රට රකිනා වීරෝධාර රණවිරුවෙකුගේ වැඩ

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    රට රකිනා වීරෝධාර රණවිරුවෙකුගේ වැඩ

    (ලංකා ඊ නිව්ස් -2013.ජුනි.29, ප.ව.8.30) ලංකාවේ නිති විරෝධී කටයුතු වල යෙදුනු නයිට් ක්ලබ් එකක් හෙවත් රාත්‍රී සමාජ ශාලාවක් වැටලු විට ඒ අයිති කරුවා බේරා ගැනීමට නිව්යෝර්ක් නුවර සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හමුදා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැදිහත් වී ඇතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත වාර්තා වේ.

    කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය 'රෙඩ් ස්ටාර්' නම් බලපත්‍ර රහිත රාත්‍රී සමාජ ශාලාවක් ඊයේ රාත්‍රී වැටලු පොලිසියේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් එහි තිබී නීති විරෝධී විදේශ මත්පැන් බෝතල් 42 ක් ද, කැසිනෝ සූදු යන්ත්‍රයක් ද, මුදලින් රුපියල් ලක්ෂ 10 ක්ද අත් අඩංගුවට ගත්තේ ය. ඉන් මඳ වේලාවක් යද්දී පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරින් දුරකථන ඇමතුමක් ලැබිණ. කතා කෙළේ එහි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් 'රණවිරුවා' ය.

    තමා රණවිරුවෙකු බවත් රට බේරා ගැනීමට මහා යුද්දයක් කළ අයෙක් බවත් කී ශවේන්ද්‍ර සිල්වා 'රෙඩ් ස්ටාර්' නයිට් ක්ලබ් එක සහ එහි අයිතිකරුවා බේරා ගැනීමට දැන් තමාට අවශ්‍ය බවත් කීවේය. ඒ නිසා ඊට එරෙහිව නීති මගින් කිසිවක් නොකර ගොඩින් බේරා ගන්නා ලෙසත් ස්ථානාධිපතිවරයාට මුදල් අවශ්‍යතාවක් තිබේනම් තමා එය විසඳා දෙන බවත් ස්ථානාධිපතිවරයාට කීවේ ය. ශවේන්ද්‍රගේ දුරකථන ඇමතුම පටිගත කර ගත් ස්ථානාධිපතිවරයා ශවේන්ද්‍රට කණගාටුව ප්‍රකාශ කරමින් තමාට කිසිවක් කළ නොහැකි බවත් තමා නීතියෙන් කටයුතු කර අවසන් බවත් දැනුම් දුන්නේ ය. ශවේන්ද්‍රගේ දුරකථන ඇමතුම පටිගත වන බව නොදත් ශවේන්ද්‍ර තව තවත් නයිට් ක්ලබ් මුදා ගැනීමේ මෙහෙයුම ගෙන ගියද හරි නොගිය තැන කීවේ තමා කථා කළ බව කාටවත් නොකියන ලෙසය.

    මේ අතර පසුගිය 21 වන සිකුරාදා රණවිරු ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ මහජන මුදලින් සුවිසල් උපන් දින පාටියක් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ පැවැත්වීය. මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තකි. පුද්ගලික පාටි සඳහා නිත්‍ය නියෝජිත කාර්යාල ගොඩනැගිල්ල භාවිතා කිරීමත් නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් විදෙස් නියෝජිතයන්ට දෙන සංග්‍රහ වියදම් වලට ශවේන්ද්‍රගේ උපන් දින පාටියේ බිල බැර කිරීමත් දෙකම සම්පූර්ණ වරදකි. දූෂනයකි. බලය වැරදි ලෙස යෙදවීමකි.

    මීට පෙර විදේශ ඇමැති ලෙස රෝහිත බෝගොල්ලාගම කටයුතු කරද්දී ඔහුගේ දියණියකගේ උපන් දින උත්සවයක් එ.ජා.නිත්‍ය නියෝජිත කාර්යාලයේ පැවැත්වීමට ගොස් එවකට නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ පලිහක්කාර මහතා ඊට ඉඩ නොදුන් අතර පිටත ස්ථානයක් ඒ සඳහා වෙන්කර ගැනීමට ඇමැති බෝගොල්ලාගමට සිදුවිය. ඒ වෙනුවෙන් ඔහු ඩොලර් 25000 ක් එම පිට ආයතනයට ගෙව්වේ ය.

    වත්මන් නිත්‍ය නියෝජිතයා වන ආචාර්ය පාලිත කොහොන උදේ සිට මහ රෑ වන තුරු සමාජ ශාලාවල බේබදු සහ සල්ලාල ජීවිතයක් ගත කරන බැවින් මෙවැනි දූෂන වැළැක්වීමට කටයුතු නොකරයි. රට බේරා ගත්තා යැයි කියමින් රටේ මහජන මුදල් විනාශ කරන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර 'රණවිරුවා' වීම කෙසේ වෙතත් මේ වන විට රාජපක්ෂ රෙජීමය සේ ම 'දේශද්‍රෝහියෙකු' වී සිටී.

    උදාහරණයක් ලෙස මෙතෙක් එ.ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයාගේ නිවාස දීමනාව වෙනුවෙන් ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටක් අමාරුවෙන් හෝ ගෙව්වේ මසකට ඇ.ඩො.ඩොලර් 6000 කි. එනම් රුපියල් 7 ලක්ෂ අසූ දහසක පමන මුදලකි. ශවේන්ද්‍ර පැමිණීමෙන් පසු එම මුදල ඇ.ඩො. 12500 ක් දක්වා වැඩි කර ගත්තේ ය. එනම් රුපියල් 16 ලක්ෂ විසිපන් දහසකි. මෙසේ එකකට එකටත් වැඩියෙන් වැඩි කර ගන්නා ලද ගෙවල් කුලියෙන් කොටසක් ගෙවල් හිමියා විසින් යළි කුලී නිවැසියාටම ගෙවන බව පැවසේ

    පෙරදී නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයාට වෙනම වාහනයක් නොතිබූ අතර ඔහු භාවිතා කෙළේ කාර්යාලයේ නිල වාහනයයි. නමුත් ශවේන්ද්‍ර සිල්වා රටේ මහජන මුදලින් රුපියල් කෝටියකට අධික මුදලක් වියදම් කර තමාට වෙනම සුපිරි බී.එම්.ඩබ්. රථයක් මිලදී ගත්තේය.

    රණවිරුවන් නම් රටට ආදරේ විය යුතුය. රටට ආදරේ මිනිසුන් මෙසේ මහජන මුදල් ගිලින්නේ නැත. මේ වන විට ශවේන්ද්‍ර සිල්වා රණවිරු වේශයෙන් පෙනී සිටියද නයිට් ක්ලබ් මුදා ගන්නා මහජන මුදල් කාබාසිනියා කරනා මරාවාදී දේශද්‍රෝහියෙකු වී අවසාන බව කණගාටුවෙන් හෝ කිව යුතුය.
     
    • Like
    Reactions: maxboysl