරුම් කරල දෙන්න සවින්දකට පුළුවන් වුනා.
මුලින් බිග්මැච් ගහන අයගෙ පාර්ටි වලින් පස්සෙ ලොකුවටම තිබුණෙ කැප්ටන් පාර්ටි එක. එදා සවින්දකටත් කාලෙකට පස්සෙ හොඳටම බොන්න වුනා.
පාර්ටි එකෙන් පස්සෙ හවස කොඩි අරගෙන ටවුන් එකේ ඇවිදල පිස්සු නටල සවින්දක ගෙදර ගියෙ හොඳටම රෑ වෙල
'තමුසෙලට පිස්සුද අයියේ.ටවුන් එකේ කෑ ගගහ ඇවිදින්න. මට නම් ලැජ්ජාවෙ බැරි වුනා.'
'අනේ අනේ ඉන්නවා තමුසෙ දන්නවද ටවුන් වල වෙන දේවල්.ගියා නම් ඒ විදිහට ඉන්නවා.නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව.
'අනේ මේ අයියේ වැඩිය කෑ ගහන්න එපා මම අම්මට කියනවා හරිද.'
'මොනවද'
'මොනවද ඔයා හවස හිටපු හැටි'
නංගි ඒ ටික කිව්වෙ කනට ලං කරලා හින්දා සවින්දකට නංගි ගැන අමුතු ආදරයකුත් හිතුණා.
'ඔයා මගෙ හොද නංගිනෙ හැමදාම අයිය එහෙම නෑනෙ පැට්ටෝ'
සවින්දක එහෙම කියල නංගිව ශේප් කරේ අම්මට කිව්වොත් ඔක්කොම ඉවරවෙන බව දන්න හින්ද.
ටික ටික බිග් මැච් දවසටත් ලං වුනා.සවින්දක අවුරුදු ගාණකට පස්සෙ මුලින්ම බිග් මැච් එක බලන දවස.ඕබී කෙනෙක් විදිහට ගිය අවුරුද්දෙ කැප්ටන් විදිහට සවින්දක මේ පාර බිග් මැච් බලන්නෙ.
බිග්මැච් එකට කලින් සඳිතිගෙන් සවින්දක පුන්චි උදව්වකුත් ඉල්ලුවා.
'ඔයා නංගියි අපේ නංගියි එක්ක ඉක්මණට ගෙදර යන්න.මේ පාර ඔයාට මැච් එක බලන්න ඕනෙ නෑනෙ'
'බෑ බෑ අපි යන්නෙ නෑ මම ඔයාව සවින්දි අක්කගෙ අතටම අල්ලලා දෙනවා ඉන්නකෝ.'
'ඔයා හිතන්නෙ මං එයාට බයයි කියලද'
'හා එහෙනම් බලමු හවස් මං එයාවත් තියන් හවස් වෙනකම් ඉන්නද'
'අනේ එපා ඉතින් ඔයා කැමතිද ඔයාගෙ සුදු අයියගෙ නම කැත වෙනවට'
'ඉතින් ඒකට කරන්නෙ ඕනෙ කැතවැඩ නොකර ඉන්න එකනෙ.'
'හරි හරි ඉතින් හැමදාම නෑනෙ.'
COMMENT TRD IS HERE 
19
බිග්මැච් එක දවසෙ වෙනද වගේම සවින්දක පාන්දරින්ම ග්‍රවුන්ඩ් එකට ගියා.ගිය අවුරුදු වල ඇඳපු ඇඳුම නම් මේ පාර ගොඩක් වෙනස්.බිග්මැච් වෙනුවෙන්ම සවින්දක අලුත් ඇඳුම දෙකක්ම ගත්තා.ස්කෝලෙ ඇඳුම වෙනුවට පාට ඇඳුම් ඇඳල සවින්දක බිග්මැච් එකක් බලන්නෙ පලවෙනි වතාවට.
මැච් එක පටන් ගන්න කලින් ඉඳන්ම සවින්දක කොඩියක් අරන් වැඩිපුර හිටියෙ ග්‍රවුන්ඩ් එකේ.ඕබී කෙන්ක් විදිහට මැච් එක බලන පලවෙනි පාර හින්ද සවින්දකට ඒක අලුත් අත්දැකීමක්.නායකයො දෙන්න කාසියේ වාසිය බලන්න යන වෙලාවෙත් කොඩිය අරන් ගියෙ සවින්දක.මැච් එක පටන් අරගෙන ටික වෙලාවක් යනකොට ඕබීල ඔක්කොම වගේ ඇවිත් හිට්යා.ඒ අයත් එක්ක කෑ ගගහ මැච් එක බලන අතරෙ සවින්දක එක පාරටම වගේ දැක්කා සෙන්ට නංගියි සඳිතියි එක්ක බර කතාවක ඉන්න බව.
සවින්දක හෙමිහිට ඒ පැත්තට කිට්ටු කරේ සෙන්ටගෙ කට හොඳ නැති බව දන්න හින්ද.
'මොකද බන් මෙතන කරන්නෙ වරෙන්කො යන්න අරුන්ට පොඩි සප් එකක් දෙන්න'
'මේ උඹට ඕව අලුත් වුනාට අපිට අලුත් නෑ හරිද.දැන් උඹ සප් කරපන් අපි ගිය පාරවල උඹට සප් කරානෙ.'
සෙන්ට කියවගෙන යනව.
'අනික උඹගෙ නංගිල දෙන්නව මම බලා ගන්න එපැයි.උඹ බය නැතුව ගිහින් ඉදපන්.'
ඒ කතාවට සවින්දකව උඩ ගියා.සඳිතිත් එක පාරට බය වෙලා වගේ බැලුව.ඒත් නංගිට ඒ කතාවෙ වෙනසක් තේරුනේ නෑ වගේ හිටිය.
'ඔය ගොල්ලො දැම්ම යනවද'
සවින්දක එහෙම ඇහුවෙ කතාව වෙනස් කරන්න ඕනෙ හින්ද
'අපි දැන් කවුරු මැච් ගහනව බලන්නද අපි තව ටිකකින් තරූවත් එක්ක ගෙන ගෙදර යනවා.අපි හිටියම ඔයාටත් කරදරයිනේ.'
නංගිගෙ කටත් ගෙදර වගේම තමයි.
'ඔයගොල්ලො මාව අල්ලගෙන ඉන්න එකක්යැයි.කැමති වෙලාවක යන්න සෙන්ට උඹත් හිටපන් මම අර පැත්තට යනවා.'
සවින්දක එහෙම කියලා ආයෙමත් කට්ටියට එකතු වුනා.
ලන්ච් එකට මැච් එක නවත්තපු වෙලාවෙ ඕබීල ඔක්කොම සෙට් වුනේ එලියට යන්න.ගියාම එන්න වෙන්නෙ හොඳ සිහියෙන් නෙමෙයි බව දන්න හින්දා සවින්දක බැලුවෙ නංගිල ගියාද නැද්ද කියල දැන ගන්න.
නංගිල ගිය බව සෙන්ට කිව්ව හින්දා සවින්දකත් බය නැතුව කට්ටියට එකතු වුනා.
එලියට ගිහින් බොන අතරෙදිත් වැඩිපුර මාතෘකාව වුනේ සවින්ද්කගෙ ආදර කතාව.
සවින්දකට බේරුමක් නෑ හැමෝම එක එක විදිහෙ ප්‍රශ්න අහනවා.සවින්දකත් එහෙන් මෙහෙන් උත්තර දිදී බේරිලා හිටියා.
පොඩ්ඩක් ඇග පත රත් වෙලා තිබුණු හින්දා හවස් වරුව විනෝදයෙන් සතුටින් ගෙවිල ගියා.සවින්දකත් කාලෙකට පස්සෙ හොඳට විනෝද වුනා.කෑ ගගහ සින්දු කිය කිය ඒ දවස් දෙකම සැහැල්ලුවෙන්ම ගෙවිල ගියා.
අවුරුදු කාලෙ ලං වෙනකොට ගමේ වැඩි දෙනෙක්ගෙ උනන්දුව තිබුනෙ අවුරුදු උත්සවය ගැන.සවින්දකටත් වෙලාව තිබුණු හින්ද මේ පාර අවුරුදු උත්සවයට වැඩිපුර වැඩ කරන්න ඕනෙ කියල හිතුණා.කලින් වතාවල නම් සවින්දක අවුරුදු උත්සවයට එන්නෙ ක්‍රිකට් තරඟයට විතරයි.
අවුරුදු උත්සවය සංවිධාන කටයුතු වල ඉස්සරහින්ම පොඩීත් හිටපු හින්ද සවින්දකත් ඒ අයත් එක්ක එකතු වුනා.අප්‍රේල් මාසය පටන් ගන්න කොටම වැඩ පටන් ගත්තා.මුලින්ම තිබුනෙ ගෙවල් වලට ගිහින් සල්ලි එකතු කරන්න.කට්ටියට වෙලාව තියෙන හවස් වරුවට තමයි ඒ වැඩේ යොදා ගෙන තිබුනෙ.සවින්දකත් පන්ති නැති දවස් වලට ඊට එකතු වුනා.
එදත් ඒ විදිහට ගමේ ගෙවල් වලට යන ගමනට සවින්දකයි,පොඩීයි එක්ක තවත් ගමේ යාළුවො තුන් දෙනෙක් හිටියා.ටිකක් දුර යනකොටයි සවින්දක දැන් ගත්තේ අද යන්නෙ සඳිතිලගෙ ගෙවල් පැත්තට බවවාආපහු හැරෙන්න බැරි හින්දා ඕන දෙයක් කියල හිත හදාගෙන සවින්දක ගියා.
සඳිතිලගෙ ගෙවල් ලං වෙනකොට අනිත් උන් පොඩීට විහිළු කරන්න ගත්තා.සවින්දකත් ඒවට හිනා වෙවී උන් එක්ක ගියා.සවින්දකව දැක්ක ගමන් කුසුම ටීචර්ට පුදුමත් හිතුනා.සවින්දක පොඩිම කාලෙ ගියාට පස්සෙ ඒ ගෙදරට ගිහින් නෑ.
'ආ ඉලන්දාරියා කවුද මේ පැත්තට පාර කිව්වෙ'
සවින්දක හිනා උනා විතරයි.
'දැන් මේ පාර විභාගෙ කරනවද'
'ඔව් ටීචර් මේ පාර නම් කොහොම හරි ගොඩ දාගන්නවා'
ආපු කාරනය පැත්තක තියෙද්දි ටීචර් කතා කරන්නෙ වෙනදේවල්.
ඇවිල්ල ටික වෙලාවක් ගියත් සඳිතිවයි,තරූවයි දෙන්නවම දැක්කෙ නැති හින්ද යන්න ලැහැස්ති වෙල සවින්දක නිකමට තරූ ගැනත් ඇහුවා.
'කෝ ටීචර් තරූල'
'ඒ දෙන්න ගේ ඇතුලෙ.කවුරුවත් ආවම දෙන්නම එලියට බහින්නෙ නෑනෙ.'
'අපි එහෙනම් යනව ටීචර්'
එහෙම කියල එන්න හදන කොට සඳිති ගේ ඇතුලෙ ඉඳන් හොරෙන් බලං ඉන්න බව සවින්දක දැක්කා.
'මම නම් හිතුවෙ ටීචර් මූට අල්ලන් දෙයි කියලා'
එලියට ආපු ගමන්ම යාළුවො ටික ආයෙමත් පොඩීට විහිලු කරනවා.
'මම් දැක්කා එයා ගෙයි ඉඳන් හොරෙන් බලන් ඉන්නවා.'
'හරි හරි උඹල ඉදපල්ලකෝ කවද හරි මම එයාව එලියට ගන්නකම්.'
පොඩී කියන්නෙ හිතේ විශ්වාසයටද නිකම් කතාවටද කියල සවින්දක හිතන්න ගියෙ නෑ.
ඊට දවස් දෙකකට පස්සෙ හවසක සඳිති කෝල් කරා.
'ඔයා නම් හරිම නරකයි සුදු අයියේ'
'ඇයි'
'මටත් නොකියම අපේ ගෙදර ආවෙ.මම ගොඩක් බය වුනා'
'අයියෝ ඔයා මොකටද බය වුනෙ මම ආවෙ වෙන වැඩකටනෙ'
'ඒ වුනාට ඔයා මීට කලින් එහෙම ඇවිත් නෑනෙ'
'හරි හරි බබා මට ඉස්සරහට දිගටම ඔහෙ එන්න වේවිනෙ ඒ හින්ද පුරුදු වෙන්නත් එක්කෙ ආවෙ'
'ඒ මොකටද ඉස්සරහට ඔයා මෙහෙ එන්නෙ'
'ඔය ගොල්ලන්ගෙ අම්මව හම්බ වෙන්න'
'ඒ මොකටද'
'ඒකෙන් ඔයාට වැඩක් නෑනෙ.ඊට කලින් ඔයා වැඩේ කන්නෙ නැතුව දැන් ෆෝන් එක තියන්නකෝ..'
අවුරුදු උත්සවය දින ලං වෙනකොට සංවිධාන වැඩත් ටික ටික වැඩි වුනා.සවින්දකට ගමේ ලොකු පිලිගැනීමක් තියෙන හින්ද සවින්දක මේ වැඩේට සම්බන්ධ වුනු එකට ගොඩක් අය සතුටු වුනා.
වෙනදට පොඩීගෙ බල කිරීමට අවුරුදු උත්සවයට යන සවින්දක මේ පාර අවුරුදු උත්සවයට පාන්දරින්ම ගියෙ හරියට නිදා ගන්නවත් නැතුව.කලින් දවසෙ වැඩ ටික කරලා ගෙදර එනකොට එලිය වැටෙන්න තිබුනෙත් පොඩි වෙලාවයි.ඒත් ඒ මහන්සියත් එක්ක පුන්චි ආඩම්බරයකුත් සවින්දකගෙ හිතේ තිබුනා.
අවුරුදු උත්සවය වෙලාවෙත් සවින්දක බරටම වැඩ. එහෙට මෙහෙට දුව දුව වැඩ කරන්න තිබුනු හන්දා සවින්දක සඳිතිව දැක්කෙත් ගොඩක් පරක්කු වෙලා.
වෙනද වගේම ක්‍රිකට් මැච් එක මේ පාරත් සවින්දකල දිනුම්.මැච් එක වෙලාවෙ සඳිතිව දැක්කට එයා වෙනද වගේම බලන් ඉන්නව විතරයි.තරූ නම් හොදටම අත්පුඩි ගහන්වා සවින්දක දැක්කා.
අවුරුදු උත්සවය වෙලාවෙ සඳිති මූණ දෙතුන් පාරක්ම දැක්කට එයාගෙ මූණෙ වෙනදට වඩා ලොකු වෙනසක් සවින්දකට පෙනුනා.
එයා හැදුවෙ මට මූණ නොදී ඉන්න කියලයි සවින්දකට හිතුනෙ.ගමේ හින්ද බයට වෙන්න ඇති කියල සවින්දක හිත හදා ගත්තා.
අවුරුදු උත්සවයෙ වැඩ අස්සෙ එයා දිහා වැඩිපුර බලන්න බැරි වුනත් උත්සවය ඉවර වෙන්න කලින් එයා තනියෙන්ම ගෙදර ගිහින් තිබුනා.
නංගිත් එක්ක තරූ හවස් වෙනකම්ම හිටිය හින්දා නංගිට හොරෙන් සවින්දක තරූගෙන් සඳිති ගැන ඇහුවා.
