පරිගණක ක්‍රීඩාවක වීඩියෝවක් පෙන්වා "වෙනස" ඇන ගනී
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "වෙනස" රූපවාහිනී වැඩසටහන විසින් පසුගියදා චීනයේ පරිගණක ක්‍රීඩාවක ප්‍රචාරක පටයක් විදෙස් රටක අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් ලෙස හඳුන්වා විකාශය කරනු ලැබීය. ඔවුන් එම වීඩියෝව හැඳින්වුයේ මෙලෙසිනි.
"දැන් පෙන්නන්න යන්නේ ලංකාවේ සිද්ධියක් නෙවෙයි..අධිවේගී මාර්ගයක සිදුවුණු රිය අනතුරක්..මේ ලෝකේ කොහේ හරි තැනක කව්රුහරි කෙනෙක් උඩ ඉදන් බලා ඉන්නවා වගේ කියල කිව්වොත් භෞතිකවාදී අදහස් දරන අය මට ගහයි..
නමුත් සමහර සිද්ධි බලනකොට මේ හැම එකකම කව්රුහරි පිටපත ලියනවා..නැත්නම් ජීවිත මේ විදියට බේරෙන්න බැහැ..මේ වගේ අනතුරු වලින් ජිවිත බේරෙන්න බැහැ..අපි ඔබට පෙන්නන්නේ ඔබව කම්පනයට පත් නොවන විදියේ දර්ශන පෙළක්..
හැබැයි තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් මේ දර්ශන පෙළ ලේ විලක් වෙන්න තිබුනා..අධිවේගී මාර්ගයක සිදුවුණ අනතුරක් මේ.."
එහි වීඩියෝව
වෙනස විසින් පෙන්වූ එම වීඩියෝව Dragon Totem Girl (Zhu Xian 2) යන චීන පරිගණක ක්‍රීඩාවේ ප්‍රචාරක පටයකින් එකකි. එම ක්‍රීඩාවේ සිටින චරිත විවිධ බලයන් ( මෙහි බලය : Teleportation) යොදාගනිමින් මිනිසුන් බේරාගන්නා අයුරු පුරවා ප්‍රචාරක පටවලින් පෙන්වා තිබු අතර වෙනසේ පෙන්වූ පහත වීඩියෝවද එවන් වීඩියෝවකි.
33000LK







