ලංකාවේ සෑම නගරයටම CCTV කැමරා
කොළඹ නගරයේ ආරක්‍ෂාව සහතික කිරීමත්, රථවාහන අනතුරු හා වාහන තදබද අවම කිරීමත් අරමුණු කොට ස්ථාන 28ක දැනට ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රීය සජීවි කැමරා පද්ධති ජාලය ලංකාවේ සෑම ප්‍රධාන නගරයකටම සවි කිරීමට රජය සැලසුම් කොට තිබේ.
ලෝක විදුලිසංදේශ හා තොරතුරු තාක්‍ෂණ දිනය සැමැරිමේ ජාතික උත්සවය ඊයේ (17) දහවල් කෑගල්ල ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලයේ පැවැති අවස්ථාවේදී, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සභාව අමතමින් මේ බව අනාවරණය කෙළේය.
ඒ අනුව ඉතා ඉක්මනින් උතුරු නැගෙනහිර පළාත් හි මෙම ස්වයංක්‍රීය සජීවි කැමරා පද්ධති සවිකිරීමට කටයුතු කරමින් සිටියි.
‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් සහ මාර්ග සුරක්ෂිතතාව ඉහල නැංවීම’යන්න මෙවර ජාත්‍යන්ත විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ සමාජ දිනයේ තේමාව විය.
ජාත්‍යන්තර විදුලි සංදේශ දිනයට පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ ප්‍රධාන සමාජ වගකීම ඉටු කිරීමට බහු ආංශික ප්‍රවේශයක් අවශ්‍ය බවය
Source : mirror.lk