'එයා ඔලුව රිදෙනව කියල ගියා.'
තරූ උත්තර දුන්නා.
අවුරුදු උත්සවය තියෙන්නෙ හැම අවුරුද්දෙම එකම දිනයක හින්ද ඒ දවස සවින්දක ජීවිතයේ ගොඩාක් වැදගත් දවසක්.සවින්දක මුලින්ම සඳිතිව දැක්කෙ එදා.ඊට අවුරුදු දෙකකට පස්සෙත් ඒ සිදුවීම සවින්දකට තාම සුන්දරයි.
ඒත් සඳිතිට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.අද සඳිතිගෙ මූණ වෙනස් වෙලා තිබුන බව හොඳටම දැක්ක හින්දා ඒක සවින්දකගෙ හිතේ හොල්මන් කරා.
'එයාට මොකද වෙලා තියෙන්නෙ.......'
comments මෙන්න මෙතන දාන්න 
Last edited:
20
අප්‍රේල් නිවාඩුවට ස්කෝලෙ පටන් ගන්න කලින්ම සදීතිට පන්ති පටන් ගත්තු හින්ද සවින්දකට ඉක්මණටම සඳිතිව හම්බ වෙන්න පුලුවන් වුනා.සවින්දකට ඕනකම තිබුනෙ සඳිතිගෙ මූණ වෙනස් වෙල තිබුනු හේතුව දැන ගන්න.
පන්ති ඉවර වෙල ආපු සඳිතිගෙ මූණෙ තිබුනු වෙනස සවින්දකට ඒ වෙලාවෙත් හොඳටම පෙනුනා.වෙනදට හඳ පෑයුව වගේ ලස්සනට මූණ පිරෙන්න තියෙන හිනාව වෙනුවට එදා තිබුනෙ අඳුරු වුණු දුක්බර මූණක්.සඳිතිගෙ මූණ දැක්කම සවින්දකට කතා කරන්නත් අමතක වුනා.දෙන්න අතරෙ වෙනදට වැඩිය නිහඬ බවක් ඇතිවුනා.
'සඳිති'
ඉවසගෙන ඉන්න බැරිම තැන සවින්දක කතා කරා.ඒත් එයා මුකුත්ම කිව්වෙ නෑ.
'ඔයාට මොකද වෙලා තියෙන්නෙ.'
එයා බිම බලාගෙන ඉන්නව විතරයි කතා කරන්නෙ නෑ.
'අනේ කතා කරන්නකෝ ප්ලීස්'
සඳිති කතා කරේ ටිකක් වෙලා ගිහින් හඬ බාලවුනු බිදිච්ච කටහඬින්.
'සුදු අයියේ'
'ඉතින් කියන්න'
'අපි මේ විදිහට හම්බවෙන එක නවත්තමු.'
ඒ වචන ටික ඇහුනම සවින්දකට මොනව වුනාද කියල හිතා ගන්න බැරිවුනා.මුළු හදවතම එක පාරට නතරවුනා වගේ දැනුනා.
'ඇ..ඇයි ඔයා එහෙම කියන්නේ'
සවින්දක වචන එකතු කරගෙන අමාරුවෙන් කතා කරා.
'අවුරුද්දට පුන්චිල අපේ ගෙදර ආවා.ඒ ආවම ඒ ගොල්ලෝ ගොඩක් දේවල් කිව්වා.ඒ ගොල්ලො කියන දේවල් එක්ක අපි කරන්නෙ ලොකු වැරැද්දක් සුදු අයියේ.'
සවිනදකට උත්තර නැතිවුනා.සවින්දකට දැනුනේ මුලු හිත පුරාම දැනෙන වේදනාව විතරයි.
'ඒ ගොල්ලො ඉස්සරත් ඔහොම කියනවා.ඒත් මේ පාර වෙන්දටත් වැඩියෙන් එක එක දේවල් කිව්වා.මට බයයි සුදු අයියේ අම්මට මොනව හරි තේරිලද කියලා.අනේ ඒ හින්ද අපි මෙහෙම හම්බ වෙන එක නවත්තමු.'
'ඔයාට හිතෙනවද අපි මේ කරන්නෙ වැරැද්දක් කියලා.ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා බයවෙල තියෙන්නෙ බොරුවට කියලා.ඔයාට පුලුවන්ද මාව හම්බ වෙන්නෙ නැතුව ඉන්න.'
සවින්දක හිතට එන දේවල් ඔහේ කියවගෙන ගියා.
සඳිති බිම බලාගෙන. එයාගෙ ඇස් වල කඳුලු.සඳිතිගෙ ඇස් වල කඳුලු සවින්දක දැක්කේ පලවෙනි සැරේට.සවින්දකට තවත් දුක වැඩිවුනා.
'ඔයා අඬනව නේද. අඬන්න එපා.මම හින්දා ඔයා චුට්ටක්වත් අඬන්න ඕනෙ නෑ.හරි ඔයා කියනවනම් අපි මේ විදිහට හම්බ වෙන එක නවත්තමු.'
සඳිති බිම බලාගෙන අඬනවා.
'මම ඔයත් එක්ක තරහ නෑ පැටියෝ.ඉතින් අඬන්නෙ නැතුව ඉන්නකෝ.ආයෙ ඔයාට මාව හම්බ වෙන්න ඕනෙ වුනොත් මට පණිවිඩයක් එවන්න.එතකම් අපි හම්බ නොවී ඉමු.එහෙම උනා කියල ඔයාට මාව අමතක වෙන්නෙ නෑ නේද.ඔයාට පුළුවන් වෙලාවට මට කෝල් කරන්න.'
සඳිති බිම බලගෙන අඬනවා විතරයි.
'කෝ දැන් ඔය කඳුලු පිහ ගන්නකෝ.පාරෙ යන අයටත් පේනවා.දැන් ඔයා යන්නත් ඕනෙනේ.'
යනකම්ම සඳිති වචනයක් වත් කතා කරේ නෑ.බිම බලාගෙනම යන්න ගියා.මුලු ලෝකෙම නැතිවුනා වගේ සවින්දක ඒ දිහා බලන් හිටියා.
එදා ගෙදර ගිය වෙලේ ඉඳන්ම සවින්දකට පිස්සු වගේ.සෙන්ටව කාමරයට අරගෙන සවින්දක විස්තරේ සෙන්ටට කිව්වා.
'ඕව ඔහොම තමයි බන්. ඒකි බයවෙලා ඇත්තේ.තව ටික දවසකින් ඕව හරියයි.උඹ බබා වෙන්නෙ නැතුව හිටපන්කෝ බන්.'
සෙන්ට කොහොම කිව්වත් සවින්දකට හිත හදා ගන්න බැරිවුනා.පාඩම් කරන්න ගියත් ඒකට හිත යොමු කරන්න බැරිවුනා.ටිකක් වෙල පොත දිහා බලන් ඉඳල ආයෙත් සවින්දක මුමුණනවා.
'මම වෙන මොනව කියන්නද බන්. එයාට එක පාරටම මොනව වුනාද මන්ද.මචන් අපි දෙව්මි ගෙන් වත් අහමුද එයාට මොකද වුනේ කියලා.'
'උඹ ඔය පොත දිහා බලාගෙන ඕකද කරන්නෙ.යකෝ පොඩි එකෙක් නිවී හිටපන්කෝ.උඹ මෙතන කල්පනා කරා කියල දැන් ඕකට උත්තර හොයන්න බෑනෙ.ඔය මඟුලක් හින්ද මේ පාරත් විභාගෙ ඇන ගන්නද හදන්නෙ'
සෙන්ට මහ ලොකු එකෙක් වගේ සවින්දකට බණ කියනවා.
'උඹට කියල වැඩක් නෑ බන් මේව උඹට මේව තේරෙන්නෙ නෑ.'
'හරි හරි එහෙනම් උඹ තේරෙනෙ එකෙක් හොයල කියා ගනින්.'
සෙන්ට බැරිම තැන එහෙම කිව්වා.
කවුරු කොහොම කිව්වත් සවින්දකට දැනුනු වේදනාව අඩු කර ගන්න බැරිවුනා.ඊලඟ දවස් දෙක තුනම ගෙවිල ගියේ ඒ ව්දිහට.ඊට පස්සෙ දවසෙ පන්ති ගියාම සවින්දකව දැක්ක ගමන්ම මොකක් හරි අවුලක් තමයි කියල යාළුවො දැන ගත්තා.
එරාගෙ කටට තැනක් නොතැනක් තිබුනෙ නෑ.
'මල්ලි මොකද නංගි පොල්ල තිබ්බද.'
සවින්දකට කතා කරන්න දෙයක් තිබුනෙ නෑ.
'අපි කලින්ම කිව්වනේ කොහෙද ඉතින් අපේ රැවුල නෑනේ.'
'මොනවද උඹ කිව්වේ'
සවින්දකට ඉබේම එහෙම ඇහුනා.
'අපි කිව්වනෙ බන් ලව් කරන කොට පොඩි බබා වෙන්නෙ නැතුව කෙල්ලට සැපක් දියන් කියලා.එහෙම නැතිවුනාම ඒකිටම තේරෙන්න ඇති මුගෙන් වැඩක් නෑ කියලා.'
'අනේ මේ එරා මගෙන් කුනුහරප නාහ හිටපන්.මෙතන එහෙම දෙයක් නෑ.'
'හා එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ.'
'ඒව උඹලට කියල වැඩක් නෑ'
'මේ අපිත් ඕවට හොඳ එක්ස්පීරියන්ස් තියෙන පොරවල් හරිද.මොකද කියන්නේ හිතේ අමාරුවටත් එක්ක පොඩ්ඩක් සෙට් වෙමුද'
'අනේ මේ මට බෑ.මම ක්ලාස් යනව උඹලට ඕනෙ නම් වරෙල්ලා.'
'හරි හරි අපිත් ක්ලාස් යනවා.අපි මේ ඇහුවෙ උඹට අප්සට් හින්ද ෆිට් එකට.'
'හා හා ඇති අති යමල්ලා'
මොනදේ වුනත් අළුතින් පටන් ගත්තු ජීවිතය ආයෙ නවත්වන්න සවින්දකට ඕනෙ වුනේ නෑ.සඳිති හින්ද පටන් ගත්ත ඒ ජීවිතේ එයා වෙනුවෙන් තව දුරටත් ඉස්සරහට අරන් යනව කියල සවින්දක තදින් හිතා ගත්තා.එයා කවදාවත් ම මාව අමතක කරන එකක් නෑ.සවින්දකගෙ හිත නිතරම එහෙම කිව්වා.
සඳිතිගෙන් කිසිම පණිවිඩයක් නැතුව සති දෙකක් ගෙවිල ගියා.සෙනසුරාද පන්ති ඇරෙන වෙලාවට සවින්දක ටවුන් එකට ගියත් සඳිතිව හම්බ වෙන්න ගියේ නෑ. එයා කියනකම් එයාට කරදර කරන්නෙ නෑ සවින්දක එහෙම හිතා ගත්තා.
සවින්දක ටවුන් එකට වෙලා හොරෙන් බලන් හිටියෙ එයාගෙ මූණ හොරෙන් හරි බලා ගන්න ඒත් එයාගෙ යාළුවො ඔක්කොම ඇවිත් හිටියට එයා පන්ති ඇවිත් තිබුනෙ නෑ.
ඊළඟ සතියෙත් එහෙමයි එයා පන්ති ආවෙ නෑ. ආයෙ කවදාවත්ම එයා පන්ති එන එකක් නැද්ද,මම හින්ද එයා ඉගෙන ගන්න එකටත් පාඩු වේවිද වගේ සිතුවිලි සවින්දකගෙ හිතේ හොල්මන් කරා.
හිතේ දුක හිර කරගෙන සවින්දක බලන් හිටියා.කමක් නෑ එයා මට කතා කරනකම් කවද හරි වෙනකම් මම බලා ඉන්නවා.
ඒ විදිහට ගෙවිල ගිය තුන්වැනි සෙනසුරාද දවස.සඳිතිට පන්ති ඇරෙන වෙලාවට සවින්දකයි සෙන්ටයි හිටියෙ ටවුන් එකේ.
'වරෙන් ගමනක් යන්න'
සෙන්ට කතා කරා.
comment trd 
21
'කොහෙද බන් යන්නෙ'
'කට වහගෙන වරෙන්කො'
සෙන්ට ගියෙ සඳිතිල පන්ති ඉවරවෙල එන පැත්තට.සවින්දකත් සද්ද නැතුව පස්සෙන් ගියා.
'අපි වගේ යාළුවො හම්බ වෙන්න උබල පින් කරල තියෙනව.'
සෙන්ට යන ගමන් කියවනව.සවින්දක පොඩි හිනාවකුත් දාගෙන සෙන්ට එක්ක ගියා.සවින්දකල යනකොට සඳිති දෙව්මිත් එක්ක මඟ නැවතිල බලන් ඉන්නව.
'ඔන්න දැන් දෙන්න එක්ක ඕන මඟුලක් කර ගනිල්ල අපිට වද නොදී. නේද නංගී.'
සෙන්ට කියවගෙන ගියා.සඳිති හිටියෙ මූණෙ හිනාවක් පුරවගෙන.
'ඇති යන්තම් අද තමයි මේකිගෙ මූණෙ හිනාවක් දැක්කෙ කාලෙකට පස්සෙ'
එහෙම කිව්වෙ දෙව්මි.ඊට පස්සෙ දෙව්මියි සෙන්ටයි යන්න ගියා.
ඒ දෙන්න ගියාට පස්සෙ සඳිතිගෙ මූණ ආයෙත් අඳුරු වුණා.
'ඔයා මා එක්ක තරහද සුදු අයියේ.'
'ඔයාට පිස්සුද මම මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ'
'අනේ ගොඩක් සොරි සුදු අයියේ.එදා මට මොනව වුනාද මන්ද.මට ගෙදර ගිය වෙලාවෙ ඉදන් ගොඩක් දුක හිතුනා.'
'ඒක තමයි මටත් හිතා ගන්න බැරි එදා ඔයාට මොනවද වුනේ කියලා.කිසිම හේතුවක් නැතුව බොරුවට ඔයා බයවෙලා තිබුනෙ'
'හ්ම්ම්ම්....අපි ඒක අමතක කරමු.ඔයා මාත් එක්ක තරහ නෑනෙ.'
'මම ඒකට නම් තරහ නෑ.ඒත් ඔයා එක වැරැද්දක් කරා.ඇයි පන්ති ආවෙ නැත්තේ.මම ඔයාට කියල තියෙනවනේ මොනදේ වුනත් ඉගෙන ගන්න ඒවට බාධාවෙන්න බෑ කියල'
'මම කොහොමද පන්ති එන්නෙ.අදත් පන්ති ආවෙ ඔයාට කොහොම හරි පණිවිඩයක් යවනවා කියල දෙව්මි පොරොන්දු වුනාට පස්සේ'
'ඉතින් ඔයාට මට කෝල් කරන්න තිබුනනේ'
'එදා වුනු දේ හින්ද මට එහෙම කරන්න හිතුනෙ නෑ.'
'හරි දැන් ඒක ඉවරයිනෙ.ඒත් මීට පස්සෙ කිසිම හේතුවක් හින්ද අපිට මොනව වුනත් ඒවයි ඉගෙන ගන්න ඒවට බාධා වෙන්න බෑ.තේරුනාද පිස්සු කෙල්ලට.'
'තේරුණා ටිකක් විතර.'
'මේ ටික දවසට මෙයා හොඳටම පැහිලනේ'
'එහෙම වෙන්න ඇති මම හොඳටම ඇඬුවනේ.'
