අම්මේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කුරිරු ..ලොවේ...
    දුකමයි... නෑ සහනේ...
    මවගේ දරු සෙනෙහේ...
    කිසි දා .. නෑ මැකුනේ....

    දිවියේ සවිය වෙලා....
    දිවා රෑ නිදි වරලා.....
    ඔබ දුන්..සෙනෙහෙ නිසා...
    මගෙ ලෝ.. එලිය වෙලා.......

    කදුලේ... දුක නිවලා....
    සතුටේ ...ඉම හිදලා.....
    පණ සේ මා රැකලා....
    ඔබගේ දිවි ගෙවිලා......

    සද සේ... රෑ අහසේ...
    හිරු සේ.. මද්දහනේ...
    හැමදා ඔබෙ සෙනෙහේ.....
    අයදියි... මා අම්මේ.........

    දිවි මා ඔබ වෙන්නේ.....
    නමදිම් ඔබ අම්මේ....
    සිරිපා ...කදු මුදුනේ...
    සිහිලයි ..මට දැනුනේ....

    ඇති දා ..ඔබ ලෝකේ...
    බැතියෙන් ..පුද දෙන්නේ.....
    භවයෙන් වෙන් වෙනදා...
    නැත මා... වැලපෙන්නේ....


    අම්මා ගැන මං වැඩිය ලියලා නෑ නෙ.. ඉතිං එකක් ලියන්න හිතුනා.
    අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මං ලිව්වෙ මට හිතෙන දේ :)

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට නම් අඩු පාඩු පේන්න නෑ,,.,හරිම ලස්සනයි..... :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි යාලුවා සුපිරියට ලියලා තියෙනවා:)
    9+ජයවේවා
    11.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවි කොච්චර ලිව්වත් අම්ම කෙනෙක්ගේ සෙනෙහේ කියලා නිම කරන්න බෑ මලයෝ........ සුපිරිම නිර්මාණයක්.......

    රෙප් තාම දෙන්න විදියක් නෑ....... :S