සතුට_(කෙටිකථාව)

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සතුට_(කෙටිකථාව)

    මේක කතාවක් නෙමෙයි. ඩ්‍රයිවර් කෙනෙක් ලියල තිබුන පොඩි සටහනක්. මම ඒක පරිවර්තනය කරල කෙටි කතාවක් වගේ එකක් කරන්න දරපු උත්සාහයක් තමයි මේ..

    සතුට

    [FONT=&quot]මම නිව්යෝර්ක් නගරයේ කුලී රථ රියදුරෙක්මි. සැතපුම් ගණනාවක් මෝටර් රථය පදවාගෙන පැමිණි මා අවසානයේදී මට ලැබී තිබූ ලිපිනය සහිත නිවස ළඟටම පැමිණියෙමි. මම මෝටර් රියේ නලාව දෙතුන්වරක් නාද කලේ නොඉවසිල්ලෙනි. විනාඩි කිහිපයක් බලා සිටියත් නිවසෙහි දොර විවර නොවූ බැවින් මම නැවත වතාවක් නලාව නාද කලෙමි. කවුරුවත් පෙනෙන්නට නැත. මේ අද දින මගේ වැඩමුරයට අයත් අවසන් රාජකාරියයි. වාහනය නැවත හරවාගෙන ගොස් දවසේ රාජකාරි නිමකිරීමට සිත් වූවත් ක්ෂණිකව එම සිතිවිල්ල යටපත් කරගෙන මම නිවස දෙසට පියමැන්නෙමි. එය ඉතා පැරණි පෙනුමක් තිබූ නිවසකි. ප්‍රධාන දොරටුව අසලට පැමිණි මා දෙවරක් දොරට තට්ටු කලෙමි.[/FONT]

    "[FONT=&quot]මට විනාඩියක් දෙන්න..." වෙව්ලන මහලු කටහඬක් මට නිවස තුලින් ඇසුනි.[/FONT]

    [FONT=&quot]යමක් බිම ඇදගෙන එන ශබ්ධය මට ඇසෙයි. දොරෙහි අනෙක් පසින් ආ දිගු තල්ලුවත් සමග දොර විවර විය. එසැනින් මා ඉදිරියෙහි පෙනී සිටියේ අවුරුදු අනූවක පමණ මැහැල්ලකි. කුඩා ශරීරයක් තිබූ ඇය හැඳ සිටි ඇඳුම සහ පැළඳ සිටි හිස්වැස්ම පැරණි චිත්‍රපටයක දසුනක් මවාපෑවාය. ඇගේ දකුණුපස කුඩා ඇඳුම් මල්ලක් විය. සියලු ගෘහභාණ්ඩ රෙදි වලින් ආවරණය කර තිබුණි. සාලයෙහි එක් මුල්ලක චායාරූප සහ විදුරු බඩු පිරවූ කාඩ්බෝඩ් පෙට්ටියකි. වසර ගණනාවකින් මෙහි කිසිවෙකු ජිවත් නොවුන ලකුණු නිවස තුලට ඇස් යොමුකළ මට දක්නට ලැබුණි. [/FONT]

    "[FONT=&quot]මේ ඇඳුම් මල්ල කාර් එක ගාවට ගෙනියන්න පුලුවන්ද ළමයෝ.." ඇය ආයාචනාත්මක ස්වරයෙන් විමසුවාය.[/FONT]

    [FONT=&quot]ඇඳුම් මල්ල මෝටර් රිය තුලින් දැමු මම මැහැල්ලටද මෝටර් රිය වෙත පැමිණීමට උදව් කලෙමි. ඇය මගේ අතෙහි එල්ලී ඇවිදින්නට පුරුදුවන කුඩා ළදරුවෙකු මෙන් මෝටර් රිය අසලට පැමිණියාය.[/FONT]

    "[FONT=&quot]ළමයෝ.. අපි ටවුම මැදින් හරවල යමු." මා රියදුරු අසුනෙහි ඉඳගත් වහාම ඇය කිසියම් ලිපිනයක් සහිත තුණ්ඩුවක් මා වෙත දිගු කරමින් පැවසුවාය.[/FONT]

    "[FONT=&quot]ආච්චියෙ[/FONT], [FONT=&quot]මෙතනට ඊට වඩා ඉක්මනින් යන්න පුළුවන් පාරක් මම දන්නව." අවුරුදු ගණනාවක් නිව්යෝර්ක් නගරයේ මාවත් වල සැරිසරන මම පැවසුවෙමි. [/FONT]

    "[FONT=&quot]කමක් නෑ ළමයෝ. මට හදිස්සි නෑ."[/FONT]

    [FONT=&quot]දැනටමත් මගේ වැඩමුරය අවසන් වී හෝරා දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත. තවදුරටත් මා මහමග රඳවාගැනීමට උත්සාහ දරන මේ මැහැල්ල ගැන කේන්තියක් මගේ සිතේ මොහොතකට ඇතිවී නැතිවී [/FONT]
    [FONT=&quot]ගියේය. මම කන්නාඩියෙන් පිටුපස ආසනය දෙස බැලුවෙමි.[/FONT]

    "[FONT=&quot]මට දැන් කවුරුවත් නැහැ. දොස්තර මහත්තුරු කියන්නෙ මට තව ඒහැටි කාලයක් නැහැ කියලයි" මගේ සිතෙහි මොහාතකට ඇතිවූ සිතිවිල්ල තේරුම්ගත්තාක් මෙන් ඇය පැවසුවාය.[/FONT]

    "[FONT=&quot]හොඳයි[/FONT], [FONT=&quot]ආච්චිට යන්න ඕනෙ මොන පාරෙන්ද කියල මට කියන්න" මම මෝටර් රියේ එන්ජිම පනගන්වමින් පැවසුවෙමි.[/FONT]

    [FONT=&quot]එතැන්පටන් ගතවූ හෝරා දෙකකට ආසන්න කාලයක් අපි නිව්යෝර්ක් නගරය පුරා ගමන්කලෙමු. වරින් වර ඇගේ ජිවිතයට සම්බන්ධ විවිධ ස්ථාන ඇය මට පෙන්වයි. තරුණ වියේදී රැකියාවෙහි නිරතවී සිටි[/FONT][FONT=&quot]ගොඩනැගිල්ල[/FONT], [FONT=&quot]විවාහ වූ අලුත සැමියා සමග ජිවත් වූ ස්ථානය[/FONT], [FONT=&quot]යහළුවන් සමඟ විනෝද වීමට ගිය තැන්... සමහර ගොඩනැගිලි පසුකරන විට මෝටර් රියේ වේගය අඩුකරන ලෙස ඇය මට පවසයි. එවැනි ගොඩනැගිලි අසල අඳුරු අහුමුලු තුල ඇය කිසිවක් සොයයි. එවැනි වෙලාවක ඇගේ ඇස් දිලිසෙයි. තනිවම සිනාසෙයි. බලාගත් අතම බලාගෙන සිටියි. [/FONT]

    "[FONT=&quot]දැන් මට මහන්සියි. අපි දැන් යමු" එක්වරම ඇය පැවසුවාය.[/FONT]

    [FONT=&quot]අපි නිහඬවම ඇගේ ගමනාන්තය වෙත ලඟාවීමු. එය සාත්තු සේවා නිවහනකි. අලංකාර කුඩා උද්‍යානයක් මැදින් ගමන් කිරීමෙන් අනතුරුව ගොඩනැගිල්ලෙහි පෝටිකෝවෙහි මම මෝටර් රථය නැවත්වුයෙමි.[/FONT]
    [FONT=&quot]එහි සේවකයින් දෙදෙනෙක් මෝටර් රිය වෙත කඩිනමින් පැමිණියෝය. ඔවුන් ඇගේ සෑම චලනයක් දෙසම සුපරික්ෂාවෙන් බලමින් ඇයට රෝද පුටුවක හිඳගැනීමට සැලැස්වුවෝය. මම ඇගේ ගමන්මල්ල රෝදපුටුව අසලින් තැබුවෙමි. [/FONT]