'හ්ම්ම්ම්..ආයෙ එහෙම වෙන්න නෑනෙ.මම ඔයාට ආදරය කරන්නෙ ඔයාව අඬවන්න නෙමෙයිනෙ සඳිති.'
'ඒක මම දන්නව.ඒත් ඔයා ඇඬුවෙ නැද්ද.'
'ම්හු.අඬන්න බැරි කමට ඉවසන් හිටිය.සෙන්ටට නම් මගෙ කියවිල්ල වදයක් වෙන්න ඇති.'
'මට බණ කිව්වට ඔයත් එහෙනම් එහෙම තමයි ඉදල තියෙන්නේ'
'නෑ සඳිති.මගෙ හිත කිව්ව ඔයා ආයෙ එනවමයි කියල.ඉතින් මම හිත හදා ගෙන හැමදේම කරා.මටම මං ගැන පුදුමයි.ඔයා මාව ගොඩාක් වෙනස් කරල සඳිති.ඇත්තමයි.කවදාවත් ඒ වෙනස නැති කරන්න එපා'
'කවදාවත් එහෙම වෙන්නෙ නෑ සුදු අයියේ.සත්තමයි.'
සවින්දකට වෙන හැමදාටම වඩා වැඩියෙන් සඳිති ගැන ආදරය හිතුනා.සඳිති තමන්ගෙ ජීවිතයෙන් අයින් කරන්න බැරි තරම්ම බැඳිල කියල සවින්දකට තෙරුම ගියා.
කාලය ගෙවිල ගිහින් විභාගෙට ඇඩ්මිශන් අත්සන් කරන දවසටත් ලං වුනා.කාලෙකට පස්සෙ ස්කෝලෙ ගිහින් පොඩ්ඩක් ඇවිදින කොට නංගිගෙ පන්තියෙ මල්ලිල ටිකත් හම්බ වුනා.
'කොහොමද අපේ නංගි උඹල එයාව හොදට බලා ගන්නවනෙ.'
'හරි හරි අයියා.ඔයා ඒවට බය වෙන්න එපා.මේ ඒක නෙමෙයි ඇප්ලිකේශන් නම් ගොඩක් තියෙනවා ඔයාට මස්සිනා පෝස්ට් එකට.'
'හරි හරි මුලින් එයාට දාල බලපල්ලකො.ඊට පස්සෙ මම සලකා බලන්නම්.'
සවින්දක විහිළුවකින්ම එතනින් මාරු වුනා.
විභාගෙට ලෑස්ති වෙන අතරෙම හැම සෙසුරාද ඉරිද දවස් වලම සවින්දකට මැච් තිබුනා.ගොඩක් දවස් වලට සඳිතිව හම්බ වෙන්න වුනෙත් නෑ.සඳිති පුළුවන් හැම වෙලාවටම සවින්දකට කෝල කරා.
23න් පහල ක්‍රිකට් තරඟාවලියෙ පෙන්නවපු දස්කම් නිසාවෙන් සවින්දකට කොළඹ ක්‍රිඩා සමාජයකට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුනෙ ඔය අතරෙ.ආරංචිය ලැබුණු ගමන් සවින්දක ඒකට අකමැති වුනත් ක්ලබ් එකේ අනිත් අයගෙ කීමත් එක්ක සවින්දක ඒකට කැමති වුනා.
ඒ ගමන් සවින්දකට කම්පැණි එකක ජොබ් එකකුත් සෙට් වෙනවා.ඒ හින්ද විභාගෙ ඉවර වෙලා කොළඹ යන්න සවින්දක කැමති වුනා.
තව මාස දෙක තුනක් තියෙනවනේ....සවින්දක ඒ වැඩේට හිත හදා ගත්තා.
comment trd 
Last edited:
22
සවින්දක ගෙදර ඇවිත් අම්මත් එක්ක ඒ ගැන කිව්ව.
'අම්මෙ ඔන්න අම්මගෙ පුතා ලොකු මිනිහෙක් වෙන්නයි යන්නේ'
අම්ම නම් ඒකට දුන්නෙ වෙනස් උත්තරයක්.
'අනේ පුතේ ඊට වඩා නරකද විභාගෙ පාස් වෙලා කැම්පස් ගියා නම්.තාම රස්සාවක් කරන වයසක්යැයි.'
අම්මගෙ හිතේ තාමත් තියෙන්නෙ ඒ බලාපොරොත්තුව.
'අනේ මට කැම්පස් යන්න ඕනෙ නෑ අම්මේ.අනික මට විභාගෙන් එච්චර ලකුණු ගන්නත් බෑ.ඒක හින්ද මම විභාගෙන් පස්සෙ මේකට යන්නම්.'
'අනේ මන්ද.දැන් ඉතින් ඕකට ගියොත් කොළඹ නවතින්නත් වේවිනෙ'
'එහෙම තමයි ඉතින් ගෙදර ඉඳන් යන්න වෙන්නෙ නෑ තමයි.'
'උඹට පුලුවන්ද මයෙ පුතේ තනියෙන් ඉන්න ගිහිල්ලා'
'දැන් ඒවට පුරුදු වෙන්න ඕනෙනෙ අම්මේ.හැමදාම ගෙදර ඉන්න බෑනේ.'
'මෙයාට එහෙ ගියාම බත් බෙදල ලඟට ගෙනල්ල දෙන්න,රෙදි හෝදල දෙන්නත් කෙනෙක් හොයා ගන්න වේවි නේද අම්මේ'
නංගිත් අම්මගෙ කතාවට හවුල් වුනා.
'හා හා මේ ඔයා ඉන්නකො.කොහොමත් තමුසෙ මගෙ රෙදි හෝදන්නෙ නෑනෙ'
'හා අයියේ ඉන්නකො මීට පස්සෙ මම රෙදි හෝදල දෙන්න.ඔයා ඒකට කෙනෙක් එහෙන්ම හොයා ගන්න.'
නිතරම නැතත් නංගි සවින්දක්ගෙ රෙදි හෝදල දෙන බව සවින්දක දන්නවා.
'වෙන කවුරුත් මොකටද අනේ මට මගෙ නංගියා ඉන්නකම්.'
සවින්දක කිව්වෙ නංගිගෙ කොණ්ඩෙ පොඩ්ඩක් අදින ගමන්.
වෙසක් පෝය දවසෙ හවස් වෙලා සවින්දක පොඩිත් එක්ක පන්සල් ගියෙ සඳිතිත් එන බව දන්න හින්ද. එදා ඒ ගොල්ල සිල් ගන්නෙ නෑ කියල එයා කලින්ම සවින්දකට කියල තිබුනේ.
සවින්දකල යනකොට ඒ ගොල්ලො හිටියෙ පන්සලේ.වෙනද වගේ නංගියි,සඳිතියි,තරුයි තුන්දෙනා එක්ක එකට හිටියෙ.තුන්දෙනාම මල් වට්ටි අතේ තියාගෙන පූජා කරන්න යන්න හිටියේ.
'සුදු අයියේ ඔයත් එන්න මල් පූජ කරන්න'
සවින්දකව දැකපු ගමන් තරූ කතා කරා.
'ඔව් ඔහොම හරි පිනක් කර ගන්න එක හොදයි.'
නංගිගෙ කටට පන්සලේ කියල වෙනසක් තිබුනෙ නෑ.සඳිති හොරෙන් ඔළුව උස්සල බැලුව මිසක් මොකුත් කිව්වෙ නෑ.
සවින්දක එයාල එක්ක මල් පූජ කරන්න ගියා.පොඩී වෙන පැත්තකට ගියා.
මල් වට්ටි හදන ගමන් නංගී තරුත් එක්ක ආපහු ගියෙ මල් වට්ටි මදි වුනු හින්දා.ඒ අතරෙ සවින්දක සඳිතිත් එක්ක තනිවුනා.වෙසක් සඳ එළිය යට එක් මොහොතක ඒ දෙන්නට තනි වෙන්න ඉඩ ලැබුණා.
සඳිතිගෙ බය වෙලා තිබුණු මූණ සවින්දකට හඳ එළියට හොදට පෙනුනා.
'ඇයි මේ බයවෙලා.'
'මම නෑ.'
'එහෙනම් මම වෙන්න ඇති බය වෙලා ඉන්නේ.ඇයි ඔච්චරටම බය'
'මං බය නෑ අනේ.'
'හඳ එළියට ඔයා හරි ලස්සනයි.මට ඉරිසියත් හිතෙනවා.'
'විකාර.'
මල් හදන ගමන් බිම බලාගෙන සඳිති කතා කරාට.ඒ වචන පිටවුනේ ඇහෙන නෑහෙන ගාණට. එතනින් එහාට ඒ දෙන්නට කතා කරන්න වුනේ නෑ නංගිලා ආවා.
ආපහු ගෙදර යන ගමන් පොඩී අහපු දේට එකපාරට සවින්දකට බයත් හිතුනා.
'සුදු අයියේ මොනවද බන් අරය උඹත් එක්ක කතා කරේ.'
'කවුද බන්'
සවින්දක නොතේරෙන විදිහට ඇහුවා.
'මම දැක්කා උඹල දෙන්න තනියම කතා කර කර ඉන්නවා.'
'උඹ හැංගිලා ඒකත් බලන් හිටියද.මොනව කතා කරන්නද බන් එයා අහන දේකට උත්තර දෙන්නෙත් නෑ.නැත්නම් මට උබ ගැන හරි එයාට කියන්න තිබුනා.'
පොඩී ගැන දුක හිතුනට වෙන කියන්න දෙයක් නැති හින්ද සවින්දක එහෙම කිව්වා.
'වැඩක් නෑ බන්.මං දැන් එයා ගැන හිතන එක නවත්තල තියෙන්නේ.'
'ඒක නම් හොදයි'
සවින්දක හිතන්නත් කලින් ඒ වචන ටික එලියට පැන්නා.
'ඒත් ඒක හරි අමාරුයි සුදු අයියේ'
'එහෙම තමයි බන්. ඒත් එයා කැමති නැත්නම් උඹ කොහොම හරි ඒක කරන්න ඕනෙ නේ.'
'හ්ම්ම්...මේකි නම් ජීවිතේට කොල්ලෙක් එක්ක යාළු වෙන එකක් නෑ බන්.'
'එහෙම කියන්න බෑ බන්. ආදරේ හරි පුදුමයි කියනවනේ.එයාට හිමි කෙනා හම්බ වුනාම ඒව වෙනස් වෙයි.'
'යකෝ උඹ දන්න දේවල්.සුදු අයියේ ඇත්තටම උබ වෙනස් වෙලා බන්.මට කියනවකෝ හේතුව හංගන්නෙ නැතුව.'
'වෙන හේතුවක් නෑ බන්.ටික ටික ලොකු වෙනකොට පොඩි කාලෙ වගේ බෑනෙ.අපි වෙනස් වෙන්න ඕනෙ නෙ බන් ඒකයි.'
comment trd 
23
සවින්දකට කොළඹ යන්න දවස් ලං වුනේ හරිම ඉක්මණට.සඳිති නම් හිටියෙ ඒ ගැන දුකෙන්
'ඔයා ගියාම මට තමයි පාළු'
'අයියෝ.මම යන්නෙ පිට රට නෙමෙයි කොළඹ.මට සෙසුරාද ඉරිද නිවාඩු.මැච් නැති හැම දවසකම මේ වගේම මම ඔයාව බලන්න එනව.ඉතින් මම එහෙ ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑනෙ'
'ඒ වුනාට'
'ඇයි ඉතින්'
'කොළඹ ගියාම ගොඩක් අය වෙනස් වෙනවලු'
'කවුද එහෙම කියන්නේ'
'යාළුවෝ'
'යාළුවන්ට මොනව කියන්න බැරිද.ඔයාට හිතෙනවද මමත් එහෙම වෙනස් වෙයි කියලා'
'නෑ නෑ'
'එහෙනම් මොකටද බය වෙන්නෙ.ඔයාගෙ සුදු අයියා කොළඹ නෙමෙයි කොහේ ගියත් වෙනස් වෙන්නෙ නෑ චුට්ටක්වත්.මට එහෙම වෙනස් වෙන්න බෑ.ඒක ඔයා දන්නවනේ.ඔයාගෙ යාළුවො තමයි ඔයාගෙ ඔළුවට විකාර දාන්නෙ.
මේ ඔයාට දෙව්මිත් එහෙම කියනවද.'
'නෑ එයානම් එහෙම කියන්නෙ නෑ.එයා කියන්නෙ මට බය නැතුව ඉන්න කියලා'
'ඒකනේ දෙව්මි තමයි ඔයාට ඉන්න හොඳම යාළුවා'
කාලය හරිම ඉක්මණට ගෙවිල ගියා.විභාගයට සවින්දක පුලුවන් තරම් හොඳින් මුහුණ දුන්නා.විභාගය හොදට කරා කියල දැනුනූ හින්දා සවින්දකටත් හරිම සතුටුයි.
විභාගය ඉවර වෙල සවින්දකට ගෙදර ඉන්න පුළුවන් වුනේ සතියක් විතර.කොළඹ යන්න දවස ඉක්මණින් උදා වුනා.
ජීවිතේ පලවෙනි පාරටම යන රස්සාව.සවින්දකට නුහුරු නුපුරුදු හැඟීම් ගොඩක් දැනුනා.අලුත්ම අත්දැකීම් ගොඩක්. රස්සාවට ගිය පලවෙනි දවසෙම එතන හොඳයි කියල සවින්දකට දැනුනා.
සවින්දකට අමාරු වුනේ බෝඩිමේ ජීවිතයට හුරු වෙන්න. අම්මගෙ බත් පිඟාන නැති නංගිගෙ කටහඬ නැති බෝඩිමේ ගෙවපු පලවෙනි දවසෙ සවින්දක ඇස් දෙක කඳුලු වලින් පිරවුනා.
කොච්චර හිත හදා ගන්න හැදුවත් ඒක එච්චර ලෙසි වුනේ නෑ.මුලු ලෝකෙම නැතිවුනා වගේ.මේ ඔක්කොම දාල ආයෙ ගෙදර යන්න හිතුනු වාර අනන්තයි.
අලුත් ක්ලබ් එකේ ප්‍රැක්ටිස් වලට ගිය පලවෙනි දවසත් අමුතුම අත්දැකීමක්.එතන හිටිය ගොඩ දෙනෙක්ම කොළඹ ස්කෝල වල අය.කතා කරන විදිහ හැසිරීම හැම දෙයක්ම අමුතුයි.
ඒත් හැම කෙනෙක්ම සවින්දකව ආදරයෙන් පිලිගත්තා.සවින්දකගෙ හැකියාවන් අගය කරා.
සවින්දක ඉක්මණින්ම හැම දෙයකටම හුරු වුනා.
ගෙදර යන්නෙ කවදද කියල බලාගෙන හිටියට සවින්දකට ආයෙ ගෙදර යන්න මාසයක්ම බලන් ඉන්න වුනා.ඒ දවස් ටිකේම හැම සති අන්තයකම ක්‍රිකට් තරඟ තිබුණු හින්දා සවින්දකට කොළඹට වෙලාම ඉන්න වුනා.
ඔය මාසෙම පුරාවටම සඳිතිගෙ කටහඬවත් අහන්නෙ නැතුව ඉන්න වුනු එක දරාගන්න සවින්දකට දරා ගන්න ගොඩක් අමාරු වුනා.
ගොඩක් දවස් වලට සඳිති සවින්දකගෙ ෆෝන් එකට කෝල් කරල තිබුනා.ඒත් ඒ හැම වෙලාවකම සවින්දක හිටියෙ ග්‍රවුන්ඩ් එකේ.සදිතිගෙ කෝල් කරල කියල සවින්දක දකින්නෙ ගොඩක් හවස් වුනාම. එත්කොට එයාට ආයි ගන්න විදිහක් නෑ.ඕන දෙයක් වුනාවෙ කියලා සඳිතිට කතා කරන්න සවින්දකට හිතුනත් ඒ සිතිවිල්ල අමාරුවෙන් නවත්තගන්න සවින්දකට පුලුවන් වුනා.
සවින්දකට කරේ එන්න වෙන්නෙ නෑ කියල සෙන්ට අතේ සඳිතිට පණිවිඩයක් යවන එක විතරයි.
සති ගාණකට පස්සෙ සවින්දකට ගෙදර යන්න දවසක් හම්බ වුනා.සවින්දකට දැණුනෙ පුදුම සතුටක්.ගෙදර නොහිටියෙ පුන්චි කාලයක් වුනත් ගෙදර ගියාට පස්සෙ දැනෙන්නෙ අවුරුදු ගානකට පස්සෙ ගෙදර ආව වගෙයි.
අම්මගෙ සැලකිල්ල වගේම නංගිගෙ සැලකිල්ලත් ගොඩක් වැඩියි.
සවින්දක ගෙදර ගියෙ සිකුරාද හවස.සෙනසුරාද හවස ආයෙම සවින්දකයි සඳිතියි හම්බ වෙන දවසක් උදා වුනා.
සඳිති නම් හිටියෙ ගොඩක්ම දුකෙන් වගෙයි.
'තරහද'
'නෑ'
'දුකද '
'ඔව්.මං හිටියෙ ගොඩක් දුකෙන් සුදු අයියේ.'
'මටත්.ගොඩක්. ඔයා කෝල් කරන හැම වෙලාවකම මම හිටියෙ ග්‍රවුන්ඩ් එකේ.ඊට පස්සෙ මට ඔයාට ගන්න විදිහක් නෑනෙ.'
'මං හිතුවා.අපිට වහින දවස් වලට මම හිතුවා එහෙටහ් වහිනව ඇති කියලා.'
'අපිට එක දවස්ක්වත් වැස්සෙ නෑ නෙ.හරි හරි දැන් ඉතින් මම ආවනේ.'
'ඒ වුනාට ආයෙ ඔයා කවදද එන්නෙ'
'හ්ම්ම්ම්ම්....තව ටික දවසකින්.මෙහෙම වෙන්නෙ මැච් තියෙන කාලෙට විතරනෙ.අනිත් එක දැන් ඔයාට විභාගෙත් ලඟයි.අපි වැඩියම හම්බ වෙන්න නැති එක හොදයි.ඔයා හැම දෙයක්ම අමතක කරල විභාගයට ලෑස්ති වෙන්නකෝ.'
comment trd 
Last edited:
24
සවින්දක ගෙදර ගියාම ආයෙ වැඩට එන්නෙ සඳුද උදේට. උදේට බස් වල එන එක තමයි අමාරු.ඉරිද හවසම ආපහු යන එක ලෙසි වුනත්.පැය ගාණක් හරි ගෙදර ඉන්න තියෙන ආසාවට සවින්දක යන්නෙ සඳුද උදේ.
ඔෆිස් එකේදි සවින්දකගෙ හොඳම යාළුව වුනේ කෞෂි අක්ක. එයා සවින්දකට වැඩිය අවුරුදු දෙකයි වැඩිමල් වුනේ. එයත් කොළඹට ටිකක් දුරින් කෙනෙක් කොළඹ නැවතිල හිටියෙ. වැඩ කරද්දිත් එයා සවින්දකට ගොඩක් උදවු කරා. ටික දවසක් යන කොට ඒ දෙන්න ගොඩක් යාලු වුනා.දෙන්නගෙ පෞද්ගලික දේවල් පවා ඒ දෙන්න කතා කරා.සවින්දකත් හැම දෙයක්ම කෞෂි අක්කත් එක්ක කිව්ව.
සවින්දකගෙ විභාගෙ ප්‍රතිඵල ආවම සවින්දක හිතපු තරමටම විභාගෙ පාස් වෙල තිබුණ. සවින්දකට තමන් ගැනම ලොකු ආඩම්බරයක් දැනුණ. සඳිති ස්කෝලෙන් රිසල්ට් බලල ගෙදර ගිය ගමන්ම සවින්දකට කතා කරල සුභ පැතුව.
ඊට පස්සෙ ලං වුනේ දෙසැම්බර් වලට.සවින්දකට සඳිති හම්බ වෙන්න ඒ කාලය පුරාවටම වැඩිය ඉඩක් හම්බ වුනේ නෑ.මේ දවස් වල එයාව හම්බ වෙන්නෙ නැති එකත් හොදයි කියලයි සවින්දකට හිතුනෙ.
විභාගෙ ඉවර වුනාම සඳිති කිව්වෙ හොඳට විභාගෙ කරා කියල. ඒ නිවාඩුවෙන් පස්සෙ ඒ දෙන්නට ආයෙ හම්බ වෙන්න ගොඩ දවසක් ඉන්න වුනා.විභාගෙ ඉවර හින්ද සඳිතිට පන්ති නෑ.සවින්දකට ඒ දවස්වල හැම සෙනසුරාදම නිදහස් වුනත් සඳිතිව හම්බ වෙන්න විදිහක් නැති වුනා.
ඒත් ගෙදර ඉන්නෙ ආච්චි විතරක් හින්දා සඳිති දවසට දෙතුන් වතාවක්ම සවින්දකට කතා කරා.
සමහර වෙලාවට සවින්දක අහනවා ආච්චිට සැක හිතෙන්නෙ නැද්ද කියලත්, ඒ වෙලාවට සඳිති කියන්නෙ ආච්චිට ඕව තේරෙන්නෙ නෑ කියල.
ක්ලබ් එකේ යාලුවො ටිකත් දැන් සවින්දකත් එක්ක ගොඩක් යාලුයි.කට්ටිය සෙට් වෙන දවස් වලට ගොඩක් වෙලාවට ඒක නතර වෙන්නෙ නයිට් ක්ලබ් වලින්.සවින්දකත් යාලුවන්ට බෑ කියන්න බැරි කමට ඒ ගමන යනවා. මුලින් මුලින් නම් ඒ ගමන හරිම නීරස එකක්. එතන තියෙන ලෝකයට සවින්දක කැමතිම නෑ.ටික දවසක් එහෙම යන කොට සවින්දකට තේරුනා එතන ගිහින් තමන්ගෙ පාඩුවෙ ඉන්න විදිහ.සවින්දක ගොඩක් වෙලාවට කරේ පැත්තකට වෙල තනියෙන් ඩාන්ස් කරපු එක.
'මූව නම් එක්ක ගියාට මෙලෝ රහක් නෑ..'
යාලුවො සවින්දකට එහෙම කියල විහිලු කරා.
ජනවාරි මාසෙ අන්තිමට සඳිතිට A/L ක්ලාස් පටන් ගත්තා.එයා තෝර ගත්තෙත් සයන්ස් කරන්න.ඒ හින්දා එයාටත් ක්ලාස් තිබුණෙ එහා ටවුන් එකේ.ඒත් ක්ලාස් තියෙන්න සතියෙ දවස් වලට හින්ද දෙන්නට හම්බ වුණු ලැබුනෙ කලාතුරකින්. සදිතිට පන්ති තිබුනෙ උදේ.එහෙම හම්බ වුනූ ගොඩක් දවස් වල සවින්දකට වරුවෙන් නිවාඩු අරගෙන එන්න වුනා.
හැමදාම එහෙම එන්න බැරි හින්දා ඒ දෙන්නට හම්බ වෙන්න වුනේ මාසයකට දවසක් විතර.
'ඔයා නිවාඩු ගන්න එපා සුදු අයියේ.අපි හම්බ වුනේ නැති වුනාට හැමදාම ෆෝන් එකෙන් කතා කරනවනේ'
සඳිති එහෙම කිව්වට ඒ කියන්නෙ සතුටකින් නෙමෙයි කියල සවින්දකට තේරුණා.
'අප්‍රේල් වලින් පස්සෙ ඔයාට ක්ලාස් තියෙන්නෙ සෙනසුරාදටනෙ.එතකොට නම් අපිට හැම සතියෙම හම්බ වෙන්න පුලුවන්.'
සවින්දක එහෙම කිව්වෙ සඳිතිගෙ හිත හදන්නත් එක්ක.
'ඒත් ඊට පස්සෙ ඔයාට මැච් නේ'
සවින්දකගෙ හිතේ තිබුණු දේම සඳිති එලියට දැම්මා.
'හ්ම්ම්ම්ම්ම්.ඔයා අහල නැද්ද සඳිති ආදරයට කොහෙදෝ බාධා නැත්තේ කියල කතාවක්. අපි හම්බ නොවුන කියල අපි දෙන්නම වෙනස් වෙන්නෙ නෑනේ.අනික මෙහෙම වෙන්න තව අවුරුදු දෙකයිනෙ.ඔයා කොළඹ කැම්පස් සිලෙක්ට් වුනාම අපිට හැමදාම හම්බ වෙන්න පුලුවන්.'
'අම්මෝ මෙයා හිතල තියෙන දුර.....'
'එහෙම තමයි දැන් මම ගොඩක් දුර හිතනවා.හැම දේකම...ඒ ඔයා හින්ද පැටියෝ..'
සඳිතිගෙ මූණෙ අහිංසක හිනාවක් ඇඳෙනවා සවින්දක බලාගෙන හිටියා.
අවුරුද්දට කලින්ම සඳිතිගෙ විභාග ප්‍රතිඵල ආවා.ඒත් සවින්දක හිතපු තරම්ම සඳිතිගෙ ප්‍රතිඵල හොඳ වුනේ නෑ.
සඳිති නම් කිව්වෙ ඔය හොඳටම ඇති කියලා.
'අපේ අම්මටයි ස්කෝලෙ ටීචර්ලටයි නම් ටිකක් මදිවගේ.ඒත් මට නම් හොදටම ඇති සුදු අයියේ.ඔයත් කියන්නෙ මේ මදියි කියලද'
'මම එහෙම කිව්වෙ නෑනෙ.ඔයා ඉතින් හොඳට විභාගෙ පාස් වෙලනෙ'
සවින්දක එහෙම කියල සඳිතිගෙ හිත හැදුවා.
අලුත් අවුරුද්දට සවින්දක ගෙදර හැමෝටම තෑගි ගත්තා.ජොබ් එකට ගියාට පස්සෙ ආපු පලවෙනිම අලුත් අවුරුද්ද.වෙනදට වැඩිය ගොඩක් සතුටක් සවින්දකගෙ හිතේ තිබුනා.සඳිතිටත් මොනව හරි ගන්නම කියල හිත් කිව්වට එයාට ගෙදරට හොරෙන් තියා ගන්න පුලුවන් වෙන දෙයක් හිතා ගන්න සවින්දකට බැරි වුනා.
සවින්දගෙ තෑගි දැකල ගෙදර හැමෝටම තිබුණු ලොකු සතුටක්.
අවුරුදු උත්සවය දවස සවින්දකට දැනෙන්නෙ විශේෂ දවසක් විදිහට.තමන්ගෙ ජීවිතේ වෙනස් කරපු දවස විදිහට.
අවුරුදු උත්සවයටත් පොඩි උදව්වක් කරල එදා මැච් එකත් ගහල සඳිතිත් එක්ක හොරෙන් හිනා වෙවී සවින්දක ඒ විශේෂ දවස ගෙවල දැම්මා.
අවුරුදු නිවාඩුව ඉවර වෙන්න කලින් ස්කෝලෙ යාලුවො ටික සෙට් වෙන්න පුලුවන් වුනු එක හැමෝටම ලොකු සතුටක් වුනා.
දෙතුන් දෙනෙක් ජොබ් වලට ගිහින් තිබුනට ගොඩක් උන් හිටියෙ තාමත් නිකං.කාලයකට පස්සෙ හීනියට සෙට් වෙන ගමන් කට්ටිය කතාව පටන් ගත්තා.එදත් එරාගෙ මතෘකාව වුනේ සවින්දක.
'කියපං දැන් කොහොමද උඹගෙ ලව.'
'අවුලක් නෑ බන් ශේප් එකේ යනව'
'ඒ කියන්නෙ තාමත් හම්බ වෙනව කතා කරනව වෙන් වෙලා යනව කියන එකද'
'නැත්නම් තව මොනව කරන්නද බන්'
'අෆෝ බන්. මූ මොකෙක්ද.මම හිතුව මෙලහට....යකෝ උඹ දැකල තියෙනව නෙ ෆිල්ම් හෝල් වල කෙලවරේම හදල තියෙනව බොක්ස් කියල ජාතියක් ඒ තියෙන්නෙ ලව් කරන උන්ට යන්න තමයි.දැන් ඔය හැමතැනම පොඩි පොඩි ගෙස්ට් හදල තියෙන්නෙ ඒවත් උන්ට තමයි'
'ආ ආ ඇති ඇති එයා තාම පොඩියි බන්'
'ඔහොමනම් ලං කොරන්න බෑ මහත්තයෝ.උඹව ඒකි දාල යනකම්ම උඹ පොඩියි කියයකිය ඉඳියි.'
'හරි හරි උඹල ඉදපල්ලකෝ.මම ගානට කරගන්නම්...'
comment trd 
Last edited:
25
සඳිතිට අවුරුද්දට ෆෝන් එකක් තෑගි හම්බ වෙලා විතරක් නෙමෙයි ඒක පාවිච්චි කරන්නත් ගෙදරින් අවසර හම්බ වුණූ හින්දා ඒක දෙන්නටම ලොකු සතුටක් වුනා.
අවුරුද්දෙන් පස්සෙ දෙන්නට හැමදාම හැමතිස්සෙම කතා කරන්න,මැසේජස් යවන්න පුලුවන් වුනා.
උදේ පාන්දරම සවින්දකව ඇහැරවන්න සඳිති.
'ගුඩ් මෝනින්ග් මගෙ පැටියෝ..'
'ඔයා එන්න එන්න ලොකු වෙනවද පොඩි වෙනද'
සවින්දක සමහර වෙලාවට එහෙම අහන්නෙ සඳිති වෙනදට වඩා හුරතලෙන් කතා කරන හින්දා.
'මම ඔයා ලඟ හැමදාම පොඩියිනෙ සුදු අයියේ....'
එයා මගෙ ලඟදි හැමදාම පොඩියි තමයි සවින්දකටත් එහෙම හිතෙනෙවා.
මැයි මාසෙන් පස්සෙ සඳිතිට ස්කෝලෙ පටන් ගත්තා.
'ඉස්සර බටු ඇටේ වගේ හිටිය පුන්චි කෙල්ල දැන් ලොකු ළමයෙක් නේ..'
'ඔව්නෙ අයියේ අපි දැන් ඒ ලෙවල් '
'ඔහොම තමයි නංගී කොහොමත් ඒ ලෙවල් පන්ති වලට ගියාම අමුතු ඌෂ්නයක් දැනෙනවා.දැන් ඔයාටත් ඔය දැනිල තියෙන්නෙ ඒක.'
'අපෝ අපිට නම් එහෙම නෑ.ඔයාලට තමයි එහෙම වුනේ.'
