රැපියල්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මුනිච්චාවට බටර් ගාන කෙල්ලෙක්ට දුන්න රිටන් එකක්................

    කොල්ලා - අනේ කොහොමද?.......... මේ එක නෙමෙයි මං ඔයාව හීනෙන් දැක්කනේ...... ඊයෙ රෑ ............

    කෙල්ල - (පුදුමයෙන්) ආ ඇත්තද?..... මං ලස්සනට හිටියද කියන්නකෝ..... මොනව කරනවද දැක්කේ.........

    කොල්ලා - බස් එකක යනවා දැක්කේ.......

    කෙල්ල - ඉතිං ඉතිං කියන්නකෝ.........

    කොල්ලා - බස් එකක දුර ගමනක් ගියා අනේ....... අපි අනුරාධපුරේ පැත්තෙ ගියේ...... වැව් බන්ට් එක උඩින් යනකොට බස් එක පෙරළුනා වැවට........

    කෙල්ල - ඕ මයි ගොඩ්..... ඉතිං ඉතිං......

    කොල්ලා - ඒ වෙලාවේ හැමෝම ජීවිතේ බේරගන්න පීනුවා හැම තැනම...... වැවේ වතුර උතුරන්න තරම්......... හොදටම වහිනව ඒ වෙලාවේ..........
    මං දැක්ක ඔයා සෙනග අතරින් කාවද හොයනවා ගොඩක් වෙලාවක් තිස්සේ....... මමත් යන්තම් නෙළුම් කොලේක එල්ල්ලා හිටියේ........

    කෙල්ල - (බොරැ මායමක් දාගෙන) වෙන කාවද සදු ඔයාව මිසක් නේද.....?

    කොල්ලා - නෑ නෑ........ පස්සේ ඔයා කෑ ගහනව ඇහුනා.......

    කෙල්ල - ඉතිං ඔයාගෙ නම කියල නේද.... ඇයි මෝඩයෝ තමුසෙට පීනන්නත් බෑනේ..... ඒක නිසා වෙන්න ඇති..........

    කොල්ලා - මං පීනගෙන තමයි ඔයා ලගට ආවේ..... ඇවිත් බලනකොට ඔයා කෑ ගහනව.........

    කෝ යකෝ මේ බස් එකේ කොන්දොස්තරයා බහිනකොට දෙන්නම් කිවුව මගෙ ඉතුරු රැපියල් දෙක දීපං ........... කිය කිය කොන්දව හොයනවා....