ආර්ථිකය යහපත් කරගන්න බුදු දහමෙන් උපදෙස්
අද කාලේ A/L ඉවර උන ගමන් ගොඩක් දෙනෙක් බලන්නේ රස්සාවකට පැනගන්න..කැම්පස් තේරුනත් පටන්ගන්න අවුරුද්දක් විතර බලාගෙන ඉන්න වෙන නිසා part time job එකකට හරි සෙට් වෙලා සල්ලි හම්බකරන්න තමයි ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුව..යහපත් විදිහට සල්ලි හම්බකරන්න ඕන විදිහයි වියදම් කරන්න ඕන විදිහයි බුදු දහමේ විස්තර කරා තියෙන සූත්‍ර දේශනාවක් තමයි "සිඟාලෝවාද සූත්‍රය"..ගොඩක් දෙනෙක් සල්ලි හම්බකරාට, ලැබෙන මුදල් කළමනාකරණය කරන්න දන්නේ නෑ..තමන්ගේ පඩිය, 15,000 ක් උනත් 150,000 ක් උනත් නිසි විදිහට ඒ මුදල කළමනාකරණය කරගත්තේ නැත්නම් අවුරුදු ගානක් රස්සා කරලා උන මහන්සිය, වතුරේ ගියා වගේ වෙන්න පුළුවන්...ඒ නිසා මුදල් පරිහරණය ගැන බුදු දහමේ ඉගැන්වීම කොයි කාටත් වැදගත් වෙයි කියල හිතල තමයි මේ thread එක දාන්න හිතුවේ..අදාළ කරුණු උපුටා ගත්තේ hereVgo ! කියන බ්ලොග් එකෙන්..
ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය ද නොයෙකුත් සූත්‍ර දේශනාවන්හිදී පෙන්වා දී ඇත.
මෙහිදී අප විසින් තෝරාගත යුතු ධාර්මික රැකියා වශයෙන් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වෙළෙඳාම, ගෘහ කර්මාන්ත හා රාජ්‍ය සේවය යි. මේ කුමන වෘත්තියක නියැලුණත් අලස නොවී උපායශීලි ව ක්‍රියා කළ යුතු බව දක්වා ඇත.
වෙළෙදාම ධාර්මික රැකියාවක් ලෙස දක්වා ඇතැම් වෙළෙඳ කටයුතුවල නොයෙදිය යුතු බව ද පෙන්වා දී ඇත. එනම්,
1. සත්ත්ව වෙළෙඳාම
2. මස්මාංස වෙළෙඳාම
3. ආයුධ වෙළෙඳාම
4. මත්පැන් වෙළෙඳාම
5. වස විෂ වෙළෙඳාම
ආදි වෙළෙඳ ව්‍යාපාරවල නොයෙදිය යුතු ය. මෙම වෙළෙඳාම් ක්‍රම සමාජයට අහිතකර ඒවා ය. තව ද තුලාකූට (හොර තරාදි පඩි උපයෝගී කරගනිමින් භාණ්ඩ කිරා දීම), මානකූට (හොර මිනුම් ක්‍රම භාවිත කිරීම), කංසකූට (ගුණත්වයෙන් අඩු භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වා අලෙවි කිරීම) වෙළෙඳ කටයුතුවලදී නොකළ යුතු බවට උපදෙස් දී ඇත. කුමන රැකියාවක නියැලුණත් අල්ලස් ගැනීම (උක්කෝටික) රැවටීම (වංචනික) හිංසා කිරීම (විපරාමෝස) ආදි ක්‍රමවලින් ද වැළකිය යුතු ය.
අපේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරගැනීමට නම් අප විසින් දැහැමින් උපයනු ලබන ධනය විනාශයට යා නොදී ආරක්ෂා කරගත යුතු වේ. එය ස්වාභාවික විපත්වලින් විනාශ විය හැකි ය. එනම් ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් හා රාජ සන්තක වීමෙනි. අප උපයන ධනය අප විසින් ම විනාශ කරගන්නා අවස්ථා ද ඇත. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී භෝග විනාශ මුඛ 6ක් දක්වා ඇත. එනම්,
1. රහමෙර පානය
2. අවේලාවේ වීථි සංචාරය
3. නිතර නිතර නෘත්‍ය ගීත දර්ශන බැලීමට යෑම
4. දූ කෙළිය
5. පාප මිත්‍ර සේවනය
6. අලසකම ආදි වශයෙනි.
පරාභව සූත්‍රයේදී බුදුන් වහන්සේ ධනය පිරිහීම සඳහා බලපාන හේතූ 3ක් දක්වා ඇත. එනම්-
1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
2. සුරාවෙහි ලොල් වීම
3. සූදුවෙහි ලොල් වීම යනු යි.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී ධනය වැනසී යන අපාය මුඛ 4ක් දක්වා ඇත. එනම්-
1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
2. සුරාවෙහි ලොල් වීම
3. සූදුවෙහි ලොල් වීම
4. පාපමිත්‍ර සේවනය යනු යි.
අප ධාර්මික ව ධනය ඉපයූ පමණින් ම අපේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැත. අප එම ධනය වියදම් කළ යුත්තේ සමජීවිකතා ප්‍රතිපත්තියට අනුව යි. එනම්, අප උපයන ආදායම අනුව අපගේ වියදම සකස් කරගත යුතු ය. යමකු අඩු ආදායම් ඇති ව වැඩියෙන් වියදම් කරයි නම්, ඔහු දිඹුල් කන්නාක් මෙන් භෝග සම්පත් විනාශ කරන බවත්, වැඩි ආදායම් ඇති ව ලෝභී ව ජීවත් වන්නා අනාථ ව මිය යන්නකු බවත් බුදුරදුහු වදාළහ. අප උපයන ආදායම අප අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතු ය. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ,
තම ආදායමෙන් 1/4ක් පරිභෝජනයටත්
2/4ක් ආයෝජනයටත් යෙදවිය යුතු වන අතර
1/4ක් අනාගත ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතු බව ය.
වත්මන් සමාජයේ බොහෝ දෙනා ණය බරින් මිරිකී සිටින්නේ ද මෙම අනවශ්‍ය වියදම් නිසා ය. බුදු දහමට අනුව සමජීවිකතා ප්‍රතිපත්තියට එකඟ ව අප ක්‍රියාත්මක වන්නේ නම් ණය බරින් මිරිකීමට සිදු නො වේ. අනෙක් අතට අප විසින් මහන්සියෙන් උපයනු ලබන ධනය ලෝභී ව, පරිහරණය නොකර සිටීමෙන් ද වැඩක් සිදු නො වේ. තමන්ට හෝ අන්‍යයන්ට යහපතක් නොවන ධනය බුදු දහමෙහි පෙන්වා දී ඇත්තේ රකුසන් අරක්ගත් විලකට සමාන වන බව යි. ඉල්ලීස, මච්ඡරිය කෝසිය, අපුත්තක, බිළාල පාදක, අදින්න පුබ්බක වැනි ලෝභී සිටුවරින් පිළිබඳ ව බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර වෙයි.
බුදුන් වහන්සේ පත්තකම්ම විභංග සූත්‍රයෙන් දැහැමි ව ධනය උපයන්නකු ක්‍රියා කළ යුතු ආකාරය දක්වා ඇත. තමා විසින් උපයනු ලබන ධනය තමාගේ සුඛ විහරණය සඳහා පමණක් නොව, තම පවුලේ සාමාජිකයන්ගේ ද දෙමව්පියන්ගේ ද, නෑදෑ හිතමිතුරන්ගේ ද සේවකසේවිකාවන්ගේ ද සුඛ විහරණය සඳහා යෙදවිය යුතු බව එයින් පැහැදිලි වෙයි. වත්පොහොසත්කම් ඇති අයකු රස බොජුන් තනි ව ම වැළඳීම පිරිහීමට කරුණක් බව පරාභව සූත්‍රයේදී දක්වා ඇත. තමාට හැකියාව තිබියදීත් තම දෙමව්පියන් නොසලකාහැරීම වසල පිළිවෙතක් බව වසල සූත්‍රයේ දේශනා කර තිබේ.
