මම අහල තියෙන්නෙ, සෝවාන් වීම තමයි අමාරුම කොටස කියලා. සෝවාන් වූ අයෙක්, පැමිණි දුරට වඩා, තව යන්න තියන දුර සාපෙක්ෂව හුගක් අඩුයිලු.
අනික් එක, සෝවාන් වුනු කෙනෙක් උපරිම ආත්ම හතක් ඇතුලත නිවන් දකිනවා කියලා තමයි අහලා තියෙන්නෙ.
දැන් ඉතින් දන්න කෙනෙක් කියන්න බලන්න සෝවාන් වීම දක්වා මර්ගය තමන්ට තෙරෙන විදිහට. අහලා තියෙන්න්නෙ ආර්ය අශ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම තමයි ලු කරන්න තියෙන්නෙ. සෝවාන් වෙන කෙනාගෙ සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස නැති වෙනවලු.
මෙහෙම අහලා තිබුනට තවම හරියට තෙරුන්නැහැ කියලා තමයි හිතෙන්නෙ.
අවබොධයක් තියන කෙනෙක් පුලුවන් නම් කියලා දෙන්න.