උසාවි ගානේ යන, විශ්ව විද්‍යාල වල පිස්සු නට#
වටිනා ලිපියක් ලැබුන කට්ටියටම මේ දවස් වල ලොකුවට තියෙන ප්‍රශ්නයක් ගැන කියවල බලන්න.අරගත්තේ මෙතනින්
http://www.budurashmiya.net/2011/02/blog-post.html
තව තියෙනව ලිපි ගොඩක් ඔය සයිට් එකේ නිවාඩු පාඩුවෙ කියවල බලන්න
ප්‍රිය මිතුරනේ මින් පෙර ලිපියෙන් බෞද්ධ භික්ෂුව නිර්වාණය සඳහා අන් කිසිවක් නොකලත් වෙන කුමන උත්සාහයක් නොදැරැවත් ශිලය ආරක්ෂා කල පමනින්ම අන්යන්ගේ ගරැ බුහුමන් පුජාසත්කාර හා වන්දනාවන් ලැබිමට සුදුසු වන්නේ කෙසේද යන්න සාකඡ්චා කරනු ලැබුවා. එසේනමි මෙම භික්ෂුන් දුස්ශිල වන්නේ නමි හෝ මෙම භික්ෂුන් මනා කොට පිලිවෙත් නොපුරන්නේ නමි, තත්වය කෙසේද යන්න සලකා බැලිය යුත්තකි.
භික්ෂුන් දුස්ශිලවු විට ගිහියන් ඔවුන්ට දන්දීම, දානමාන කිරිම, වන්දනා කිරිමට ඔවුන් සුදුසුද?
මේ සඳහා දිය හැකි කෙටිම පිළිතුර නමි කෙතරමි දුස්ශිල වුවත් පරාජිකාපත්තීන් 04 ටම පත්වී සිටියත් එසේ දානමාන දිමට වන්දනාමාන කිරිමට භික්ෂුව සුදුසු වන බවයි.
එහෙම කියන්නේ කොහොමද?
මෙහිදී කරැණු ඉදිරිපත් කරන්නේ මිලින්ද ප්‍රශ්ණයේ ශ්‍රමණ දුෂ්ශිල ප්‍රශ්ණය ඇසුරෙන්.මෙහිදි මිලිඳු මහ රජු නාගසේන මහරහතානන් වහන්සේගෙන් ගිහි දුශ්ෂිලයා (එනමි පස්පවි කරන්නා) හා ශ්‍රමණ දුශ්ශිලයා අතර යමි වෙනසක් ඇත්ද? නැතහොත් දෙදෙනාම සමාණද යන්න පිළිබඳව කරන ලද විමසිමකදී නාගසේන මහරහතානන්වහන්සේ ඉතාමත් ප්‍රඤ්ඤාගොචර ලෙස එය මෙසේ විසදා දේශනාකොට ඇත. (මෙහි දක්වනුයේ එහි සාරංශයයි)
මහරජ, ශ්‍රමණ දුෂ්ශිලයාට ගෘහස්ත දුෂ්ශිලයාට වඩා විශේෂයෙන් ඉතිරිවු ගුණ 10 ක් ඇත. ඊට අමතරව වු තවත් ගුණ 10 ක් ඇත. මේ නිසා අලජ්ජී වූ දුෂ්ශිල මහණුන් හට දන් දුන්නද එය මහත් ඵල මහානිසංශ වේ.
ස්වාමිනි නාගසේනයානන් වහන්ස, මේ විශේෂයෙන් ඉතිරි වු ගුණ 10 කවරක්ද?
මහ රජානෙනි, මේ සාශනයේ ශ්‍රමණ දුශ්ශිලයන් පවා ගෘහස්ථ දුශ්ශිලයන්ට වඩා, (01)බුදු රජානන්වහන්සේ කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි. (02)ධර්මය කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි.සබ්‍රහ්ම චාරී (තමාහා සමාන) සංඝයා කෙරේ ගෞරව ඇත්තේ වෙයි. (03)ඇවැත් උදෙසා සිල්වත් වීමට විර්‍ය කරන්නේ වෙයි. (04) බොහෝ ඇසීමි ඇතිවෙයි (05)දුශ්ශීල වූ භික්ෂුව පිරිසක් මැදට ගියද භික්ෂුවක්ය යන හැගීම නිසා මනා සිහිය උපදවයි (05)අවමානයට ලක් වේය යන බයින් කය සංවර කරයි. (06)අවමානයට ලක් වේය යන බයින් වචනය සංවර කරයි. (07)ඔහුගේ සිත භාවනාභිමුඛ වෙයි. (08)ඔහු භික්ෂුන් හා ඇසුර ඇත්තේ වෙයි. (09)මෙම භික්ෂුව පවිකල එලිපිට පවි නොකරයි. (10)හර්හා භයින් යුක්ත වෙයි (ලැජ්ජා භයින් යුතු වෙයි)
ස්වාමිනි නාගසේනයන් වහන්ස, අමතර දක්ෂිනාව මහත්ඵල කරන්නාවු ගුණ දසය කවරක්ද?
