මහාසෙන් දැහැන ගීත නාට්‍යය

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මහාසෙන් දැහැන ගීත නාට්‍යය

    "හෙළ සංගීතයෙන් හැඩවූ අපේ කාලයේ ඉතිහාස කතාව"
    ලොව පැරණිම ලිඛිත ඉතිහාස කතාන්දරයට හිමිකම් කියන්නේ කවරෙක්ද?.සැබවින්ම, එයට පිළිතුර ඔබ මෙම ප්‍රශ්නයත් සමගම හදවතින් පවසා හමාර වී ඇත.නමුත් ඒ පිළිතුරට සම්බන්ධවන ඉලක්කම පිළිබඳ යළි සිතා බැලිය යුතුය.එනම් "2500" යන ඉලක්කම ගැනය.
    වසර 2500 ට එහා ගිය කිසිවක් ඉතිහාස කථාව තුළ නොවේද?. යාබද රාජ්‍යයන්ද ඇතුලුව ලක්දිව පාලනය කල සක්විති රාවණ නරේන්ද්‍රයා සිටියේ කොහේද? ඒ කවදාද?.
    අද සියල්ලන් වන්දනාකරන කතරගම දෙවියන් යනු සැබවින්ම කවරෙක්ද? කතරගම මහාසෙන් රජු ලෙස මෙලක පාලනයකලේ මේ දේවේන්ද්‍රයාද? ඒ කවදාද?.
    ඉතිහාසයේ ස්වර්ණමය සළකුණක් වූ දුටුගැමුණු මහරජු යුද්ධයට පෙර කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ගත්තේ කුමක් නිසාවෙන්ද?.
    ඉහත කී නරපතියන් තිදෙනාම එක් අයෙකුගේම ආත්ම භාවයන් තුනක්ද? මේඋදාර චරිත මතු බුදු බව පතා විවරණ ගත්තා විය නොහැකිද?
    - මේ එක පැනයකට හෝ ඔබට පිළිතුරක් තිබේද?
    - වසර 2500 න් එපිට............?

    " දේශීය ජන සංගීතය, නර්තනාංග හා නාට්‍යකරණයෙන් හැඩවූ
    මහාසෙන් දැහැන" (වේදිකා නාට්‍යය) පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රඟ මඩලට ගෙනෙන ඔක්තෝම්බර් මස 10 වනදා සවස 7ට……

    අවසරයි, මේ නරේන්ද්‍රයන් තිදෙනාද වඩිනු ඇත.
    වරම් තිබේනම් ඔබත් එන්න...
    අප ඉල්ලීමෙන්,මේ උදාර නරපතියන් ඔබට නොකී කථාවක් අලුතින් පවසන වගයි....!

    -මේ එහි අණ බෙරයයි-


    මේ ගීත නාට්‍යයෙ අඩංගු ගීත ගායනය සහ සංගීත නිර්මාණය කරල තියෙන්න සහන් රංවල, ජනනාථ වරකාගොඩ , පසිඳු චාමර, පබලු විජේගුණවර්ධන,ජනක හේමන්ත, මනෝජ් අලවතුකොටුව , සමන්ත මිහිරිපැන්න සහ ප්‍රදීප් සම්පත් විසින්.

    1381342_580351598691453_1060162048_n.jpg

    http://mahasendehena.com/
     
    • Like
    Reactions: DAMER