ගාළුපාර

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කවුරුහරි ලියපු කවියක් නුගේගොඩ ගැන
    ඇවිස්සුවා මගෙ හිත පහුගිය දවස් ගාණම
    අනේ අපේ ගාළුපාර.........
    බම්බලපිටිය හන්දියෙන් ගෙදර යන්න බස් එන්නෙ නෑ දැන්
    ඒ හරිය වන් වේ
    කෙලෙවර පේන්නෙ නැති වාහන පෝලිම වහගෙන
    දෙහිවල හන්දියෙ ගුවන් පාලමක්
    ගල්කිස්ස හන්දියෙ කොච්චර බලා හිටියත්
    කොළඹ යන්න තට්ටු දෙකේ බස් එන්නෙ නෑ දැන්
    හිතුනු හිතුනු වෙලාවට පාර පනින්න තහනම්
    දැන් කළුතරත් ට්‍රැෆික් ලයිට්
    අපේ රහස් ඔක්කොම දැනගෙන හිටිය බෙන්තර පාලම
    අලුත් පාලම අපි ගැන මොනව දන්නවද
    අපි කාලය විතරක් නෙමෙයි ගාළුපාරත් හොඳටම වෙනස් වෙලා........
    ඒ ඔක්කොමත් හරි
    කාලෙකට ඉස්සර ගාළුපාර ගැන් ලියපු පද පේලියක් මතක් වෙල
    ඒක හොයද්දි,අන්තර්ජාලයෙන් ඒකත් අතුරුදහන්