රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබලුනි

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබලුනි

    රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
    වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය
    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
    වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව

    ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම් කරු
    බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
    වැටුපට මිනි මරන දනන් නොව ඔබලා මිනිසුනි ගරු
    අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පලදින තරු

    මානන ගිනි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
    අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
    උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබළ සඟය
    පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය


    - නන්දා මාලිනි - ( Album - පවන )
     
    • Like
    Reactions: prazadx

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Album - පවන
    me album eka nisa nanda malani ge praja ayithiyath ahosi kara kalayak
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පලදින තරු:no::no:

    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
    වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව
    :frown::frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න මේකයි කතාව, උද්ඝෝෂනය කරන්න කාටත් අයිතියක් තියෙනව තමයි, ඒත් මෙහෙම ගත්තොත් ඇයි මිනිස්සු සම්පූර්න පාරම බ්ලොක් කරගෙන පිකට් කරේ? එතකොට ඇයි හමුදාව කියනකොට අනිත් හන්දියට මිනිස්සු නොගියෙ? පාරෙ එක පැත්තක් ඕපන් කරගෙන උද්ඝෝශනය කලානම් හරි, හමුදාව වැඳලා ඉල්ලපු වෙලාවෙ අනිත් හන්දියට ගියානම් ජීවිත නැතිවෙන්නෙ නෑ. ඇයි මිනිස්සු හමුදාව කියන දේ පිලිපැද්දෙ නැත්තෙ? ඇයි ගනන් ගන්නෙ නැතුව හූ තිබ්බෙ? තියෙන සක්කිලිකම මිසක් වෙන මොකක්ද. මොරාල් එකට ෆෝම් වෙලා හමුදාව අවුස්සගෙන ගුටිකාලා දැන් අඳෝනාව කියවනව. තමන්ට අසාධාරණයක් වුනාම නීතිය අතට ගන්නෙ එකද කරන්න ඕන. නිකන් ගොන්නු වගේ මරණෙ ගැන කතාකරනවා, මරණෙට හේතුව ගැන කියන්නෙ නෑ.