'මට එහෙම වුනා කියල ඔයා කොහොමද දන්නේ.ඒ කාලේ ඔයා මාව දන්නෙත් නෑ'
'මොකෝ මන් දන්නෙ නැත්තේ.ඔයා මාව දන්නෙ නැති වුනාට මම ඔයාව දන්නවනේ.මට මතකයි ඒ කාලේ ඔයා ඇවිද්දෙ අඩියක් විතර උඩින්.'
'ඒ කියන්නෙ ඒ කාලෙත් ඔයා කරල තියෙන්නෙ මං දිහා බලං හිටපු එකනෙ.'
' වැඩේමයි. මට වැඩ තිබුනෙ නැද්ද මන්ද ඒ කාලෙ ඔයා දිහා බලනව ඇරෙන්න.'
'ඒ කාලෙ ඔයාට මං ගැන මොනවද හිතුනෙ.ඇත්තම කියන්න.'
අනේ මන්ද සුදු අයියෙ.අනිත් අයට වඩා මට ඔයාගෙ විශේෂයක් පොඩි කාලෙ ඉදන්ම පෙනුනා.'
'අපි සංසාරෙ පුරාවටම එකට ආපු හින්ද වෙන්න ඇති නේ..'
'හ්ම්ම්ම්ම්.....'
ස්කෝලෙ පටන් ගත්තට පස්සෙ සඳිතිගෙ පන්ති සෙනසුරාදට වෙනස් වුනාට ඒ වෙද්දි සවින්දකට ක්‍රිකට් මැච් පටන් අරගෙන.ඒ හින්ද ඒ දෙන්නට කරන්න වුනේ ෆෝන් එකෙන් කතා කරන එකයි මැසේජස් යනව එකයි විතරයි.සවින්දක පුලුවන් හැම වෙලාවටම සඳිතිගෙ ෆෝන් එකට රී ලෝර්ඩ් දැම්මා.
සවින්දකට පුලුවන් වුනු හැම සෙනසුරාද හවසකම සඳිතිට පන්ති ඉවර වෙන වෙලාවට එතනට ආව.
ටික දවසකට පස්සෙ සඳිතිට පන්ති නිවාඩු දවසක් හම්බ වුනා.එදා සවින්දකත් නිකම්.
දවස පුරාම නිදහසේ ආදරය කරන්න දවසක් ඒ දෙන්නට හම්බ වුනා.
සවින්දක උදෙන්ම කොළඹින් ආවෙ සඳිති වෙනද වෙලාවටම ගෙදරින් එන හින්දා.ආපහු යන්න හවස් වෙනකම් ඉන්නත් ඕනෙ.
'දවසෙම ඉන්න ඕනෙනේ.අපි මොකද කරන්නේ..'
'මං දන්නෑ..'
හ්ම්ම්ම්ම්ම් අපි ෆිල්ම් එකක් බලමුද'
සවින්දක එහෙම ඇහුවෙ ටිකක් බයෙන්.සඳිති අකමැති වේවි කියලා.ඒත් එයා ඒකට ලොකු අකමැත්තක් පෙන්නුවෙ නෑ.
ඒ දෙන්න පලවෙනි පාරට එකට චිත්‍රපටියක් බලන්න ගියා.
ටිකට් පෝලිමේ ඉන්න කාලය පුරාම සවින්දක හිටියෙ ගොඩක් බයෙන්.ක්ලාස් කට් කරල ෆිල්ම් බලන්න ගිය මුල්ම කාලෙට වඩා ලොකු බයක් සවින්දකගෙ හිතේ තිබුනා.
සඳිතිත් එක්ක ෆිල්ම් එක බලන්න යන්නෙ කොහෙටද කියල සවින්දක තීරණය කරේ ටිකට් කවුන්ටර් එකට ඔන්න මෙන්න තියෙද්දි.ඇතුලට ගියාම කාටවත් පේන්නෙ නැති හින්ද සවින්දක බොක්ස් සීට් ටිකට් දෙකක් ගත්තා.
ඇතුලට ගිහින් වාඩි වෙනකම්ම සඳිති හිටියෙ සවින්දකගෙ අත තදින් මිරික ගෙන.
'ඔයා බයයිද'
'නෑ ඔයා ඉන්නවනෙ ඉතින් මට බය නෑ..'
'ඒ වුනාට ඔයා බය වෙල වගේ'
'පොඩි කාලෙ ස්කෝලෙන් ෆිල්ම් එකක් බලන්න ආවට පස්සෙ අද තමයි මම ෆිල්ම් හෝල් එකකට ආවෙ.ඔයා ඇවිත් තියෙනවද..'
'අපෝ කොච්චර ඇවිත් තියෙනවද'
'කා එක්කද'
'ඉස්සර ක්ලාස් කට් කරාම අපි වැඩිපුරම කරන්නෙ ෆිල්ම් බල එක තමයි.'
සඳිතිත් එක්ක ලඟටම වෙලා අඩ අඳුරෙ ෆිල්ම් එක බලද්දි සවින්දක හොරෙන් සඳිතිගෙ මූණ දිහා බලනවා.අඩ අඳුරට ඒ මූණ ගොඩක් ලස්සන වෙලා.තව ටිකක් ලං වෙලා එයාගෙ සුදු මූණ සිප ගන්නම කියල සවින්දකගෙ හිත කොච්චර බල කරත් සවින්දක ඒ ආශාව අමාරුවෙන් මැඩ ගත්තා.
වෙනද වගේම කාලය ගෙවිල ගියා.මාසයක් දෙකක් තුනක්. ඔය කාලය පුරාවටම ඒ දෙන්න හම්බ වුනේ දවස් දෙක තුනයි.ෆෝන් එකෙන් හැම තිස්සෙම කතා කරත්.........සවින්දකට සඳිතිගෙ ලොකු වෙනසක් පෙනුණා.එන්න එන්නම ඒ වෙනස වැඩි වුනා.
වෙනද වගේ නෙමෙයි සඳිතිට ඉක්මණට තරහ ගියා.එයා කෝල් කරන වෙලාවට සවින්දකගෙ ෆෝන් එක බිසී වුනොත් එයාට ගොඩක් තරහ ගියා.එහෙම වුන සමහර වෙලාවට එයා ෆෝන් එක ඕෆ් කරන් ගොඩක් වෙල හිටියා.මේ වෙනසට හේතුවක් හොයා ගන්න බැරි වුනත් සවින්දකට ඒක ගොඩක් දැනුනා.....
comment trd 
Last edited:
26
කාලයේ වේගයටත් වඩා වේගයෙන් සඳිති වෙනස් වුනා.හිතා ගන්න බැරි විදිහට.සවින්දකට දරා ගන්න බැරි විදිහට.සඳිති සවින්දකට කතා කරන වාර ගනන,මැසේජස් එවන වාර ගණන එන්න එන්නම අඩු වුනා.ඇහුවම එයා කියන්නෙ ස්කෝලෙ වැඩ හින්දයි එහෙම වෙන්නෙ කියලා.එහෙමයි කියල සවින්දක හිත හදා ගන්න උත්සාහ කලත් ඒකට වැඩිය ලොකු වෙනසක් එයාගෙ තියෙනව කියල සවින්දකට තේරුණා.
'සුදු අයියේ හෙට ඔයා එනවද'
'අනේ පැටියෝ හෙට මට මැච් එකක්නේ..'
'හ්ම්ම්ම් ඔයාට හැමදාම මැච්නෙ ඉතින් ඔයාට මට වඩා ක්‍රිකට් තමයි ලොකු.'
'අනේ ඇයි ඔයා එහෙම කියන්නෙ.ඔයා හොදටම දන්නවනෙ මට එන්න විදිහක් නැති බව'
'ඒකනෙ මං කියන්නෙ ඔයාට මට වඩා ක්‍රිකට් ලොකුයි කියලා'
'අනේ මන්ද සඳිති ඉස්සර වගේ නෙමෙයි ඔයා ගොඩක් වෙනස් වෙලා ගොඩක්ම.'
'හැමදාම පුන්චියට ඉන්න බෑනේ.ලොකු වෙනකොට ඉස්සරට වැඩිය දේවල් තේරෙනවා.ඉතින් මටත් එහෙම වෙන්න ඇති'
සවින්දකට මැච් තිබුණු හැම දවසකම සඳිති මේ කතාව පුරුද්දට වගේ කියන්න ගත්තා.
ටික දවසක් යනකොට සවින්දකට දැණුනා එයාගෙ ෆෝන් එක වෙනදට වැඩිය බිසී බව.ඒ ගැන ඇහුවම එයා කේන්තියෙන් උත්තර දුන්නෙ 'යාලුවෙකුටවත් කතා කරන්න බැරිද 'කියල.
පුන්චි දේටත් එයා සවින්දකත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා.
සවින්දකට සඳිතිත් එක්ක රණ්ඩු වෙන්න ඕනෙ වුනේ නෑ.ඒ හින්ද සවින්දක කිසිම දෙයක් හාර අවුස්සන්න ගියෙ නෑ.
සවින්දක දුක කියන්න හිටියෙ කෞෂි අක්ක විතරයි.එයා පුලුවන් විදිහට සවින්දකගෙ හිත හැදුව.
සවින්දකට ඕනෙ වුනේ සඳිතිගෙ වෙනසට හේතුව හොයා ගන්න.දෙව්මිට කතා කරොත් ඒ ගැන මොනව හරි දැන ගන්න පුලුවන් වෙයි කියල විශ්වාසය හින්ද නිවාඩු වෙලාවක සවින්දක දෙව්මිට කතා කරා.
'දෙව්මි නංගි.මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනෙ'
'කියන්න සවින්දක අයියේ'
'නංගි පුලුවන් නම් මට කියන්නකො ඇයි සඳිති එක පාරටම වෙනස් වුනේ කියල.'
අනේ මන්දන්නෑ අයියේ.එයා දැන් ඉස්සරට වැඩිය ගොඩක් වෙනස්.මං හිතුවෙ අපිට විතරයි කියල'
'ඒ කිව්වෙ'
'එයා දැන් ස්කෝලෙදිත් හරිම වෙනස්.දැන් මාත් එක්කත් වැඩිය නෑ.ස්කෝලෙ ඉන්නෙ අලුත් යාලුවො කට්ටියක් එක්ක.ස්කෝලෙ වැඩ වලටත් වෙනද වගේ උනන්දු නෑ.ඒත් ඇයි කියල නම් මං දන්නෑ.'
ඒ කතාව ඇහුවම සවින්දක පුදුම වුනා.දෙව්මි කියන්නෙ සඳිතිගෙ පුන්චි කාලෙ යාලුවා.එයත් එක්කත් තරහ වෙන්න තරම් සඳිතිට එක පාරට මොනව වුනාද...
ඔය අතරෙ දවසක සවින්දකට දන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා.
'හෙලෝ මිස්ට සවින්දක.'
'හෙලෝ කවුද'
'මං ඔයාගෙ යාලුවෙක්.පොඩි පණිවිඩයක් දෙන්න කතා කරේ.හැබැයි මේක අහල ඔයා කලබල වෙන්න එපා.මේව කියල එක අපේ යුතුකම හිනදයි මෙහෙම කියන්නේ.'
'මොකක්ද දැන් කියන්නේ'
'මේකයි ඔයා කොළඹට වෙලා ක්‍රිකට් ගගහ ඉන්න අතරේ ඔයාගෙ කුමාරිකාව මෙහේ වෙන එකෙක් එක්ක සවාරි යනවා.මේව කියන්නෙ අපේ යුතුකම් හින්දා නැත්නම් අපිටත් කටපියාගෙන ඉන්න පුලුවන්.'
'මේ තමුසෙ කවුද'
'මම කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නය මම කියන දේවල් වල තියෙන වැදගත්කමයි වටින්නේ'
'අනේ මචං උඹ උඹේ වැඩක් බලගෙන හිටපන් අපිට කරදර නොකර'
සවින්දක එහෙම කියල ෆෝන් එක කට් කරා.තමන්ගෙ මුලු ඇඟම වෙව්ලනවා වගේ සවින්දකට දැනුනා.මොනව කරන්නද හිතා ගන්න බැරුව සවින්දක ගල් වුනා.
සඳිති කවදාවත් එහෙම දෙයක් නොකරන බව සවින්දක හොදටම දන්නවා වුනත් එයාගෙ එකපාරට වෙනස් වුනු එක සවින්දකගෙ හිතේ තදින් හොල්මන් කරන්න ගත්තා.
එදා රෑ සවින්දකට නිදා ගන්න පුලුවන් වුනේ නෑ.අඩ නින්දත් එක්ක පේන නපුරු හීණ සවින්දකට නිදි රැයක් උදා කරා.
එදායින් පස්සෙ සැරින් සැරේට සවින්දකට ඒ වගේ කෝල්ස් ආවා.දන්නෙ නැති අංක වලට උත්තර නොදී ඉන්න කොට ඒව ගැන මැසේජස් එන්න ගත්තා.
සවින්දක මේ ගැන මුලින්ම කිව්වෙ සෙන්ටට.
'උබ ගනන් ගන්න එපා ඕව. එක එකා ඉරිසියාවට කියන කතා බං.අනික එහෙම දෙයක් වෙනවනම් මම නොදන්න විදිහක් නෑනෙ බං.උබ බය නැතුව හිටපන්.සඳිතිට ස්කෝලෙ කොල්ලො දෙතුන් දෙනෙක් ට්‍රයි කරනව කියල නම් මටත් නිවුස් එකක් ආව බන්.ශුවර් එකටම මේව කරනව ඇත්තෙ උන්.'
ඒව කවුරු හරි ඉරිසියාවට කරන වැඩ කියල හිත හදා ගන්න පුලුවන් වුනත් සඳිතිගෙ වෙනස් වීම ඒ සිතිවිලි වලට බාධා කරා.අනික සෙන්ට කියපු කතාව.සඳිති එහෙම දෙයක් සවින්දකත් එක්ක කියල නෑ.මේ හැම දෙයක්ම සවින්දකගෙ හිතට ගොඩක් වධ කරා.
මේ විදිහට යද්දි නොවැම්බර් මාසෙ අන්තිම සෙනසුරදා දවසක සවින්දකට නිදහස් දවසක් හම්බ වුනා.සඳිතිට එදා පන්තිත් නෑ කිව්ව හින්දා සවින්දක උදෙන්ම සඳිති හම්බ වෙන්න ගියේ මේ හැම දෙයක්ම එයත් එක්ක කතා කරල විසඳ ගන්න.
'අපි ගෝල්ෆේස් යමු'
සවින්දක එහෙම යෝජනා කරා දෙන්නට කතා කරන්න ගොඩක් දේවල් තිබුනු හින්දා.
ඒත් වෙනද වගේම ආදරයෙන් සඳිති හුරතල් වෙන කොට සවින්දකගෙ හිතේ තිබ්බ දේවල් ඔක්කොම හිරවුනා.
'මේ හැම දෙයකටම හේතුව අපි දෙන්නට හම්බ වෙන්න බැරි කම නේද'
'හ්ම්ම්ම්...'
සඳිති තුරුලු වෙලා ඈත මුහුද දිහා බලාගෙන මුමුනණවා.
'ඒත් මොනව කරන්නද සඳිති.අපි දෙන්නට ඒක ඉවසන්නම වෙනවා.'
'හ්ම්ම්ම්ම්ම්...'
මොකද මේ බකමූණි වගේ හැම එකටම හ්ම්ම්ම් කියන්නේ'
'හ්ම්ම්ම්ම්.මද මට කතා කරන්න ඕනෙ නෑ.මට ඕනෙ ඔයාගෙ ලඟට වෙලා ඉන්න.ඔයා කියන්න මං අහගෙන ඉන්නම්..'
සඳිතිට එදා පන්ති නෑ කිව්වට එයා එහෙම කියල තිබ්බෙ බොරුවට
'අනේ සඳිති මොන දේ වුනත් ඔය ක්ලාස් කට් කරන එකට නම් මම කැමති නෑ.'
'මට ඔයා වෙනුවෙන් ඕන දෙයක් කැප කරන්න පුලුවන් සුදු අයියේ.'
'මෝඩි ඒක මං දන්නව.ඒත් ඔක්කොමටම කලින් ඉගෙන ගෙන ඉන්න ඕනෙනේ'
'හරි හරි ඉතින් හැමදාම නෑනේ.ආයෙ ඔයාට මැච් නැති දවසක් එන්න කොච්චර කාලයක් යයිද'
සඳිති එහෙම කියන ගමන් සවින්දකගෙ මූණ දිහා බලාගෙන හිටියා.සවින්දක ආදරයෙන් සඳිතිගෙ මූණ මිරිකුවා.
එදා දවස ගෙවිල ගියෙ හරිම සතුටකින්.සඳිති වෙනස් වෙලා නෑ සවින්දකට එහෙම හිතුණා.ගොඩාක් දවසකට පස්සෙ සවින්දකගෙ හිතට ලොකු සතුටක් දැනුණා.
ඒත් ඒ සතුට ඒ විදිහට තිබුණෙ දවස් ගාණක් විතරයි...........
comment trd 
Last edited:
27
සඳිති ආයෙමත් වෙනස් වුනා.සවින්දක දවසෙ වැඩි පුරම කලේ කල්පනා කරන එක.ඔෆිස් එකේදිත් එහෙමයි.සවින්දකට හිතා ගන්න බැරිවුනේ සඳිතිගෙ අරුම පුදුම වෙනස් වීම. එදා ගෝල්ෆේස් එකේ හම්බ වුනාට පස්සෙ සවින්දකට දැණුනෙ සඳිති චුට්ටක් ව්අත් වෙනස් වෙලා නෑ කියල.ඒ හින්ද සවින්දකගෙ හිතේ තිබුණු කිසිම දෙයක් එදා කියා ගන්න බැරිවුනා.
ෆෝන් එකෙන් සඳිතිත් එක්ක කතා කරල රණ්ඩු වෙන්න සවින්දක කැමති නෑ.
සවින්දකගෙ හිතේ අමාරුව ගොඩක්ම දැණුනෙ කෞෂි අක්කට.
'මම එයත් එක්ක කතා කරල බලන්නද'
කෞෂි අක්ක එහෙම ඇහුවම සවින්දක මුලින් ඒකට අකමැති වුනත් පස්සෙ කැමති වුනා.
එදා රෑ සඳිති කතා කරේ හරිම කේන්තියකින්
'ඇයි සුදු අයියේ ඔයා මට මෙහෙම ලැජ්ජ කරන්නේ.ඔයාට ඕනෙ දෙයක් මගෙත් එක්ක කියන්න බැරිද එක එක්කෙනා දාලා කතා කරන්නෙ නැතුව'
'එහෙම කියන්නෙ ඇයි සඳිති.මම හැම තිස්සෙම අප්සට් එකේ ඉන්න හින්ද කෞෂි අක්ක කිව්ව ඔයත් එක්ක කතා කරල බලන්නම් කියල.එයා අපේ හැම දෙයක්ම දන්නව එයා මට මගේ අක්ක කෙනෙක් වගේ.ඉතින් ඒකෙ වැරැද්දක් නෑනේ.'
'ඔව් ඉතින් ඔයාට මට කියන්න බැරි දේවලුත් එයත් එක්ක කියන්න පුලුවන් ඇතිනේ.'
'ඇයි සඳිති ඔයා කතා කරන්නෙ.හේතුව මොකක් වුනත් ඔයා ගොඩක් වෙනස් වෙලා සඳිති ගොඩාක්ම.මට හිතා ගන්නත් බැරි තරමට.'
'මම වෙනස් වෙලා නෑ සුදු අයියේ.ඔයා තමයි කොළඹ ගිහින් වෙනස් වුනේ.මට දැන් ඒක තේරෙනවා'
'බොරුවට මට චෝදනා කරන්න එපා සඳිති.කවුද වෙනස් වුනේ කියන එක ඔයාගෙ හිත දන්නවා.ඔයත් එක්ක කතා කරල හැමදාම රණ්ඩු වෙන්න මට ඕනෙ නෑ.මම ඔයාට ආදරය කරේ ඔයාව අඬවන්න නෙමෙයි කියල ඔයා හොඳටම දන්නවා.කමක් නෑ ඔයාට කැමති තීරනයක් ගන්න.ඒත් ඒක මොකක්ද කියල මට කියන්න.මට මගෙ හිත හදා ගන්න ඕනෙ'
සවින්දක ඔහේ කියවගෙන ගියා.සඳිති අඬනව කියල සවින්දකට දැණුනා.සවින්දකගෙ ඇස් වලත් කඳුලු පිරිලා.තවත් කතා කරන්න බැරි කමට සවින්දක කතාව නැවැත්තුවා.
එදායින් පස්සෙ සඳිති කතා කලේ වත් මැසේජ් කලේවත් නෑ.සවින්දකට කොච්චර කතා කරන්න හිතුනත් අමාරුවෙන් ඉවසගෙන හිටියා.
ඒ සතියෙම සිකුරාදා හවස සෙන්ට කෝල් කරා.එදා සවින්දක ගෙදර යන්න හිටියේ.සෙන්ට කිව්වෙ ටවුන් එකට ඇවිත් කතා කරපන් කියල.
සවින්දකට ටවුන් එකේදි සෙන්ටව හම්බ වුනා.
'පොඩි ශොට් එකක් දාන්න යමන්'
සවින්දක පුදුම වුනා.සෙන්ට කවදාවත් මේ විදහට කතා කරල නෑ.
'අපි දෙන්න විතරක්.මොකෝ බන් එක පාරටම'
'ඔව් ඔව් අපි දෙන්න විතරයි.කවුරුහරිසෙට් වෙන්නෙ කලින් ඉක්මනට යමං මට උඹට කියන්න ලොකු දෙයක් තියෙනවා.'
දෙන්නත් එක්ක රෙස්ට් හවුස් එකට ගිහින් ඕල්ඩ් භාගයයි,කොකාකෝලා එකයි,ඩෙවල් එකයි ඕඩර් කරා.
'ඉතින් කියපන්කො බන් මොකක්ද උඹට කියන්න තියෙන්නේ.'
'පොඩ්ඩක් ඉඳපන්කො ශොට් එකක් දාන ගමන් කතා කරමු.'
පලවෙනි ශොට් එක චියර්ස් කරාට පස්සෙ සෙන්ට කතාව පටන් ගත්තා.
'මට දැන් කියපන් උඹේ ලව් එක යන්න මොන විදිහටද කියලා'
'ඇයි බන් එහෙම අහන්නේ'
'අහන්නෙ අහන්න ඕනෙ හින්දා.ප්‍රශ්නයක් ඇහුවම ආයෙ ප්‍රශ්නයක් අහන්නෙ නැතුව උත්තර දීපන්'
උඹට මම කිව්වනෙ එයා ගොඩක් වෙනස් කියලා.දැන් සතියකින් විතර එයයි මායි කතා කරෙත් නෑ'
'හරි එහෙනම් දිගටම ඔහොමම ඉදපන්. ඒ කියන්නෙ උඹට එයාව අමතක කරන්නම වෙනවා.'
'ඇයි බන් එහෙම කියන්නෙ.තේරෙන විදිහට කියපන්කො.'
'හරි මම කියන්නම්.හැබැයි උඹ මේ අහල කලබල වෙන්න පිස්සු කෙලින්න බෑ හරිද.දැන් එයා උඹගෙ නෙමෙයි කියල හිතා ගෙන මේක අහපන්'
'ඉතින් කියපන්කො බන්'
'මේකයි එයා කොල්ලෙක් එක්ක වාසනා ගෙස්ට් එකේ ඉදන් එනවා මම දවස් දෙකක්ම දැක්කා.එක පාරට විශ්වාස කරන්න බැරි හින්දයි මම දවස් දෙකක්ම බලන්න ගියේ..ඒ එයාමයි මචන්'
සවින්දකට කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ.
'උඹ දන්නවද එයා හිටියෙ අශේනයත් එක්ක.
සවින්දකට කිසිම දෙයක් හිතා ගන්න බැරිතරමටම අසරන වුනා.මුලු ලෝකෙම තමන්ගෙ වටේ කැරකෙනව වගේ දැනුනා.
අශේන් කියන්නෙ ටවුන් එක කිට්ටුවම හිටිය හොඳට සල්ලි තියෙන කොල්ලෙක්. අශේන් ස්කෝලෙ ගියෙ කොළඹ.සවින්දකට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. අශේන් ටවුන් එකට ආවෙත් බයික් එකේ හරි කාර් එකේ හරි.
සඳිති අශේන්ට රැවටුනා කියල සවින්දක හිත පිලිගන්නෙ නැති වුනත් ඒක එහෙම වෙලා තිබුනා.
දෙන්නත් එක්ක ඔහොම කතා කර කර ඉන්න අතරෙ අශේන්ල එතනට එනවා දෙන්නම දැක්කා.
'උඹ සද්ද නැතුව හිටපන් හොදෙ'
සෙන්ට කලින්ම සවින්දකට එහෙම කිව්වා.
'ආ.. මල්ලිලා මොකද අද දෙන්නත් එක්ක තනියෙන්'
අශේන් දුර ඉදන්ම කතා කරා.
'දැන් වැඩිය කවුරුත් නෑ අශේන් අයියේ.ඒකයි'
සෙන්ට උත්තර දුන්නා.
'සවින්දක මල්ලි.කොහොමද අලුත් ක්ලබ් එක. ඔහොම හරි ගිය එක හොදයි බන්. නැත්නම් මෙහෙ ක්‍රිකට් ගහල මොනව කරන්නද.මේ වෙන්න ඕනෙ මොනව හරි තියෙනවනම් කියපන්.යාලුවො ඉන්නවා මගෙ.'
'මට ඔයාගෙ යාලුවො හම්බ වුනා අශේන් අයියේ.ඔයාගෙ ගැන ඇහුවා.'
'උඹ ගියා කියල ආරංචි වුනාම මම උන්ට කිව්වා.ගමේ උන්ට සපොර්ට් එක දෙන්න එපැයි බන්.කොහොමත් මාත් තව වැඩිකාලයක් මෙහෙ ඉන්නෙ නෑ බන්. ඉක්මනටම ඔසී යන්න ඉන්නෙ.'
එහෙම කියල අශේන් අනිත් පැත්තට යන්න ගියා.
'බලපන්කො බන් කිසිම දෙයක් දන්නෙ නෑ වගේනෙ කතා කරේ.මම හිතුවෙ ඌ මේ පැත්තට එන්නෙ ඒක ගැන මොනව හරි කියන්න කියලා'
'සමහරවිට සඳිති උඹත් එක්ක යාලුවෙලා හිටපු බව ඌ දන්නෙවත් නැතුව ඇති.ඌට කෙල්ලො සෙල්ලම් බඩු ව්අගේනෙ බන්.'
'සඳිති පවු බන්'
'අනේ මේ හිටහන්.විහින් කර ගන්න පවු වලට අපි මක් කරන්නද බන්.'
'සෙන්ට.බිව්ව ඇති බන් අපි යමන්. උඹ මාත් එක්ක වරෙන් අපේ ගෙදර යන්න.තනියෙන් ගෙදර ගිහින් ඉන්න බෑ බන් මට පිස්සු හැදෙයි.'
සෙන්ටත් සවින්දකත් එක්ක ගෙදර යන්න ආවා.
සව්නිදකගෙ හිත තිබුනෙ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.කිසිම දෙයක් හිතෙන්නෙ නැති,හිතන්න බැරි විදිහට හිත ගොලු වෙලා වගේ සවින්දකට දැනුනා.
ගෙදර ගියාට වෙනදට දැනෙන සතුට සවින්දකට දැනුනෙ නෑ.හැම දෙයක්ම නැතිවෙලා තමන් තනිවෙල වගෙයි සවින්දකට දැනුනේ.
සෙන්ට ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙ නැතුව වෙන වෙන දෙවල් කියෙව්වා.
දෙන්නත් එක්ක කාමරේ ඉන්න අතරෙ නංගි කාමරයට ආවා.දොර ලඟ ඉදගෙන කවුරුහරු එනවද බල බල නංගි හෙමින් කතා කරා.
'අයියේ ඔයා සඳිතිත් එක්ක තියෙන සම්බන්ධය ඉක්මනටම නවත්වන්න ඕනෙ'
සවින්දකගෙ ඇස් උඩ ගියා.නංගි කොහොමද ඒක දන්නෙ.
'ඔයා හිතුවෙ මම දන්නෑ කියලද.සඳිති ඒ ගැන මට මුලින්ම කිව්වෙ ඔයා එයාගෙන් හම්බ වෙන්න ඕනෙ කියපු පලවෙනි දවසෙ.ඒත් මමයි එයාට කිව්වෙ මට කියපු බව ඔයාට කියන්න එපා කියල.සඳිති හොඳ ළමයෙක් හින්ද මට ඒ ගැන අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ.ඒත් දැන් එයා ගොඩක් වෙනස්. ඔයා දන්නෙ නැතුව ඇති.ඒත් ඔයා ඒක ඉක්මණටම නවත්වන්න ඕනෙ.'
'අයියෝ නංගි දැන් ඒව ඉවරයි.මේ මට හොරෙන් එයා සෙල්ලම දාන්නෙ කොහොමද අපේ ටවුන් එකේ.දැන් ඒක ක්ලෝස්ඩ් කරල ෆින්ශ්ඩ් කරලත් ඉවරයි.ඔයා බයවෙන්න එපා.'
සවින්දකට කලින්ම සෙන්ට කතා කරා.
'එහෙනම් කමක් නෑ.මොනව වුනත් පවු එයා ඉක්මණටම හොඳ පාඩමක් ඉගෙන ගන්නවා.මට දුක තරූයි කුසුම ටීචර් ගැන'
comment trd 
28
ගෙදර ඉන්න එක හිතට අමාරු හින්ද සවින්දක ඉරිද හවසම කොළඹ ගියා.ඒත් බෝඩිමේ තනිවුනාට පස්සෙ සවින්දකට ඒ පාලුව තවත් වැඩියෙන් දැනෙන්න ගත්තා.
සවින්දක මවපු හැම හීණයක්ම කඩන් වැටිල,ජීවත් වෙන්න අරමුණු නැතුව සවින්දක අසරණ වෙලා හිත හොඳටම කැඩිලා.නින්ද එන්නෙ නැති මුලුරෑම සවින්දක කලේ තනියම අඬන එක.
වැඩට ගියත් හිත එක්තැන කරගෙන වැඩ කරන්න පුලුවන් කමක් තිබුණෙ නෑ.හවසට ප්‍රැක්ටිස් ගියාමත් එහෙමයි.ක්ලබ් එකේ සවින්දකට හිටපු හොඳම යාලුවා දසුන්.සවින්දක මේ ගැන දසුන් එක්කත් ටිකක් කියල තියෙනවා.
එදා හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා සවින්දක දසුන් එක්ක සෙට් වෙන්න හිතුවෙ තනියම බෝඩිමට ගිහින් පිස්සු හැදිල වගේ ඉන්න බැරි හින්දා.
