කප්රුක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    අන්තර්ජාලය මගින් ඇණවුම් ලබාගෙන ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට මත්පැන් බෙදාහරිමින් පවත්වාගෙන ගිය මහාපරිමාණ ජාවාරමක් වැටලීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ සමත් වී ඇත.

    ශ‍්‍රී ලංකාව තුළ මෙවැනි වැටලීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි.


    'කප්රුක' නමැති පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක්, වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් විවිධ භාණ්ඩ බෙදාහැරීම සිදුකරන මුවාවෙන් මෙම මත්පැන් බෙදාහැරීමේ ජාවාරම සිදුකර ඇතැයි පැවසේ.


    අන්තර්ජාලය හරහා මත්පැන් ඇණවුම් කරනු ලබන පුද්ගලයන්ට අදාළ ස්ථානයටම එම මත්පැන් සපයා දීම මෙම ව්‍යාපාරික ආයතනයේ සේවකයන් විසින් සිදුකර ඇති බවමූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.


    ණය කාඞ්පත් මගින් ඒ සඳහා ගෙවීම් සිදුකිරීමේ පහසුව ද සලසා දී තිබී ඇත.

    කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය උපාය දුතයෙකු යොදවා සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයට අයත් කිරුළපන විජය කුමාරතුංග මාවතේ පිහිටි ගබඩාවක තිබී රුපියල් මිලියනයකට අධික මත්පැන් තොගයක් ද සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇත.

    එමෙන්ම මෙම ව්‍යාපාරික ආයතනයේ ශාඛාවන් අමෙරිකාව, එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල ද පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    වසර 8ක පමණ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව ද මූලික ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙන අතර, සැකකරුවන් අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙම මත්පැන් බෙදාහැරීමේ අන්තර්ජාල වෙබ් අඩවිය පවත්වාගෙන ගොස් ඇත්තේ, දුලින් හේරත් නමැති අයකු විසිනි.

    දුලින් හේරත් මහතා, බෞද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම් කැනිෂියස් හේරත් මහතාගේ පුත්‍රයෙකි. එසේම දුලින් හේරත් මහතාගේ මව වන නිලංගනී හේරත් මහත්මිය ශ්‍රී ලංකාවේ පෙන්ශුයින් ආගමික නිකායේ ක්‍රියාකාරී සාමාජිකාවකි.

    මෙම වැටලීම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමක දී සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියකු කියා සිටියේ, අන්තර්ජාලයෙන් මෙසේ මත්පැන් බෙදාහැරීමට 'කප්රුක' ආයතනය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි බවයි. එසේ බලපත්‍රයක් නොමැතිව මත්පැන් ගබඩා කිරීම මෙන්ම බෙදාහැරිම නීති විරෝධිබව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙසේ මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 'කප්රුක' ජංගම සාප්පු සංකීර්ණ වෙබ් අඩවිය එහි සේවාවන් සඳහා කිහිපවරක්ම සම්මාන දිනු වෙබ් අඩවියකි.
     
    • Like
    Reactions: rm1980