වැලිවේරිය ගැටුම - තවත් තරුණයෙක් මරුට
August 4, 2013 07:51 am
August 4, 2013 07:51 am
වැලිවේරිය ගැටුමේදී තුවාල ලැබූ 17 හැවිරිදි ළමයෙකු එදිනම මිය යාමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී අවුරුදු 19ක තවත් තරුණයෙකු ඊයේ රාත්රී මියගොස් තිබේ.
මෙම ගැටුමේදී තුවාල ලැබූ තවත් 5 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව එම රෝහලේ ප්රකාශකයෙකු පැවසීය.
පසුගිය 1දා සවස ඇති වූ එම ගැටුමේදී තුවාල ලැබූ 17 හැවිරිදි පාසල් ළමයෙකු එදිනම මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු අද වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
බීමට පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේදී විරෝධතා දැක්වූ ජනතාව ඉවත් කිරීමට යාමේදී හමුදාව ඔවුන්ට වෙඩි තැබූ බවට පාර්ශව ගණනාවකින් චෝදනා එල්ල වී ඇත.
adaderana

