Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Elakiri සංගීත ගවේෂණය.(Music Expedition)

    අපි හැමකෙනෙක්ම වාගේ අපේ හැසිරීම, කතාව, රස වින්දනය ආදී නොයෙකුත් දේවල් අප ජිවත් වන ප්‍රදේශය, සංස්කෘතිය හා ආභාෂය ආදී දේවල් නිසා සිමා කරගන්නවා. සමහර වෙලාවට තව කෙනෙක් අඳින කරන දේවල් ලස්සනයි කියල හැඟුනත්, අපිට නුහුරු කම නිසා හෝ සංස්කෘතියෙන් සිමා වීම නිසා ඒවා ප්‍රතික්ෂේප කරනවා. හුඟක් වෙලාවට ඒ සදහා සාධාරණ හේතුත් තියනවා. බටහිර රටවල පාරෙ අඳින සමහර ඇදුම් ලංකාවේ පාරෙ ඇඳන් යන්න බෑනෙ.:lol:

    එත් කිසිප්‍රශ්නයක් නැතිව සිමා නොවී රසවිදිය හැකි දේවල් අතරින් එකක් තමයි සංගීතය. භාෂාව නොතේරුණත් වෙනත් රටක නුහුරු ලස්සන සින්දුවක් රසවිදීමේ කිසිම බාධාවක් නෑ.
    ගමටම ඇහෙන්න සද්දෙන් දාගෙන අහන්නේ නැත්නම් ඉතින් කවුරුත් මොනවා ඇහුවත් මොනවත් කියන්නෙත් නෑ.:lol:

    සමහර අය ඉන්නවා ඒ අයට පුරුදු සංගීත රටාව නොවෙන කිසි දෙයක් අහන්නේ නෑ. ඒ උනාට අපිට පුරුදු සිංහල, ඉන්දීය හා බටහිර ඇමරිකානු සංගීතය ඇරුනම ලෝකය පුරා තවත් විශාල ප්‍රමාණයක් වූ වෙනස් සංගීත ශෛලයන් තියෙනවා. ඒවාට අදාල බොහොම ලස්සන සංගීත කෘතීන් විශාල ප්‍රමාණයක් බිහි වෙලා තියනවා.

    ඉතින් ඇයි අපි අපේ රස වින්දනය අපිට පුරුදු කුඩා කොටසකට විතරක් සිමා කරගන්නේ?

    ලෝකය විශාලයි. ලෝකයේ හැමතැනක්ම ගවේෂණය කරන ලේසි පහසු නෑ. සංගීත ලෝකය ඊටත් විශාලයි. නමුත් අද කාලයේ තාක්ෂණයත් සමග සංගීත ලෝකය ගවේෂණය කරන එක ඉතා පහසු දෙයක්.

    මම ඉස්සර ඉඳලම වෙන රටවල වෙනස් සංස්කෘති වල සින්දු අහන්න කැමැත්තක් දැක්වුවා. මොකද හිටපු ගමන් මම කැමති ලස්සන සින්දු මැණික් වගේ විටින් විට හම්බ වෙනවා. මම කැමති එක ශෛලියක් කියල දෙයක් නෑ. හොඳ තනුවක් තියන ඕනෑම සින්දුවක් මම අහන්න කැමතියි.

    ඉතින් එහෙම හම්බ උන බොහොමයක් ලස්සන සින්දු දැන් මතකත් නෑ.:sorry:
    එත් මට හිතුන එළකිරියේ ඉන්න සංගීතකාමීන්ට මට හම්බ උන වෙනස් ලස්සන සින්දු කිහිපයක් හඳුන්වා දෙන්න. ඒ වගේම ඔයාලටත් හම්බ වෙලා තියන වෙනස් සංගීත අපිත් එක්ක මෙතන බෙදාගන්න.
    හැමකෙනාම හැම සින්දුවටම කැමති නැති උනත් තමන් කැමති සින්දු වලට කැමති තවත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒක නිසා බය නොවී ඒවා බෙදා ගන්න. :cool:

    මට දැනට මතක ටිකක් දැනට මේ thread එක පටන් ගන්න දාන්නම්. පස්සේ තවත් ටික ටික මේකටම එකතු කරන්නම්.;)






    Russian/techno


    Korean/Trad/rap


    Korean/pop

    slow version


    Japan/pop


    Japan Trad/russian

    මේක මම කැමති ටිකක් විශේෂ එකක්. මේකට කැමති අය වැඩිය හම්බ වෙලා නෑ. අන්තිම වෙනකන් අහන්න.:)

    Iranian/pop


    Korean/pop


    Africa/Trad/western


    Nordic


    Israel/Trad/pop


    Algeria

    මේකනම් කලින් අහල ඇති.:)

    Brazil

    මේකත් සැහෙන්න අහල ඇති. හැබැයි සිංහල version එක.:lol:

    දැනට මේ ටික ඇතිනේ? thread එක යන විදිහට තව දාන්නම්. ;)

     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මේකත් මම ඉස්සර ආසම පට්ට එකක්. අමතක වෙලා තිබ්බේ. full version එක අහලත් තිබ්බේ නෑ. බොහොම ස්තුතියි.:)

    Aluthma topic ekak :) Niwaadu paadu welawata ahannam machang :) Thread eka update karapan

    එල එල මචන්.:)