වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    රත්තරං;12082169 said:
    අඩෝ මචන් අමාරුවෙන් සිංහලෙන් කෙටුවේ. මාව දිරිමත් කරන්න නෑතත් තව එකෙක්ට මේක බලන්නවත් උඩට ගන්න BUMP එකක් දාලා පලයල්ලකෝ.....

    bump

    ela machan nodanna deewal godak igenagaththa
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    රත්තරං;12082025 said:
    මෝටර් වාහන සම්භන්ද කටයුතු වලදී නීතියට මුල් තෑන දෙමු.අපිත් ආරක්ශා වෙමු

    වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු
    මෙන්න අද මාතෘ කාව. ඈයි මම මෙහෙම කිව්වේ? මෙන්න මේකයි, අපි ලෙඩ තියෙන බයික් එකක් ගත්තොත් මොන මගුලක් කරලා හරි කියක් හරිවියදම් ඒක හදා ගන්න පුලුවන්. නමුත් ලියාපදින්චි ලියකිවිලි දෝශ සහිත්නම් වන්චා සහිතනම් මොකද කරන්නේ? අපරාදයකට සම්භන්ද බයික් එකක් නොම්බර වෙනස් කරලා දුන්නොත් මොකද කරන්නේ? අපිව ආරක්ශා කරන මාමලා ඔය බයික් එක අල්ල ගත්ත දවසට අහුවෙන්නේ උබලත් එක්ක, උබල අහින්සක බව ඈත්ත එත් උබලා ලග තිබ්බේ බයානක සාක්ශියක් එතකොට ඒ මාමලා අපේ රට වෙනුවෙන් ඒ අපරාදයේ සුල මුල හොයන්න ඔනේ. ඒකට උබලගෙන් සමහරවිට ප්‍රශ්න කරයි. උබලට ඔප්පු කරන්න බෑනේ ඔක උබල නොදන්න කෙනෙක් ගෙන් ගත්තේ කියලා.අපේ රටේ ඉන්නෙත් අපරාද කාරයෝ ලෝක ඈම්ඩො. ඒ වෙලාවට ඒ මාමලා උබව හිල් පොල්කට්ටකින් පෑත්තට අරන් නාවලා...... පව්ඩර් දාල..... ඕඩි කොලොන් දාල...... උම්ම දීල....... කුක්කු බොතලයක් හදල දිල උබෙන් අහනවා මගෙ කුක්කු පටිය මයෙ අම්ම කියන්න සත්තරන් මේක කොහෙන්ද හම්බ උනේ කියල.ඔන්න කනට දෙකක් ගහල ඈටදෙක ලාච්චුවට දාල තදකරල කෑ#$# $%^^ @#$%^‍ය් කියපිය මේක කොහෙන්ද කියල එහෙම නෙමේ අහන්නේ.ඉතින් අපරාදේ නොකල වරදකට බයික් එකක් වෙනුවෙන් ඈටදෙක තලාගන්න ඔනේ නෑනේ මචන්ලා

    කුවිතාන්සිය------. උබලා පාවිච්චි කරපු බයික් එකක් ගන්නවනම් අනිවාර්යයෙන් ගන්න එකයි, ගත්තු එකයි, දිනෙයි, ලිපිනයි, හෑදුනුම් පත් අංකයි දාලා කුවිතාන්සි 2ක් ලියාගන්න

    පොත-----.බයික් එකේ පොත හොදට බලන්න. බයික් එකත් එක්ක චෑසි නොම්බරේ, එංජින් නොම්බරේ ගෑලපෙනවද බලන්න පොත අව්වට අල්ලලා බලන්න වෝටර් මාක් එක තියෙනවද කියලා. දෙයියනේ කියලා අපේ දියුනු ලන්කාවේ තවම ඔන්ලයින් බලාගන්න බෑ. ඔකත් අරන් ආර්. එම්. වි. ගියහම පස්සෙ දොරෙන් යන්න වෙනවා(එහෙම නෙමේ ඕන්). ඉතින් අපිටමයි ඔක කරගන්න ඔනේ.

    එන්ජින් අංකය හා චෑසි අංකය------ එන්ජිමේ ගියර පෑටලයට යටින් හෝ සමහර ඒවගේ බ්‍රක් පෑටලයට යටින් එන්ජින් හව්සින් එකේ එන්ජින් අංකය කොටලා තියෙන්නේ. චෑසි අන්කය කප් සෙට් අතර චෑසි කොටස තියෙන්නේ අන්න ඒකේ හරහට කොටලා තියෙන්නේ. මේක බලනකොට හොදට බලපල්ලා ග්‍රයින්ඩර් පාරවල් හෝ අන්කවල හෑඩවල හෝ, අන්ක කොටා ඈති ගෑබුරේ වෙනසක් තියෙනවද කියලා. හෙතු ගනනාවකට මේ වෑඩේ කරනවා එකක් තමයි හොනට්ටු වගේ ඒවා M නොම්බර අරන් චෑසි කොටලා ආපහු රෙජිස්ටර් කරලා වෑඩි මිලට විකුනනවා( දෑන් අහන්න එපා රෙජිස්ටර් කරන හෑටි. අනේ මම නම් දන්නෙ නෑ. දන්නො දනිති ) අනික තමයි විවිද අපරාද හේතු, මෙහෙම වෙනස්කමක් දෑක්කොත් දාල වරෙල්ලා. මලාට ගන්න යන්න එපෝ..........

    VIC කොලේ -vehicle identity card- 2010.05.03 න් පසු මේක නිකුත් කරන්නේ නෑ. ඒත් පරන ඒවගේ මේක තියෙනවා.ඉස්සරනම් මේක ඔනේ ට්‍රාන්සර් කරන්න ගියහම.

    පෑවරුම් ෆෝරමය----- සින්හලෙන් කිව්වොත් ට්‍රාන්සර් පේපර් එක. මෙන්න මේකත් අත්සන් කරගනිල්ලා . දෑන්මම දීර්ගව කියන්න යන්නේ මේක ගෑන


    හිමිකම් පැවරීම හා ලියාපදිංචිය

    ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 3.00 දක්වා බාරදිය හැකිය.


    ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව

    වාහන ලියාපදිංචි හිමිකම් පැවරීමේදී පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් පමණක් නව අයිතිකරුගේ අවශ්‍යතාවය මත එක් දින සේවාව ලබා ගත හැක.
    එක් දින සේවාව ලබා ගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පමණකි.
    එක් දින සේවාව ලබාගැනීමේදී;

    නව අයිතිකරු (පැවරුම් ලාභියා) විසින්ම අයදුම්පත සහ අදාල ලියකියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී වාහන පන්තියට අදාල පැවරුම් අංශයේ එක් දින සේවා කවුළුවට බාරදිය යුතුය.

    යම් අවස්ථාවක දී එක් දින සේවාව ලබාගෙන ඇතිවිට නැවත එක් දින සේවාව යටතේ පැවරුමක් ලියාපදිංචි කිරීම සඳහා අවම වශයෙන් මාස 6 ක් පසුවිය යුතුය.

    ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය.

    එකම පවුලේ ලඟම ඥාතීන් අතර ලියාපදිංචි හිමිකම් පැවරීම එක් දිනකින් සිදුකිරීමට පවරන්නා (වර්තමාන ලියාපදිංචි අයිතිකරු) සහ පැවරුම්ලාභියා (නව අයිතිකරු) යන දෙදෙනාම පුද්ගලිකව පැමිණිය යුතුය.

    විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.

    රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.

    නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ද්විත්ව පැවරුමක් එනම් වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් පසු පැවරුම් ලාභීන් දෙදෙනෙක් ඇතිවිට, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.

    ලියාපදිංචි සහතික එදිනම ප.ව 2.00න් පසු පැවරුම්ලාභියා වෙත පමණක් නිකුත් කරනු ලැබේ.


    එක් දින සේවාව යටතේ ඉටු කරනු ලබන්නේ මෙම සේවාවන් පමණි


    වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම
    ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම
    මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

    එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
    එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)

    ලීසින් කොම්පෑනියක් වගේ තෑනකින් වෙන්දේසියකින් ගන්නවනම්

    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය. පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය.
    සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    අ. වාහනයේ ලියාපදිංචි සහතිකය
    ආ. වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

    උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
    සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.

    අයිතිකාරයා වල කජ්ජ ගහලා නම්,..

    වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි ‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්‍ය සේවා) පැවරීම් අංශය‍ට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත.
    අවශ්‍ය ලියකියවිලි

    එම්.ටී.ඒ. 5
    එම්.ටී.ඒ. 7
    වාහනයේ ලියාපදිංචි සහතිකය
    වාහනයේ හැඳුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

    අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    වර්තමාන අයිති කරු විවාහක නම් ‍ඔහු‍ගේ විවාහ සහතිකය අවිවාහක නම් ඒ බව ග්‍රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්‍රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්‍රකාශ කරන ලිපිය (ග්‍රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය)
    බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක්
    බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කර ප්‍රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.

    විශේශ ස්තුතිය හා පෑවරීම පිලිබද තොරතුරු මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුව

    හොද පන ගියා රෙප් හරි අඩුම ගානේ බම්ප් එකක් හරි ඔනෙමයි.......... හොරා වගේ යන්න එපා සුදු..... රත්තරං පව්


    therumak thiyana, kiyewwata eka thapparayakwath ahaka yanne nethi thread ekak :yes:
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ADO ELA MACHAN...ETH MATA TIKAK THERENNENA. APE WEEL EKA TRANSER KARAGANNA ONE.....OPEN TRANSPEPER TIKA THIYANAWA. ETH ANIK OWONERS LA HOYANNA BA UNA MARILADA KOHEDA. ETHIN KOHOMADA HARAWAGANNE. UBE KATHAWA GODAK WADAGATH MACHAN
     

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    bump
    ayye brand new wr 125x,ktm duke 200,ktm duke 125,msx 125 me set eken ekak mehe ganna hari gennala maintainance karala dena pot ekak nedda?puluwan thanak thiyanawa nam kiyanawada.