අලුත් අවුරුද්ද සැමරීම මිත්‍යා දෘෂ්ඨියක්&

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අලුත් අවුරුද්ද සැමරීම මිත්‍යා දෘෂ්ඨියක්&

    අපගේ කුඩා අවදියේ සෑම වසරකම පාහේ විචිත්‍රවත්ම කාලය වූයේ අලුත් අවුරුදු කාලයයි. පොඩි උන් ලෙස එකල අප අත් විඳි ඒ ආශ්චර්‍යය අදටත් මනසට නගා ගත හැකිය. ඒ අතීත සැමරුම් ඔස්සේ යද්දී සිතට නැගෙනා රූප වචනයෙන් ලියා තැබීම අසීරු මුත් එය සරලව මෙලෙස සටහන් කල හැක.ඔන්චිල්ලා, මකුණු දැල් කඩා පිරිසිදු කල ගෙදර , හොඳින් ඇමදූ ගේ දොර හා මිදුල ,කුස්සියේ බංකුවක වාඩි වී කැවුම් බදින අම්මා , කැවුමක් ලබා ගැනීමට ඒ අසල ගැවසෙන අපි,නැකතට අපටත් අම්මාටත් කවන අපේ තත්තා ,බුලත් දී දෙමාපියන් නමදින දරුවන්,උදේම අඟුරු කැබැලි පිච්ච මල් කිහිපයක් සමග කාසියක් ලිඳට දමා ලිඳ අලේ කරන අම්මා,සියලු දෙනා අලුත් ඇඳුමි,අහල පහල ගෙවල් දොරවල් වලට හුවමාරු වන කෑම පිඟන්. සියල්ල අතරතුර පසුබිමින් ඇසෙන කොවුල් නාදය. කොතරම් මනස්කාන්ත කාලයක්ද ඒ?

    පොඩි උන් ලෙස එකල මේ අත්දැකීම් ඔස්සේ අප ලද වින්දන ශක්තිය දැන් මොට වී ඇතුවාට සැක නැත.නමුත් මේ භාග්‍යය අප විසින් අපගේ දරුවන්ට උරුම කර දීමට අප අත්‍යන්තයෙන් බැඳි සිටිමු.

    අද ඇතැම් විචිත්‍රවත් ධර්ම කතිකයන් වහන්සේ නමක් අළුත් අවුරුදු චාරිත්‍ර පිළිකෙව් කරමින් තම ශ්‍රාවක සමාජයට ඒවා අත් හරින්නට පොළඹවමින් සිටින අයුරු පෙනේ.ඒවා මිත්‍යා දුෂ්ඨිය වර්ධනය වන ක්‍රියාමාර්ග ලෙස තම ශ්‍රාවකයන්ට දේශනා කරයි.ඒවා අසන බොහෝ ශ්‍රාවකයන්ද අවුරුද්ද මිත්‍යා දුෂ්ඨියකැයි කියා අලුත් අවුරුදු චාරිත්‍ර නොසලකා හරී. (නමුත් අලුත් ඇඳුම් මිලදී ගැනීම නම් අත් හොහරී )මේ ලිපියේ අරමුණ මේ සෞත්‍රාන්ත්‍රික අනුගාමිකයන් විවේචනය කිරීම නොව අලුත් අවුරුද්ද මිත්‍යා දුෂ්ටිය මත පදනම්ව ඇත්දැයි විමසා බැලීමයි.

    එසේ නම් අප පළමුව විමසා බැලිය යුත්තේ මිත්‍යා දෘෂ්ඨි යනු මොනවාද යන්නයි.රාග,ද්වේශ ,මෝහ මූලික කර ගැනෙන එය වර්ධනය කරන යම් දෘෂ්ඨියක් වේද එය මිත්‍යාදෘෂ්ඨියක් යැයි තේරුම් ගැනීම සරලව නිවරදි යැයි සිතමු.රාග ද්වේශ මෝහ ප්‍රහීන කෙරෙන යම් දෘෂ්ඨියක් වේද එය සම්මා දෘෂ්ඨියයි.යමෙකු සම්මා දෘෂ්ඨියට පැමිණීමට නම් බුදු රදුන්ගේ ධර්මය අසා ඒ මග යාමට අදිටන් කර ගත්තකු විය යුතුය.සම්මා දුෂ්ඨියේද අවධීන් කිහිපයක් වෙයි.පූර්ණ සම්මා දුෂ්ඨියට පැමිණෙන්නේ රහතුන් වහන්සේලාය.