මහරජානෙනි,එම අමතර ගුණ දසය නමි (01)ශ්‍රමණ දුශ්ශීලයා සියළු බුදුවරයානන් වහන්සේලා පැළදි චීවර වස්ත්‍රය දැරීමෙන්ද දක්ෂිණාව (දානය) පිරිසිදු කරන්නේය. (02) සෘෂී ශ්‍රමණ භාව ඇත්තාවු මුඩු වේශය දැරීමෙන්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (03)සංඝ සමූහයාට ඇතුලත් වූ බැවින්ද පරලොව අදහා දෙන්නාවු දානය පිරිසිදු කරන්නේය. (04)බුද්ධ, ධමිම, සංඝ යන ත්‍රිවිධරත්නය සරණ ගිය බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (05)වීර්‍ය වැඩීමට සුදුසු වූ ජන ශුණ්‍ය ආරාම දස්වනය කරනා බැවින්ද දක්ෂිනාව පිරිසිදු කරන්නේය. (06)සර්වඥ සාශන නැමති ශ්‍රේෂ්ඨ වු ධනය සොයනා බැවින්ද දක්ෂිනාව පිරිසිදු කරන්නේය. (07)සද්ධර්මය දේශනා කරන බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (08)ධර්මානු රෑපිව හැසිරෙන බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය.(09) බුදු රජානන්වහන්සේ තුන් ලොවට අග්‍රයැයි කියා දෙසනා බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. (10)නවඋපෝසථය නොවරදවා සමාදන්ව ප්‍රාතිමොක්ෂ ඇසීමෙන්ද දක්ෂිනාව පිරිසිදු වන්නේය.
මහරජානෙනි, බොහෝ උනුවු දිය වුවුද ගින්නට දැමු විට ගින්න නිමී යන්නකේ සේ, ඉතා විපරීත වූ ශ්‍රමණ දුශ්ශීලයෙකු වුවද, දායකයාගේ දක්ෂිනාව පිරිසිදු කරයි මහත්ඵල ලබා දෙයි. පුර්ව අපර,මධ්‍ය චේතනාවන් පිරිසිදු වූ සුප්‍රසන්න සිත් ඇත්තාවු, යමි සිල්වත් පුද්ගලයෙක් කුසල කර්ම ඵලය අදහමින් යමි ශ්‍රමන දුශ්ශීලයෙක් වෙත දානයක් දුනහොත් එය දායකයා නිසා මහත් ථල මහානිසංශ වන්නේය.
මේ දක්වනු ලැබුයේ මිලින්ද ප්‍රශ්ණයේ අන්තර්ගත කරැණුයි. මෙම කරැණු මිලින්ද ප්‍රශ්ණයේ අන්තර්ගත වන නිසාම නොව, අපගේ ප්‍රඥාවටද ගොචර වන බැවින්, බුද්ධියෙන් විමසූ විට අපටද නිවැරදි බව පසක් වන බව ඔබට පැහැදිලි වනු ඇත. ඒ දානය ගැන. දැන් වෙනත් කරැණු කිහිපයකට අවධානය යොමු කරමු.
පාංසුකූල සඤ්ඤක තෙරැන් වහන්සේගේ කථාව,
මෙයින් කල්ප අනු දෙකකට මත්තෙන්, තිස්ස නමි බුදුරජානන්වහන්සේ ලොව පහල වූ සේක. දිනක් උන්වහන්සේ පාංශුකූල චීවරය ගසක වනා විහාරයට පිවිස වැඩ උන් සේක. සතුන් මරා ජීවත් වන මිනිසෙක් දුන්න හා කඩුව ගෙනදඩයමට යන විට එම පාංශුකූල චීවරය දැක ප්‍රසන්න සිතින් මහත් ප්‍රීතියෙන් දුන්න හා කඩුව බිම තබා, බුදුන්වහන්සේ සිහිකොට එම පාංශූකූල චීවරයට දොහොත් නගා වැන්දේය. ඒ පිනෙන් ඒ තැනැත්තේ සුගතියෙන් සුගතියට යෙමින්, සසර සැරිසරා අප බුදු රජුන්ගේ සසුනේ පැවදිව රහත්ව නිවන් දුටුවේය.
අපදාන පාළියේ පාංසුකූල සඤ්ඤක තෙරැන් වහන්සේ මේය ප්‍රකාශ කොට ඇත "මෙයින් දෙඅනුවන කපෙහි මම පාංශූකූලට වැන්දෙමි. ඒ පිනෙන් මෙතෙක් මම දුගතියක් නොදනිමි. මෙය චිවරයට සැදැහැ සිතින් වැදීමේ විපාකයයි."
වන්දනා විමාන වත්තුව
අප බුදු රජානන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන අවස්ථාවක, එක් ගමක වස් එළඹ පවාරණය කොට, බුදුන් දකිනු පිණිස සැවැත් නුවර බලා ගමන් කරන්නාවු සිල්වත් භික්ෂු සමූහයක් ගමක් මැදින් ගමන් කරනා කල, එක් සැදැහැවත් කාන්තාවක් ඒ භික්ෂු සමූහයාට ප්‍රසන්න සිතින් පසඟ පිහිටුවා වැද, ඒ භික්ෂු සමුහයා නොපෙනී යන තුරැම චිත ප්‍රසාදයෙන් යුතුව ඒ දෙස බලා සිටි බවත්, පසු කලක ඇය කාලක්‍රියා කොට තවිතිසා දෙවිලොව උපන් බවත් විමාන වත්තු ප්‍රකරණයේ දක්වා ඇත.
මදක් සිතන්න.
ප්‍රිය මිතුරනේ, විශ්ව ව්දයාලයේ දී, පන්සලේ දී, මගතොටේ දී,සමහර විට රැකියා ස්ථානයේ දී, ආරණ්‍ය සේනාසනවල දී මෙන්ම උසාවියේද, ඔබ භික්ෂුන් වහන්සේ දකිනු ඇත. ප්‍රිය මිතුරනේ මොවුන් පුරනුයේ කුමන පිළිවෙතක් වුවත්, මොවුන් සිල්වත් වුවත් දුසිල් වුවත්, අපේ තථාගත සමිමා සමිබුදු රජානන්වහන්සේ පැළදි චිවරය දරා සිටින්නාවු භික්ෂුවක් ඔබට අපගේ සමිමා සමිබුදු රජානන්වහන්සේ සිහි නොකරයිද? එසේනමි හිත දුෂ්‍ය කර ගැනීමට පෙර මදක් සිතන්න. අපි වදිනුයේ ඒ පුද්ගලයාට නොව බුදු රජානන්වහන්සේගේ ආර්‍ය වූ සංඝ රත්නයටයි සොවාන් මාර්ගස්ථ, සොවාන් ඵලස්ථ, සකෘදාගාමි මාර්ගස්ථ, සකෘදාගාමි ඵලස්ථ, අනාගාමි මාර්ගස්ථ, ඵලස්ථ, අරහත් මාර්ගස්ථ ඵලස්ථ,වු ඒ සංඝ රත්නයටයි. පිළිවෙත් පුරනා සංඝයා අදද ඇත, අනාගතයටද ඇත, අතිතයේද විය. අපි වදිනුයේ ඔවුන්ටය. ඔවුන්ගේ අපරිමිත ගුණයටය, නැතහොත් එක් පුද්ගලයෙකුට නොවේ. භික්ෂුව යනු ඒ ආර්ය සංඝ රත්නය අපට සිහි කර දෙන්නාවු නිමිත්තයි. සිත් පිත් නැති බුදු පිළිමයකට අපි මල් පහන් පුදා වන්දනා නොකරයිද? එයින් සිදුවන කුසලය ඇත්තේ බුදුපිළිමයේ නොවන බව ඔබට පැහැදිලි වනු ඇත. බුදු රජානන්වහන්සේගේ ගුණයන් මතක් කර දෙන්නාවු එ බුදු පිළිමය අචේතනික මැටි ගොඩක් වුවද, බුදු රජානන්වහන්සේගේ ගුණය නිසා එයින් කුසල් සිදුවේ. එසේනමි සංඝයා පරාජිකාපත්තින්ට පැමිණි සිටිය, භික්ෂුව කසාවඛණ්ඨක වුවද අපේ සමිමා සමිබුදු රජානන්වහන්සේගේ සංඝයාට දෙන්නේ යැයි සැදැහැ සිතින් දන් දේ නමි, වන්දනා කරයි නමි අපට අප්‍රමාණ කුසලයක් සිදු කර ගත හැක. එහි අනිත් පසද එබදුමය. මේ සංඝයා දුසිල් යැයි ගරහන්නො ද, මෙතැකැයි කියා නිම කර ගත නොහැකි අකුසල කර්මයක්ම සමිපාදනය කර ගන්නෝ වෙති.