    "[FONT=&quot]මම ඔය ළමයට කීයක් ණයයිද[/FONT]?" [FONT=&quot]තම පසුම්බිය විවරකරමින් ඇය විමසුවාය.[/FONT]

    "[FONT=&quot]කීයක්වත් නෑ." මම කීවෙමි.[/FONT]

    [FONT=&quot]දවසේ රාජකාරි නිමාකර මම නිවස බලා එන්නට පිටත් වුනෙමි. මගේ සිත සතුටින් පිරී ඇත. එය කුමක් නිසාදැයි මට හරියටම පැහැදිලි නැත. එය යහළුවන් සමග විනොදවන විට දැනෙන සතුටට වැඩි දෙයකි. [/FONT]
    [FONT=&quot]නෑදෑ හිතවතුන් සමඟ විනෝදගමනක් ගිය විට දැනෙන සතුටට වඩා දෙයකි. මේ සතුට මා අර මැහැල්ලගෙන් ගාස්තුවක් අය නොකිරීම නිසාද[/FONT]? [FONT=&quot]නැත. මම නැවතත් කල්පනාවට වැටුනෙමි.[/FONT]

    [FONT=&quot]මා අද මෝටර් රියෙන් එලියට නෑවිත් නලාව පමණක් නාද කර නොඉවසිල්ලෙන් වාහනය නැවත හරවාගෙන පැමිණියානම්[/FONT], [FONT=&quot]මා වෙනුවට කුකුල් කේන්තිකාරයෙක් එහෙම නැතිනම් දවසේ වැඩ ඉවර කිරීමට කඩිමුඩියේ සිටින හදිසි කාරයෙක් ආවානම් මේ කතාව කුමක් වේවිද[/FONT]? [FONT=&quot]අද දවස ඒ මැහැල්ලගේ ජිවිතයේ අවසන් දවස නොවේ යැයි කාට නම් කිව හැකිද[/FONT]?

    [FONT=&quot]අතීත සිදුවීම් මෙනෙහි කරමින් ඇගේ ඇස් දිලිසුන අයුරු මට නැවත මැවී පෙනෙයි. ඇත්තෙන්ම මම හදවතින්ම සතුටු වූ අවස්ථාවන් ඇත්නම් ඒ මා වෙනත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් යමක් කල[/FONT][FONT=&quot]අවස්ථාවකම බව මට වැටහුණි. එසේ සිතනවිට මා හදවතින්ම සතුටු වූ අවස්ථා ඇත්නම් ඒ අතේ ඇඟිලි ගණනට පමණ නොවේදැයි මට සිතුණි.[/FONT]

    පරිවර්තනය : B_i_n_g_o @ Elakiri.com
     
    Last edited:

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මම හදවතින්ම සතුටු වූ අවස්ථාවන් ඇත්නම් ඒ මා වෙනත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් යමක් කලඅවස්ථාවකම බව මට වැටහුණි. :yes:
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    meka kiyawala math sathutu una nisa onna salakuwa sahoO ;)

    :) +7 Good translation machan. Keep it up

    kalin kiyawala thiyeanawa...+rep

    මම හදවතින්ම සතුටු වූ අවස්ථාවන් ඇත්නම් ඒ මා වෙනත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් යමක් කලඅවස්ථාවකම බව මට වැටහුණි. :yes:

    patta rep+

    lassanayi bro 14++
    Rep +6.. comments walata thanx hamotama..:)
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    11.gif
    11.gif
    11.gif
    11.gif
    7+