    කරුණු මෙසේ නම් ලෝහ, ද්වේශ ,මෝහ මූලික කරගත් ඕනෑම දුෂ්ඨියක් ,දර්ශනයක් මිත්‍යා දෘෂ්ඨියක් වේ.එසේ බැලූ කල අප පාසල් , විශ්ව විද්‍යාල , පශ්වාත් උපාධි ආයතනවල ඉගෙන ගන්නා බටහිරින් ආනයනය කල කිසිඳු දෘෂ්ඨියක් සම්මා දෘෂ්ඨියක් වේද?ඒ සියල්ලද නැකැත් සාශ්ත්‍රය තරම්ම (සමහර විට ඊටත් වඩා ) මිත්‍යා දුෂ්ඨීන්ය. (අපගේ පරමාර්ථය වන නිවන ගැන සිතද්දී නැකැත් සාශ්ත්‍ර ,තාර්කා සාශ්ත්‍ර ආදිය බටහිර විද්‍යාව තරම් නීවරණ සංකල්ප නොවේ.එය සරලව පැදැදිලි කරන්නේ නම් ගෙම්බන් මීයන් ආදිය කපා නිර්මාණය කරන බටහිර වෛද්‍ය විද්‍යාව තරම් අවිහිංසාව මත පදනම් වන සිංහල වෙදකම අපගේ පරමාර්ථය වන නිවනට බාධකයක් නොවේ. නැකැත් සාශ්ත්‍රය- තාරකා සාශ්ත්‍රය අයත් වන්නේද මේ දෙවන ගනයටය.)

    මේ සියල්ල අඩු වැඩි වශයෙන් නීවරණ දෘෂ්ටීන් යැයි කියා අප මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්නේද?ගිහි ගෙයි වසන අපට කල හැක්කේ ඒවා පරම සත්‍ය නොව සම්මුති ලෙස ගෙන – දැන හැකිතාක් ආධානාග්‍රාහී ලෙස ඒවායේ නොඇලී ඒවා අනුගමනය කිරීම පමණි.සම්මා දෘෂ්ඨිය වැඩී මාර්ගඵලලාභීන් වී එක් අවස්ථාවකදී ගිහි ගෙය හැරයාම සිදුවන්නේ මේ සියල්ලේ ඇති නිස්සාරබව සත්‍ය ලෙසම අවබෝධ වූ විටය.සංකල්පීයව මිත්‍යාදෘෂ්ඨීන් වන සියල්ලෙන් එක් දෙයක් හොඳ වී තවත් දෙයක් පමණක් අකැප වන්නේ එසේ සත්‍ය ලෙසම අවබෝධ නොකල ගත් විට පමණි .

    නැකැත් සාශ්ත්‍රය මිත්‍යා දෘෂ්ඨියක් යැයි පතික්ශේප කරන්නේ නම් අප අපේ දරුවන්ට කියා දිය යුත්තේ නැකැත් සාශ්ත්‍රය පමනක් නොව් බටහිර විද්‍යව, ගණිතය,ආර්ථික විද්යාව සියල්ල ඉගෙන නොගන්න ලෙසයි,ඒවාට අනුකූලව නොහැසිරෙන ලෙසය.එසේ කල හැකි නම් අලුත් අවුරුද්ද නැකැත් සාශ්ත්‍රය මත පදනම් වී ඇතැයි කියා ප්‍රතික්ෂේප කල යුතුය යන තර්කය සමග අපද එකඟ වෙමු.

    නමුත් එම අවබෝධයට පැමිනෙන තෙක්, ගිහි ගෙය වසන තෙක්, මේ සියලු විද්‍ය අවිද්‍යා බව වටහා ගනු මිස ඒවා අත්හැරීම කල නොහැකිය. සමාජීය සහජීවනයට අවැසි අත්‍යවශ්‍ය සලකුණක් ලෙස සිංහල අවුරුද්දද මෙන්ම ඒ හා බැඳුනු සිරිත් විරිත් ද අප අත් නොහළ යුත්තේ එබැවිනි.

