සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළ අතවර කළ තර
සේවිකාවන් දෙදෙනකුට
වෙළෙඳසල තුළ අතවර කළ තරුණයාට ඇප
අහංගම - සුගතපාල දීයගහගේ
වෙළෙඳ සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළදීම ලිංගික අතවර කළ බව කියන එම වෙළෙඳසලේ සේවකයකු රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපමත මුදාහැරීමට ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ගාල්ල මහාවීදියේ වෙළෙඳසලක සේවකයකු වූ බේරුවල පදිංචි කරුවෙකු වන එම්. එම්. එම්. සෆ්රාස් නමැති දහනව හැවිරිදි සැකකරුවෙකි.
මෙයට සති දෙකකට පෙර ගාල්ල අවට පදිංචි දාහත්වන වියේ පසුවන තරුණියන් දෙදෙනකු මෙම වෙළෙඳසලේ සේවයට පැමිණ තිබේ. අනතුරුව මෙම දෙදෙනාට අතවරය සිදුවී ඇති බව ඔවුන් පොලිසියට පැමිණිලි කර ඇත. ඔවුන්ගේ පැමිණිලි අනුව චෝදනා දෙකක් යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්‍ෂ දෙකක ඇප නියම කෙරිණි.

mun hithagena inne meka arabiya kiyala kalakanni 