දසුන් හොඳ යාලුවෙක් වගේ සවින්දකගෙ දුක බෙදා ගත්තා.සවින්දක කතාව කියනගමන් ඇති වෙන්නම බිව්වා.දසුන්ට සිද්ද වුනේ සවින්ද කියන එකම එකම දෙවල් නැවත නැවත අහන්න.
එදා ඉදන් හැමදාම හවසට සවින්දක කරේ දසුන් එක්ක සෙට් වෙන එක.සවින්දක හොදටම බීල බෝඩිමට ගියාට පස්සෙ ඒකෙ කරදරය තිබුනෙ සෙන්ටට.
සවින්දක ගිය වෙලාවෙ ඉදන් කරේ සෙන්ටට කෝල් කරන එක.
'මචන් සෙන්ට ඇයි එයා මට මෙහෙම කරේ'
'නිකන් මෝඩයෙක් වෙන්න එපා බන් ඒකි උඹට මොනවත් කරේ නෑනෙ.උඹ පිස්සෙක් නොවී හිටපන්'
'නෑ බන් උඹ උබ දන්නව.මම එයාට තමයි මුලින්ම ආදරය කලේ.මට ඕනෙ වුනේ එයාට ආදරය කරන්න විතරයි.එයාගෙන් වෙන කිසිම දෙයක් මට ඕනෙ වුනේ නෑනෙ බන්.මම මම මටත් වඩා එයාට ආදරය කරා බන්.'
'හරි හරි බන් දැන් උන දේ උනා.උඹ පොඩි එකෙක් වෙන්න හදනවනේ.හෙට වැඩනෙ දැන් නිදා ගනින්'
'දැන් මට මේ කිසිම දෙයකින් වැඩක් නෑ බන්. උඹ මට මේක විතරක් කියපන් කොහොමද එයාට මගෙ ආදරය මදිවුනෙ බන්.....'
'මචන් සෙන්ට පොඩ්ඩක් හිතපන් මම තමයි මේ හැම දේකටම වැරදි.බලපන් ඉස්සර කොල්ලෙක් දිහා කෙලින් බලන්නෙවත් නැතුව හිටපු ඒ පුන්චි කෙල්ල්ව වෙනස් කරේ මම මචන්. එයා ගෙදරට තිබුණු බය නැතිවුනෙ මම හින්දා.මේවට මමයි වැරදි බන් මට ඒකයි දුක.'
'උඹ ඒකිට වැරැද්දක් කරේ නෑනෙ බන්.මේ දැන් නිදා ගනින්කෝ..'
මේ දේවල් දෙතුන් පාරක්ම අහං ඉදල බැරිම තැන සෙන්ට ෆෝන් එක කට් කරන කම්ම සවින්දක කියෙව්වා.
නින්ද යනකම්ම සවින්දක කරේ සඳිති එව්ව මැසේජස් බල බල අඬන එක.
හැමදාම උදේට නැගිටින කොට සවින්දකගෙ ඔලුව පුපුරන්න වගේ.ගොඩක් දවස් වලට වැඩට යනකොටත් පරක්කු වෙලා.සමහර දවස් වලට වැඩට ගියෙත් නෑ.
සයුරි සවින්දකලෙගෙ ඔෆිස් එකට ආවෙ ඔය අතරෙදි.ලන්ච් ටයිම් එකේදි වෙනදට එකට ඉන්න සවින්දකයි කෞෂි අක්කයි අතරට සයුරිත් එකතු වුනා.
'අපෝ තාමත් ගඳයි ඔයා ලඟ'
කෞෂි අක්ක සවින්දකට හැමදාම නෝන්ඩි දානවා.
'මඟෙ ලඟ මොන ගඳකද හලෝ'
'අනේ අනේ මල්ලි.මම නම් හිතුවෙ නෑ ඔයා මෙච්චර මෝඩයෙක් කියලා.කෙල්ලෙක් දාල ගිය එකම පිරිමිය ඔයා නෙමෙයි.'
ඒ වෙලාවට සවින්දක කරේ මොකුත් නොකිය ඉන්න එක.
සමහර වෙලාවට සයුරිත් එක එක දේවල් කිව්වා.ඔෆිස් එකේ වැඩ වලදි සවින්දකට සයුරිගෙන් ගොඩක් උදවු හමබ්වුනා. අලුත් හින්දා එයාට ලොකු වැඩක් තිබුනු නැති හින්දම එයා ගොඩක් කරේ සවින්දකගෙ වැඩ.සවින්දකටත් ඒක ලොකු සහනයක් වුනා.
අද නම් බොන්නෙ නෑ කියල කොච්චර හිතාගෙන හිටියත් හවස් වෙන කොට ඒක වෙනස් වෙනවා.දසුන්ටත් මේක කරදරයක් වුනත් හැමදාම සවින්දකත් එක්ක යන්න දසුන් එනවා.
'මචන් මම උඹට හැමදාම කියනවනේ බොන එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි.
'හරි බන්'
'මට උඹේ දුක තේරෙනවා.මමත් උබත් එක්ක එන්නෙ ඒ හින්දා.බිව්වට පස්සෙ තියෙන එකම හොඳේ හිතේ තියෙන දේවල් අනිත් මිනිස්සු එක්ක කියන්න පුලුවන් එක විතරයි.එහෙම වුනාම හිතේ දුක අඩු වෙනවා.හැබැයි උඹ ඒක ඉක්මනටම කරන්න ඕනෙ.උඹට මම උපරිම කල් දෙන්නෙ මාසයයි.'
හොඳ සිහියෙන් ඉන්න හැම වෙලාවකම සවින්දකට ඕනෙ උනේ ඉක්මණට හිත හදා ගන්න.සමහර වෙලාවට සවින්දකට තමන් ගැනම පිලිකුලක් දැනුණා.
පොඩි කාලෙ කියවපු පත්තරයක තිබුණු ලිපි පෙලක් සවින්දකට නිතරම මතක් වුනා.ඒක ලිව්වෙ කෙල්ලෙක් හින්ද බේබද්දෙක් වුණු කොල්ලෙක්. ඒ කාලෙ සවින්දකට හිතුනෙ ඌ නම් පිස්සෙක් කියල.ඒත් එදා ඒ තත්වෙට අද තම්න් පත් වෙලා කියල හිතෙන කොට තම් ගැනම ලැජ්ජාවක් සවින්දකට ඇතිවුණා.
ඒත් කාලයත් එක්ක සවින්දකට හිත හදා ගන්න පුලුවන් වුනා.දසුන් දුන්න මාසයේ කාලය ඉවර වෙන්නත් කලින් ආයෙම ජීවිතය පටන් ගන්න සවින්දකට පුලුවන් වුනා.ඒ ගැන වැඩියෙන්ම සතුටු වුනේ කෞෂි අක්කයි,සයුරියි දෙන්නා.
සඳිතිව මතක් වෙද්දි හිතට දැනෙන දුක එහෙමම වුනත් ඒ දේවල් දරා ගෙන ජීවිතයට මුහුණ දෙන්න සවින්දක පුරුදු වුනා.
සඳිතිට මෙහෙම වුණේ මං හින්දයි කියන හැඟීම සවින්දකගෙ හිතට ගොඩක් වද දුන්නා.සවින්දක කුසුම ටීචර්ට මේ ගැන කියන්න හිතුවෙ හිත පොඩ්ඩක් හරි සනසවා ගන්න.
සඳිති ගෙදර නෑ කියල හිතෙන වෙලාවක සවින්දක කුසුම ටිචර්ට කතා කරා.
'ටීචර් මං සවින්දක.'
'ආ ඇයි පුතා මේ හදිස්සියෙ'
'ටීචර් මට ටීචර් එක්ක කියන්න ලොකු කතාවක් තියෙනවා.මේක අහල ටීචර්ට ඕනෙ නම් මට බනින්න ඒත් කමක් නෑ.ඒත් මට මේක කියන්න ඕනෙ.'
'ටීචර් මං සඳිති නංගිත් එක්ක යාලුවෙලා හිටියා.ඒක වැරැද්දක් තමයි ඒත් එයාට මං හින්දා කිසිම වැරැද්දක් නොවෙන විදිහට මම එයාට ආදරය කරා.දැන් එහෙම එකක් නෑ.ඒත් දැන් සඳිති නංගි යන්නෙ බොහොම වැරදි පාරක.එයා මාත් එක්ක තරහ වුනාට කමක් නෑ.ඒත් එයා දැන් කරන දේවල් වලි න් එයා ලොකු අමාරුවක වැටෙන එකයි මට දුක.ටීචර්ට පුලුවන් නම් මේ ගැන හොයල බලන්න.'
කුසුම ටීචර් මොකුත්ම නොකිය අහන් හිටිය.ඒත් ටීචර් අඬනව කියල සවින්දකට තේරුණා.ඒ ටික කිව්ව ගමන් සවින්දක ෆෝන් එක කට් කරා.
comment trd 
29
සවින්දක අමාරුවෙන් ආයෙම ජීවිතය පටන් ගත්තා.හිතේ තිබුණු සතුට පොඩ්ඩක්වත් ආපහු නාවත් පුලුවන් තරම් සතුටෙන් ජීවත් වෙන්න පුරුදු වුනා.
ආයෙමත් බිග්මැච් කාලය ලං වුණා.මේ පාර බිග්මැච් බලන්න යන්නෙ නෑ කියල සවින්දක දැඩි තීරණයක් ගත්තා.තාමත් හොඳටම සනීප නොවුණු සවින්දකගෙ ලෙඩවුණු හිතට ඒ අතීත මතක වලට ඇතුලු වෙන්න තාම අමාරු බව තේරුම් ගිය හින්දා බිග්මැච් නොබල ඉන්න සවින්දක තීරණය කරා.
සවින්දකගෙ යාලුවන්ට වගේම සඳිතිගෙ යාලුවන්ටත් මුහුණ දෙන්න පුන්චි ලැජ්ජාවක් වගේම දුකකුත් සවින්දකගෙ හිතට දැණුණා.සඳිතිත් බිග්මැච් එක බලන්න එන්න පුලුවන් එහෙම වුනොත්....
මේ හැම දෙයක් ගැනම දෙතුන් පාරක් හිතල සවින්දක ඒ අමාරු තීරණය ගත්තා.
බිග්මැච් බලන්න සවින්දක පුන්චි කාලෙ ඉඳන්ම හරිම ආසයි.බිග්මැච් දවස් දෙක සවින්දකට ගොඩක් විශේෂයි.කාලයක් බිග්මැච් එක තමන්ගෙම වෙලා තිබුණු හැටි සවින්දකට මතක් වුණා.
බිග්මැච් එක දවසෙ යාලුවන්ගෙන් සවින්දකට බේරුමක් තිබුනෙම නෑ.උදේ ඉදන් හැමෝම සවින්දක කෝල් කරා එන්නෙ නැත්තෙ ඇයි අහන්න.හවස් වෙලා කට්ටිය සෙට් වුනාට පස්සෙ සවින්දකට උනේ හැමෝගෙන්ම බැනුම් අහන්න.
බිග්මැච් දවස් දෙක අමාරුවෙන් සවින්දක කොළඹට වෙලා හිටියා.
සවින්දක සෙනසුරාදට ගෙදර යන එක ගොඩක් අඩුකරා.ක්‍රිකට් මැච් නැති දවස් වලටත් සවින්දක බෝඩිමට වෙලා හිටියා.ටවුන් එකට ගියාම ගමට ගියාම තමන්ගෙ හිත ආයෙම කඩන් වැටෙනව වගේ තේරෙන හින්දා කොළඹ ඉන්න එක හිතට සැහැල්ලුවක් වගේ සවින්දකට දැණුනා.
ඒත් අවුරුදු නිවාඩුවට සවින්දක ආයෙත් ගෙදර ගියා.වෙනද වගේම හැමෝටම තෑගි අරගෙන.මුල් දවස් ටිකේම සවින්දක හිටියෙ ගෙදර. අලුත් අවුරුද්ද දවසෙ සවින්දකට සුභ පතන්න සයුරි කතා කරේ සවින්දකවත් බලාපොරොත්තු නොවන විදිහට.
ඊලඟට උදා වුනේ සවින්දකගෙ ජීවිතයෙ තවත් වැදගත් දවසක්. ඒ අවුරුදු උත්සවය. අවුරුදු උත්සවයට නොගිහින් ඉන්න හිතුවත් පොඩීගෙන් බේරුමක් නැති හින්දා සවින්දක පොඩීත් එක්ක යන්න ලැහැස්තිවුනා.
සවින්දකයි පොඩීයි හම්බ වුනේ ගොඩ දවසකට පස්සෙ.පොඩීට සවින්දකත් එක්ක කියන්න ගොඩක් දේවල් තිබුණා.
'සුදු අයියේ උඹ දන්නවද අරකි මාර කෙල්ලෙක්නෙ බන්'
'කවුද බන්'
'වෙන කවුද මගෙ පරන ට්‍රයි එක බන්'
'ඇයි ඒ'
'එයා දැන් ගෙදර එන්නෙත් කාර් එකේ හරි බයික් එකේ හරි.කොල්ලෙක් ඇවිත් ඇරලනව බන්.ටවුන් එකේ එකෙක්ලු.උඹ නම් දන්නවත් ඇති ඌව'
'මං කොහොමද බන් දන්නෙ'
'බලපන් ඒකි මට අකමැති වුනේ ඒ හින්ද වෙන්න ඇති අපිට කාර්,බයික් නෑනෙ බන්'
'දැන්වත් ඔය රස්තියාදුව නවත්තලා මිනිහෙක් වෙලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්න බලපන්'
'හැබැයි පුතෝ ඔන්න බලපනනොය ටවුන් වල කොල්ලන්ගෙන් අමාරුවෙ වැටිල ආයෙ ගමට ආපු දවසට එයාට අපිට තමයි පිහිට වෙන්න වෙන්නේ හරිද'
'අපෝ උබ වල් වෙලා තියෙන තරම'
'වල් කම නෙමෙයි සුදු අයියේ මනුස්සකම'
'හා හා ඇති ඇති යමං'
මොනව වුනත් පොඩී පරන දේවල් දැන ගෙන නැති එක සවින්දකට සැනසීමක් වුනා.
දෙන්නත් එක්ක අවුරුදු උත්සවයට යන කොට නංගිත් එක්ක වෙනද වගේම තරූ ඇවිත් හිටියා.
'හලෝ තරූ'
'සුදු අයියේ'
'දැන් නම තරුලට ජයයිනෙ.කාර් එකකින් එන මස්සිනා කෙනෙක් ඉන්නවනෙ'
පොඩී මැද්දට පැනල කතා කරා.
'අනේ මේ කටවහගෙන යනව'
නංගීට පොඩීට එහෙම කිව්වෙ තරූ ලැජ්ජාවෙන බිම බලා ගන්න කොට.සවින්දක පොඩීවත් අරන් යන්න ගියා.
ටික වෙලාවකට පස්සෙ සවින්දකට තරූව හම්බ වුනා.
'කොහොමද තරූ.'
'හොදයි සුදු අයියේ.කොහොමද ඔයාට'
'මටත් හොදයි'
'අපේ අක්ක ඔයාට කරපුදේනම් හරිම වැරදියි සුදු අයියේ.ඒයාට ඒවට නම් කවද හරි දුක් වෙන්න වේවි.'
'දැන් ඒව ගැන කතා කරල වැඩක් නෑ තරූ.ඔයා හොඳට හැදෙන්නකෝ.නැත්නම් ඔයාලගෙ අම්ම පවු.'