    යමෙකු මිත්‍යා දෘෂ්ඨීන් පිළිකෙව් කරනවා යැයි කියා සිංහල ජාතිය හා බැඳුනු යමක් වේද ඒවා පමණක් වෙන්ව ගෙන ඒවා මිත්‍යාදෘෂ්ඨීන් යැයි කියා තඩි බාමින් අනිත් බොහෝ මිත්ය්‍යා දෘෂ්ටීන් වල අසරණ අනුගාමිකයන් වීම අප වටහා ගත යුත්තේ කෙසේද?මේ සියලු අනුගාමිකයන් එසේ කරන්නේ සිංහල ජාතිය නැසීමේ එකම අරමුනෙන් යැයි අප චෝදනා නොකරමු.නමුත් අප මේ දෙස වඩා විචාරශීලීව බැලිය යුතුය.මිත්‍යා දුෂ්ඨීය වඩන ඉගැන්වීම් උගන්වන නිසා අප අපේ දරුවන් පාසල් නොයා සිටින්නේ නැත.එසේ නම් මේ සමහර ගුරුකුලවල ධර්ම කතිකයාණන්වහන්සේලා ඇතුලු බොහෝ දෙනා අපගේ බෞද්ධ දිවි පැවැත්ම හා සැබැඳුනු සංස්කෘතිකාංගවලට පමණක් තෝරාගෙන පහර දෙන්නේ, ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?මෙයින් කී දෙනෙක් උත්සව අවස්ථාවලදී ‘ලොකු’ හෝටල්යකට ගිය විට බුදුරදුන් ආහාර වැලඳූ ලෙස අතින් කෑම කෑමට ලැජ්ජා වේද?ඒ ලැජ්ජාව ඇති වන්නේ සම්මා දෘෂ්ඨිය නිසාද?මෙවා පරගැතිබව නැමති ඉතා අනර්ථ මිත්‍යාදෘෂ්ඨීන් නිසා ඇති වන ලැජ්ජාවන් නොවේද?

    කොටින්ම අද සිංහලයන්ට සිංහලයන් ලෙස හැසිරීම ලැජ්ජ්ය.එය තේරුම් කල හැක්කේ සම්මා දෘෂ්ඨිය – මිත්‍යා දෘෂ්ඨිය වැනි ගැබුරු සංකල්ප වලින් නොව එහ හුදෙක් අධ්‍යාපනය සහ අනෙකුත් මාර්ගවලින් ලැබී ඇති නිවට කම නිසාම සිදුවන්නකි.

    සිංහලයන් අවුරුදු සමරන්නේ කාලිංග මාඝ එය අප මත බලහත්කාරයෙන් පැටවූ පසුව බවටත් එය අප්‍රේල් 14 දෙමළ අවුරුද්ද සිංහලයන් මත බලෙන් පැටවූ එකක් බවටත් මේ සමහරුන් නගන පුහු තර්කවලට ඇති වටිනාකමේ සීමිතකම කොතෙක්ද යන්නට ශිරාන් දැරණියගල ආදී ඉතිහාසයන්ගේ කෘති සාක්ෂි දරයි. ලංකාවේ හැර දෙමළ ජනයා මෙතරම් ප්‍රචලිත ලෙස අවුරුදු සමරන්නේ වෙන කොහිද යන්න විචාරශීලීභාවය මඳක් වත් ඇත්නම් විමසා බැලිය යුතුය. (අනෙක් අතට අප්‍රේල් 14 දිනට සවි වූ අවුරුද්දක් කිසි දිනෙක මෙරට තිබී නැත, එය රොබර්ට් නොක්ස්ගේ කාලයේ තිබුනේ මේ කැලැන්ඩර වර්ෂයෙන් ගත් කල අප්‍රේල් මුලයි. අනාගතයේදී එය අප්‍රේල් 15 ටත් ඉන් පසු තවත් ඉදිරියටත් යනු ඇත. )

    කරුණු මෙසේ තිබියදී සිරිත් විරිත් ගැන කතා කරනවා නම් මුලින්ම කතා කල යුත්තේ අපගේ හර පද්ධතිය හා නොගැලපෙන අපට ආගන්තුක පුහු ආටෝපවාදී සිරිත් විරිත් පිළිකෙව් කිරීම නොවේද?සාමූහිකත්වය, වැඩිහිටියන්ට උරු දෙගුරුන්ට ගරු කිරීම , හිත් අමනාපකම් අත් හැරීම ආදී අපගේ හර පද්ධතියට ගහට පොත්ත සේ සම්බන්ධ සංස්කෘතිකාංග සියල්ලට කලින් ප්‍රතික්ෂේප කිරීමෙන් අවසානයේ සිදුවන්නේ කුමක්ද?

