දානය මහත් ඵල වන ආකාරය

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මට හරිම ආසයි රහත් භාවය ලබාගන්න හැටි ගැන ටිකක් දැනගන්න​. ඔබට පුලුවනිනම් මට ඒ ගැන පොඩි විස්තරයක් ලබාදෙන්න පුලුවනිද​?

භික්‍ෂ්හුවක් නොවී මාර්ගපල ලබාගැනීමට හැකියාවක් තිබෙනවද​? පොඩ්ඩක් මේ ගැන සදහන් කරනවද​?

තවත්, මා සියලුම ලවුකික බැදීම් වලින් ඉවත්වුවහොත් එදින වහාම රහත්පල ලබාගත හැකිද​?
නිවන් අවබෝධ කරගැනීමට ධර්මයේ පිහිට පමණක් සැහේද​? ඒ සදහා පෙර ආත්ම වල පව් හරස් විය හැකිද​?

ඔබට මේ සදහා පිලිතුරු ලබාදිය හැකි නම් ඉතා පින්!

කාලෙකට පස්සෙ මේ පැත්තට ආවම දකින්න ලැබුනා. මේක මේ ප්‍රශ්නෙට පිළිතුර නෙමේ හොඳද....

මුලින්ම කියන්න ඕනා කාටවුනත් රහත් වෙන්න සිතුවිල්ලක් ඇති වුනානම් ඒකත් ලොකු කුසලයක් බව. රහත් වීම සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ අපි ඒ වෙනුවෙන් දරන වීර්යය මත. බෞද්ධ සාහිත්‍යයේදී අපිට දකින්න ලැබෙනවා බාහිය දාරුචීරිය වගේ ක්ෂණිකව එක ධර්ම පාඨයක් ඇසුව පමණින්ම රහත් වුන උත්තමයො. ඒ වගේම කොණ්ඩෙ භූ ගාද්දි රහත් වුන උත්තමයො. ඒ වගේම උකුලේ උකුල් ඇටේ කුඩු කරන් භාවනා කරලා රහත් වුන උත්තමයො. ඒ වගේම තමයි ඇස් පෙනීම අහිමි කරන් රහත් වුන උත්තමයො. තවත් අවස්ථා වලදී හම්බ වෙනවා තමුන් සියදිවි නසා ගනිද්දි රහත් වුන උත්තමයො. මේ වගේ නොයෙක් උත්තම චරිත අපිට මුණ ගැහෙනවා. වැදගත්ම දේ තමයි මේ අය ගෞතම බුද්ධ රාජ්‍යයයේදී රහත් භාවය එක් ආකාර‍යකින් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීම සඳහා පෙරුම් පුරාගෙන ආපු ඇත්තො වීම. උදාහරණයක් විදියට දැන් අග්‍ර ශ්‍රාවකයින් වහන්සේලා ඒකාලක්ෂ කල්ප ගණනක ඉඳන් ඒ වෙනුවෙන් පෙරුම් පුරන් පැමිණි වහන්සේලා. අනිත් උත්තමයොත් එහෙමයි. මේ පෙරුම් පිරීම සරලව හඳුන්වන්නේ පාරමිතා සම්පූර්ණ කරනවා කියලානේ. ඉතින් අපි වුනත් අපේ පාරමිතා අපි බලාපොරොත්තු වුන බෝධියෙන් (බුදු, පසේබුදු, අර්හත්) අදාල බෝධියට ගැළපෙන විදියට සම්පූර්ණ කරලා නම් දැන් ඉන්නේ මේ ආත්ම භාවයේදීම රහත් වෙන්න පුළුවන් නිවැරදි විදියට කටයුතු කරනවා නම්.

මෙතනදි වැදගත් දෙයක් මතක් කරන්න අවශ්‍යයි. අපි අපේ පාරමිතා සම්පූර්ණ කරද්දි ඔහේ යන්නන් වාලේ කරලා හරියන්නේ නෑ. අපේ අවසන් අරමුණ නැත්නම් ගමනාන්තය මොකක් වෙනවාද කියන අරමුණ නිශ්චය කරගෙන කරන්න ඕනා. කෙනෙක් බුදු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් (ඇත්තටම හොඳ අරමුණක් නමුත් මාර්ගය කර්කශයි) ඒ ඇත්තා ඒ වෙනුවෙන් පිරිය යුතු පාරමිතා සම්පූර්ණ කරන්න ඕනා. යම් කෙනෙක් පසේ බුදු වෙන්න බලාපොරොත්තු වෙනවානම් ඒ වෙනුවෙන් අදාල පාරමිතා සපුරන්න ඕනා. ඒ වගේම යමෙක් අර්හත් බෝධියෙන් ගමන අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවානම් ඊට අදාලා පාරමිතා සපුරන්න ඕනා. ඒත් බහුතරයක් රහත් වෙන්න වුවමනායි කියලා හිතුවාට ඒ මොන ක්‍රමයෙන්ද කියලා තීරණය කරන්නේ නෑ. ඒක නිසා බොහොම අපහසුතාවකට පත් වෙනවා. මොකද එයාට තමුන් බලාපොරොත්තුවෙන දේ නොලැබෙන නිසා. ඒ නිසා රහත් වීමේ බලාපොරොත්තුව ඇති ඇත්තො තමුන් තුන්තරා බෝධියෙන් කුමන බෝධියෙන් රහත් වන්නේ දැයි නිසි අවසන් අරමුණක් ඇති කර ගනිත්වා !!!

ඊළඟට වැදගත් දේ තමයි රහත් වීම කියන දේ මේ ජීවිතයේදීම විය යුතුයි කියලා නියමයක් නෑ. යමෙක් ඒ අරමුණ දැඩිව අල්ල ගත්තොත් ඒ ඇල්ලීම නිසාවෙන් ම ඒ ඇත්තාගෙ අරමුණ හොඳ දෙයක් වුනත් ඉෂ්ට නොවෙන්න ඉඩ තියෙනවා. මෙතනදි මේ ගැන වැඩි තොරතුරු දැන ගැනීමට කැමති කෙනෙක් ඉන්නවා නම් ආන්නද මහරහතන් වහන්සේගේ චරිතය හදෑරීම හොඳයි. කලින් කිවුව වගේ පාරමිතා සැපිරීම මේ ආත්මෙදිම සම්පූර්ණ කරන්න පුළුවන්ද බැරිද කියන දේ අනුව මේ ආත්මෙදි ම අර්හත් භාවය ලැබෙන්නේද නැද්ද යන්න තීරණය වෙනවා. නමුත් පෘථග්ජනයෙක් ඒ සම්බන්ධයෙන් නිවැරදිව දන්නේ නෑ. ඒකනෙ බහුතරයක් කමටහන් දෙන ඇත්තන්ට අදාල තැනැත්තාට ගැලපෙන්නේ මේ කමටහනයි කියලා නියමම කමටහන දෙන්න බැරි. මේ සම්බන්ධයෙන් හදාරන්න කැමති ඇත්තන්ට ස්වර්ණාකාර රහතන් වහන්සේගේ චරිතය හා චුල්ල පන්ථක මහරහතන් වහන්සේගේ චරිතය හදාරන්න කියලා කියන්නේ ඒ ගැන නියම අදහසක් ඇති කරගන්න. ඉතින් සමහරවිට මේ ආත්මෙ රහත් භාවය නොලැබෙන්නත් පුළුවන්. එහෙම වුනොත් මොකද වෙන්නේ ? අපිට සංසාරෙ තවත් තාවකාලික නැවතුමකට ගෙන යනවා. එතන කොයි වගේ වෙයිද කියන්න අපි කවුරුවත් නොදන්න නිසා අපි ඒ තැන මෙතන ඉඳන්ම යහපත් කර ගන්න කටයුතු කරනවානම් හොඳයි. අපි මේ ආත්මෙ ඉඳන් අපි නොදන්න අපේ පසුගිය ආත්ම ගැන නොහිතා ආරම්භයක් අර ගන්නවා නම් නිවැරදි අරමුණකින් මේ ආත්මෙ හෝ වෙනත් ආත්මයකදී අපේ අරමුණට ලන් වෙන්න පුළුවන් වෙයි. ඒ නිසා රහත් වීමට කැමති ඇත්තෝ මේ ආරම්භයයැයි සිතා තමුන්ගේ ගමන අරඹත්වා!!!!

