ගඩොල් කියමින් සිටි එයාර් ටෙල්
අන් අයට ගඩොල් කියමින් සිටි එයාර් ටෙල් විකුණන්න දාලා....
එටිසලාට්ට විකිණුනොත්
මොබිටෙල් 3 වෙනියාලූ
අන් සමාගම්වල සිම්පත් සහිත ජංගම දුරකථන ගඩොල් ලෙස හඳුන්වාදෙමින් පසුගිය කාලයේ උපහාසයෙන් වෙළෙඳ දැන්වීම් පළ කළ එයාර් ටෙල් ජංගම දුරකථන ජාලය ලංකාවේ මෙහෙයුම් කටයුතු විකුණාදමන්නට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එයාර්ටෙල් විකුණන්නට යන්නේ එටිසලාට් සමාගමටයි.
මින් වසර කිහිපයකට පෙර විශාල ආන්දෝලනයක් ඇතිකරමින් සිම්පත් මුල්වරට නොමිලේ ලබාදෙමින් ලංකාවේ විශාලතම ජාලය වන්නට පෙරුම්පුරමින් ඉන්දියාවෙන් ආ එයාර් ටෙල් සමාගම ඒ රටේ පෙන්නුම් කළ සාර්ථකත්වය ලංකාවේ අත්කරගත්තේ නැත. උපහාර හා බ්ලාස්ටර් පැකේජ හඳුන්වාදෙමින් තරගකාරී මොබිටෙල් හා ඩයලොග් ඔවුන්ට හිස ඔසවන්නට දුන්නේද නැත.
මේ අතර ටීගෝ නමින් අසාර්ථකව පැවති පැරණි සන්ටෙල් ජාලය අරාබි වෙළෙඳ උපායයන් අනුව නව මුහුණුවරකට හැරෙමින් එටිසලාට් ලෙස පාරිභෝගික විශ්වාසය වැඩිදියුණු කරගත් අතර මේවන විට ඔවුන් මිලියන හතරහමාරක පාරිභෝගිකයින් සතුකරගෙන තිඛෙනවා.
එයාර් ටෙල් සතුව පාරිභෝගිකයින් ඇත්තේ මිලියන එකයි දශම හතක් පමණි.
ඒ අනුව එටිසලාට් එයාර් ටෙල් මිලට ගතහොත් ඔවුන් සතු මුළු පාරිභෝගිකයින් ගණන මිලියන 6.2 දක්වා ඉහළ යනු ඇත.
දැනට ලංකාවේ තෙවැනි විශාලතම ජංගම දුරකථන ජාලය ලෙස වැජඹෙන අබුඩාබියේ එටිසලාට් සමාගම මේ අනුව දෙවැනියා වනු ඇත.
ඩයලොග් සමාගම සතුව පාරිභෝගිකයින් මිලියන 8.2 ක් ඇති බව 2013
දෙවන කාර්තුවේ නිල වශයෙන් ප්‍රසිද්ධ කර තිඛෙන අතර මොබිටෙල් ඔවුන් සතු ප්‍රමාණය ප්‍රසිද්ධ නොකරත් ඔවුන් සතුව 5-6 අතර ගණනක්ද ඇති බව අභ්‍යන්තර ආරංචි වාර්තා කරනවා.
ඒ අනුව එටිසලාට්ට දෙවැනි තැන ලබාගැනීම විප්ලවීය සිදුවීමකි.
එයාර් ටෙල් ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතන්නට යාම සම්බන්ධයෙන් ඉකොනොමික් ටයිම්ස් වෙබ් අඩවිය සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර දිගින්දිගටම අලූත් සාමාජිකයින් අතුළුවීම අවමවීමත් පාඩු පිට පවත්වා යාමට සිදුවීමත් නිසා භාරතී එයාර්ටෙල් සමාගමට උපදෙස් සැපයූ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව කියා ඇත්තේ මෙය විකුණාදැමීම ඥානාන්විත බවකි. ඒ අනුව ඩොලර මිලියන 110ත් 130 ත් අතර මිලකට ලංකාවේ එයාර්ටෙල් මෙහෙයුම් එටිසලාට් වෙත විකුණන්නට නියමිත බවද වාර්තා වෙනවා.