    සිංහල ජාතියත් බුද්ධාගමත් යනු ගහට පොත්ත මෙන් එකකට එකක් අත් හල නොහැකි දෙකකි. ගස නැතිව පොත්තටත් ,පොත්ත නැතිව ගසටත් පැවැත්මක් නොමැති බව අප වටහා ගත යුතුය.ජාතිය රැකෙන්නට නම් එහි මූලික හර පද්ධතීන් හා බැඳුනු සංස්කෘතිකාංග රැක ගත යුතුය. නැතිනම් ජාතිය අවජාතක වෙයි.එබැවින් කල යුත්තේ අප තුල පටවා ඇති අවජාතක සිරිත් විරිත් ඉවත් කර ජාතියේ ඉදිරි මගට අනුබලයක් වන අපේ උරුමය රැක ගැනීමය. අපි අලුත් අවුරුද්ද යහපත් ලෙස සමරමු….

    - යුතුකම සංවාද කවය
     
    • Like
    Reactions: Dewrangi

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඟේ ඉඳන් කණ කන එවුන් හඳුනාගෙන යහපත් දෑ ඉදිරියට යවමු.
    හොඳ ලිපියක් සහෝදරයා. ස්තුතියි ...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලංකාවේ අව්රුද්ද විය යුත්තේ වෙසක් දවසයි. එහෙම නැතිනම් ජනවාරි 1 වෙනිදා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චාරිත්‍ර වාරිත්‍ර හරියට පිළිපදින නිසා.....DCSL එකේ වැඩ කරන අයට නිවාඩු දෙන්නේ අවුරුද්දෙන් පස්සේ.....අනේ බන් බොරු චාරිත්‍ර......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඟේ ඉඳන් කණ කන එවුන් හඳුනාගෙන යහපත් දෑ ඉදිරියට යවමු.
    හොඳ ලිපියක් සහෝදරයා. ස්තුතියි ...

    නියම බමුණන් හදුනා ගනිමු....
    මෙන්න තවත් බමුණෙක්...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    චාරිත්‍ර වාරිත්‍ර හරියට පිළිපදින නිසා.....DCSL එකේ වැඩ කරන අයට නිවාඩු දෙන්නේ අවුරුද්දෙන් පස්සේ.....අනේ බන් බොරු චාරිත්‍ර......

    dan oya kiyana widiyata mokdda attatama wenna one?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dan oya kiyana widiyata mokdda attatama wenna one?

    අර්ථ දැක්වීම් අනවශ්‍යයි......බොන එඋන් 13,14 හොදට වැටෙන්න ගහලා අතල් එකේ ඉන්න ඕනි.....බුරු ගහන එවුන් තුට්ටුවට හිදෙනකම් බුරුව ගහන්න ඕනි.....අම්මල ටිකයි නැන්දලා ටිකයි....තරගෙට උයන්න ඕනි තමන්ගේ කම රහයි කියල පෙන්නන....පොඩි එඋන් ටික ඒ දවස් වලට ලිදේ වැටුනත් හොයන්න එච්චර මහන්සි ගන්න හොද නැහැ....අහල පහලින් වෙඩි පුපුරන සද්දේ ඇහෙනකොට ලිප් බොක්කට (තාවකාලික හදපු) ගිනිතියන්න ඕනි......කඩෙන් ගෙනාපු....ගුල්ලෝ ගහන්න ලන්වෙච්ච හල වලින්.....අලුත් සහල් මංගල්‍යට කිරිබත් හදන්න ඕනි.....බුලත් අතක් අරගෙන කොන්ද කුඩා වෙනකන්....බීපු තාත්තලට මාමලට වලා අසිර්වද ගන්න ඕනි....අමතක නැතිව යාලුවනටයි...බෝසටයි සුබ පතල SMS එකක් යවන්න ඕනි....අවුරුද්ද සුභ වෙන්න කියලා ....