ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

    මට බනින්න කලින් මෙ ලිපිය කියවන්න NGO ව්ලට කඩෙ යන කලාකරුවන් කියා
    ගන්නා මෙ මිනිසුන් ඉටු කරන්නෙ කුමක්ද?:no::no:
    5.gif

    FLYING-FISH-Poster3.jpg

    පසුගිය සතියේ ප්‍රංශ සිනමා උළෙලකදී ප්‍රංශ මුදල්වලින් නිෂ්පාදනය කරනලද ශ්‍රී ලංකාව පිළිබඳ චිත්‍රපටයක්‌ තහනම් කිරීම නිසා මහත් ආන්දොaලනයක්‌ හටගෙන ඇත. මෙය අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ලද මරු පහරක්‌ යෑයි ඇතැම් අය කියන අතර ආණ්‌ඩුව පැත්තෙන් අපට ඇසෙන්නේ එම චිත්‍රපටයෙන් ආරක්‍ෂක හමුදාවන්ට දරුණු ලෙස අපහාස කළ බවයි.

    1990 ගණන්වල සිට මේ රටේ යුද විරෝධී චිත්‍රපට ගණනාවක්‌ම නිෂ්පාදනය කොට ඇත. මේ ගණයේ මුල්ම චිත්‍රපයක්‌ වූයේ 1997 ප්‍රසන්න විතානගේ ගේ "පුරහඳ කළුවර" චිත්‍රපටයයි. මෙයට ජාත්‍යන්තර සම්මාන ගණනාවක්‌ම ලැබුණි. මෙම චිත්‍රපටය ඉතා දුගී පවුලකින් යුද හමුදාවට බැඳී බිම් බෝම්බ ප්‍රහාරයකදී මියගිය හමුදා සෙබළෙකුගේ වයෝවෘද්ධ හා අන්ධ පියා මත පදනම්ව ඇත. තම පුතා මියගොස්‌ ඇති බව මහළු පියා විශ්වාස කරන්නේ නැත. එම මරණය වෙනුවෙන් ආණ්‌ඩුව ලබාදෙන රුපියල් ලක්‍ෂයේ වන්දි මුදලද ඔහු ලබා ගත්තේ නැත. කිසිවෙකු සිය පුතාගේ මළ කඳ දැක නැති නිසා ඔහුගේ පුතා මියගොස්‌ ඇතැයි ඔහු පිළිගන්නේ නැත. අවසානයේදී සත්‍ය කුමක්‌දැයි තහවුරු කර ගැනීමට මහලු පියා පුතාගේ මිනීවල හාරා පෙට්‌ටිය ගොඩට ගෙන විවෘත කර බලන විට එහි තිබුණේ කෙසෙල් කඳන් දෙකකි.