ධනය වැය කිරීමේදී අනුගමනය කළ යුතු පංච බලි ප්‍රතිපත්තියක් ද බුදු දහමෙහි හඳුන්වා දී ඇත. එනම්
1. ඤාති බලි (ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
2. අථිති බලි (ආගන්තුකයන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
3. පුබ්බපේත බලි (මියගිය ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
4. රාජ බලි (රජය උදෙසා යුතුකම් ඉටු කිරීම)
5. දේවතා බලි (ආගමික කටයුතු ඉටු කිරීම)
අණන සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයකු සැප 4ක් ලබාගැනීමට වෙහෙස විය යුතු බව යි. එනම්-
1. අත්ථි සුඛය
2. භෝග සුඛය
3. අණන සුඛය
4. අනවජ්ජ සුඛය යි.
තමන් විසින් ධාර්මික ව උපයාගන්නා ලද භෝග සම්පත් ඇතැ යි යමකුට සතුටු විය හැකි නම් එය අත්ථි සුඛය යි. එසේ උපයාගත් ධනයෙන් සැප විඳිමි, පින් දහම් ද කරමි යැ යි සොම්නසට පත් විය හැකි නම් එය භෝග සුඛය යි. මම කිසිවකුටත් ණයක් නැත යන හැඟුමෙන් සොම්නසට පත් විය හැකි නම් එය අණන සුඛය යි. මා කයින් සිතින් වචනයෙන් කිසිවකුටත් වරදක් කළේ නැත යන හැඟුමෙන් සතුටට පත් විය හැකි නම් එය අනවජ්ජ සුඛය යි.
කාමභෝගී ගෘහස්ථයකුට මෙම සැප හතර උදා කරගත හැකි නම් හෙතෙම සාර්ථක ලෙස ආර්ථික ගැටලුවලින් නිදහස් වී ජීවිතයේ සැප ළඟා කරගත් තැනැත්තෙක් වේ.
මේ අනුව අප විසින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟාගැනීමට නම් ප්‍රථමයෙන් ම අපටත් ඵලදායී, සමාජයටත් ඵලදායී ධාර්මික වෘත්තියක් තෝරාගත යුතු ය; අලස නොවී උත්සාහයෙන් ක්‍රියා කළ යුතු ය. බුදු රදුන් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී දීඝජානු කෝලිය කුලපුත්‍රයාට මෙවැනි උපදෙසක් දී ඇත:
“ව්‍යඝ්‍ර පද්‍යය, මේ ලෝකයේ කුල පුත්‍රයෙක් යම් රැකියාවකින් ජීවිකාව කරයි නම් ඒ රැකියාවෙහි දක්ෂ වන්නේ ය; මැළි නොවන්නේ ය; නියම කාලයෙහි ඒ ඒ කටයුතු කිරීමට සුදුසු යැ යි සිතා උපාය දැනගැනීමෙහි යුක්ත වන්නේ ය; ඒ ඒ කටයුතු පිළිබඳ ව විමසන නුවණින් යුක්ත වන්නේ ය.”
මෙම උපදෙස් පිළිපැදීමෙන් ආර්ථික ශක්තියක් ඇති කරගත හැකි වෙයි. එසේ ම තමන් උපයන භෝග සම්පත්තීන් නිකරුණේ වැනසී යෑමට ඉඩ නොදී ආරක්ෂා කරගත යුතු ය. තමාටත් සමාජයටත් ඵලදායී ලෙස ඒවා වියදම් කළ යුතු ය. එවිට අපගේ ද ආර්ථිකය ශක්තිමත් වෙයි. සමාජයේ ප්‍රගතියත් ඇති වෙයි.
ධාර්මික ව උපයාගත් ධනය තමාගේත් අන්‍යයන්ගේත් යහපත සඳහා වියදම් කරන්නා (ඉබේථි නං පසංසන්ති); මෙලොව ද ප්‍රශංසා ලබයි; පර ලොව සුගතිගාමී ව සැනසෙයි. (පෙච්ච සන්තේව චෝදතී) සුගතිගාමී ව සැනසෙයි.