Fast 7 හි පෝල්ගේ තැනට ඔහුගේ මල්ලී කෝඩි වෝකර්

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Fast 7 හි පෝල්ගේ තැනට ඔහුගේ මල්ලී කෝඩි වෝකර්

    b17ec6c5d05175c1fddd36336c44d644.jpg


    දරුණු රිය අනතුරකින් මිය ගිය Fast & The Furious චිත්‍රපට මාලාවේ සුපිරි නළු පෝල් වෝකර් ගැන පසුගිය දිනවල නැවතත් කතා බහ ඇති වුනේ ඔහුගේ පෙනුමට සමාන පෙනුම ඇති ඔහුගේ සහෝදරයා නිසාය. පෝල් වෝකර් මිය යන විට රූගත කිරීම් වලට දායක වෙමින් සිටි Fast & The Furious 7 චිත්‍රපටයේ අවසන් දර්ශණ කිහිපය සඳහා පෝල් වොකර් ගේ බාල සහෝදරයකු වන Cody Walker හට ආරාධන කර තිබෙනවා. මීට පෙර චිත්‍රපට සටන් රංග ශිල්පියෙකු ලෙස චිත්‍රපට කිහිපයකට දායක වූ කෝඩි තවමත් 25 වන වියේ පසුවන තරුණයෙක්.
    පෝල් ගේ මරණයෙන් පසුව යුනිවර්සල් චිත්‍රපට සමාගම විසින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අතර මඟ නවතා පෝල්ගේ ඥාතීන්ට සහයෝගය දීමට එම කාලය වෙන්කරන ලදී.

    නිෂ්පාදක කණ්ඩායමයට සම්බන්ධ තොරතුරු මූලාශ සනාථ කර සිටින්නේ පෝල්ගේ මරණයෙන් පසුව විවිධ සාකච්චා ගණනාවක් සිදු කෙරුනු බවත් එයින් අනතුරුව පෝල් ගේ චරිතය සඳහා සුදුසුම විසඳුම වන්නේ ඔහුගේ පෙනුමට සමාන පෙනුමක් ඇති පෝල්ගේ සොහොයුරු කෝඩි බව තීරණය වූ බවත් ය. එහිදී පෝල් ගේ පිටුපස දර්ශණ හා දුරින් හිඳින දර්ශණ සඳහා කෝඩි ගැලපෙන බවත් පෝල් ගේ මුහුණ පෙනෙන දර්ශණ සඳහා පරිගණක සජීවීකරණ තාක්ෂණයේ සහායෙන් ඔහුගේ මුහුණ ප්‍රති නිර්මාණය කිරීමටත් තීරණය වූ බව පැවසේ.

    article-2522357-1A0A5DF800000578-835_634x457.jpg


    article-2517466-19CEE13000000578-98_634x949.jpg


    article-2517466-19CEE01800000578-727_634x480.jpg




    Source:Cinema.lK
     
    • Like
    Reactions: <DNA and Error365!