ඊජිප්තු පිරමීඩ බල ශක්තිය නිපදවන්න පාවිච්

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඊජිප්තු පිරමීඩ බල ශක්තිය නිපදවන්න පාවිච්



    giza-pyramids_24757_600x450.jpg


    ඊජිප්තු පිරමීඩ කියන්නේ ඉතිහාසය පිලිබදව ගවේශණය කරන කෙනෙක්ට කවදාවත් අධ්‍යනය කරලා ඉවර කරන්න බැරි දෙයක්. ඒ වගේම දැනට තියෙන තාක්ෂණයෙනුත් කිරීමට නොහැකි තරමට අපහසු නිර්මාණයක්. නමුත් මේ දැවැන්ත නිර්මාණ කලේ කෙසේද, කුමක් සදහාද කියන දෙය අදටත් විවිධ මත ගැටුම් වලට භාජනය වන කරුණක්. දැනට තියෙන පිළිගැනීමේ හැටියට මේවා නිර්මාණය කරලා තියෙන්නේ පාරා රජවරුන්ගේ සොහොන් ලෙසින්, නමුත් මෙය සිදුකලේ ඒ සදහා පමණක්ද, එසේත් නැත්නම් ඊට වඩා වෙනස තවත් අතුරු අරමුණකින් මෙය සිදුකලාද කියන එක සොයා බැලීම දැනටත් මේ පිළිබදව සොයා බලන අයට වද දෙන කරුණක්.

    මේ පිළිබදව අළුතින් ගොඩනැගුණ මතයක් තමයි මේවා අතීතයේ භාවිතා කරලා බළශක්තිය නිපදවපු ශක්ති බලාගාර කියන එක.

    පිරමීඩයේ අභ්‍යන්තරය ගැන සොයා බලන විට රැජනගේ කුටිය, රජුගේ කුටිය හා ඊට අමතරව තවත් කුටි කිහිපයකුත් සංකීර්ණ නාළ පද්ධතියකුත් පරීක්ශකයන්ට සොයා ගන්න පුළුවන් වුනා. ඒ අනුව කලින් කියපු විදිහට පිරමීඩය භාවිතා කලේ ශක්තිය නිපදවන්න කියන මතයට තවත් සාක්ශි එකතුවුනා. ඔවුන් සදහන් කරන පරිදි මුලින්ම නයිල් ගංගාවේ සිට ජලය පිරමීඩය අභ්‍යන්තරයේ පවතින කුඩා කුටියක් තුළට ගලා ඒමට සලස්වා එහිදී සිදුවන පීඩන මගින් මුළු පිරමීඩයම කම්පණය වීමට සැලැස්වේ. ඉන් පසුව නළ දෙකකින් වෙන වෙනම ජලද්‍රාවිත සින්ක් සහ සල්ෆියුරික් අම්ලය රැජිනගේ කුටියට ඒමට සලස්වා එහිදී සිදුවන ප්‍රතික්‍රියාවෙන් නිපදවෙන හයිඩ්‍රිජන් රජුගේ කුටියට ඒමට සලස්වයි. ඉන් පසුව සිදුවන්නේ එම හයිඩ්‍රිජන් පරමාණු පිරමීඩයේ සිදුවන කම්පණය හේතුවෙන් ක්ෂුද්‍ර තරංගමය ශක්ති කදම්භයක් ලෙසින් රජුගේ කුටියේ වූ නළයකින් පිට වීමය.

    1.JPG


    මෙය හුදෙක් කල්පිතයක් පමණක් නොවේ. මේ සදහා සාක්ශි ලෙසින් අදාල න්ළයන් තුලදී තැන්පත් වී ඇති සින්ක්, සල්ෆියුරික් අම්ලය වගේම පීඩන කුටිය තුළ ජලය දීර්ඝ කාලයක් තිස්සේ ගැලීම හේතුවෙන් ඇතිවූ සළකුණුද සොයා ගැනීමට පරීක්ෂකයන් සමත්විය. දැන් මීළගට ප්‍රශ්න කීපයක් මතුවෙනවා, එකක් මෙසේ ශක්තිය ජනනය කල පසුව ඒවා භාවිතා කලේ කුමක් සදහාද, මෙලෙස ශක්තිය ජනනය කිරීමට හැකි තාක්ශණයක් මීට වසර දහස් ගණනකට පෙර ඔවුන්ට ලැබුනේ කෙසේද, පළවෙනි ප්‍රශ්ණයට උත්තරය ලැබෙන්නේ පිරමීඩ ඇතුලේ තිබෙන පැරණි සිතුවම් වලින්මයි.

    2.JPG


    මේ පිළිබදව නම් මම මීට කලින් හුගත් සිංහල බ්ලොග් වල ඕන තරම් කියවලා තියෙනවා. බැලූ බැල්මට නම් මේක පෙනෙන්නේ හරියට කැතෝඩ කිරණ නළයක් වගේ, ඒ වගේම ඒ තුළින් යන කිරණක ආකාරයේ දෙයකුත් දකින්න පුළුවන්. මේ උපකරණය පිරමීඩ ඇතුළත ආලෝකමත් කරන්න පාවිච්චි කලා කියලා තමයි විශ්වාස කරන්නේ. මේ නිපදවපු ශක්තිය භාවිතා කල එක් අවස්තාවක් පමණක් වෙන්න පුළුවන්.

    බළශක්තිය නිපදවපු එකම ශිෂ්ඨාචාරය ඊජිප්තුව විතරක්ම නෙවෙයි. 1932 දී ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ පිරිසක් විසින් මෙසපොටේනියානු ශිෂ්ඨාචාරයේ කැනීම් කිරීමකදි අද අප භාවිතා කරන සරළ විදුලි කෝශ වලට සමාන එහෙත් විශාල යමක් සොයා ගැනීමට සමත් වෙලා තියෙනවා. තඹ තහඩු හා ඒ වටා කල ආවරණයකින් සමන්විත මෙය සරළ රසායනික විදුලි කෝශයට සර්වසම් බව පැවසෙනවා.

    3.JPG


    ආපසු ඊජිප්තුවට ආවොත් ඊජිප්තුවේ Abu Gorab කියන ස්ථානයේ තියෙන හිරු දෙවියන්ගේ දෙවොල අතීතයේ හදුන්වා තිබෙන්නේ සියළු ශක්තිය එකතුවූ ස්ථානයක් ලෙසයි. මෙම ස්ථානයේ පරීක්ශණ සිදුකල බර්ලින් කෞතුකාගාරයේ පිරිසක් එහිවූ කුළුණක පාදමක් සොයා ගැන්මටත් ඒ මගින් එය අතීතයේ තිබූ ආකාරය පරිඝනකය ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීමටත් සමත් වුනා. මේ අනුව එය මුදුනත උල්වූ කුළුනක ආකාරයකට තිබූ බව අනාවරණය වුනා.

    4.JPG


    5.JPG


    6.JPG


    මීට සමාන හැඩයෙන් යුත් කුළුණු ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුළුවන්, මේවා ගොඩනැගිල්ලක් වශයෙන්වත් වෙනත් වැදගත් කරුණක් සදහාවත් යොදාගත්තා යැයි සිතීමට නොහැකි විශේෂයක්.

    72267130.jpg


    54481012.jpg


    86561133.jpg


    87438945.jpg


    89797219.jpg


    34066352.jpg


    පරීක්ෂකයන් පෙන්වා දෙන පරිදි මෙම කුළුණු විශේෂය පිරමීඩ මගින් නිපදවා සම්ප්‍රේශණය කරන ලද ශක්තිය ග්‍රහණය කිරීමට හැකි ප්‍රතිග්‍රාහක කුළුණු බවයි. දැන් තවත් ගැටළු කිහිපයක් පැන නැගේ, ප්‍රධාන වශයෙන් ගල් කුළුනක් ශක්තිය සම්ප්‍රේශණය හෝ ග්‍රහණය කරන්නේ කෙසේදැයි යන්නයි. ඒ සදහා ඔවුන් ප්‍රතිචාර ලෙසින් කරුණු මෙසේ දක්වා ඇත.
    මෙහි දක්වා ඇති සියළු කුළුණු නිමවා ඇති පාශාණවල ශක්තිය සදහා ප්‍රතිචාර දක්වන පලිගු ( energy responcive crystal) ඉතා බහුල වශයෙන් අන්තර්ගතව ඇත. මෙම පලිගු වල ඇති ස්භාවය ( crystal structure ) හේතුවෙන් එයට ස්භාවික ඉලෙක්ට්‍රෝන කම්පණයන් භාවිතයට ගත හැකි ශක්තියන් බවට පත් කිරීමට හැකියාවක් ඇතිබව ඔවුන් පවසයි.

    එසේනම් මීට වසර දහස් ගණනකට පෙර අද වත් නොමැති ශක්තිය වයර් රහිතව වායුගෝලය තුළින් සම්ප්‍රේශණය කිරීමේ හැකියාවක් තිබුණාද, ඒ මීළගට මතුවන ගැටළුවයි. විද්‍යුතය සන්නායකය වායුගෝලය බවට පත් කරගෙන සම්ප්‍රේශණය කිරීමට හැකියාවක් ඇතිබව අදටත් පිලිගන්නා මතයකි. මේ පිලිබදව සොයා බැලීමේදී "නික්ලෝ ටෙස්ලා" ගේ පරීක්ශණ ඉතා වැදගත් තැනක් ගනී. ( "The Prestige" ෆිල්ම් එක බැලුවනම් මේ ගැන මතක් වෙයි. )

    tesla-broadcast-tower.jpg


    ටෙස්ලාගේ විද්‍යුතය සම්ප්‍රේශණ කුළුණ (tesla's tower the wardenclyffe)

    ඒ අනුව ඔවුන් පිරමීඩය හුදෙක් සොහොනක් (පමණක්) නොවන බවත් එය ටෙස්ලාගේ විද්‍යුත් ශක්තිය රැහැන් රහිතව සම්ප්‍රේශණය කල කුළුනට සමාන බවත්, ලොව පුරා විසිරී ඇති හිරු දෙවියන්ගේ දෙවොලෝ වූ කුළුණට සමාන කුළුණු එම ශක්තිය සම්ප්‍රේෂණය කල කුළුණු බවත් පැවසේ.

    බළ ශක්තිය භාවිතා කලේ පාරාවන් හා මෙසපොටෙනුවන් විතරද

    ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය පිලිබදව පිලිබදව සොයා බැලීමේදී මොහෙන්ජොදාරෝ පෞරාණික නගරයට හිමි වන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්. මෙය වසර 4,000ක් 5,000ක් පමණ පැරණි ශිෂ්ඨාචාරයක්. නමුත් මෙය එකවර බිදවැටීමට හේතු සොයන පිරිසකට පැරණි අස්ථි කැබලි අතර විශ්වාස කල නොහැකි තරමේ ඒ සදහා වූ සාක්ශියක් අනාවරණය කර ගැනීමට සමත් විය.

    10997275.jpg


    45182889.jpg


    55074453.jpg


    ඒ අනුව ඔවුන් සොයාගෙන තිබුනේ ඉතා අධික වශයෙන් විකිරණ වලට නිරාවරණය වී මිය ගිය පුද්ගලයන්ගේ ඇටසැකිලි කීපයක්. මෙය මෑතකදී සිදුවූ ෆුකොශිමා බලාගාරයේ කාන්දුව වැනි හෝ හිරොශිමා බෝම්බයට නිරාවරනයෙන් මිය ගිය අයෙක්ට සමානතාවක් ගන්නා බව ඔවුන් පවසයි. එසේ නම් දැනට ඉන්දුනිම්න ශිෂ්ඨාචාරය බිදවැටීමට හේතු වූනා යැයි කියන සාගතය හා නියගය යන මත ගොන්නට තරමක් විශ්වාස කල නොහැකි මතයද එක්වේ. කෙසේ වෙතත් මෙය සනාත කිරීමට මීට වඩා තවත් දැඩි සාක්ශි අවශ්‍යවන බව මෙගේ පෞද්ගලික මතයයි.

