පද පේළී - EK LYRICS THREAD PART 2

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ ඇස් දිහා බලන්
    දැන්වත් කියන්න මගෙ රත්තරන්
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    පැහැදූ නුවන් දල්වා
    මා දෙසට පා කරලා
    හද ගැස්ම මග නවතා
    දෙහදක් ගොලු වූවා
    ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ
    මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
    දැන්වත් කියන්න මගෙ රත්තරන්

    කදුලැල් නෙතින් පලවා
    පැතුමන් සිතේ තනි බින්දා
    සිල්ගත්තු සිත සගවා
    ඔබෙ දෑත වෙත අත පෑවා
    ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ
    මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
    දැන්වත් කියන්න මගෙ රත්තරන්.....


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්....
    ආදර කඳු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්....
    සුවඳ හදේ රඳවලා....යන්න ගිහිල්ලා....

    පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසන විට....
    සරසවියේ රැනින් ඔබ ඉගිල ගිහිල්ලා....
    සුවඳ හදේ රඳවලා....යන්න ගිහිල්ලා....

    පෙර දින අප හමුවූ තැන නටඹුන් පමණකි කඳුලක....
    කඳු අතරේ වලා රොදක ඔබ සැඟවිලා....
    සුවඳ හදේ රඳවලා....යන්න ගිහිල්ලා....

    -Karunarathna Diwulgane-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා හඩනා කදුලු ගලා
    සැදුනු කදුලු සාගරේ....
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...

    ඔබ දෙපසින් ගලා ගියේ
    ඔබට හැඩූ කදුලු නේද
    මලක මෙලක තිබුනු හදක්‌
    ගලක්‌ කලේ ඇයි..ගලක්‌ කලේ ඇයි...

    සියුමැලි හද රිදවන්නට
    හද හඩවා හිනහෙන්නට
    ඔබ නොපෙලූ අසරණ මට
    සතුරු වුනේ ඇයි..සතුරු වුනේ ඇයි...

    -Nanda Malani-

    මේ ත්‍රෙඩ් එක කලින් කි‍යවලා නැත්තම් කි‍යවන්න......

    ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මා හඩනා කදුලු ගලා
    සැදුනු කදුලු සාගරේ....
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...

    ඔබ දෙපසින් ගලා ගියේ
    ඔබට හැඩූ කදුලු නේද
    මලක මෙලක තිබුනු හදක්‌
    ගලක්‌ කලේ ඇයි..ගලක්‌ කලේ ඇයි...

    සියුමැලි හද රිදවන්නට
    හද හඩවා හිනහෙන්නට
    ඔබ නොපෙලූ අසරණ මට
    සතුරු වුනේ ඇයි..සතුරු වුනේ ඇයි...

    -Nanda Malani-

    මේ ත්‍රෙඩ් එක කලින් කි‍යවලා නැත්තම් කි‍යවන්න......

    ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...
    මාර සීන් එකක්නෙ බන්..:dull:
    පව් කෙල්ල:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නුඹ ළඟ මගේ හිත රැදුනාට.....
    දින දින දින දැන් ගෙවුනාට...
    පණනල වගේ... ඔබ ළඟ මගේ ......
    මගේ හිත මගේ හිත රැදුනාට .....
    ආදරේම ගීතයක් ...ආත්මයේ සංගීතයක්......
    ආදරේම ගීතයක් වාගේ .....//

    පෙර වාගේ හවසට හැකිවුනොත් දවසෙම... හමුවෙලා.. ළං වෙලා ළං වෙලා....
    ඉන්නට දවසෙම ළංවීලා... ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා....
    ආදරේම ගීතයක්... ආත්මයේ සංගීතයක්.....
    ආදරේම ගීතයක් වාගේ .....


    ඔබ නොමැති දවසක හෙට ඇවිත් කුමටද... වැළපිලා.... වැළපිලා වෙන්වෙලා.....
    බොරුවට කුමටද දුක්වීලා.... නූපන් හෙට දින ගැන හිතලා....
    ආදරේම ගීතයක්.... ආත්මයේ සංගීතයක්....
    ආදරේම ගීතයක් වාගේ .....//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉවසයිද මන්දා....මා දුන් රිදුම්....
    වෙන්වීලා ආ දා....වෙනතක් බලන්....
    උන්නාට මා රහසේ....තුරුලක හෙමින්....
    මට ඉන්න බෑනේ....මතකෙට හොරෙන්....

    තනියෙන්ම වින්දා....දුන් දුක් සුසුම්....
    තව කදුළු නැනේ....දෙනෙතේ ඉතින්....
    ගියදාම ඔබ ඔහු හා....ඉගිල්ලී හොරෙන්....
    මට මාද නැතිවුනා....සත්තයි හෙමින්...

    ගොළුවෙච්ච තරු දෑසේ....කදුලැල් උනන්නේ...
    දරාගන්න බෑනේ....මතකේ විලාපේ...
    ආදරේ ඔබෙන් තරම්....ලැබුනෙ නැ කාගෙන්වත්....
    රැකගන්න බැරි වුනේ....සංසාර ආදරේ...

    ගියදාම ඔබ ඔහු හා....ඉගිල්ලී හොරෙන්....
    මට මා ද නැතිවුනා....සත්තයි හෙමින්....


    මේ පාළු දුක් සිහිනේ...අතර මංවෙලා බොහොසේ....
    අයේ ගන්න බෑ....සෙනෙහස ඔබේ....

    ජීවිතය වැටුනු තරම්...නැගිටගන්න බෑ ආයේ....
    මැරී මැරී උපදී මේ....සංසාර ආදරේ...
    උන්නාට මා රහසේ....තුරුලක හෙමින්...
    මට ඉන්න බෑනේ....මතකෙට හොරෙන්....


    -Samitha & Athula-
    _________________________________________________________________________________________________________________________

    මාර සීන් එකක්නෙ බන්..:dull:
    පව් කෙල්ල:(:(
    සිරාවට බන්..... ඔ‍ය වගේ කාලකණ්ණින්ටත් හරි‍යනවනේ......:dull::dull::dull:
     
    May 19, 2013
    1,864
    81
    0
    ලතා මඩුල්ලක් කතා කරනවා සෙවණට එන්න කියා
    මේ මල් උද්‍යානේ නවතිමු හැන්දෑවේ
    වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා බෑ නවතින්න කියා
    මේ මල් උද්‍යානේ වෙන්වෙමු රෑ බෝවේ

    පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
     
    May 19, 2013
    1,864
    81
    0
    සඳුනි...
    සඳුනි
    ඇයි සුදු තෙපුල් තෙමන්නී
    ඇසුණා දැනුණා
    රෑ තනි යහනේ ඉකිබිඳිනා විලාසේ

    පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිල්ගත්තු හඳ වාගේ

    සිල්ගත්තු හඳ වාගේ
    හුස්මකට ඉඩ නෑනේ
    තනි හිත හති අරින හැන්දෑවේ
    මල්බර හීනයද මේ
    සුලි සුළඟ වගේ එන්නේ...

    නොනිදා හිතේ දැල්වී
    මල්මී රෑගෙන මලවී
    දවසක දුනු හී රැගෙන ඒවී
    දවසක නුඹ සිඹිමි
    මගේ චිත්ත කන්‍යාවී...


    සිත නෑ වැලපෙන්නේ
    මා සැනසන්නේ
    රූ දැල්වෙන්නේ
    නෙත නෑ නිදියන්නේ...
    නොනිදා හිතේ දැල්වී
    මල්මී රෑගෙන මලවී
    දවසක දුනු හී රැගෙන ඒවී
    දවසක නුඹ සිඹිමි
    මගේ චිත්ත කන්‍යාවී...

    දෙව්දූ දේදුන්නේ
    මා කැඳවන්නේ
    නෑ සිත යන්නේ
    සිත දෙන්න සමනළියේ
    සිල්ගත්තු හඳ වාගේ
    හුස්මකට ඉඩ නෑනේ
    තනි හිත හති අරින හැන්දෑවේ
    මල්බර හීනයද මේ
    සුලි සුළඟ වගේ එන්නේ...

    සිල්ගත්තු හඳ වාගේ...


    Kasun & Indrachapa

    රූකගේ මම ආසම song එකක්... :cool: පටන් ගද්දිම වදින ඩින්ග් ඩින්ග් කෑල්ලටයි අන්තිමට යන high-end ගිටාර් පාර්ට් එකට මම පට්ටම ආසයි.....:yes: ඉස්සර මම ඕක සාලේ setup එකේ හයියෙන් දාගෙන අහනවා.:D හරියට විරහවක් බලෙන් ආරූඩ කරන් මට උනා වගේ මම කෑ ගහලා කියනවා....:lol: අද ආයේත් අහනවා.thanks bro.
    11.gif
    :D
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
    සඳ වැලපී ඒ නිසාදෝ දුක මට කීවා
    දුක දැනිලා මසිත හඬලා
    මා හීන බොඳවී ගියා
    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා

    ඔබ කී කතා දෙසවන් පුරා
    ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
    සිත බිඳිලා සෙනෙහෙ නැතිදා
    රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැලපුනේ කුමරියේ

    ඔබ නැති මේ ..............

    පෙම් ගී ගයා සතුටින් එදා
    උන්නා සදා හැර මා නොයන් කී නිසා
    මා හැරදා නමුදු ගියදා වේදනා ම‍ට ලොවේ
    ඔබ නිසයි හිමිවුණේ ජීවිතේ

    ඔබ නැති මේ ..............


    ගායනය :- අතුල අධිකාරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    2001 අවුරුද්දේ චන්දන ලි‍යනාරච්චිගේ ගොඩක් ජනප්‍රි‍ය වුන සින්දුවක්.......:yes::yes::yes:

    ඒ ඇල්බම් එකේ ගොඩක් සිංදු ජනප්‍රිය වුණා. :yes::yes:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහීගිය සතුට රැ ගෙන යලි වඩින්න
    ආරාධනා..........ආරාධනා..........

