වැඩිවෙන~ආශ්චර්යෙ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිවෙන~ආශ්චර්යෙ

    දෙදහස් දහතුන වසරක් ලැබුනා කට්ටිය එහෙ මෙහෙ බලමින්නේ...
    පෙරදිග මුතු ඇට දනන් ලෙසින් අපි ආස්චර්යෙටයි පිය මැන්නේ....
    බක්මහ සමයත් නොදැනිම ලබලා ආර්ථිකේ ෆුල් කෙලවෙන්නේ.....
    වැඩි වෙන දේවල් දැක්කම සිරිලක ජාතියමයි මට ඇමතෙන්නේ....!:oo:

    සරිගම ගලපා සනිධප හදලා මොනවා කියන්නද නෑ දන්නේ...
    ඉදලා හිටලා කවියෙන් ගලපා දුක් ගැනවිල්ලයි පවසන්නේ....
    එහෙං වැඩි උනා මෙහෙං වැඩිවුනා මොකවත් නෑ නොවැ අඩු වෙන්නේ...
    ආශ්චර්ය හින්දා දෝ මන්දා මටනං නෑ බං තේරෙන්නේ...........:dull:

    මාසෙම මැරිලා දහඩිය පෙරලා පඩියක් ගන්නයි සෙට් වෙන්නේ....
    ඒකත් අරගෙන නෝනත් එක්කං ශොපින් ටිකක් යන්නට යන්නේ....
    රුපියල් දාහට ශොපින් බෑග් එක පිරවෙන එළවලු නැත දුන්නේ.....
    ආශ්චර්ය හින්දා දෝ මන්දා මටනං නෑ බං තේරෙන්නේ...........:baffled:

    හාල් පිටි සීනී ලූනූ පරිප්පුද කරවල හාල්මැස්සෝ ගන්නේ.......
    කිරිපිටි බිස්කට් ජෑම් බටර් ලොකු චීස් බැරල් පස්සට යන්නේ.....
    ලොකු ලොකු වාහන විතරද මන්දා ෆුඩ්සිටි සරණං ගච්චන්නේ....
    සතිපොල පැත්තේ සෙනග වැඩි වෙලා මටනං නෑ බං තේරෙන්නේ......:cool:

    ළමයට කිරි ටික හදන්න දර නෑ ගෑස් ලිපයි පිහිටට ඉන්නේ....
    මනුස්සයෝ මේ බලනවාකෝ ඔය සිලින්ඩරෙත් ඉවරම වෙන්නේ....
    මාලෙට මුද්දට දෙවි රැකවරණයි බැංකුවෙමයි දෙන්නා ඉන්නේ...
    කෙලපං කිව්වලු රත්තරනේ ඇයි උඹ දැං ටික ටික අඩු වෙන්නේ... :dull:

    පෙට්‍රල් ඩීසල් අපට හොද නැතේ... හයිබ්‍රිඩ් වලටයි අපි යන්නේ....
    නැතිනං මොකටද අහස උසට ඔය එක එක ඉන්ධන නග්ගන්නේ....
    දුප්පත් ජාතික භූමිතෙලත් සුපිරියටයි ඉහලට නග්ගන්නේ......
    වාහන විකුනා බස්වල යන්නද ලොක්කා අපහට ඉගි දෙන්නේ.......:rolleyes::rolleyes:

    ලෝක වෙලදපොල පෙට්‍රල් ඩීසල් උඩයනවා මුං කියවන්නේ.....
    සූත්තරේකට කියලා හදලා කොලේ වහලා මෙහෙ නග්ගන්නේ.......
    ටික දවසක් ගෙවිලා ගිය තැනකදි ආයේ ලොව තෙල් අඩු වෙන්නේ....
    අනේ අනිච්චං අපෙ අංකල්ලා එවෙලෙට දොයි දොයි ගොරවන්නේ....:frown::angry:

    ඕවා මොනවද වස්තුව මගෙ පණ එන්නකො හවසට ගෙදර කියා......
    කලින්ම උයලා වැඩ නිම කරලා නෝනී ඇත ඇගෙ දෙනෙත අයා.....
    ටීවී හීටර් ප්‍රිජ් ලොකු මෝටර් ලයිට් බිලට කෙල කරන නියා.....
    දහස් ගනං එනවා එන මාසේ ඔක්කොම විකුනමු මගේ දයා........:love:

    රස්නෙ වැඩි නිසා සිවිලිං පංකා දාගෙන ඉන්නා මැද සාලේ.....
    පප්පා මම්මා හැන්දෑ ජාමේ නාට්ටියක් බලනා වේලේ........
    එළකිරි .කොම් ලොග්වී සමහරු රේඩියෝව අසනා තාලේ.
    යුනිට් අනූවෙං කොහොම කරන්නද හිරවෙනවා මගෙ පණ නාලේ...:oo:


    වැඩිවෙන වේගෙට ඒ බිල් මේ බිල්... ඔළුව උඩින් දුං විසි වෙන්නේ....
    සොච්චම් පඩියෙන් මේ හැම දෙයක්ම බේරං කොහොමද නැගිටින්නේ....
    දරු මල්ලන් සමගින් ඉරිදාවක් තවමත් නෑ නිදහස් වෙන්නේ....
    ඕටී දාගෙන කෙරුවත් තව නෑ වෙන ණය බේරන්නට වෙන්නේ....:dull::baffled:

    දවසක් ගතවෙයි තව දවසක් එයි ලෝකය නං ඔහෙ කැරකෙන්නේ....
    මොනවා කරනවද මොනවා වෙනවද ලංකාවේ නෑ තේරෙන්නේ...
    කලින්ම නින්දට යන්නත් නෑ හිත හෙට එළි වෙනකොට කෙලවෙන්නේ...
    අද රෑ දොලහෙං පසුවට මොනවා වැඩි වෙනවද තව නෑ දන්නේ....:baffled:






     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    "මාසෙම මැරිලා දහඩිය පෙරලා පඩියක් ගන්නයි සෙට් වෙන්නේ....
    ඒකත් අරගෙන නෝනත් එක්කං ශොපින් ටිකක් යන්නට යන්නේ...."


    8.gif
    8.gif
    8.gif

    ඈ... උබ හොරෙන්ම කසාදයකුත් කර ගත්තද බන් :D:rofl::cool:;)

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආශ්චර්ය හින්දා දෝ මන්දා මටනං නෑ බං තේරෙන්නේ...........:baffled:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අද රෑ දොලහෙං පසුවට මොනවා වැඩි වෙනවද තව නෑ දන්නේ....:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට මචන්.....හිනා කාලා මැරෙනවා....:lol::lol::lol:
    හැබැ‍යි උඹ මේකේ නි‍යම පණිවිඩ‍යකුත් දීලා ති‍යනවා......:yes::yes::yes:

    තවම උඹට රෙප් දෙන්න බැරිලු බන්.....
    :dull::dull::dull: