දුටු සිත් පිනවන..නොදුටු සිත් මළවන...අසූපිනි &#
ලංකාව කියන්නේ දිය ඇලි විශාල ගණනකින් සමන්විත ලස්සන රටක්නේ...ඒ වුනාට අපේ ඇස් වලින් හැංගුන ලස්සන දිය ඇලි විශාල ගානක් අපේ රටේ තියනවා. මේ කියන්න යන්නේ ඒ වාගේ එකක් ගැන. අසූපිනි ඇල්ල, නැත්නම් සමහර අය හදුන්වන්නේ අහුපිනි ඇල්ල කියලා. හූගාක් දෙනෙක්ගේ නෙත්වලට අසුනොවූනට, මෙයත් සුන්දර දසුන් මවන දිය ඇල්ලක්
නිවාඩු පාඩුවේ ඉන්න දවසක යන්න පුලුවන් තැනක්
ගම්පොල නගරයේ ඉදලා, දොලොස්බාගේ නගරයට යන පාරේ ගිහින්, මැදගොඩ හන්දියෙන් හැරිලා උඩුවැල්ල පැත්තට එන්න ඕන.ගම්පොල ඉදල 18Km වගේ දුර. උඩුවැල්ලේ ඉදන් විනාඩි 20 වගේ පයින් ගමනක් තියෙන්නේ.වාහනයක් යනවනම් දියඇල්ල කිට්ටුවට යන්න පුලුවන්.එතන ඉදන් විනාඩි 5 ක විතර දුර.
Google Map
ඔය ඇල්ල බලන්න යන්න පුලුවන් මාවනැල්ල පැත්තෙනුත්. ඒත් මම ඒ පාර නම් හරිය දන්නේ නෑ. මම මේ කියන පාර, දකින්න, රසවිදින්න පුලුවන් පරිසරයක් හරහා තමා යන්නේ. ලස්සන තේ වතු එහෙමත් බලාගන්නත් පුලුවන්
හැබැයි පුතේ එකක් කියන්නම්. මේ පරිසරය අයිති ඔයාටවත්, මටවත් නෙවයි. ඒ හින්දා ඔයගොල්ලන්ගේ සමරු සටහන් නම් තියල එන්න එපා. ස්භාදහමේ අසිරිය රස විදින්නත් අපි ඉගෙන ගෙන තියෙන්න ඕන. නැත්නම් අපි කරන්නේ අපිටම විනාශයක්. තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතන එක ඇගට ගුණයි. ඔය දිය ඇල්ල ගාවට කිට්ටු කරන්න අමාරුයි. කවුරුත් එහෙම ලගට ගිහින් රසවිදින්න උත්සහ කරන්නත් එපා, ජීවිතයට ආශාවක් තියනවනම්
මමත් ඕක ළගට ගිහින් රසවින්දා. ගෙදරින් නැති බැනුම් අහන් තමා නතර උනේ. ආය ලෙස්සිලා ගියොත් එහෙම, මේ කපේදී කෑලි ටික තමා හොයා ගන්න පුලුවන් වෙන්නේ
ඔය වීඩියෝ එක ඇල්ල උඩ ඉදන් වීඩියෝ කරපු එකක්. ඔන්න වැන්දා ඔතෙන්ට යන්න හිතන්න්වත් එපා. වීරයෝ වගේ ගියාට, අනිතිමට නොහිතපු විදිහට තමා වැඩ වෙන්නේ
පොඩි නැරඹුම් මැදිරියක් තියනවා එතන ඉදන් හොදට බලන්න පුලූවන්.
මගුල You Tube link එක වැඩ නැ.. ඔන්න ලින්ක් එක
මේ තව එකක්
ගිහින් බලන්න හොද තැනක්...
ඒ ගමන් දොලොස්බාගේ පැත්තෙත් රවුමක් දාලා එන්න පුලුවන්. ලස්සන පැත්තක් තමා දොලොස්බාගෙත්. ආපහු මැදගොඩ හන්දියට ගිහින් ගම්පොල පැත්තට නෙවයි අනිත් පැත්තට යන්න ඕන. නාන්න එහෙම ලස්සන තැන් තියනවා.හැබැයි මොනම පොඩි දෙයක්වත් ඒ ලස්සන පරිසරයට දාලා එන්න එපා කියල තමා ඉල්ලනේ.
එන ගමන්, කුරුදුවත්ත ටවුමේ තියනව ටී ෆ්‍රැක්ට්‍රි එකක්. හොද තේ කොල ටිකකුත් අරන් යන්න පුලුවන්.මහ ලොකු ගනන් නෑ. කඩවල් වල තියන ජරාවට වඩා සෑහෙන හොදයි
එහෙනම් යන්න කැමති අයට සුභ ගමන් කීවා....තමනුත් ආරක්ෂාවෙලා,පරිසරය ආරක්ෂා කරලා එන්න කියල තමා අන්තිමට ඉල්ලන්නේ...
වැඩ් දේවල් මෙකෙන් බලා ගන්නත් පුලුවන්

පොඩි නැරඹුම් මැදිරියක් තියනවා එතන ඉදන් හොදට බලන්න පුලූවන්.මගුල You Tube link එක වැඩ නැ.. ඔන්න ලින්ක් එක

Last edited: