වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

    වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

    මාරාන්තික උපවාසය කළ හිමි නම කියති

    * උපවාසකරුවන්ට හමුදාවෙන් ගැහැව්වේ නෑ

    * කඩාකප්පල්කාරී පිරිසක් ගම්මුන් අතර ක්‍රියාත්මක වෙලා

    * පහර කෑ අයට නායකත්වය දුන්නේ කවුරුන්දැයි දන්නෙ නෑ

    * හමුදාව-පොලිසිය අප සමඟ සහයෝගයෙන් ක්‍රියා කළා

    n1308031.jpg

    වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජලයට විෂ ද්‍රව්‍ය එක්වීම හේතුවෙන් පීඩනයට පත් ජනතාවට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වී කඩිනමින් විසැඳුම් ලබා දුන් බව ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති රාජකීය පණ්ඩිත තෙරිපැහැ සිරිධම්ම හිමියෝ දිනමිණ ට පැවසූහ.

    මේ සම්බන්ධයෙන් පැවැති උද්ඝොෂණයේ දී මාරාන්තික උපවාසයේ යෙදී සිටි තමන් වහන්සේ ඇතුළු ගම්වාසීන්ට කිසිවකු පහර නොදුන් අතර පොලිසිය හා හමුදාව ළෙන්ගතුව හා සාමකාමීව අවසානය දක්වා කටයුතු කළ බවත් නුවර පාර ආසන්නයේ බැලුම්මහර හා වැලිවේරිය ප්‍රදේශවල සිටි කණ්ඩායම් සමඟ යම් ගැටුමක් ඇතිවී තිබෙන බවත් විහාරාධිපති හිමියෝ සඳහන් කරති.

    පහර කෑමට ලක්වූ පිරිස ට නායකත්වය දුන් අය කවුද යන්න තමා නොදන්නා බව ද නායකත්වයේ යම් දුර්වලතාවක් නිසා කලබලකාරී තත්ත්වයක් පැනනගින්න‍ට ඇති බවත් පෙන්වා දෙන සිරිධම්ම හිමියෝ රජය අපහසුතාව‍ට පත් කිරිමේ අරමුණින් මෙවැනි සිද්ධීන් රැසක් පසුගිය කාලයේ දී ර‍‍ටේ තැන තැන සිදු වූ බව ද පෙන්වා දෙති.

    එහෙත් සාමකාමීව සි‍ටි අහිංසක පිරිසකට පහර දුන්නේ නම් එය තරයේ හෙළා දකින බව ද උන් වහන්සේ සඳහන් කළහ.

    යම් කඩාකප්පල්කාරී පිරිසක් උද්ඝෝෂකයන් අතර සිට ක්‍රියාත්මක වීම නිසා පහරදීම් සිදුවූවා ද යන්න සොයා බැලිය යුත්තක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නාහ.

    තමන් හා ගම්වාසීන් සමඟ සිටි ආරක්ෂක නිලධාරීන් තමන් වහන්සේගේ අවසරයකින් තොරව කිසිදු කටයුත්තක් නොකළ අතර දිය පොදක් පවා බිව්වේ ද අවසර ගෙන බවත් සඳහන් කළහ.

    පිරිත් කියමින් සාමකාමිව සිටි තමා ඇතුළු පිරිස සමඟ සමඟියෙන් ක්‍රියා කළ පොලිස් සහ යුද හමුදා නිලධාරීන් පිරිස තමන් වහන්සේට වැඳ පිටත්ව ගිය බව ද ඒ හිමියෝ සඳහන් කළහ.
     
    • Like
    Reactions: nipunanps

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හමුදාවට පහර දුන්නේ පිටතින් ආ පිරිසක්

    හමුදා මාධ්‍ය ප්‍රකාශක


    වැලිවේරිය රතුපස්වල දී පොලිසියට සහ යුද හමුදාවට පහරදී ඇත්තේ පිටතින් පැමිණි සංවිධානාත්මක සන්නද්ධ පිරිසක් බවට මෙතෙක් කළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසයි.

    පානීය ජලය අපවිත්‍ර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ සිටි ජනතාව සාමකාමිව සි‍ටියදී ඒ අතර සි‍‍ටි කඩාකප්පල්කාරීන් ‍ආරක්ෂක අංශ වෙත පෙට්‍රල් බෝම්බ, වැලි බෝතල් හා ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

    ආරක්ෂක අංශ වෙත පහර දුන් අය පලවා හැරීමේ දී සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් වූයේ නම් කනගාටුව පලකරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.මොවුන් ගිනි අවි භාවිතා ක‍ළ බවට ද සැක කරන අතර ඒ පිළිබඳ මේවන විට විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙන බව වනිගසූරිය මහතා සඳහන් කරයි.

    ප්‍රදේශයේ කළක සිට පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන රසායනික ද්‍රව්‍යයක් භූගත ජලය‍ට එක්වීමෙන් ප්‍රදේශයේ ජනතාව විවිධ රෝගවලට ගොදුරුව තිබෙන බව පවසා එම ආයතනය වසා දමන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කළහ.

    මේ නිසා ඒ සම්බන්ධයෙන් පෙරේදා(01) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තාවකාලිකව ආයතනය වසා දමා ජල අපවිත්‍රතාව සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ඇතුලු අවශ්‍ය පරීක්ෂණ වාර්තා කැඳවීමට තීරණය කිරීමෙන් පසු උද්ඝෝෂක පිරිස විසිර යාමට කැමැත්ත පලකර ඇත.

    මේ අතර වෙනත් සංවිධානාත්මක පිරිසක් ගම්මුන් අතර සැඟව සිට පොලිසියට පහරදීම හේතුවෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ඇතුලු නිලධාරීන්ට පහර දී තුවාල සිදුකර තිබේ.

    මේ නිසා හමුදාව සහායට කැඳවා පිරිස පලවා හැරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත. මෙහිදී පොලිසියේ නවයක් ඇතුළු හතළිස් එක් දෙනෙක් රෝහල් ගතකර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රතුපස්වල ජල ප්‍රශ්නය ඉවරයි

    අමතර බවුසර් 6කින් ජල ටැංකි 300කින් ජනතාවට ජලය


    ගම්පහ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට කෙටි කාලීන සහ දිගු කාලීන විසදුම් ඊයේ(2) පස්වරුවේ සිටම ක්‍රියාත්මක කිරීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් පක්ෂ භේදයෙන් තොරව එක්වූ අතර ඒ අනුව ගම්මාන 12ක ජනතාවට බලපෑ පානීය ජල ගැටලුවට කඩිනම් සහ සාර්ථක විසදුම් ලැබී තිබේ.

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ගම්පහ දිසාපති කාර්යාලයේ පැවැති මෙම රැස්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල නියෝජිතයන්ද ගම්පහ දිසාපති ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ද, පරිසර, සෞඛ්‍ය, ජල සම්පත්, ආයෝජන ප්‍රවර්ධන, යන අමාත්‍යාංශවල ඉහළ පෙළේ නිළධාරින්ද එක්වී සිටියහ.

    ගම්පහ වැලිවේරියට යාබද ගම්මාන 12ක ජනතාවට මේ අනුව දැනට ජලය ලබාදෙන ජල බවුසර්වලට අමතරව ජල බවුසර් 6ක් අමතරව යෙදවීමටද ජල ටැංකි 300ක් ලබාදීමටද ඒ සදහා ටැක්ටර් 10ක සහාය ලබාදීමටද ඊයේම කටයුතු කරන ලදී. බවුසර් මගින් බෙදාහරින ජලය ලබාදෙනු ලබන්නේ ජල මණ්ඩලය මගිනි.

    එමෙන්ම දීර්ඝ කාලීනව විසඳුමක් වශයෙන් දැනට රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට ජලය නළ මගින් සැපයීමට සැලසුම්කර ඇති වැඩසටහන කඩිනම් කිරීමට සියලු කටයුතු යොදන ලෙසද බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමා අදාළ අංශවලට උපදෙස් දෙනු ලැබීය.

    ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රශ්නයට තිරසාර විසඳුමක්ද ඉදිරි මාස කිහිපය තුළ ලැබෙනු ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා කියා සි‍ටියේ පරිසරය සුරකීම සමගම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ වැඩසටහනද එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවය.

    මෙම සාකච්ඡාවට ගම්පහ දිසාපති ජේ.ඒ. රත්නසිරි, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් විජේවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම, පෙරටුගාමී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, පළාත් සභා මන්ත්‍රී දිලිප් රාජපක්ෂ යන මහත්වරුන්ද මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ද, පරිසර, සෞඛ්‍ය ජල සම්පත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශවල උසස් නිළධාරින්ද සහභාගි වූහ.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Dullus.jpg
    රතුපස්වල ජල ප්‍රශ්නයට ඇණ්ඩුව විසදුම් ලබාදී තිබියදීත් දේශපාලන පිපාසයෙන් පෙළෙන පිරිසක් ජනතාව ප්‍රකෝප කර වීදි බස්වා ඇති බවට තොරතුරු හෙළිවෙමින් තිබෙන බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පේරුම මහතා පැවසීය .

    මෙම සිද්ධිය නිසා ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය කිසිසේත් සාධාරණීකරණය නොකරන බවත් පටු දේශපාලන වාසි වෙනුවෙන් ජනතාව ප්‍රකෝපකාරී කිරීම තරයේ හෙළා දකින බවත් හෙතෙම කීවේය.

    එම සිද්ධියේදි මියගිය පුද්ගලයාගේ හා තුවාල ලැබූවන්ගේ පවුල්වල සමාජිකයන්ට රජයේ හෘදයාංගම කණගාටුව ප්‍රකාශ කරන බවද හෙතෙම කීවේය.

    මෙය ජල ප්‍රශ්නයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කරගෙන තිබෙන අයුරු ඇතැම් පිරිස් කළ කතා බහෙන් හා හැසිරීමෙන් මනාව පිළිඹිබු වු බවද ඩලස් අලහස්පේරුම මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (02)පැවැති මාධ්‍ය හමුවේදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

    ජල ප්‍රශ්නයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා උපවාසයේ යෙදිසිටී හිමිනමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකව කතා කළ බවත් ඊට අමතරව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකයන්ද මැදිහත්වී එම ගැටලුවට අවශ්‍ය විසදුම් ලබාදී තිබූ බවත් ඒ මහතා අවධාරණය කළේය.

    මෙම සිද්ධිය සඳහා යුදහමුදාව යෙදවුයේ ඇයිදැයි මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා, එවැනි සිද්ධියක් පොලිසියට පාලනය කර ගැනීමට නොහැකිවු අවස්ථාවක මොකද කරන්නේ, ඒ හැරත් මොවුන් අවහිර කරගෙන හිටියේ කොළඹ නුවර පාර. එයින් එහි ගමන් ගත් ජනතාව දැඩි පිඩාවට පත්වෙලයි හිටියේ. එහිදි යුද හමුදාව මැදිහත්වෙලා එය සමථයකට පත්කරන්න යද්දි තමයි මේ ගැටලුව ඇතිවී තියෙන්නේ. මෙහිදි යුද හමුදාවේත් හය දෙනෙකු පමණ තුවාල වුණා. එක් අයකුගේ තත්ත්වය බරපතළයි.

    ඇමැතිවරයා මෙසේද කීවේය.

    ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියක් විසින් මීට මාස කිහිපයකට පෙර මෙම ආයතනයේ කළමනාකරණයට එරෙහිව වීරෝධයක් ගෙනියලා තියෙනවා. ඒ හේතුව නිසා සේවකයෝ කිහිප දෙනෙක් ඉවත් කරන්න එම කළමනාකාරිත්වය කටයුතු කර තියෙනවා.

    ඒ වගේම එම ආයතනයට ජලය ලබාදුන් ළිදක් සම්බන්ධව දේපාර්ශවයක් අතර අර්බුදයක් ඇති වී තියෙනවා. තවත් මෙවැනි සිදුවීම් ගණනාවක් තොරතුරු පවා හෙළිවෙමින් තියෙනවා. ජල ප්‍රශ්නය පිටින් දමාගෙන මොන ප්‍රහ්නය ක්‍රියාත්මක වෙනවද කියළා හිතාගන්න අපහසුයි. එම නිසා අපි මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සොයාබලා වාර්තා කරන්න කියළා. ඒ ඇරත් මෙම ආයතනය සති දෙකක් වසා දමා පැන නැගී ඇති තත්ත්වයට අවශ්‍ය විසදුම් සොයන්න කමිටු කිහිපයක් පත්කර තියෙනවා.

    කඩවත සිට ජලය ලබාදෙන්න නළ ළිං එළීම පටන් ගෙන තියෙනවා. එම නිසා මීට වඩා අවබෝධයෙන් ක්‍රියාකරන්න කියා සියළුම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෙදකින් කාලකණ්නි **ගේ පුතා... :dull:
    උඹ නම් කට පණුවෝ ගහලා මැරෙන්නේ.. :dull:
     
    Last edited by a moderator:
    • Like
    Reactions: Asi R

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    Eye Witness - ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙනෙක් පුරා පැය හතරක් පමණ පණ බියේ ගැහෙමින් වැලිවේරියේ නිවසක කළුවරේ ගොළුවන් සේ සිටි සිද්ධිය එහි සිටි මාධ්‍යවේදියෙක් විස්තර කරයි.

    වැලිවේරියේ ගැමියන්ගේ උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරි ඇතුළු මාධ්‍යවේදීහු තිදෙනෙක් පුරා පැය හතරක් පමණ පණ බියේ ගැහෙමින් වැලිවේරියේ නිවසක කළුවරේ ගොළුවන් සේ සිටි සිද්ධිය එහි සිටි මාධ්‍යවේදියෙක් විස්තර කරයි.

    ‘හමුදා සෙබළුන් හතර දෙනෙක් එතැන තිබුණු ඉනිමගෙන් උඩට නැගලා අපි දෙන්නා වට කරගත්තා. ඔවුන් ඇහුවා මෙතන මොකද කරන්නේ කියා. අපි කිව්වා ‘මීඩියා‘ කියලා. කැමරා කෝ කියලා ඔවුන් ඇහුවා. හමුදාවේ දෙදෙනකු බැටන් පොලු දෙකක් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට තබා තද කරගෙන හිටියා. ඉන් පස්සේ එතැන හිටපු අනිත් හමුදා සාමාජිකයන් දෙදෙනා තවත් මාධ්‍යවේදියකු අත තිබූ බ්‍රීෆ්කේසය අරින්න කිව්වා. ඒක ඇර කැමරාව ගත්තා‘

    භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් රතුපස්වලට එන බවට ආරංචියක් ලැබී ඔවුහු එතැනට ගියහ. වැලිවේරියෙන් එහා පැත්තට යන්න බැරි වෙන විදියට පාර වසා තිබිණි.

    ඒ වෙනකොට උද්ඝෝෂණයට හාර දහසක් පන්දහසක් එකතු වී සිටිහය.
    ‘අපි පාරේ ඉඳන් ඡායාරූප ගනිමින් සිටියදී ආරංචි වුණා බැලුම්මරදි මාධ්‍යවේදීන්ට ගහලා කියා. අපිට ඕනෑ වුණේ කැමරා ආරක්ෂා කරගන්නයි. උද්ඝෝෂණය කරන පාර හොඳට පේන තැනක් බලලා අපි කඩේක වහළයක් උඩට නැංගා. එතැන මාධ්‍යවේදීන් අට දෙනකු විතර හිටියා.
    සන්නද්ධ හමුදාව වැලිවේරිය පැත්තට එනවා දැක්කම අපි එක්ක හිටපු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙනත් තැනකට ගියා. යුද හමුදාව අවට වතු වලින් පොලු කඩාගෙන එන හැටි දැක්කා. එක අතකින් මුගුරුත්, අනිත් අතින් තුවක්කුත් අරගෙන යුද හමුදා පිරිස් ඉදිරියට ආවා.
    අපි ඉන්න හරියට එද්දී හමුදා නිලධාරියෙක් ඇඟිල්ල දිගු කර කැමරා අයින් කර ඉවත්වන ලෙස අණ කළා. අපි එතැනින් බිමට බහින්න හිතාගෙන පස්සට ගියා. අප සිටින තැනට යන ලෙස ඒ නිලධාරියාම භටයන් කිහිප දෙනෙකුට සංඥා කළා.


    ඔවුන් අප සිටි තැනට ඇවිත් මාධ්‍යවේදියකුගේ උරහිස් දෙකට පොලු දෙකක් තබා තදකරගෙන සිටියා. පස්සේ මට බිමට බහින්න කිව්වා. ඔවුන් අපටට බැණවැදුණා. මොනවට උඩට නැංගාද කියා. අප ඉනිමගෙන් පහළට බැස්සා. ඔවුන් ඉවරයක් නැතිව බැණ වැදුනා. ඉන් පසු අපි මැදි කරගෙන යුද හ්‍මුදාවේ හතර දෙනා හමුදාවේ පිරිස් වැඩිපුර ඉන්න පැත්තට අප රැගෙන ගියා.
    ‘මාධ්‍ය තමයි මේවා අවුස්සන්නේ. මුං ඇවිත් තියෙන්නේ අරමිනිස්සුන්ගේ ෆොටෝ ගන්න නෙමයි. අපි පොලු අරන් ඉන්න ඒවා ගන්න .‘ යැයි කියමින් ඔවුන් බැණ වැදුනා.

    එතැන කඩේක හිටපු තරුණයන් පිරිසක් අප එතැන හිටපු කඩයකට අරගෙන ගියා. ඉන් පස්සේ යුද හමුදාව ගහන්න ගත්තා. උද්ඝෝෂකයනුත් යුද හමුදාව පැත්තට ගල් මුල් ගසන්න පටන් ගත්තා. අප සමග ගම්වැසියන් 20ක් පමණ හිටියා. එක්වරම හමුදාවේ පිරිසක් කුණුහරප කියාගෙන අපිට ගහන්න දුවගෙන ආවා. ඒ හරියේ ගේට්ටුවක් ඇරලා තිබුණු වත්තකට අපි දිව්වා. දුවන ගමන් ගේට්ටුවත් වැහුවා. ඒ වෙනකොට දෙගොල්ල ගහගන්නවා. වෙඩි සද්දෙත් ඇහුණා. අපි එක්තරා ස්ථානයකට දුවලා දොරවල් වැහුවා. මාධ්‍යවේදීන් කිහිප දෙනකු සමග පහලවක් විතර ඒ තැනට දිව්වා. අපි නිවසේ විදුලිපහන් නිවා දැම්මා. ඉන් පසු යුදහමුදාව ගේට්ටුව ඇරගෙන ඇතුළට ඇවිත් දොරටත් ගහුවා.
    වෙඩි සද්දේ තදින් ඇහුණා. පැරා ගහනවා දැක්කා. මිනිසුන් කෑහනවා ඇහුනා. අපි ඉන්න තැන වටේම හමුදාව සිටියා. ඔවුන් අපව සොයන බව අපට තේරුණා. හයියෙන් කතා කරන්නත් බෑ එළියට ඇහෙනවා. ‘
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නෙදකින් කාලකණ්නි **ගේ පුතා... :dull:
    උඹ නම් කට පණුවෝ ගහලා මැරෙන්නේ.. :dull:

    rathu kola kannadi walin lokaya dakinna epa saho. aththatama ahinsaka minissu mewata billata dipu aya gana hoyanna.
     
    Last edited by a moderator:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    weliveriya.png


    ආරක්‍ෂක අංශ ‘මීඩියාවල ඉන්නේ බල්ලෝ’ කියමින් මාධ්‍යවේදීන්ට ගහලා


    ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් පොලූ මුගුරු හා අතින් පයින් අමානුෂික ලෙස පහරදී ‘මීඩියාවල ඉන්නේ බල්ලෝ’ යැයි කියමින්තමා සන්තකයේ තිබූ කැමරාව උදුරාගෙන පොළොවේ ගසා විනාශ කළ බව රතුපස්වල ජල ප‍්‍රශ්නයට විසඳුම් ඉල්ලා පැවැත්වූ මහජන උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ‘අද’ පුවත්පෙත් ඡයාරූප මාධ්‍යවේදී චානුක කුලසේකර මහතා ප‍්‍රකාශ කළේය.

    මෙම පහරදීම හේතුවෙන් චානුක කුළසේකර මහතාගේ හිස, දෙපා සහ අත් තුවාල වී ඇති අතර මේ වනවිට ඔහු ගම්පහ රෝහලෙහි නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.

    කොළඹ-මහනුවර මාර්ගය අවහිර කර රතුපස්වල ජනතාව බැලූම්මහර හන්දිය සහ තවත් ස්ථාන කිහිපයකදී උද්ඝෝෂණ පැවැත්වූහ.

    එම උද්ඝෝෂණය වාර්තා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී චානුක කුලසේකර මහතාට මෙලෙස පහරදී ඇත.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    1 dead, 15 wounded in Sri Lanka protest over clean water
    Local TV footage shows soldiers firing at fleeing demonstrators
    The Associated Press Posted: Aug 2, 2013 5:47 AM ET Last Updated: Aug 2, 2013 8:43 AM ET Facebook
    247

    Twitter
    21


    Share
    268

    Email



    One person has been killed and about 15 wounded when Sri Lanka's military shot at protesters demanding clean drinking water, according to television footage and demonstrators.

    The shooting happened Thursday evening in Weliweriya, 20 kilometres northeast of the capital, Colombo, when more than 4,000 protesters had gathered to demand action after chemical emissions from a factory had polluted drinking water in about 15 local villages, said one protester, who spoke on condition of anonymity, fearing reprisals.
    About 4,000 protesters gathered in Weliweriya, 20 kilometres northeast of the capital Colombo. (Google)

    Residents have been demanding for more than a month that authorities close the factory, the protester said.

    He said police used tear gas to break up the protest, but when protesters clashed with police, the army shot at them. He said soldiers shot at some protesters as they tried to flee.

    Military spokesman Ruwan Wanigasooriya said Friday that the army did not aim their guns at the protesters but shot in the air to disperse them. He said "people with other agendas" were behind the protesters and had armed them with firearms and petrol bombs. He did not say who the instigators were or what their motives were.

    However, footage from a local television station showed soldiers shooting at running protesters. One scene shows a wounded man being dragged away by another. Another man appears to be hit by a bullet while he tries to rescue a man lying on the ground.

    Protesters are shown hurling rocks at the army.
    Protesters blocked main road, police say

    Police spokesman Buddika Siriwardene confirmed that one person had died and 15 were hospitalized but declined to comment on the nature of the injuries.

    Siriwardene said the situation arose because protesters blocked a main road, obstructing traffic, despite agreeing with authorities to call off the demonstrations until investigations into the possible chemical leak were complete.

    He said the demonstrators struck police with stones and bottles.

    Journalists said soldiers beat up several reporters and photographers covering the incident and smashed their cameras.

    Kanchana Dissanayake, editor of a Sinhala-language newspaper, said a photographer from the organization was admitted to a hospital after being beaten by soldiers.

    Human rights activists have accused the Sri Lankan government of reacting sharply to any opposition to its rule since defeating Tamil Tiger rebels in May 2009, ending a nearly three-decade civil war.

    The incident is the third in two years in Sri Lanka where police or military have used firearms on protesters. In 2011, a factory worker was shot dead during a demonstration, and in 2012 police shot and killed a fisherman who was protesting against rising fuel prices.

    http://www.cbc.ca/news/world/story/2013/08/02/sri-lanka-water-protest-killed.html
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ONE person was killed and about 15 were wounded when Sri Lanka's military shot at a protest demanding clean drinking water.

    At least 4,000 protesters had gathered on Thursday in Weliweriya, some 20 kilometres northeast of the capital, Colombo.

    A protester who spoke on condition of anonymity, fearing reprisals, said chemical emissions from a factory into water sources has polluted drinking water in about 15 area villages.

    Residents have been demanding for more than a month that authorities close down the factory but to no avail, the protester said.

    He said police used tear gas to break up the protest, but when protesters clashed with police, the army shot at them.

    He said soldiers shot at some protesters who were running away.

    Reporters said soldiers beat up several reporters and photographers who were covering the incident and smashed their cameras.

    Kanchana Dissanayake, editor of Sinhala-language "Ada" (Today) newspaper, said his photographer was admitted to a hospital after being beaten by soldiers.

    He claimed the soldiers said "media dogs" should not cover the protest and smashed his camera.

    Another female reporter said on condition of anonymity fearing reprisals that soldiers first targeted journalists because they wanted the media away before turning on the protesters.

    Many reporters were hiding for many hours into the night, she said.

    Police spokesman Buddika Siriwardene said one person died and 15 were hospitalised, but declined to comment on the nature of the injuries.

    Siriwardene said the situation arose because protesters continued to block a main road, obstructing traffic, despite agreeing with the defence ministry to call off demonstrations until investigations are complete.

    He said the demonstrators struck police with stones and bottles.

    Thursday's incident is the third in two years in Sri Lanka where police or military have used firearms on public protests.

    In 2011 a factory worker was shot dead during a demonstration, and in 2012 police shot and killed a fisherman who was protesting against rising fuel prices.


    Read more: http://www.news.com.au/breaking-new...er/story-e6frfkui-1226690256653#ixzz2b2g2k6C0
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

    මාරාන්තික උපවාසය කළ හිමි නම කියති

    * උපවාසකරුවන්ට හමුදාවෙන් ගැහැව්වේ නෑ

    * කඩාකප්පල්කාරී පිරිසක් ගම්මුන් අතර ක්‍රියාත්මක වෙලා

    * පහර කෑ අයට නායකත්වය දුන්නේ කවුරුන්දැයි දන්නෙ නෑ

    * හමුදාව-පොලිසිය අප සමඟ සහයෝගයෙන් ක්‍රියා කළා

    n1308031.jpg

    වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජලයට විෂ ද්‍රව්‍ය එක්වීම හේතුවෙන් පීඩනයට පත් ජනතාවට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වී කඩිනමින් විසැඳුම් ලබා දුන් බව ගල්ලොලුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති රාජකීය පණ්ඩිත තෙරිපැහැ සිරිධම්ම හිමියෝ දිනමිණ ට පැවසූහ.

    මේ සම්බන්ධයෙන් පැවැති උද්ඝොෂණයේ දී මාරාන්තික උපවාසයේ යෙදී සිටි තමන් වහන්සේ ඇතුළු ගම්වාසීන්ට කිසිවකු පහර නොදුන් අතර පොලිසිය හා හමුදාව ළෙන්ගතුව හා සාමකාමීව අවසානය දක්වා කටයුතු කළ බවත් නුවර පාර ආසන්නයේ බැලුම්මහර හා වැලිවේරිය ප්‍රදේශවල සිටි කණ්ඩායම් සමඟ යම් ගැටුමක් ඇතිවී තිබෙන බවත් විහාරාධිපති හිමියෝ සඳහන් කරති.

    පහර කෑමට ලක්වූ පිරිස ට නායකත්වය දුන් අය කවුද යන්න තමා නොදන්නා බව ද නායකත්වයේ යම් දුර්වලතාවක් නිසා කලබලකාරී තත්ත්වයක් පැනනගින්න‍ට ඇති බවත් පෙන්වා දෙන සිරිධම්ම හිමියෝ රජය අපහසුතාව‍ට පත් කිරිමේ අරමුණින් මෙවැනි සිද්ධීන් රැසක් පසුගිය කාලයේ දී ර‍‍ටේ තැන තැන සිදු වූ බව ද පෙන්වා දෙති.

    එහෙත් සාමකාමීව සි‍ටි අහිංසක පිරිසකට පහර දුන්නේ නම් එය තරයේ හෙළා දකින බව ද උන් වහන්සේ සඳහන් කළහ.

    යම් කඩාකප්පල්කාරී පිරිසක් උද්ඝෝෂකයන් අතර සිට ක්‍රියාත්මක වීම නිසා පහරදීම් සිදුවූවා ද යන්න සොයා බැලිය යුත්තක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නාහ.

    තමන් හා ගම්වාසීන් සමඟ සිටි ආරක්ෂක නිලධාරීන් තමන් වහන්සේගේ අවසරයකින් තොරව කිසිදු කටයුත්තක් නොකළ අතර දිය පොදක් පවා බිව්වේ ද අවසර ගෙන බවත් සඳහන් කළහ.

    පිරිත් කියමින් සාමකාමිව සිටි තමා ඇතුළු පිරිස සමඟ සමඟියෙන් ක්‍රියා කළ පොලිස් සහ යුද හමුදා නිලධාරීන් පිරිස තමන් වහන්සේට වැඳ පිටත්ව ගිය බව ද ඒ හිමියෝ සඳහන් කළහ.


    :yes:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බොන දියට හැඬූ අපේ මිනිස්‌සු...!

    redpas.jpg

    බැලුම්මහර - රතුපස්‌වල ප්‍රදේශයේ කම්හලකින් බැහැර කරන රසායනික ද්‍රව්‍යයක්‌ භූගත ජලයට මුසුවීමේ සිද්ධියක්‌ මුල්කරගෙන සති කීපයක සිට එම ප්‍රදේශයේ හටගෙන තිබුණු නොසන්සුන්කාරි තත්ත්වය පෙරේදා (01 දා) තරුණ ජීවිතයක්‌ බිලිගෙන නිමාවට පත්විය.

    පෙරේදා (01 දා) සවස මෙම ජල ප්‍රශ්නය මුල්කරගෙන ප්‍රදේශවාසීන් දහස්‌ ගණනක්‌ බැලුම්මහර හා වැලිවේරිය යන නගරවල ආරම්භ කර තිබුණු උද්ඝෝෂණ එදින රාත්‍රිය වන විට උණුසුම් මුහුණුවරක්‌ ගත් අතර ආරක්‍ෂක අංශ හා ප්‍රදේශවාසීන් අතර හටගත් ගැටුම ඊයේ (02 දා) අළුයම දක්‌වා පැවැතිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියේ සහායට යුද හමුදාවට යොදවා තිබිණි. එහිදී ප්‍රදේශවාසීන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්‌ හා බැටන් ප්‍රහාර ද එල්ල කර ඇති අතර ඒ අතරම ජීව උණ්‌ඩ ප්‍රහාරද එල්ල කළ බව ගම්වාසීහු කීහ. ඊයේ (02 දා) උදෑසන වැලිවේරිය සාගරය මධ්‍යයේ පිහිටි දේවස්‌ථාන භූමියේ සහ නගරයේ ප්‍රධාන මාර්ගයේද ජීව උණ්‌ඩ කොපු වැටී තිබිණු අතර වෙඩි වැදී තුවාල ලබා ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තරුණයින් දෙදෙනකු ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඊට අමතරව ගල් හා පොලු ප්‍රහාර වලට ලක්‌ව තවත් විස්‌සකට ආසන්න පිරිසක්‌ රෝහල් ගතව සිටී. තුවාල ලැබූවන් අතර වැලිවේරිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාද සිටී.

    ඊයේ (02 දා) උදෑසන දෙල්ගොඩ - බැලුම්මහර ප්‍රධාන මාර්ගයේ (නව නුවර පාර) වැලිවේරිය නගර සීමාව පොලිසිය විසින් වසා දමා තිබුණු අතර නගරයේ කඩසාප්පු ආදියද වසා දමා තිබිණි. පෙරේදා (01 දා) රාත්‍රී පැවැති නොසන්සුන් තත්ත්වයේදී ප්‍රදේශවාසීන් විසින් මහාමාර්ගයේ පුළුස්‌සා තිබුණු ටයර් හා වෙනත් සුන් බුන් මාර්ගය පුරා විසිරී තිබුණු අතර යුද හමුදාව හා පොලිසිය විශාල පිරිසක්‌ නගරය පුරා තැන් තැන්වල සීරුවෙන් තබා තිබිණි. එසේම යුද හමුදා සන්නද්ධ රථ කිහිපයක්‌ද ස්‌ථානගත කර තිබිණි.

    මේ අතර ඊයේ (02 දා) උදෑසන වැලිවේරිය ප්‍රදේශයට පැමිණි විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පළමුව වැලිවේරියේ පොලිසියට පැමිණ එහිදී උසස්‌ පොලිස්‌ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත විය.

    තවද පෙරේදා (01 දා) නොසන්සුන්තාවයේදී වැලිවේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එම පොලිස්‌ සිරමැදිරියේ රඳවා සිටින ප්‍රදේශයේ තරුණයන් පිරිසකගෙන් කරුණු විමසූ විපක්‍ෂනායක වරයා ඔවුන්ට අවශ්‍ය නීති ආධාර ලබා දෙන ලෙස ජෝන් අමරතුංග හා අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන්ට උපදෙස්‌ දුන්නේය.

    ඉන් අනතුරුව මෙම ජල ප්‍රශ්නය විසඳන ලෙස මාරාන්තික උපවාසයක නිරතව සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් වැඩවසන ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය වෙත ගොස්‌ උන්වහන්සේ හා ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක නිරත විය.

    මෙම නොසන්සුන්තාවයේදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව මිය ගිය වැලිවේරිය පින්කොවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි අඛිල දිනේෂ් නමැති තරුණයාගේ නිවසට ඊයේ (02 දා) උදෑසන ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ පැමිණ සිටි අතර ඔවුන් ප්‍රකාශ කළේ මෙම තරුණයා කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවකට සම්බන්ධ නැති අතිරේක පන්තියකට සහභාගිවී එමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදී ඇති බවයි.

    ඊයේ (02 දා) සවස්‌ වන විට වැලිවේරිය නගරය සාමකාමී තත්ත්වයක්‌ පැවැති නමුත් නගරයේ සාමාන්‍ය කටයුතු යථා තත්ත්වයට පත්ව නොතිබිණි.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රතුපස්‌වල ජනතාවට ජලය නොදෙන ආණ්‌ඩුව
    උගන්ඩාවට වතුර දෙන්න මිලියන ගණන් ලබා දෙනවා
    - ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බත්තරමුල්ලේදී කියයි

    ලසිත දුමින්ද

    රතුපස්‌වල අහිංසක ජනතාවට බීමට ජලය ලබා නොදෙන ආණ්‌ඩුව උගන්ඩාවේ ජනතාවට වතුර දෙන්න මිලියන ගණන් ලබාදෙන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

    තම අයිතිවාසිකම් ඉල්ලා අරගල කරන අයට ආණ්‌ඩුව පිළිතුරු දෙන්නේ උණ්‌ඩවලින් බවද විජිත හේරත් මහතා ඊයේ (2 වැනිදා) බත්තරමුල්ල පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා - රතුපස්‌වල ජනතාව බොන්න වතුර ඉල්ලා දින ගණනාවක්‌ තිස්‌සේ අරගලයක්‌ කළා. උද්ඝෝෂණවල යෙදුණා. ඔවුන් ඉල්ලුවේ තමන්ගේ දෛනික කටයුතුවලට සහ බීමට වතුරයි. ඒත් පිරිසිදු වතුර ඉල්ලපු ජනතාවට ආණ්‌ඩුව උත්තර දුන්නේ හමුදාව ලවා වෙඩි තැබීමෙන්, බැටන් පොලු වලින් පහර දීමෙන්, අතපය කඩමින්, අවසානයේදී පුද්ගලයන් මරා දමමින්. ජනතා විමුක්‌ති පෙරමුණ ආණ්‌ඩුවේ හමුදාව එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිනවා. ඒ වගේම පුද්ගලයන්ට වෙඩි තබා මරා දැමීම හෙළා දකිනවා. ඒ වගේම මිය ගිය තරුණයින් වෙනුවෙන් ඥතීන්ට ශෝකය කනගාටුව පළ කරනවා.

    මේ ප්‍රශ්නය ආරම්භ වුණේ මීට සති දෙකට පමණ කලින්. පසුගිය 17 වැනිදා ප්‍රදේශවාසීන් තමන්ගේ ළිංවල ජලය පානය කරන්න බැහැ කියලා තේරුම් ගත්තා. ඔවුන්ට සමේ රෝග ඇතිවුණා. කැස්‌ස හැදුනා. විවිධ රෝග ලක්‍ෂණ මතු වුණා. ඒ නිසා ඔවුන් පෞද්ගලික ආයතන හරහා තමන්ගේ ළිංවල ජලය පරීක්‍ෂාවට ලක්‌ කළා. එම පරීක්‍ෂණවලින් තහවුරු වුණා ජලයේ පී. එච්. අගය ඉතාම අඩු බවත් ඒවා බීමට නුසුදුසු බවත්, මහර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට වැලිවේරිය, රතුපස්‌වල ජනතාව මේ බව දැනුම් දුන්නා. නමුත් ආණ්‌ඩුව එම ගැටලුවට විසඳුම් ලබාදුන්නේ නැහැ. අවම වශයෙන් එම ප්‍රදේශයේ ළිං වතුර බීමට සුදුසුද නැද්ද. ආම්ලිකතාවය අඩුද වැඩිද කියලා පරීක්‍ෂණ කළේ නැහැ. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළේ නැහැ. නමුත් ආණ්‌ඩුව කියනවා විසඳුම් දුන්නා කියලා. අඩුම තරමේ අපහසුතාවට පත්වී සිටින ගම් දහයක පමණ ජනතාව මේ පිළිබඳව දැනුවත් කළේ නැහැ. ආණ්‌ඩුවේ බලධාරීන් නිවැරදි සොයා බැලීමක්‌ කළේ නැහැ.

    ප්‍රදේශවාසීන් සාකච්ඡා ඉල්ලුවා. සාකච්ඡා ලබාදෙන බවට ආණ්‌ඩුව බොරු පොරොන්දු දුන්නා. එම සාකච්ඡා නිවැරදිව සිදු කළේ නැහැ. පසුගිය සඳුදා බැසිල් රාජපක්‍ෂ සාකච්ඡාවක්‌ සංවිධානය කර තිබුණා. නමුත් ඔහු සාකච්ඡාවට ආවේ නැහැ. නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක්‌ සිදු කළා. එහිදී පරීක්‍ෂණ පවත්වන්නට එකඟ වුණා. පරීක්‍ෂණ වාර්තාව සති දෙකකින් දෙනවා කිව්වා. නමුත් ගැටලුවට පදනම් වෙලා තියෙන කර්මාන්තශාලාව තාවකාලිකව හෝ වහන්න තීරණය ගත්තේ නැහැ. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ මෙම කර්මාන්ත ශාලාව වසා දමන්න කියලා. නමුත් සාකච්ඡාවලින් කර්මාන්තශාලාව වහන්න තීරණ ගත්තේ නැහැ. බලධාරීන් ප්‍රශ්නය මගහැරියා. පසුගිය බ්‍රහස්‌පතින්දා කැබිනට්‌ එක රැස්‌වුණා. කැබිනට්‌ මණ්‌ඩලයට තීරණයක්‌ ගන්න පුළුවන්කම තිබුණා. මෙය මුළු රටටම දැනෙන ප්‍රශ්නයක්‌.

    මේ හේතු නිසා ජනතාව බොරු පොරොන්දු පිළිබඳ විශ්වාස තැබුවේ නැහැ. ප්‍රදේශවාසීන් පාරට බැස්‌සා. මර්වින් සිල්වා ඇමැතිවරයා එතැනට ගියා. නමුත් එතැනදී සාකච්ඡා කළේ ආයතනයේ සිරවී තිබුණු රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 3 ක්‌ එළියට ගන්න එක ගැනයි. ඇමැතිවරයා උත්සාහ කළේ ප්‍රශ්නය විසඳන්න නොවේ. ඉන් අනතුරුව උසාවි ක්‍රියාමාර්ගවලට ගියා. නමුත් පොලිසිය කරුණු ඉදිරිපත් කළේ මහජන පීඩාව වැළැක්‌වීම පදනම් කරගෙන නොවේ. ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කළේ කර්මාන්ත ශාලාවෙන් විෂ රසායන ද්‍රව්‍ය, අපද්‍රව්‍ය පරිසරයට මුදාහරිනවා කියලයි. නමුත් පොලිසිය උසාවියට නිවැරදි ලෙස කරුණු ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා උසාවියට සාධාරණ ලෙස තීන්දුවක්‌ දෙන්න බැරිවුණා. නඩු තීන්දුව ලබන 22 දක්‌වා කල්දාන්න සිදුවුණා.

    ප්‍රදේශවාසීන් දිගින් දිගටම උද්ඝෝෂණ කළා. ප්‍රදේශයේ ස්‌වාමීන් වහන්සේ නමක්‌ මාරාන්තික උපවාසයක්‌ කළා. විසඳුම් නැති නිසා ඊයේ උදේ ප්‍රදේශවාසීන් ගම් පිටින් පාරට බැස්‌සා. සාමකාමී ලෙස උද්ඝෝෂණය ගෙන ගියා. එය මානුෂික සටනක්‌. ඔවුන් ඉල්ලුවේ පිරිසිදු ජල අයිතියයි. මුලින්ම ක්‍රීඩා පිටියට රැස්‌වුණා. ප්‍රදේශවාසීන් අතේ ආයුධ තිබුණේ නැහැ. ඔවුන් කළේ හමුදාවට විරුද්ධව සන්නද්ධ සටනක්‌ නොවේ. වයසක අම්මලා තාත්තලා ගැබිණි මවුවරුන් පාරට බැස්‌සේ තමන්ට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවී තිබෙන නිසයි. එයට ආණ්‌ඩුව සාධාරණ විසඳුම් ලබාදුන්නේ නැහැ. ආණ්‌ඩුවේ උත්තරය වුණේ යුද හමුදාව විශේෂ කාර්ය බළකාය, පොලිසිය යොදා බැටන් පොලුවලින් වැලිවේරිය, රතුපස්‌වල ජනතාවට පහරදීමයි. තුවක්‌කුවලින් වෙඩි තැබීමයි. හමුදාව, පළමුවෙන් කළේ මාධ්‍යවේදීන් ඉවත් කරන එකයි. මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරා ගත්තා. මීඩියාවල ඉන්නේ බල්ලෝ, මීඩියාවල බල්ලෝ තමයි ප්‍රශ්නය අවුල් කරන්නේ කියලා හමුදාව මාධ්‍යවේදීන් ලයිට්‌ කණුවලට හේත්තු කරලා පහර දුන්නා. zzඅදzz පත්තරේ මාධ්‍යවේදියෙක්‌ තවමත් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මාධ්‍යවේදීන් වාහනවල දාල එම ස්‌ථානයෙන් ඉවත් කළා. වීදි ලාම්පුවලට වෙඩි තබා කඩලා දැම්මා. ඉන් පස්‌සේ තමයි පහර දෙන්න පටන් ගත්තේ. ඒ අසල තිබුණු කතෝලික දේවස්‌ථානයට පැනලා ඇතුළේ හිටපු පුද්ගලයන් ඇදලා අරන් පහර දුන්නා. පල්ලියේ සිට වෙඩි තැබීම් සිදු කළා. සිද්ධියෙන් නිශ්චිතවම එක්‌ අයෙක්‌ මිය ගිහින් තිබෙනවා. ඔහු අවුරුදු 16 ක තරුණයෙක්‌. තවත් හතර දෙනෙක්‌ මරණයට පත්වෙලා කියලා තොරතුරු තියෙනවා. පොලිසිය, රෝහල් නිවැරදි තොරතුරු ලබාදෙන්නේ නැහැ. ප්‍රදේශයේ ජනතාව බලාගෙන ඉන්නවා තමන්ගේ ඥතීන් දූ දරුවන් ගෙදර එනකන්. එම ප්‍රදේශය හමුදාව දාලා, බැරැක්‌ක හමුදා කරණය කරලා තිබෙන්නේ. පහරදීමෙන් පස්‌සෙත් ගෙවල්වල හිටපු අය පාරට ගෙන ගොස්‌ පහර දෙන්න පටන් ගත්තා. ඊයේ වෙඩි තැබීම පහරදීම් දිගටම සිදුවුණා. ඒ ප්‍රදේශයේ සම්පූර්ණ භීෂණයක්‌ ඇති කරලයි තිබෙන්නේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mara nondiya neda, pitin awilla hamudawata gahuwa kianne. dan ethakota oya marala thuwala karala thiyenne eh pitin apu set ekada :)

    pudumama wade kianne, rata ek sesath karapu mechchara wadakaruo inna, jathika mamakathwaya overflow wena rate, pitin awilla minissuth form karala hamudawatath gahala kalabala karanna tharam ida labena eka ne :)

    api nodanna politics :)
     

    Similar threads