වටිනා ලිපියක් ලැබුන කට්ටියටම මේ දවස් වල ලොකුවට තියෙන ප්‍රශ්නයක් ගැන කියවල බලන්න.අරගත්තේ මෙතනින්
http://www.budurashmiya.net/2011/02/blog-post.html
තව තියෙනව ලිපි ගොඩක් ඔය සයිට් එකේ නිවාඩු පාඩුවෙ කියවල බලන්න
ප්‍රිය මිතුරනේ මින් පෙර ලිපියෙන් බෞද්ධ භික්ෂුව නිර්වාණය සඳහා අන් කිසිවක් නොකලත් වෙන කුමන උත්සාහයක් නොදැරැවත් ශිලය ආරක්ෂා කල පමනින්ම අන්යන්ගේ ගරැ බුහුමන් පුජාසත්කාර හා වන්දනාවන් ලැබිමට සුදුසු වන්නේ කෙසේද යන්න සාකඡ්චා කරනු ලැබුවා. එසේනමි මෙම භික්ෂුන් දුස්ශිල වන්නේ නමි හෝ මෙම භික්ෂුන් මනා කොට පිලිවෙත් නොපුරන්නේ නමි, තත්වය කෙසේද යන්න සලකා බැලිය යුත්තකි.
භික්ෂුන් දුස්ශිලවු විට ගිහියන් ඔවුන්ට දන්දීම, දානමාන කිරිම, වන්දනා කිරිමට ඔවුන් සුදුසුද?
මේ සඳහා දිය හැකි කෙටිම පිළිතුර නමි කෙතරමි දුස්ශිල වුවත් පරාජිකාපත්තීන් 04 ටම පත්වී සිටියත් එසේ දානමාන දිමට වන්දනාමාන කිරිමට භික්ෂුව සුදුසු වන බවයි.
එහෙම කියන්නේ කොහොමද?
මෙහිදී කරැණු ඉදිරිපත් කරන්නේ මිලින්ද ප්‍රශ්ණයේ ශ්‍රමණ දුෂ්ශිල ප්‍රශ්ණය ඇසුරෙන්.මෙහිදි මිලිඳු මහ රජු නාගසේන මහරහතානන් වහන්සේගෙන් ගිහි දුශ්ෂිලයා (එනමි පස්පවි කරන්නා) හා ශ්‍රමණ දුශ්ශිලයා අතර යමි වෙනසක් ඇත්ද? නැතහොත් දෙදෙනාම සමාණද යන්න පිළිබඳව කරන ලද විමසිමකදී නාගසේන මහරහතානන්වහන්සේ ඉතාමත් ප්‍රඤ්ඤාගොචර ලෙස එය මෙසේ විසදා දේශනාකොට ඇත. (මෙහි දක්වනුයේ එහි සාරංශයයි)මහරජ, ශ්‍රමණ දුෂ්ශිලයාට ගෘහස්ත දුෂ්ශිලයාට වඩා විශේෂයෙන් ඉතිරිවු ගුණ 10 ක් ඇත. ඊට අමතරව වු තවත් ගුණ 10 ක් ඇත. මේ නිසා අලජ්ජී වූ දුෂ්ශිල මහණුන් හට දන් දුන්නද එය මහත් ඵල මහානිසංශ වේ.