නිවන-කරා යනු මැන ඔබ...
වියරු සුසුම් නිසල ගතින්
දුර ඈතට ඇදෙන්නේ....
ගමන කෙටියි දුක උරුමයි..
නැවතුම් නැත පෙනෙන්නේ....
නිතර හිතේ රැදෙනා...
ආශාවන් සිහි කෙරෙන්නේ....
සසර පුරා අවිදින්නට...
මරු යලි අත වනන්නේ....
කදුළු පිරුණ නෙත් දහසක්...
සුදු වතකින් සැරසිලා.....
ලතාවකට වැනෙනා ගොක්..
කොළ සුලගට මුසු වෙලා......
කථා නොකර සිහින් හඩින් ..
ඉකි බිදුමට මැදි වෙලා....
පතා ආ ගමන් යනවද...
දෙන ඇතුලේ සැතපිලා.........
අම්මා කියමින් නිවසේ..
දවස පුරා සරන්නේ....
නංගී කියමින් ඇයගේ..
ජීවිතයම රකින්නේ....
පියා නොමැති මේ නිවසට..
ඔබමයි සවි ගෙනෙන්නේ...
කියා දෙන්න දැං කෙලෙසද...
ඒ ජීවිත ගෙවෙන්නේ.......
හිතාගන්න හිතක් නැතිව....
සිතුවිලි අවතැන් වෙලා....
බලාගන්න බැරි දෙනුවන්...
ඇත කදුලින් ඉතිරිලා......
කියාගන්න දෙයක් නැතුව..
ගොළු වූ තොල් වියලිලා.....
දන්නවා නම් ඔබ යන් නෑ...
මරු තුරුලේ සැගවිලා......
දකින දකින තැන්වල ඔබෙ..
මරණය ඇත ඇලවිලා...
ඇසෙන ඇසෙන හැම හඩකම..
කම්පිත බව මුසු වෙලා......
කියන කථා කිසිවක් නෑ...
හදේ කොතැන රැදවිලා.....
නිවන කරා යනු මැන ඔබ...
සසර ගමන් නවතලා.......!!
මිතුරෙකුගේ සමුගැනීමක් වෙනුවෙන් මවිසින් ලියන ලද්දකි.
2014/01/15
දුර ඈතට ඇදෙන්නේ....
ගමන කෙටියි දුක උරුමයි..
නැවතුම් නැත පෙනෙන්නේ....
නිතර හිතේ රැදෙනා...
ආශාවන් සිහි කෙරෙන්නේ....
සසර පුරා අවිදින්නට...
මරු යලි අත වනන්නේ....
කදුළු පිරුණ නෙත් දහසක්...
සුදු වතකින් සැරසිලා.....
ලතාවකට වැනෙනා ගොක්..
කොළ සුලගට මුසු වෙලා......
කථා නොකර සිහින් හඩින් ..
ඉකි බිදුමට මැදි වෙලා....
පතා ආ ගමන් යනවද...
දෙන ඇතුලේ සැතපිලා.........
අම්මා කියමින් නිවසේ..
දවස පුරා සරන්නේ....
නංගී කියමින් ඇයගේ..
ජීවිතයම රකින්නේ....
පියා නොමැති මේ නිවසට..
ඔබමයි සවි ගෙනෙන්නේ...
කියා දෙන්න දැං කෙලෙසද...
ඒ ජීවිත ගෙවෙන්නේ.......
හිතාගන්න හිතක් නැතිව....
සිතුවිලි අවතැන් වෙලා....
බලාගන්න බැරි දෙනුවන්...
ඇත කදුලින් ඉතිරිලා......
කියාගන්න දෙයක් නැතුව..
ගොළු වූ තොල් වියලිලා.....
දන්නවා නම් ඔබ යන් නෑ...
මරු තුරුලේ සැගවිලා......
දකින දකින තැන්වල ඔබෙ..
මරණය ඇත ඇලවිලා...
ඇසෙන ඇසෙන හැම හඩකම..
කම්පිත බව මුසු වෙලා......
කියන කථා කිසිවක් නෑ...
හදේ කොතැන රැදවිලා.....
නිවන කරා යනු මැන ඔබ...
සසර ගමන් නවතලා.......!!

මිතුරෙකුගේ සමුගැනීමක් වෙනුවෙන් මවිසින් ලියන ලද්දකි.
2014/01/15
Last edited:
R.I.P