    ඒ කාලයේ හමුදා සෙබළුන්ගේ මානසිකත්වය බිඳ වැටීමට ඉඩ තිබෙනවාය යන පදනම මත ආණ්‌ඩුව පුරහඳ කළුවර චිත්‍රපටය තහනම් කළේය. නමුත් එහි අන්තර්ගතය අසත්‍ය වූවා යෑයි කිසිවකුට කිව නොහැක. ඇතැම් සෙබළුන් ඉතා දුප්පත් පවුල්වල තරුණයන් විය. ඇතැමුන්ගේ නිවෙස්‌ හුදෙක්‌ම පැල්පත් විය. එමෙන්ම එකල බිම් බෝම්බ ප්‍රහාරයකින් පසු සීල් තබන ලද මිනී පෙට්‌ටිවල බොහෝවිට යවන ලද්දේ ප්‍රහාරය සිදුවූ ස්‌ථානයෙන් එකතුකර ගන්නා ලද ශරීර කොටස්‌ පමණි. ඒවා කාට අයත් වූ සිරුරු කොටස්‌දැයි කිසිවකුත් දැන සිටියේ නැත. ප්‍රසන්න විතානගේ 2005 දීද ඉර මැදියම යන නමින් තවත් යුද විරෝධී චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කළේය. එම චිත්‍රපටයේ ගුවන් යානයක්‌ කඩා වැටුණු පසු ආගිය අතක්‌ නැතුව සිටින ගුවන් හමුදා නිලධාරියකු කොටි අත්අඩංගුවේ සිටින බවට විශ්වාස කරන ඔහුගේ බිරිඳ කොටි සමග සම්බන්ධකම් පවත්වන පුවත්පත් කලාවේදියෙකු සමග උතුරට යාමට උත්සාහ කරයි. නමුත් කොටි සංවිධානය විසින් යාපනයේ මුස්‌ලිම් මිනිසුන් පන්නා දැමීම නිසා ඇතිවූ තත්ත්වය හේතුවෙන් ඔවුන්ට කොටි අඩවියට ඇතුල්වීමට හැකි වන්නේ නැත. එම චිත්‍රපටයේ තවත් සමාන්තර කතාවක පෙන්වන්නේ නිවාඩු පිට යන හමුදා සෙබළෙක්‌ අනුරාධපුරයේ ගණිකා මඩමකට ගිය විට එහි සිටින කාන්තාවන් අතර තම නැගනියි ද හමුවෙයි. එම සෙබළාගේ පවුල කෙතරම් දුප්පත් ද කියනවා නම් පවුලේ එකම ගැහැණු ළමයා විවාහ වීමට මුදල් සොයා ගැනීමට ගණිකා වෘත්තියේ යෙදීමට සිදුවෙයි. ඔවුන් ජිවත් වන්නේ අඩක්‌ නිමකරන ලද නිවසකය. අවසානයේදී අතුරුදන් වූ තම සැමියා සොයා කෙසේ හෝ කොටි අඩවියට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් ගුවන් හමුදා නිලධාරියාගේ බිරිඳ අනුරාධපුරය දක්‌වා යන බස්‌ රථයකට ගොඩවෙයි. පෙරකී යුද හමුදා සෙබළා ද ආපසු සේවයට වාර්තා කිරීම සඳහා එම බස්‌ රථයටම ගොඩවෙයි. ඔවුන් දෙදෙනාම යන්නේ නිශ්ඵල ගමනක්‌ය යන කාරණය චිත්‍රපටයෙන් පිළිබිඹු වෙයි.

    ඉරමැදියම චිත්‍රපටයද යථාර්ථයෙන් ඈත් වූවක්‌ යෑයි කිව නොහැක. එකල අතුරුදන් වූ හමුදා සාමාජිකයන්ට සිදුවූයේ කුමක්‌දැයි දැන ගැනීමට ඕනෑම දෙයක්‌ කිරීමට සූදානම් අසරණ පවුල් සාමාජිකයන් එමට සිටියේය. එමෙන්ම බොහෝ සෙබළුන් ඉතා දුප්පත් පවුල්වලින් පැවැති බවද රහසක්‌ නොවේ. පොදුවේ ගත් කල ප්‍රසන්න විතානගේ ගේ ඉහත කී චිත්‍රපට දෙකෙන්ම මතුවන්නේ නැති බැරි, අසරණ, කාලකණ්‌නි සිංහලයකුගේ ප්‍රතිරූපයකි. මොවුන්ට කොටි සමග සටන් කොට ජයගත නොහැකිය යන පණිවුඩය ඉතා ප්‍රබල ලෙස එයින් කියවෙයි. ඉරමැදියම චිත්‍රපටයේ කොටි සමග සම්බන්ධකම් පවත්වන පුවත්පත් කලාවේදියා සටන් කිරීමෙන් පලක්‌ නැති බවත් යුද්ධය නැවැත්විය හැකි එකම ක්‍රමය දේශපාලන විසඳුමක්‌ බවත් ප්‍රේක්‍ෂක ජනතාවට කියයි.

    පොදුවේ ගත් කල ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටවලින් මතුවන්නේ එකල සුදු නෙළුම් ව්‍යාපාරයෙන් රට පුරා ගෙන යන ලද අදහසමය. සුදු නෙළුම් ව්‍යාපාරයද ජනතාවට කීවේ යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවත් ඉන් සිදුවන්නේ සිංහලයා මැරුම් කෑම පමණක්‌ බවත්ය. ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටවලින්ද එම අදහසම පිළිබිඹු වුවත් ඔහුගේ චිත්‍රපටවල අන්තර්ගතය ඒ කාලයේ යථාර්ථයෙන් ඈත් නොවූවක්‌ බව නම් අප පිළිගත යුතුය.

    නමුත් ඒ චිත්‍රපට දෙක අතර හා ඉන්පසුව ආ යුද විරෝධී චිත්‍රපට ගැන ඒ දෙය කීම අසීරුය. පුරහඳ කළුවර චිත්‍රපටයට පසු යුද විරෝධී චිත්‍රපට නිපදවීම බටහිර රටවල් වලින් නිෂ්පාදන වියදම් සඳහා මුදල් ගෙන්වා ගැනීමටත් ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමටත් කෙටි මාර්ගයක්‌ වූ බව අපට පෙනේ. ලංකාවේ සෑම යුද විරෝධී චිත්‍රපටයකටම ජාත්‍යන්තර සම්මාන ලැබුණි. දේශීය චිත්‍ර්‍රපටයක්‌ නිපදවීමට අනුග්‍රාහකයන් සොයා ගැනීම හා බැංකු ණය ලබාගැනීම අසීරු කාරණයක්‌ වුවත් යුද විරෝධී චිත්‍රපට වලට බටහිර රටවල්වලින් මුදල් ලැබේ. මෙවැනි දිරිගැන්වීම් ලැබෙන නිසා ලංකාවේ නිෂ්පාදිත යුද විරෝධී චිත්‍රපටවල අන්තර්ගතය එන්න එන්නම පිරිහීමට ලක්‌වී එහි අන්තය පසුගිය සතියේ මුල්වරට ලංකාවේ පෙන්වන විට තහනමට ලක්‌වූ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයෙන් සනිටුහන් වූ බව කිව හැකිය.

    අප මෙහිදී 2000 දී නිෂ්පාදනය වූ අශෝක හඳගමගේ "මේ මගේ සඳයි" චිත්‍රපටයද සුදත් මහදිවුල්වැවගේ "සුදු කලු සහ අලු" චිත්‍රපටයද විමුක්‌ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස" චිත්‍රපටයද සංජීව පුෂ්පකුමාරගේ "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටයද සංසන්ධනාත්මකව සලකා බැලීම වටී. ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය අප දැක නැතත් එහි කතාව කියවා මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක සංජීව පුෂ්පකුමාර තම චිත්‍රපටය ගැන විදේශීය රටවල කළ සම්මුඛ සාකච්ඡාද නරඹා ඇත. මෙකී චිත්‍රපට හතරේ පොදු ලක්‍ෂණ ගණනාවක්‌ ඇත. ඒවා පහත දැක්‌වෙන ආකාරයට සම්පිණ්‌ඩනය කළ හැක.

    1. මේ චිත්‍රපට හතරම පදනම් වී ඇත්තේ කොටි සංවිධානයට එරෙහි යුද්ධය පසුබිම් කරගෙනය.

    2. මේ චිත්‍රපට හතරේම නිෂ්පාදන වියදම් දරන ලද්දේ බටහිර රටවල් විසිනි.

    3. මේ චිත්‍රපට හතරේම කතා වස්‌තුව වී ඇත්තේ රජයේ හමුදා වල සාමාජිකයන් පමණි. මින් මුල් චිත්‍රපට තුනේ කොටි සාමාජිකයෙක්‌ පෙන්වන්නේවත් නැත. නමුත් "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටයේ කොටි සාමාජිකයන් කතා වස්‌තුවේ තුන්වැනි කොටස හැටියට හෝ පෙන්වන බව කිව යුතුය.

    4. යුද්ධය ගැන චිත්‍රපට වුවද කොටි හා යුද හමුදාව අතර එක ගැටුමක්‌වත් මේ චිත්‍රපටවල පෙන්වන්නේ නැත. ඉහතින් සඳහන් කරන ලද ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපට දෙකේ ද රජයේ හමුදා හා කොටි සංවිධානය අතර ගැටුම් පෙන්වන්නේ නැති වුවත් ඉර මැදියම චිත්‍රපටයේ කොටින් විසින් මුස්‌ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීමේ දර්ශන හෝ පෙන්වා ඇත. "මේ මගේ සඳයි", "සුදු කලු සහ අලු" හා "සුළඟ එනු පිණිස" චිත්‍රපටවල එහි සිටින සෙබළුන් සටන් කරන්නේ මොන ආකාරයේ සතුරෙක්‌ සමග ද කියා වත් කිසිදු හෝඩුවාවක්‌ නැත.

    5. මේ චිත්‍රපට හතරේම හමුදා සාමාජිකයන් බහුල වශයෙන් ලිංගික සංසර්ගයේ යෙදීම පෙන්වුවත් මොනම සටනක්‌වත් පෙන්වන්නේ නැත. මේ චිත්‍රපට හතරේම කතා වස්‌තුව වී ඇත්තේ හමුදා සාමාජිකයන් සහ හමුදා සාමාජිකයන්ගේ බිරින්දැවරුන් හා වෙනත් සිංහල ගැමියන්ගේ ලිංගික ජීවිතයයි. යුද්ධයේ අනෙක්‌ පාර්ශ්වයට ලිංගික ජීවිතයක්‌ තිබෙනවාද නැද්ද කියාවත් ඒ එක චිත්‍රපටයකවත් හෝඩුවාවක්‌ නැත.

    6. මේ සියලුම චිත්‍රපටවල හමුදා සාමාජිකයන් හා හමුදා සාමාජිකයන්ගේ බිරින්දැවරුන් සංසර්ගයේ යෙදෙන්නේ ද තිරිසනුන් මෙන් එළිමහනේ හිටගෙන ගස්‌වලට හේත්තු වීය. වහලක්‌ යට හමුදා සාමාජිකයකුගේ බිරිඳක්‌ සංසර්ගයේ යෙදෙනු පෙන්වන්නේ "සුදු කලු සහ අලු" චිත්‍රපටයේ පමණි. අනෙක්‌ සියලුම චිත්‍රපටවල ලිංගික සංසර්ගය සිදුවන්නේ එලිමහනේ හිටගෙන ගස්‌වලට මුවා වීය. අවසානයට පැමිණි ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ හමුදා සාමාජිකයා එලිමහනේ හිටගෙන සංසර්ගයේ යෙදුණත් එය ඔහු කරන්නේ ගසකට නොව බිත්තියකට හේත්තු වීය.

    7. මේ සෑම චිත්‍රපටයකම හමුදාවට ගෑවුණු අය සංසර්ගයේ යෙදෙන්නේ වියරු වැටුණු තිරිසනුන් මෙනි. හමුදා සාමාජිකයන්ගේ බිරින්දැවරුන් ඒ දෙය කරන්නේ සෙබළුන්ටත් වඩා තිරිසන් ලීලාවෙනි. මේ මගේ සඳයි චිත්‍රපටයේ යුද්ධයෙන් මියගිය සෙබළෙකුගේ බිරිඳක්‌ තම සැමියාගේ චිතකය අසලින් ඉවත් වී ගොස්‌ විනාඩියකට අඩු කාලයක්‌ ඇතුළත තවත් හමුදා සෙබළෙකු ගසකට හේත්තු කොට ඔහුව මහත් උවමනාවෙන් සිප ගනිමින් ලිංගික සංසර්ගයට පොලඹවා ගැනීමට උත්සාහ කරයි. ඇයගේ කුසේ සිටින දරුවා පිළිසිඳ ගත්තේ ද තම සැමියා සමග ඒ ගසටම මුවා වී රමණය කිරීමෙන් බව ඇය ඒ අවස්‌ථාවේදී අනෙක්‌ හමුදා සෙබළාට කියයි. ඒ අනුව යුද හමුදාවේ විවාහක ජෝඩු පවා රමණය කරන්නේ තම නිවෙස්‌ තුළ නොව කැලෑවල ගස්‌ යට හිටගෙන බව ප්‍රේක්‍ෂකයාට දන්වයි.

    8. සියලුම චිත්‍රපටවල අනුන් ලිංගික ක්‍රියාවලියේ යෙදෙන විට හොරෙන් බලා සිටීමේ විකෘති ආසාව (වොයරිසම්) කතාවේ ප්‍රධාන තැනක්‌ ගනී. "සුළඟ එනු පිණිස" චිත්‍රපටයේ එක්‌ කාමුක ග්‍රාමාරක්‍ෂක බිරිඳක්‌ ගැබිනි මවක්‌ හා තවත් පුරුෂයෙක්‌ ගසකට මුවා වී තිරිසනුන් මෙන් හිටගෙන රමණයේ යෙදෙන දර්ශනයක්‌ බලා සිටී. "සුදු කලු හා අලු" චිත්‍රපටයේ නිවාඩු පිට ගෙදර එන සෙබළෙක්‌ තම බිරිඳ වෙනත් පුරුෂයකු සමග රමණයේ යෙදෙන හැටි දකී. "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටයේ තම දුව සෙබළෙක්‌ සමග රමණය කරන ආකාරය පියෙක්‌ බලා සිටී. එම චිත්‍රපටයේම තම මව වෙනත් පුරුෂයකු සමග රමණයේ යෙදෙන හැටි පුතෙක්‌ බලා සිටී. මේ එක චිත්‍රපටයක වත් කිසිදාක විවාහක ජෝඩුවක්‌ රමණය කරනු දැකිය නොහැකිය. සිදුවන සියලු දැ අනියම් ලිංගික සබඳතා පමණි.

    කලා කෘතියක්‌ යථාර්ථය පමණක්‌ම පිළිබිඹු කළ යුතු යෑයි අපි නොකියමු. කලා කෘතියක්‌ මනඃකල්පිතයක්‌ වන නිසා එහි අතිශයෝක්‌තියක්‌ සත්‍ය වෙනස්‌ වීමකුත් තිබිය හැක. නමුත් ලංකාවේ යුද්ධය පිළිබඳ චිත්‍රපට නිර්මාණය කළ එක අධ්‍යක්‍ෂකවරයකුවත් තමන් මේ පෙන්වා ඇත්තේ යථාර්ථයම මිස වෙනත් දෙයක්‌ යෑයි පිළිගන්නේ නැත. ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර ද තමන්ගේ මේ චිත්‍රපටයේ අන්තර්ගතය තමන්ගේ අත්දැකීම් මත පදනම් වූ ඒවා යෑයි ඔහු පිටරට ප්‍රේක්‍ෂකයන්ට සම්මුඛ සාකච්ඡා වලදී පවසා තිබේ. "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටයේ හමුදා සෙබළෙක්‌ ගමේ ගැහැනු ළමයෙක්‌ සමග සම්බන්ධයක්‌ ඇතිකර ගෙන ඇය සමග බිත්තියකට හේත්තු වී හිටගෙන රමණය කිරීමෙන් පසු ඇය ගැබ් ගනී. ඉන්පසු ඔහු වෙනත් ප්‍රදේශයක ස්‌ථාන ගතවෙයි. ඇය හමුදා සෙබළා සොයා ගොස්‌ ඔහු සමග නැවත මිත්‍ර වී ඔහුගේ කලිසමේ බොත්තම් හැර මුඛ සංසර්ගයේ යෙදීමට මෙන් ලිඟුව එළියට ගෙන එය කපා දමයි. තවත් දර්ශනයක දරුවන් හත්දෙනකු පෝෂණය කිරීමට වෙර දරන තම මව ඇයට උදව් කරන පිරිමියකු සමග රමණය කරනු දැක ඇයගේ වැඩිමහලු පුතා සෙසු දරුවන් ඉදිරිපිටදීම ඇයව පිහියෙන් ඇන මරා දමයි.

    ලංකාවේ පුරුෂ ලිංගයක්‌ කපා දැමීමේ සිද්ධියක්‌ කවදා හෝ සිදු වුණා නම් එය පුවත්පත් වල පළවන්නේ මුල් පිටුවෙහිය. මීට පෙර චීනයේ නැතිනම් තායිලන්තයේ කාන්තාවක්‌ විසින් පිරිමියකුගේ ලිඟුවක්‌ කපා දැමීමේ සිද්ධියක්‌ මුළු ලෝකය පුරාම ගියා පමණක්‌ නොව ලංකාවේ ද මුල් පිටුවල සඳහන් විය. එවැනි දේ ඒ තරම්ම විරල සිදුවීම් ය. එමෙන්ම විශාල පවුලක්‌ නඩත්තු කිරීමට තම ශරීරය විකුණන මවක්‌ මරා දැමීමට තරම් සාහසික පුත්‍රයකු ගැන මේ රටේ කිසිදාක පුවත් සමග දිනපතා ජීවත් වන අපවත් අසා නැත. එවැනි තත්ත්වයක්‌ යටතේ "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටයේ පෙන්වන මේ දර්ශන එම සිනමාකරුවාගේ ජීවන යථාර්ථයේ කොටස්‌ යෑයි ඔහු කියන්නේ කෙසේද?

    හමුදා සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ බිරින්දැවරුන්ගේ ලිංගික ජීවිත පිළිබඳව යථාර්ථයෙන් ඈත් වූ චිත්‍රපට නිපදවා අධ්‍යක්‍ෂවරුන් හතරදෙනෙක්‌ එක පෙළට ජාත්‍යන්තර සම්මාන දිනාගෙන ඇත. මේ එක පෙළට එකම රටාවට එන චිත්‍රපට සියල්ලන්ගේම ලක්‍ෂණය වන්නේ ඒවායේ නිෂ්පාදන වියදම් සඳහා බටහිර රටවල්වලින් මුදල් ලැබීමයි. සම්මාන ලැබෙන්නේ ද මුදල් දුන් තැන් වලින්මය.

    පිටරටින් එන සැලකිලිවලට ඒ සැලකිලි ලබාදෙන අය සතුටු කරවන නිර්මාණ කිරීම තරම් මර උගුලක්‌ තවත් නැත. අපේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ නැති වී ඇත්තේ ද මේ නිසාමය. චිත්‍රපට කර්මාන්තයත් අප ඉහතින් පෙන්වූ ආකාරයට එකම තේමාව සුළු වශයෙන් වෙනස්‌ කොට දිගටම චිත්‍රපට නිපදවීමට ගියහොත් එය චිත්‍රපට කර්මාන්තයේ ද අවසානය වනු ඇත. මේ නිර්මාණකරුවන්ව මේ මර උගුලෙන් බේරා ගැනීම සඳහා ආරක්‍ෂක හමුදාවන් හෝ ඔවුන්ගේ පවුල් අලලා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය නොමැතිව මොනම චිත්‍රපටයක්‌ වත් නිපදවීම සපුරා තහනම් කළ යුතුය. එවිට මේ දක්‍ෂ නිර්මාණකරුවන් පහසු මුදල් හා පහසු සම්මාන හඹා යන්නේ නැතිව සැබවින්ම ස්‌වායත්ත නිර්මාණ නිපදවීමට යොමු කිරීමට හැකිවේය යන්න මගේ අදහසයි.

    සී. ඒ. චන්ද්‍රප්‍රේම
    Code:
    http://www.divaina.com/2013/07/22/feature03.html
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගංජා ගහපු නිංජා;15335639 said:
    අපෝ කියවන්න කලින් බනින්න ඕනා... මොනවද බන් මේ දාන්නේ වග කීමෙන් කටයුතු කරපන්කෝ
    මම කියවලා තම්යි දැම්මෙ තරහා නැතිව ඔක කියවපන් මචන් :(
     
    Jul 22, 2013
    31
    7
    0
    මම කියවලා තම්යි දැම්මෙ තරහා නැතිව ඔක කියවපන් මචන් :(

    දැන් බලපන් ඔය විදිහට මේවා දැම්මට පස්සේ ඔය ෆිල්ම් බලපු නැති උනුත් හොයාගෙන බලයි. මොකද ලන්කාවේ උන්ට මාර සෙක්ස් ඇම්මක්නේ තියෙන්නේ.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අද නිවුස් වල​, අති ගරු රනිල් මහත්තය කැ ගැහුව​, "ලන්කාවෙ අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස සීම කරල​" කියල​, මිනිස්සුන්ට නිදහසෙ ගිහින් ෆිල්ම් එකක් බලල විනෝද වෙන්න නැලු, CID එකෙන් තහනම් කරනවලු :sorry::rofl::rofl::rofl: :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගංජා ගහපු නිංජා;15335644 said:
    දැන් බලපන් ඔය විදිහට මේවා දැම්මට පස්සේ ඔය ෆිල්ම් බලපු නැති උනුත් හොයාගෙන බලයි. මොකද ලන්කාවේ උන්ට මාර සෙක්ස් ඇම්මක්නේ තියෙන්නේ.
    එ උනාට ගොනා හැරෙන්නෙ පොල් පැලෙට කියලා සමාජය දැනුවත් වෙන එක හොදයිනෙ:dull:
    අද නිවුස් වල​, අති ගරු රනිල් මහත්තය කැ ගැහුව​, "ලන්කාවෙ අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස සීම කරල​" කියල​, මිනිස්සුන්ට නිදහසෙ ගිහින් ෆිල්ම් එකක් බලල විනෝද වෙන්න නැලු, CID එකෙන් තහනම් කරනවලු :sorry::rofl::rofl::rofl: :lol:
    රනිල් ගැන කතා කරන්න කැමති නැහැ මම මෙ ත්‍රෙඩ් එකෙ :dull:තොප්පිගල කැලැවක් කියපු පොරට හමුදාවෙ ඉන්නෙ ස්ත්‍රි දුශකයො කියලා කියන්න බැරි කමක් නැහැ:oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    1. මේ චිත්‍රපට හතරම පදනම් වී ඇත්තේ කොටි සංවිධානයට එරෙහි යුද්ධය පසුබිම් කරගෙනය.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    2. මේ චිත්‍රපට හතරේම නිෂ්පාදන වියදම් දරන ලද්දේ බටහිර රටවල් විසිනි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    3. මේ චිත්‍රපට හතරේම කතා වස්‌තුව වී ඇත්තේ රජයේ හමුදා වල සාමාජිකයන් පමණි. මින් මුල් චිත්‍රපට තුනේ කොටි සාමාජිකයෙක්‌ පෙන්වන්නේවත් නැත. නමුත් "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටයේ කොටි සාමාජිකයන් කතා වස්‌තුවේ තුන්වැනි කොටස හැටියට හෝ පෙන්වන බව කිව යුතුය.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    4. යුද්ධය ගැන චිත්‍රපට වුවද කොටි හා යුද හමුදාව අතර එක ගැටුමක්‌වත් මේ චිත්‍රපටවල පෙන්වන්නේ නැත. ඉහතින් සඳහන් කරන ලද ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපට දෙකේ ද රජයේ හමුදා හා කොටි සංවිධානය අතර ගැටුම් පෙන්වන්නේ නැති වුවත් ඉර මැදියම චිත්‍රපටයේ කොටින් විසින් මුස්‌ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීමේ දර්ශන හෝ පෙන්වා ඇත. "මේ මගේ සඳයි", "සුදු කලු සහ අලු" හා "සුළඟ එනු පිණිස" චිත්‍රපටවල එහි සිටින සෙබළුන් සටන් කරන්නේ මොන ආකාරයේ සතුරෙක්‌ සමග ද කියා වත් කිසිදු හෝඩුවාවක්‌ නැත.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    5. මේ චිත්‍රපට හතරේම හමුදා සාමාජිකයන් බහුල වශයෙන් ලිංගික සංසර්ගයේ යෙදීම පෙන්වුවත් මොනම සටනක්‌වත් පෙන්වන්නේ නැත. මේ චිත්‍රපට හතරේම කතා වස්‌තුව වී ඇත්තේ හමුදා සාමාජිකයන් සහ හමුදා සාමාජිකයන්ගේ බිරින්දැවරුන් හා වෙනත් සිංහල ගැමියන්ගේ ලිංගික ජීවිතයයි. යුද්ධයේ අනෙක්‌ පාර්ශ්වයට ලිංගික ජීවිතයක්‌ තිබෙනවාද නැද්ද කියාවත් ඒ එක චිත්‍රපටයකවත් හෝඩුවාවක්‌ නැත.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කලා කෘතියක්‌ යථාර්ථය පමණක්‌ම පිළිබිඹු කළ යුතු යෑයි අපි නොකියමු. කලා කෘතියක්‌ මනඃකල්පිතයක්‌ වන නිසා එහි අතිශයෝක්‌තියක්‌ සත්‍ය වෙනස්‌ වීමකුත් තිබිය හැක.

    ආරක්‍ෂක හමුදාවන් හෝ ඔවුන්ගේ පවුල් අලලා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරය නොමැතිව මොනම චිත්‍රපටයක්‌ වත් නිපදවීම සපුරා තහනම් කළ යුතුය.

    bump ... හෙමිහිට කියවන්නම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    6. මේ සියලුම චිත්‍රපටවල හමුදා සාමාජිකයන් හා හමුදා සාමාජිකයන්ගේ බිරින්දැවරුන් සංසර්ගයේ යෙදෙන්නේ ද තිරිසනුන් මෙන් එළිමහනේ හිටගෙන ගස්‌වලට හේත්තු වීය. වහලක්‌ යට හමුදා සාමාජිකයකුගේ බිරිඳක්‌ සංසර්ගයේ යෙදෙනු පෙන්වන්නේ "සුදු කලු සහ අලු" චිත්‍රපටයේ පමණි. අනෙක්‌ සියලුම චිත්‍රපටවල ලිංගික සංසර්ගය සිදුවන්නේ එලිමහනේ හිටගෙන ගස්‌වලට මුවා වීය. අවසානයට පැමිණි ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ හමුදා සාමාජිකයා එලිමහනේ හිටගෙන සංසර්ගයේ යෙදුණත් එය ඔහු කරන්නේ ගසකට නොව බිත්තියකට හේත්තු වීය.

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එ උනාට ගොනා හැරෙන්නෙ පොල් පැලෙට කියලා සමාජය දැනුවත් වෙන එක හොදයිනෙ:dull:

    රනිල් ගැන කතා කරන්න කැමති නැහැ මම මෙ ත්‍රෙඩ් එකෙ :dull:තොප්පිගල කැලැවක් කියපු පොරට හමුදාවෙ ඉන්නෙ ස්ත්‍රි දුශකයො කියලා කියන්න බැරි කමක් නැහැ:oo:

    කව්ද රනිල් ගැන කතා කරන්න කැමති බන්. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    bump ... හෙමිහිට කියවන්නම්
    11.gif
    :) එල මම උනත් කියන්නෙ නැහැ නිර්මාණයකට ඇත්තම ඔන කියලා නමුත්
    නමුත් මෙ හැදෙන ෆිලිම් යන්නෙ එකම රටාවකට එ ගැන දැනුවත් කරන එක හොද දෙයක් නිසා
    මගෙ ලිපියක් නොවුනත් සමාජයට වටින දෙයක් නිසා දැම්මෙ කියවනවානම් ලොකු දෙයක් මචන් තැන්ක්ස්:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    7. මේ සෑම චිත්‍රපටයකම හමුදාවට ගෑවුණු අය සංසර්ගයේ යෙදෙන්නේ වියරු වැටුණු තිරිසනුන් මෙනි. හමුදා සාමාජිකයන්ගේ බිරින්දැවරුන් ඒ දෙය කරන්නේ සෙබළුන්ටත් වඩා තිරිසන් ලීලාවෙනි. මේ මගේ සඳයි චිත්‍රපටයේ යුද්ධයෙන් මියගිය සෙබළෙකුගේ බිරිඳක්‌ තම සැමියාගේ චිතකය අසලින් ඉවත් වී ගොස්‌ විනාඩියකට අඩු කාලයක්‌ ඇතුළත තවත් හමුදා සෙබළෙකු ගසකට හේත්තු කොට ඔහුව මහත් උවමනාවෙන් සිප ගනිමින් ලිංගික සංසර්ගයට පොලඹවා ගැනීමට උත්සාහ කරයි. ඇයගේ කුසේ සිටින දරුවා පිළිසිඳ ගත්තේ ද තම සැමියා සමග ඒ ගසටම මුවා වී රමණය කිරීමෙන් බව ඇය ඒ අවස්‌ථාවේදී අනෙක්‌ හමුදා සෙබළාට කියයි. ඒ අනුව යුද හමුදාවේ විවාහක ජෝඩු පවා රමණය කරන්නේ තම නිවෙස්‌ තුළ නොව කැලෑවල ගස්‌ යට හිටගෙන බව ප්‍රේක්‍ෂකයාට දන්වයි.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    8. සියලුම චිත්‍රපටවල අනුන් ලිංගික ක්‍රියාවලියේ යෙදෙන විට හොරෙන් බලා සිටීමේ විකෘති ආසාව (වොයරිසම්) කතාවේ ප්‍රධාන තැනක්‌ ගනී. "සුළඟ එනු පිණිස" චිත්‍රපටයේ එක්‌ කාමුක ග්‍රාමාරක්‍ෂක බිරිඳක්‌ ගැබිනි මවක්‌ හා තවත් පුරුෂයෙක්‌ ගසකට මුවා වී තිරිසනුන් මෙන් හිටගෙන රමණයේ යෙදෙන දර්ශනයක්‌ බලා සිටී. "සුදු කලු හා අලු" චිත්‍රපටයේ නිවාඩු පිට ගෙදර එන සෙබළෙක්‌ තම බිරිඳ වෙනත් පුරුෂයකු සමග රමණයේ යෙදෙන හැටි දකී. "ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටයේ තම දුව සෙබළෙක්‌ සමග රමණය කරන ආකාරය පියෙක්‌ බලා සිටී. එම චිත්‍රපටයේම තම මව වෙනත් පුරුෂයකු සමග රමණයේ යෙදෙන හැටි පුතෙක්‌ බලා සිටී. මේ එක චිත්‍රපටයක වත් කිසිදාක විවාහක ජෝඩුවක්‌ රමණය කරනු දැකිය නොහැකිය. සිදුවන සියලු දැ අනියම් ලිංගික සබඳතා පමණි.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    aii ban me eketawath ara aranthalawe bikshu gathanaya
    anuradhapura attack eka gana film ekak hadanna
    konda pana naththe???
     
    • Like
    Reactions: gayankuwait