2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

good-night-candle-smiley-emoticon.gif
......................................................................
baby-waving-bye-bye-smiley-emoticon.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "මට මතකයි මගෙ අම්ම බත් හුළු තුන හතරක් පිගානෙ තියාගෙන මට කවනවා. ඒ අතරෙ පාරෙ යන වාහන පෙන්නනවා…."මගේ පුතත් බත් කාලා ලොකු වෙලා හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙලා අර වගේ කාර් එකකින් එන්න මාව බලන්න"...ජීවිතෙ මෙච්චර දුර එන්න පන්නරය දුන්නෙ එදා ඒ කියපු වචන ටික. අම්ම ඒ ටික කිව්වෙ එයාට කාර් එකක යන්න තියන උවමනාවට නෙවෙයි. ඉගෙනීම විතරක් දායාද කරගෙන ඉපදුන එයාගෙ පුතාගෙ අනාගතේ ස්ථාවර වෙනවා දකින්න තිබුන උවමනාවට! සල්ලිවත් බලයවත් එයාගෙ පුතාට දෙන්න එයා ලග තිබුනෙ නෑ. එයාට දෙන්න පුලුවන් උනේ බලාපොරොත්තු විතරයි. ඒ බලාපොරොත්තු වල හය්යෙන් මම දහඩිය කදුලු හෙලුවා එයාගෙ හීනයට පණ දෙන්න... වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න ලකුණු පොඩ්ඩක් මදි උනා.ඒත් මම ඉගෙන ගත්තා... මටත් පුලුවන් මේ ලෝකෙ දියුණුවට යමක් කරන්න කියලා උපධියක් අරගෙන මම ඔප්පු කරා..

    අවුරුදු විසිපහකට කලින් මට බත් කැව්ව ජනේලය අද්දරට වෙලා එයා අදත් බලාගෙන ඉන්නවා මම කාර් එකකින් එනකන්..මට සමාවෙයන් මගේ අම්මේ කාර් එකකින් නෙවෙ බස් එකෙන්වත් උඹ බලන්න එන්න මට හයියක් නෑ...මම තාම රස්සා පෝලිමේ........"




    179950_10151566212167808_1203395277_n.jpg



    Credit goes to සඳා @ අන්තිම පේලිය