උතුමණි! ඔබ සදා සමරමි!-General Denzil Lakshman Kobbekaduwa
පියෙක් බදු වූ ඔබව - සමරුමු මෙසේ
කදුළු පිරුණු දෑසින්........................
ශ්‍රී ලංකා යුධ හමුදාවට ආඩම්බරයක් වූ, විශිෂ්ඨ සහ අති උදාර රණවිරුවෙකු වන, යුද හමුදාවේ මෙන්ම අනෙකුත් හමුදාවන් වල සෙසු නිලයන් හට පියෙකු බදු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව RWP, RSP, VSV, USP, rcds, psc, (SLAC) අපගේ අතිගෞරවනීය හමුදා නායකයාණන්, අපේ සදාදරණිය විරුවන් වූ මේජර් ජෙනරල් විජය විමලරත්න RWP, RSP, VSV, USP, psc, (GR), රියර්-අද්මිරාල් මොහාන් ජයමහ,ලුතිනන් කර්නල් ආර්.එච්.ස්ටීවන්ස්,ලුතිනන් කර්නල් ජී.එච්.ආරියරත්න,ලුතිනන් කර්නල් වයි.එන්.පලිපාන, ලුතිනන් කොමදෝරු අසංග ලංතාකිලක,මේජර් නලින් ද අල්විස්,ලුතිනන් කොමදෝරු සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්.ජේ. වික්‍රමරත්න යන නාවික සහ හමුදා නිලයන් සමග අරාලි තුඩුවේ දී පුපුරා ගිය බෝමබයකින් අප අතරින් වියෝවී අදට වසර විසි එකකි.
1940 ජූලි 21 වෙනි දින මහනුවර දී මෙලොව එළිය දුටු එතුමන්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.1960 වසරේ දී ශ්‍රී ලංකා යුධ හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ මෙතුමන් එතෙක් මෙතෙක් මා ජීවිතයේ දී දුටු අති විශිෂ්ඨ සහ අති උත්කෘෂ්ඨ හමුදා සෙබලා සහ නිලධාරියා බව සිහි කරන්නේ කදුළු පිරි නෙතිනි. එතරම් මානුෂීය සහ පියෙකු බදු හමුදා නිලධාරියෙකු මා ජීවිතයේ දී නොදිටිමි.
එතුමන් මා ජීවමානව දුටු පළමු මොහොත මට අද මෙන් සිහි කළ හැකිය. ඒ රත්මලාන ගුවන් හමුදා කදුවුරේ දීය. ඊලාම් යුද්ධය සැහැසිව නැගුණු ඒ කාලයේ මම යම් කිසි සිවිල් කාර්යයක් සදහා ගුවන් පථය ආසන්නයේ රැදී උන්නෙමි. හෙලිකොප්ටරයක් මගින් තුවාල ලත් සෙබලුන් 8ක් පමණ් ගෙන ආ අතර, ඉන් බරපතල තුවාල ලබා සිටි සෙබලා ගේ උඩුකය වසා තිබුණේ ගරු ලුතිනන් ජෙනරාල්තුමන් ගේ උඩුකය කබායෙනි. මේස් බැනියම පිටින් සිටි එතුමන්, හෙලිකොප්ටරයේ සිටියේ අර සෙබලාට සවි කරන ලද සේලයින් බෝතලය අල්ලා ගෙනය. සාමාන්‍ය සෙබලෙක් වෙත ඒ පෑ කුළුණු ගුණය බලාපොරොත්තු විය හැක්කේ එතුමන් ගෙන් ම විනා වෙන කවරෙකු ගෙන් ද?
1987 දී අති සුප්‍රකට වඩමරාච්චි මෙහෙයුමට පණ දුන් එවකට මේජර් විජය විමලරත්න සමග බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව, එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ පිරපාහරන් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබිය දී ඉන්දියාව විසින් ඇති කරන ලද පීඩනය හමුවේ ඇති වූ දේශපාලනික තත්ත්වයන් මත මෙහෙයුම අතැර දමන ලද අතර, එය සාර්ථක විනි නම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් වන්නේ 1987 දී තරම් ඈතක දී ය.
රට, ජාතිය, දේශයේ චිර ජීවනය සහ ඒකීය භාවය වෙනුවෙන් සිය දිවියේ ශ්‍රමය, ඥාණය පමණක් නොව ලේ,මස් මෙන් ම අවසන දී ජීවිතය ද කැප කළ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබෑකඩුව, මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු ශ්‍රී ලංකාව ඒකචත්‍ර කිරීමේ නිදහස් මෙහෙයුම වෙනුවෙන් සිය දිවි දුන් සියළු ම රණවිරුවන්, බුද්ධි අංශයේ සියළු ම නිළයන් හට සහ සිවිල් වැසියන් හට ඒ පින් බලයෙන් නිර්වාණය ම පසක් වේවා!!!!
උතුමනි!! සදා ඔබ සමරමු මෙසේ......!!!!!!!

ඇත්තටම ආන්ඩුව විසින් මැරුව/ මරා ගත් රණවිරුවෙක්. ඒ වගේම පණ අදින මැරෙන්න යන මිනිහෙක්ව බේත් නොදී මරාගන්න තරම් කුහක උනා