'මටත් දුක අම්ම ගැන තමයි.ඉස්සර නම් අම්ම අක්කත් එක්ක ගොඩක් රණ්ඩු වුනා.දැන් අම්මත් එයාට මොකුත් කියන්නෙ නෑ.පවු දවසෙම අම්ම අඬනව'
'ඔයා ඒව ගැන හිතන්නෙ නැතුව හොඳට ඉගෙනගෙන හොද ළමයෙක් වෙන්නකො.එතකොට අම්මට ඔයා ගැන හිතල සතුටු වෙන්න පුලුවන්'
එදා දවස ඉවර වෙල ගෙදර ගියාම සවින්දකට ආයෙත් පරණ මතක ගලා එන්න පටන් ගත්තා.මුලින්ම සඳිතිව දැක්ක දවසෙ ඉඳන් අද වෙනක්ම් සිදුවුණු දේවල් එකින් එක මතක් වෙනකොට ජීවිතය එහෙම තමයි කියල හිත හදා ගන්න සවින්දක උත්සාහ කරා.
ඒ නිවාඩුවත් ඉවර වෙන්න කලින් ආයෙමත් ස්කෝලෙ යාලුවො ටික සෙට් වුනා.
'සවින්දක දැන් කොහොමද අලුත් කෑල්ලක් සෙට් කර ගත්තද නැත්නම් තාම පරණ එකට හිතින් ලව් කරනවද'
'අපි දැන් තනිකඩනෙ බන්.මෙහෙම ඉන්න එක හොදයි වගේ බන්'
'දැන් එහෙමවත් කියපන්.කොහෙද කෙල්ලෙක් සෙට් වුනාම මුන් බොක්කෙන්ම ලව් කරනවනෙ.උන් බලා ඉන්නෙ අපි මොනව හරි කරනකම්.දැන් වත් ඕව තේරුම් ගනින්'
'හැබැයි මචන් දැන්නම් ඒකිට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඇති.අශේනයටනෙ සෙට් වුනේ.හැබැයි ඔන්න බලපන් අශේනය ඒකිව දාල ගිය දවසක ඒකි මූ ලඟට ඇවිත් කිව්වොත් සුදු අයියෙ දැන් මං ආයෙ ඔයාගෙ කියල මූ භාරගනියි දණ ගහල'
'මේ එහෙම ආවොත් භාර ගනින් ආයෙ සිරා කරන්න නෙමෙයි කරගන්න බැරිවුනු දේවල් ටික වත් කර ගන්න.'
සවින්දක හැමදෙයක්ම හිනාවෙවී අහන් හිටියා.සඳිති ගැන කතා කරද්දි පපුව ඇතුලෙන් විදිලි සැරයක් යනව වග් දැනුනත් යාලුවන්ට ඒක නොපෙන්නවා ඉන්න සවින්දක උත්සාහ කරා.
මාස දෙක තුනක් ඔහේ ගෙවිල ගියා.සවින්දක පුරුදු ජීවිතය ගත කරා.ඔය කාලය පුරාවටම සයුරි සවින්දකගෙ හිතට ඇතුලු වෙන්න උත්සාහ කරනවා සවින්දකට හොඳටම දැණුනා.ඒත් සවින්දකගෙ හිතේ තාමත් වෙන කාටවත් ඉඩක් තිබුනෙ නෑ.
සයුරිගෙ තිබුණු ලස්සනට,ගතිගුණ වලට ආස කරපු හින්දා යාලුවෙක් නංගි කෙනෙක් වගේ ලඟින් එයාව ආශ්‍රය කරන්න සවින්දක කැමති වුණා.
මෙහෙම යද්දි ජූලි මාසෙ අන්තිම දවසක දෙව්මි සවින්දකට කෝල් කරා.
comment trd 
30
'හෙලෝ සවින්දක අයියේ'
'දෙව්මි නංගි කොහොමද.ඉතින් කාලෙකින්.මොකද මේ හදිස්සියෙ'
'පණිවිඩයක් කියන්න කතා කරේ සවින්දක අයියේ'
'කියන්න නංගි මොකක්ද'
'සඳිති'
'ඉතින්'
'එයා දැන් ඉන්නෙ අපේ ගෙදර.එයාට ආයෙ ගෙදර යන්න බෑලු.ස්කෝලෙ යන්නත් බෑලු.අපේ ගෙදරත් ඉන්න පුලුවන් අද විතරලු.කොහේ හරි යනවලු.කිසිම හේතුවක් කියන්නෙත් නෑ.ඒත් එයා ඉන්නෙ හරිම දුකෙන්.වෙලාවකට කියනවා එයාට මැරෙන්න ඕනෙලු.මට බයත් හිතෙනවා අයියේ.මට මේ ගැන කියන්නත් වෙන කවුරුවත් නෑ.'
'මම කියන්නම නංගි.ඔයාට පුලුවන්ද හෙට එයාවත් එක්කගෙන කොළඹ එන්න.මම ඔක්කොම ලෑස්ති කරන්නම්.හැබැයි මම මේ ගැන දන්න බව ඔයා එයාට කියන්න එපා.ඔයා දන්න අක්ක කෙනෙක් ඉන්නව කියල එයාව එක්ක එන්න..එයාගෙ ගෙදරටත් ඔයා කෝල් එකක් දෙන්න.නැත්නම් එයාලගෙ ගෙදරින් බය වෙයි.'
සවින්දක ඊට පස්සෙ කතා කරේ කෞෂි අක්කට.
සඳිතිගෙ විස්තරය කිව්වට පස්සෙ එයාව කෞෂි අක්කගෙ බෝඩිමේ නතර කර ගන්න එයා කැමති වුනා.කෞෂි අක්කට දෙව්මිගෙ නම්බර් එක දීල ඔක්කොම ලැහැස්ති කරා.සඳිති සවින්දක ගැන දැන ගන්නෙ නැති විදිහට.
සඳිති ඒ ගැන දැන ගත්තොත් එයා මේ ගමන එන්නෙ නැති වෙයි කියල සවින්දකට හිතුණා.
ඊට පස්සෙ සවින්දක මේ ගැන කිව්වෙ සෙන්ටට.
'හරි මට ගිය සතියෙ අශේනය හම්බ වුනා.ඌ කිව්ව ලඟදිම රට යන කතාවක්.ශුවර් එකට මෑන් මාරු වෙන්න ඇති.දැන් උඹ ඒකිව කොළඹ ගෙනල්ල මොකක්ද කරන්න හදන්නෙ.ආයෙමත් පිස්සෙක් වෙලා අරූගෙ පවු වලට කර ගහන්නද.'
'උඹට පිස්සුද බන්.මට දැන් ඒවයි වැඩක් නෑ. මොනව වුනත් පවුනෙ බනනනිත් එක දෙව්මි කිව්වම බෑ කියන්නද.ටික දවසක් ඉන්න කොට එයාගෙ හිත හැදිල ආපහු ගෙදර යයි.'
'උඹට දෙව්මිට කියන්න තිබුනෙ යන දිහාවක යන්න දෙන්න කියලා.විහින් අමාරුවෙ වැටුනම අපි මොනව කරන්නද බන්'
'එහෙම කියන්න එපා බන්.මොන දේ වුනත් මං ඉස්සර එයාට ආදරය කරානෙ.'
'හරි හරි මේ ඒව ඉස්සර හොදෙ.ආයෙ ඒව නෑ.දැන් ඒකිගෙන් උඹට ගන්න දෙයක් නෑ.අශේනය ඒකිත් එක්ක හිටපු හැටි මුලු ටවුන් එකම දන්නවා.උඹ මීහරකෙක් වෙන්න හදන්න එපා.ඔන්න මම කලින්ම කිව්වා පුතෝ.'
'හරි හරි බන් කොල්ල දැන් හැදිල ඉන්නෙ.උඹ බය නැතුව හිටපන්කො.'
ඊළඟ දවසෙ සඳිති කොළඹ ආපු බවයි කෞෂි අක්කගෙ බෝඩිමේ නැවතුණු බවයි සවින්දක දැන ගත්තෙ කෞෂි අක්කටයි දෙව්මිටයි කෝල් කරල.
ඊට පස්සෙ දවසෙ සවින්දක වැඩට ගියේ කෞෂි අක්කගෙන සඳිති ගැන දැන ගන්න තිබුණු නොඉවසිල්ලෙන්.දෙම්මි කියපු විදිහට සඳිති ගැන සවින්දකගෙ හිතේ ලොකු බයක් තිබුණා.
'කොහොමද කෞෂි අක්කෙ සඳිතිට.'
'අනේ මන්ද මල්ලි.තාම මොකුත් කියන්නෙ නෑ.බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා.නැත්නම් හොඳටම අඬනවා.'
'මොනව හරි ලොකු දෙයක් වෙලාද දන්නෙ නෑ එහෙනම්'
කෞෂි අක්ක එහෙම කිව්වෙ සවින්දල අශේන් රට ගිය කතාව කිව්වට පස්සෙ.
'එයා තාම ලස්සනද කෞෂි අක්කෙ'
සවින්දක එහෙම ඇහුවෙ විහිලුවට වගේ.
'රූපෙන් නම් තාම ලස්සනයි.ඒත් දැන් අනිත් දේවල් නම් එයාගෙ ලස්සන නැතුව ඇති.'
එදා ඉඳන් සවින්දක හැමදාම උදේට කරන්න කෞෂි අක්කගෙන් සඳිති ගැන විස්තර අහන එක.සවින්දක කෞෂි අක්කට කිව්වෙ පුලුවන් තරම් ඉක්මණට එයාගෙ හිත ආයෙ ගෙදර ගිහින් ස්කෝලෙ යන තැනට හදන්න කියල.
මුල් දවස් දෙක තුනේ සඳිති මොකුත් නොකිය තිබුනත් පස්සෙ එයා කෞෂි අක්කත් එක්ක හැමදේම කියල තිබුණා.
'අශේන් රට ගිහින් තියෙන්නෙ එයාට මොකුත්ම නොකිය. එය අශේන ගැන ඉන්නෙ පුදුම තරහකින්.ගෙදරට යාලුවන්ට මූණ දෙන්න බැරිතරම් ලැජ්ජාවකින් එයා ඉන්නෙ.'
'එයා ඔයා ගැනත් හැමදෙයක්ම කිව්වා.ඔයාට කරපු දේ ගැන අදටත් එයා ගොඩක් පසුතැවෙනවා.එයාගෙ හිත වෙනස් වුනේ කොහොමද කියල එයාට තාමත් හිතා ගන්න බැරිලු.පවු මොනව වුනත් හොඳ කෙල්ල.මටත් හිතා ගන්න බැරි ඇයි එයා වෙනස් වුනේ කියලා'
කෞෂි අක්කා දවසින්දවසට සඳිති කියන දේවල් සවින්දකත් එක්ක කිව්වා.
'මල්ලි එයා දැන් නම් ගොඩක් දුරට හිත හදා ගෙන ඉන්නෙ.හැබැයි ආයෙ ස්කෝලෙ නම් යන්න එයා කැමති නෑ.මට කියනවා පුලුවන් නම් එයාට ජොබ් එකක් හොයල දෙන්නලු'
'එයා ස්කෝලෙ යන එකක්ම නැද්ද.ජොබ් එකක් කරන්න තරම් තාම එයාට වයසත් නෑනෙ.'
'ඒක නම් ඇත්ත තමයි.ඒත් එයා ස්කෝලෙ යන්න නම් කැමතිම නෑ...'
කෞෂි අක්ක එහෙම කිව්වට පස්සෙ යාලුවෙක්ට කියල සඳිතිට පොඩි ජොබ් එකක් හොයල දෙන්න සවින්දකට පුලුවන් වුණා.එයා මේ වගේ ජොබ් එකක් කරන්න ඕනෙ කෙනෙක් නෙමෙයි කියන එක සවින්දකගෙ හිතට ආවට එයාගෙ දෛවය එයාගෙ හැම දෙයක්ම වෙනස් කරල තිබුණා.
ඔහොම මාසයක් විතර ගියා.ඔය අතරෙ දවසක සවින්දක ස්කයිප් සර්ච් කරලා අශේන් එක්ක කතා කරා.විස්තර කතා කරන අතරතුරේ සවින්දක අශේන්ගෙන් සඳිති ගැනත් ඇහුවා.
'උඹ එයාව දන්නවද'
'ඔව් එයා අපේ ගමේනෙ'
ආ ඔව්නෙ.ලංකාවෙ ඉන්න කෙල්ලන්ගෙන් මොකටද බන් දැන්.'
අශේන් ඒ ගැන කතා කරේ කිසිම උවමනාවකින් නෙමෙයි හින්දා අශේන්ගෙ හිතේ සඳිති ගැන කිසිම හැඟීමක් නැති බව සවින්දක දැන ගත්තා.
ඔය කාලය පුරාවටම ආයෙමත් සඳිති සවින්දකගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.
'එයා දැන් මට අයිති නෑ කියල සවින්දක කොච්චර හිතුවත් ඒ සිතිවිලි කඩාගෙන යටිහිත එක එක දේවල් කිව්වා.
සඳිතිව හම්බවෙන්න ඕනෙ කියල සවින්දක තීරණය කරා.
එක දවසක හවස් වරුවක සඳිතියි කෞෂි අක්කයි සවින්දකයි තුන්දෙනා හම්බ වුනා.
සවින්දකව දැක්ක ගමන් සඳිතිගෙ ඇස් උඩ ගියා.ඒ දෙන්න හම්බවුනේ අවුරුද්දකටත් පස්සෙ.
'හලෝ....ඔයාට මාව මතකද'
'කොහොමද සුදු අයියේ..'
සඳිති එහෙම ඇහුවට ඒ වචන වල ඉස්සර තිබුණු ලෙන්ගතු බව තිබුනෙ නෑ.ඒත් එයා ඉස්සරටත් වැඩිය ලස්සන වෙලා කියල සවින්දකට හිතුණා.
ඒ දෙන්නට කතා කරන්න ඉඩ දීල කෞෂි අක්ක එහාට ගියා.
'මට නම් හොදයි සඳිති.කොහොමද ඔයාට'
සඳිති උත්තර නොදී බිම බලා ගත්තා.එයා බිම බලාගෙන අඬනව බව සවින්දකට තේරුණා.
'අයියෝ එක ගමේ මිනිස්සු හම්බ වුනාම ඔහොම අඬන සිරිතක් තියෙනවද'
සඳිති හිනාවෙන්න උත්සාහ කරා.
'ඔයා කොහොමද කෞෂි අක්කව දන්නෙ.'
සඳිතිගෙ ඊළඟ ප්‍රශ්නය වුනේ ඒක.
'මම එයාව ටික කාලෙක ඉදන්ම දන්නවා.ඒක නෙමෙයි වෙලාවක් තිබුනොත් ඔයාට හිතුනොත් මට කතා කරන්න.ෆෝන් එක අලුත් වුනාට මගෙ නම්බර් එක පරණ එකමයි.'
එදා බෝඩිමට ගිය වෙලේ ඉදන් ආයෙමත් සවින්දකගෙ හිතට පිස්සු හැදුණා.හිත යට අමාරුවෙන් හංගගෙන හිටිය සඳිතිගෙ ආදරය ආයෙමත් උඩට ඇවිත් හිතේ හැමතැනම දඟ කරන්න ගත්තා.
කතාව ගොඩක් ලස්සනයි.
හොදට ලියල තියෙනවා....
දිගටම ලියපන් මචෝ.........
itz lovely. cute. nice story... al da best