    කයිලාශ් කන්ද - ටිබෙටය

    68132802.jpg


    95891089.jpg


    ටිබෙටය - හිමාලය කියන්නේ ලෝකයේ ප්‍රධාන ආගම් කිහිපයකම තිබිරිගෙය වූ ස්ථානයක්. බුදු දහම, ජෛන ආගම, හින්දු ආගම මෙන්ම දළයිලාමා අදහන ආගම ( ඒක මොකක්ද මම දන්නෙ නෑ ) වගේ ආගම් කිහිපයක්ම ලෝකයට දායාද වුනෙ මෙම ප්‍රදෙශයෙන්. ටිබෙටයේ කයිලාශ් කන්ද කියන්නේ ඉහත බොහෝ ආගමික භක්තිකයන්ගේ ගෞරවයට පාත්‍රවුනු තැනක්. ඔවුන් මෙම ස්ථානය හදුන්වන්නේ පොලොව දෙවියන් හා සම්භන්ධ වන ස්ථානයක් විදිහට. ඒ වගේම මෙම ස්ථානය බැලූ බැල්මට පිරමීඩයක ආකාරයක් තමයි පෙන්වන්නේ. මෙම ස්ථානය ගැන අතීත චීන හා ඊජිප්තු වාර්තා වල සදහන් වන බව පැවසේ.

    චීනය -මගඕ ගුහාව

    චීනයේ මගාඕ ගුහා කියන්නේ ක්‍රි.පු 500 සිට ක්‍රි.ව 1500 දක්වා විතර දිවෙන දිගු ඉතිහාසයක් තියෙන බෞද්ධ විහාරයක්. මෙහි ඉතා පැරණි ලේඛන රාශියක් ගබඩාවී ඇත. 1907දී පරීක්ශකයෙක් එහි වූ පැරණි කුටියක තිබී කිසියම් ආකාරයක කුළුණක සැලැස්මක් සොයා ගන්නා ලදී.

    40767156.jpg


    89724531.jpg


    58591831.jpg


    ක්‍රි.ව. දෙවන සියවසට අයිති මෙහි දක්වා තිබුනේ දිව්‍යලෝකය හා මනුලොව එක්කරන කුලුණකි. මෙය අධ්‍යනයෙන් "Northorop Grumman" කියන ආයතනය උසස් තාක්ශණික අවියක් නිපදවීමට සමත් වුනා. මෙම ලියවිල්ලේ සදහන් උපකරණය සමාන වුනේ දැන්ට ඇති අංශු විභේදකය ( atomic smasher ) ටය. මින් අංශු කදම්භයක් විසිරෙන ආකාරයේ ක්‍රියාවක් සිදුවන බව සදහන්වේ.

    ඒ අනුව එයත් එක්තරා ආකාරයක ශක්ති ජනකයකි. මෙසේ තවදුරටත් සොයා බැලීමේදී මේ ආකාරයේ සැකැස්මවල් ඉතිහාසයේ විශ්වාස කල නොහැකි කාල තුළ භාවිතා වී ඇත. කෙසේ වෙතත් අවසානයේ ඉතිරිවන පොදු ප්‍රශ්නයක් ඇත. ඒ මෙම තාක්ශණය ආදිතමයන්ට ලැබුනේ කෙසේද ? එය හිටි හැටියේ අහිමිවූයේ කෙසේද යන්නයි ?

    මූලාශ්‍රය : Ancient.Aliens.S05E03.Alien.Power.Plants

    ගත්තෙ http://techzeeker.blogspot.com/2013/02/blog-post.html

     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Tanx bro math mara asai mewata...mae lagadi man article ekak dakka eke kiyanne pyramid eka tanikara eka stone ekakin kapala hadala kiyala...oya stone block hadala issuwe kohomada kiyala hitaganna amarui ne...palleha link eka balanna


    http://py3.weebly.com/