අපි හැමෝම බෞද්ධයො විදියට බලාපොරොත්තුවෙනවා මේ බුද්ධ කාලයේ කෙසේ වෙතත් මෛත්‍රී ‍බුදුහාමුදුරුවන්ගේ කාලෙදි හරි රහත් වෙන්න ලැබෙන්න කියලා. ඒක බෞද්ධ අපේ ප්‍රාර්ථනාවක්. නමුත් පැහැදිලි කාරණාව වෙන්නේ ප්‍රාර්ථනාවෙන් පමණක් රහත් භාවය ලබන්න නොහැකි වීමයි. යම් කෙනෙක් රහත් වීමට බලාපොරොත්තු වෙනවානම් සරලවම ඒ කෙනා තමුන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනා පුරුදු 3 ක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ ශීල, සමාධි හා ප්‍රඥා විදියට. ඒ වගේම තමයි වැදගත්ම කරුණ වෙන්නේ මේ පුරුදු 3 එකිනෙකට සමානව ගොඩ නගා ගන්න අවශ්‍ය වෙන එක. මෙතනදි මේ වගේ හඳුන්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අපි කොයි තරම් ලොකු හෝ කුඩා ගොඩනැගිල්ලක් හදද්දි ඒකට දාන පාදම අදාල ගොඩනැගිල්ලේ බර දරා ගන්න ශක්තිමත් පාදමක් වෙන්න ඕනා. ඒ පාදම නියමිත ප්‍රමිතියට හා අදාල බර දරා ගැනීමේ හැකියාවෙන් තොර නම් ‍ගොඩනැගිල්ල පවතින්නේ නෑ. ඒ වගේම මුලින්ම හදන්නේ පාදම. ඒ පාදම මත තමයි ගොඩනැගිල්ල ගොඩ නැගෙන්නේ. අර්හත් භාවයත් මෙසේමයි. ශීලය තමයි පදනම. ඒ මතයි සමාධිය හා ප්‍රඥාව ගොඩ නැගෙන්නේ. ගෘහස්ථයාට නම් පංච ශීලය හෝ පොහොය ශීලය. නිසි ආකාරයෙන් ගෘහස්ථ ශීලය සම්පූර්ණ කරන හා ඒ තුලින් සමාධිය හා ප්‍රඥාව වර්ධනය කරන ඇත්තන්ට ගිහි ලෙසින්ම අර්හත් භව ඇති කරගන්න පුළුවන්. ඒ ගැන තර්කයක් නෑ. නමුත් මෙතනදි මතක තියා ගන්න හොඳයි ඒ අය අර්හත් භාවය ලබා ගැනීමෙන් දින 7 ක් තුල ගිහිගෙයිම වසන්නේ නම් පරිනිර්වාණයට පත් වෙනවා කියන දේ බුද්ධ දේශිතයි. මේ සම්බන්ධයෙන් හැදෑරීමට කැමති ඇත්තෝ කොසොල් රජතුමාගේ දේවි‍යගේ කථාව කෙරේ යොමු වෙත්වා.

ගිහි ගෙයි වසමින් රහත් භාවය ලබා ගැනීම හා පැවිදිව රහත් භාවය ලබා ගැනීමේ අතර වෙනසක් තියෙනවා. හැබැයි එතනදි අදහස් වෙන්නේ නෑ ගිහිගෙයි වසන්නාට රහත් භාවය නොලැබෙනවාය කියලා. මේ දෙවර්ගය පිරිය යුතු පිළිවෙත් වෙනස්. ඒත් ඒ පිළිවෙත් අවසානයේ යොමු වෙන්නෙ අර්හත් භාවයට. මේ පිළිවෙත් වලදි නිවනට අවශ්‍යම වෙන අත්හැරීම අපි ඇති කරගන්න අවශ්‍ය යි. ගිහියෙක්ගේ අත් හැරීම පැවිද්දට වඩා අමාරුයි. පැවිද්දා පැවිදි වෙන්න කටයුතු කරද්දිම ගිහියට වඩා වැඩියෙන් අත් හරිනවා. ගිහියෙක්ව සිටිනවානම් ගිහි පිළිවෙත් රකින්න අවශ්‍යයි. පැවිද්දෙක්නම් පැවිදි පිළිවෙත් රකින්න ඕනා. මේ දේවල් පටලා ගන්න නරකයි. ඕකයි ස්වභාවයි....

එවං යං සුරපාද පොවසකලං භොගාවහං පත්ථිතං - සීලං යං විවිධං බුධෙහි සතතං ඛණ්ඩාදි භාවාපහං
කත්වා සම්පරිපාලිතන්තු සකලං දුක්ඛං නිහනත්වාමතං - නිබ්බාණම්පි දදාති කොහි මතිමා තස්මිං පමාදං භජෙ​
 
  • Like
Reactions: Gstar

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    සාදු ! සාදු !! සාදු !!!

    පින්වත් ඔබට උතුම් වු චතුරාර්ය සත්‍යය දර්මයන් අවබෝධ වීම පිනිසම ,මේ උතුම් දහම් පඩුර හේතු වාසනා වේවා......
    නමෝ බුද්ධාය!
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT]

    ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ රාජ්‍ය වර්ෂ 2013 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න.