    අචාර්‍ය ඩබ්.ඩී.අමරදේව
     
    • Like
    Reactions: DAMER

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මන්දාරම් වැහි වැටෙනා.. හීතල හැන්දෑවේ....
    මා අසලින් රැදී උණුහුම ඔබ විය.... නුඹයි මගෙ අම්මා.....
    සද හාවුන් හඬනා.. කලුවර රාත්‍රියේ....
    ආලෝකය දුන්.. සඳකැන් ඔබ විය.. නුඹයි මගෙ අම්මා....
    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති.. ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.. ජීවේ පොවන උල්පත නුඹයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළගයි....

    කුණාටු සාගරයේ....රුවල බිදුණු නවුකාවේ....
    හබල ඔබයි පිලිසරණ ඔබයි....නුඹයි මගේ අම්මා....
    දාහය වෑහෙනා.... ගිනියම් මද්දහනේ....
    සෙවණ ඔබයි....මද පවන ඔබයි....
    නුඹයි මගෙ අම්මා....

    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුඹයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා නුඹ ළගයි....

    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුඹයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා.. නුඹ ළඟයි....





    සෑහෙන කාලෙකට පස්සෙ මේ සින්දුව මතක් උනේ...:):love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
    අතීතයේ ගිලිහීගිය සතුට රැ ගෙන යලි වඩින්න
    ආරාධනා..........ආරාධනා..........

    අචාර්‍ය ඩබ්.ඩී.අමරදේව

    ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු මාගේ අම්මා....
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැති ජීවිතෙන් මා....
    අම්මේ මං නුඹට ආදරෙයි.... ජීවේ පොවන උල්පත නුඹයි....
    අම්මේ නුඹ මගේ රැජිණයි....සංසාරයේ මා නුඹ ළගයි....



    සෑහෙන කාලෙකට පස්සෙ මේ සින්දුව මතක් උනේ...:):love:
    මමත් ආස, නිතරම අහන ගීත දෙකක්..
    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ
    ඔබට ලියන්නට කියා ප්‍රියේ
    ඒ හැම ලියවෙන කවියක් ගානේ
    ඔබ ගැන ලියන්න මං ඉන්නේ...

    කතා කරන ඔය ඔයාගෙ ඇස් දෙක
    ගැන ලියනෙමි මම මුල් කවි සීයෙම
    සිනා සපිරි මුව මදහස පිළිබද
    ලියා තියමි මම උපමා නැතිවම...

    ඔයාගෙ පෙම් හිත කියවන්නට එන
    පෙම්වතියන් හට
    මං ගැන කියන්න
    අන්තිම කවියේ අන්තිම පේළියෙ
    මං ගැන චුට්ටක් ලියා තියන්නද...
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනුරාග නෙතු සලා..
    ස්නේහේ සුසුම් හෙලා..

    නුහුරේ විඳින්න ආදරේ..
    මා හා ආයේ ඒ නම්..
    මිහිරේ රැඳෙන්න මා කෙරේ..
    සැමදා ලඟින් ඉන්නම්..

    අනුරාග නෙතු සලා..
    ස්නේහේ සුසුම් හෙලා..
    තරු අතරේ නැවතිලා..
    උන් ඒ මතක අද තනි වෙලා..

    මදහසේ පැහැසරින්..
    බොඳ වූ නෙතු සඟවාලන්නම්..
    අප මැවූ මට හිමි නොවූ පැතුම්..
    ඔබ යළි ගෙන ඒ නම්..

    සිසිලසේ දිලිසෙනා..
    තුහින ගෙන සැරසී එන්නම්..
    ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු..
    පහසම දෙනවා නම්..


    -Anushka Perera
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තව දවසක් හමු වී... ඉමු මේ භවේ....
    එක සැරයක්... දුටුවත් ඇති දෑස් ඔබේ.....
    ඔබ වෙනුවෙන්..
    හැඬුව තරම් කියන්න හීන් සැරේ....
    තව දවසක් හමු වී ඉමු මේ භවේ.....

    මද පවනේ මුසු කෙරුවේ....
    යළි නොඑනා මතක අපේ.....
    නිදි පැදුරේ ගෙවෙන පැයේ....
    සිහි කෙරුවා සුවඳ ඔබේ,,,
    ජීවිතේ......පාළුයි මගේ.......

    තව දවසක් හමුවී... ඉමු මේ භවේ....
    එක සැරයක්... දුටුවත් ඇති දෑස් ඔබේ.....

    තරු දෙවැටේ පිපෙන සඳේ.....
    දුක වැඩලා...ලොවට අපේ.......
    කිරි සයුරේ.. මුතු පතුලේ...සැඟව ගියා,,,
    මැණික මගේ ආදරේ.......ගීයක් වගේ.......

    තව දවසක් හමු වී... ඉමු මේ භවේ....
    එක සැරයක්... දුටුවත් ඇති දෑස් ඔබේ.....
    ඔබ වෙනුවෙන්..
    හැඬුව තරම් කියන්න හීන් සැරේ....
    තව දවසක් හමු වී ඉමු මේ භවේ.....

    -Keerthi Pasquel
     
    • Like
    Reactions: DAMER