බීමට වතුර ඉල්ලු රටේ අහිංසක පුරවැසියන්ට අමානුෂිකව වෙඩි තබා ඝාතනය කළ මිනීමරු ඒකාධිපති රෙජීමයට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවයක් ගොඩ නැගීම සඳහා සමගි බලවේගය නමින් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයක් බිහි වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ, සර්ව ආගමික සංවිධාන, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන ඇතුළු සමාජ බලවේග රාශියක් එකතු වී මෙම සමගි බලවේගය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ගොඩ නගා ඇති අතර එමගින් රට පුරා කි්‍රයාත්මක කිරීමට නියමිත දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පළමු වැන්න ලබන 14 වෙනිදා කොටුව දුම්රිය පොල අබියසින් දස දහස් ගණනකගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිත ය.
මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර අමු අමුවේ නිරායුධ ජනයා ඝාතනය කරමින් ඒකාධිපති හමුදා පාලනයක් රටේ ගොඩනගන ඒකාධිපති රෙජීමයට එරෙහිව මිනිස්කම වෙනුවෙන් කළු පැහැති ඇඳුමින් සැරසී කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටට පැමිණෙන්නැයි සියළු පාර්ශවයන්ගෙන් සමගි බලවේගය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ඉල්ලා සිටී.
මේ මිනීමරු පාලනයෙන් මිදීමට නම් ජනතාවට ඇති එකම මාර්ගය සමගි වීම පමණක් බවත් මර බිය දුරලා සමගියේ බලය පෙන්වීමට සමගි බලවේගය සමග එක්වන ලෙසත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පවසයි.




ඒත් මට හිතාගන්න බෑ තාත්ත වගේ උගත් පිලිගත් අත්දැකීම් බහුල මනුස්සයෙක්ව රජා ඇන්දුවෙ කොහොමද කියල.
මේ කේස් එකේදී මගේ තාත්ත ඇන්ද කියන්නේ රටේ අනික් උන් ගැන කියල වැඩක් නෑ. ඕක තමයි බහුතරයකගේ තත්වය. රටේ බහුතරය රජා මොන පුක කරත් ඌට කැමතියි. රජා රෙදි පෙන්නන්න විතරයි ඕන, අපේ උන් ලිඳට පැනල නාගෙන රෙදි වැඩි මිලටත් අරන් ඇඳගන්නව, අන්තිමට උන් දන්නෙත් නෑ රජාගේ කසී සලු ඇන්දට උන් ඉන්නේ හෙලුකුට්ටෙන් කියල.

