අසුචි තැවරුණු මිනිසෙක් දිය පිරුණු ජලාශයක් දැක එය පරිහරණය නොකරන්නේ නම් එය එම ජලාශයේ දෝෂයක් නොවේ.
එපරිද්දෙන්ම සියලු කෙලෙසුන් සෝදා පා කල හැකි අමාවිලක් ඇති කල්හි ඒ අමා විල සේවනය නොකරන්නේ නම් එය එම අමා විලෙහි දෝෂයක් නොවේ.
සතුරන් ගැවසීගත් ගමන් මගක් ඇති කල්හි යම් පුරුෂයෙක් එමගින් පලා නොයේ නම් එය එම මගෙහි දෝෂයක් නොවේ.
එපරිද්දෙන් කෙලෙසුන් ආවරණය වූ නිවන් මග ඇති කල්හි එම නියම නිවන් මග සොයා නොගන්නේ නම් එය නිවන් මගෙහි දෝෂයක් නොවේ.
රෝගියෙක් ඒ සදහා පිළියම් කල හැකි වෛද්‍යවරයෙක් ඇති කල්හි එම රෝගයට පිළියම් නොකරවා ගන්නේ නම් එය වෛද්‍යවරයාගේ දෝෂයක් නොවේ.
එපරිද්දෙන්ම කෙලෙස් නමැති රෝගයෙන් පිඩාවට පත් වූ තනත්තහුට එම කෙලෙස් නමැති රෝගය සන්සිදුවමින් මෝක්ෂ මාර්ගය කියාදෙන ශාස්තෘවරයෙක් සිටින කල්හි එම ආචාර්යවරයා ඇසුරු නොකරන්නේ නම් එය එම ශාස්තෘවරයාගේ දෝෂයක් නොවේ.
ඛුද්දක නිකාය
සුමේධ කතා (බුද්ධ වංශය )
Last edited: