දිරිය ගැහැණිය-ඡන්දෙ දෙන්න එන්න එන්න පෝලි&#3512

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දිරිය ගැහැණිය - ඡන්දෙ දෙන්න එන්න එන්න පෝලිමේ



    අටුවාටීකා නොමැත. සරල පැහැදිලි කිරීමක් පමණි.
    නොමග යන බැවින් අවශ්‍ය දෑ ප්‍රථමයෙන්ම බලමු.
    0 වන අංකය යටතේ ඇති වීඩියෝව නැරඹීම පමණක්ම සාමාන්‍ය බුද්ධියක් ඇති මිනිසෙකුට ප්‍රමාණවත් වේයැයි මම සිතමි. :)

    0. රූපවතී

    වසර දෙදහස් දහතුනක් වූ මාර්තු මස නමවන දින ජාතික රූපවාහිනියේ විකාශය වූ ධාරා වැඩටසහන නැරඹුවන්ට යළි සිහි කැඳවීම පිණිසද, නැරඹීමට නොහැකි වුවන් හට නැරඹීමටද අවස්ථාව සැලසීම සඳහා ජාතික රූපවාහිනිය විසින් එම වැඩසටහනේ වීඩියෝව උඩුගත කරන තෙක් මම බලාසිටියෙමි.
    ඒ මොහොත උදාවිය. මේ ඔබ සඳහාය. :)






    පහත සඳහන් අංක 1 සිට 5 දක්වා ඇති අති රමණීය සහ ඉතා වැදගත් දෑ කියවීම අත්‍යාවශ්‍ය නොවේ.

    1. ගීතා කුමාරසිංහ

    1.1. මමයි චංගුමියි එක වගේ – ගීතා කුමාරසිංහ

    GeethaKumarasinghe-001.jpg



    හෙළ සිනමාවේ වාසනාවන්තිය ලෙස කිරුළු පලන් ඇය තමන් සතු වු ජනප්‍රියත්වය, කීර්තිය, අභිමානය, මිල මුදල් මේ සියල්ල පසෙකලා ජනතා සේවයට කැපවුයේ,කාලයක් තිස්සේ තමන්ට ආදරය කළ රසික ජනතාවට ප්‍රතිඋපකාර කිරීමේ තිර අධිෂ්ඨානයෙනි.මේ දිරිය දියණිය නමින් ගීතා සමන්මලී කුමාරසිංහයි.
    කලා ලෝකයේ ඇය ලද ජනප්‍රියත්වයත්,ව්‍යාපාර ලෝකයෙන් ඈ ලද මිල මුදල් බලයත් යොදා ගෙන ඈ අද දවසේ සිය ජීවිතය කැප කර ඇත්තේ ජනතා සේවය වෙනුවෙනි.ඒ ජනතා මෙහෙවර හරහා ඈ වඩාත් උත්සුක වන්නේ අපේ රටේ කාන්තාවන්ගේ ගැටලු, ප්‍රශ්න සඳහා යම් පිළිසරණක් වන්නටය.
    මාර්තු 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන ගීතා සුවිශේෂ කාර්යයකට අත ගසා තිබේ.ඇය මාර්තු 08 වැනිදා බෙන්තර දී ‘ගාමිණී ලිය අබිමන්’ නමින් කාන්තාවන්ට වැඩමුළුවක් පවත්වන්න සුදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ රුවැති – ගුණැති ළඳුන් වෙනුවෙන් රූපලාවණ්‍ය වැඩමුළුවක් මෙන්ම තවත් විශේෂ වැඩ සටහන් එදින පවත්වන්නත් කටයුතු යොදා තිබෙනවා.කිසිදු දේශපාලනික වාසියක් ලබා ගැනිමේ අපේක්ෂාවෙන් මෙය සිදු නොකරන බවට පැවසු ඇය,ඈ සිදුකරන් යන ක්‍රියාවන් සම්බන්ධයෙන් දැක්වුයේ මෙවන් අදහසක්.
    “මට දේශපාලනයෙන් ලබා ගන්න දෙයක් නෑ. අවංකවම නෑ. අනෙක අද ගැහැනියක් දේශපාලනයට යොමු වෙන එක ලොකු අභියෝගයක්. හතර වටෙන්ම පහර දෙනවා. හරියට අර ‘චංගුමී’ට වගේ. මේ පැත්තෙන් කෙනෙක් කුමන්ත්‍රණය කරද්දී තව කට්ටියක් තව උගුලක් අටවනවා. නින්දා, අපහාස කරනවා. හිතපුවත් නැති දේවල් ගොතලා කියනවා. ඒ වගේ දේවල් මේ දේශපාලනයේ තියෙනවා. ඒ සියලු අභියෝගයන්ට මම මුහුණදීමට සූදානම්“

    1.2. ගීතා කුමාරසිංහ - කදුලු කථාව

    තමන්ගේ දේශපාලන ජයග්‍රහණය වැළැක්වීමට කැපිලි කෙටිලි දැම්මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම අය බව සන්ධානයේ ගාල් දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව පරාජයට පත් වූ ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ "පක්‍ෂයේ සමහරුන් මට කැපිලි කෙටිලි දැම්මා. කවුරුත් මට උදව්වක්‌ දුන්නේ නැහැ. මට උදව් කිරීමට පැමිණි මගේ ආධාරකරුවන් ස්‌වාධීන කණ්‌ඩායම් කියලා එදා රෑ ප්‍රතිඵල ගණන් කිරීමේ කටයුතුවලින් ඔවුන් බැහැර කර තිබුණා."



    වැඩිදුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද පැවසුවාය. "මේ මිනිස්‌සු ඇයි මට මේ විදිහට සැලකුවේ. මට උදව් කළ ගාල්ලේ ජනතාව ගැන මට හරි දුකයි. ඒ වගේම මටත් දුකයි. මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ. ඔය සහෝදර නළු නිළියෝ කියලා පිරිසක්‌ හිටියා, ඒගොල්ලෝ කවුරුත් මට උදව් කළේ නැහැ. මම තනිවුණු ගැහැනියක්‌. ඇයි මට මේ විදිහට සැලකුවේ. මගෙ හැම බලාපොරොත්තුවක්‌ම සිහිනයක්‌ බවට පත් වුණා."

    1.3. නිකන් බුදියගන හිටියත් මට මාසෙට ලක්ෂ 20ක් හම්බවෙනවා" - ගීතා කුමාරසිංහ

    සිරි දළදා ගමනය චිත්‍රපටය පසුගිය බ්‍රහස්පතින්දා සිට සිනමාහල් 50ක ප්‍රදර්ශනය කෙරේ.

    මෙම චිත්‍රපටයේ එන චරිතයක විනාඩි 3ක් රඟපෑමට ගීතා කුමාරසිංහ විසින් අය කර ඇති මුදල රු. ලක්ෂ 4ක් බවයි වාර්ථා වන්නේ. මෙහි ගීතා කුමාරසිංහ දායක වන්නේ බ්‍රහ්මදත්ත රජුගේ බිසවගේ චරිතයයි. මේ අතර ගීතා විසින් පසුගියදා පුවත්පතට පවසා තිබුණේ "මහ ඇමතිකම නොදුන්නොත් බම්බු ගහගන්න කියලා යනවා. නිකන් බුදියගන හිටියත් මට මාසෙට ලක්ෂ 20ක් හම්බවෙනවා" යනුවෙනි.

    මෙම සාකච්ඡාවේදී ඇය ප‍්‍රශ්න කර සිටියේ මහ ඇමැතිවරයා කවුද යන්න තීන්දු කිරීමට බැසිල් රාජපක්ෂ මහතාට ඇති අයිතිය කුමක්ද යන්න පිළිබඳය. තමා විහිළුවට හෝ විනෝදයට දේශපාලනයේ නිරත නොවන බවත් තව එන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටියදී ධනය හා ශ‍්‍රමය කැප කරමින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ ආණ්ඩුවේ නායකයන්ගේ බල කිරීම නිසාම බවද ඇය පැවසුවාය.
    geetha-gossip-1.jpg

    Geetha.png


    2. උපේක්ෂා ස්වර්ණමාලි

    2.1. පබාගේ ශක්ති සම්පන්නභාවයේ රහස.

    vdfgbvdfbgd.JPG


    'ලංකාවේ වීර කාන්තාවෝ' යන මැයෙන් රචනාවක් ලියන ශිෂ්‍යත්ව පන්තියේ දරුවකුට 'නදීශා හේමමාලී, උපේක්ෂා ස්වර්ණමාලි හෝ අනර්කලී ආකර්ශා' වැනි ජනප්‍රිය චරිත මතකයට නොඑන්නේ පුංචි දරුවාගේ විඥානයට පවා වීරත්වය හැඟෙන බැවිනි. ඔවුන් කඩෙන් මිලදී ගත් වීර කාන්තා චරිත ඇතුළත් පින්තූර කොළයේ පවා සිටියේ හුදු වාසනා ගුණයෙන් නොව උත්සාහයෙන් වඩවා ගත් ගුණ බලයන් සහිත කාන්තා චරිතය. අපේ දරුවන්ට වීරත්වය හඳුනා ගැනීමේ ගැටලුවක් මෙතෙක් තිබුණේ නැත. පත පොතින් උකහාගත් තොරතුරු ඔවුන්ට සැබෑ වීරත්වය හඳුනාගැනීමට අවශ්‍ය අවබෝධය ලබාදී තිබිණි.

    ඉතාම මෑතකදී රජයේ අමාත්‍යංශයකින් නිකුත් කළ සුවිශේෂී ප්‍රකාශනයක් නිසා බලසම්පන්නභාවය, නැතිනම් චරිතයක වටිනාකම හඳුනාගැනීම ප්‍රශ්නකාරී විය. "Strong Woman" යන නමින් රාජ්‍ය ලාංඡනයද සහිතව ප්‍රකාශයට පත්කර තිබුණු මෙම ග්‍රන්ථය ලංකාවේ එතෙක් බිහිවූ ශේ්‍රෂ්ඨ කාන්තා චරිත පිළිබඳ හඳුන්වා දී තිබිණි. ඊටත් වඩා සුවිශේෂී තත්ත්වය වූයේ ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් එක පෙළට ඇදී එන දැයට කිරුළ ප්‍රදර්ශන සැණකෙළියේදී මේ පොත අතින් අතට මාරුවීමය. ලංකාවේ ශක්තිමත් කාන්තා චරිත පිළිබඳ කතා කරන මෑත කාලීන ඉතිහාසයට අමතක නොවිය යුතුම කාන්තා චරිත ද්විත්වයක් මේ පොතෙන් ගිලිහී ගොස් තිබීම මේ සම්බන්ධයෙන් මතුවූ පළමු ප්‍රශ්නයයි. ඊටත් වඩා ප්‍රශ්නය වන්නේ ඒ චරිත ගිලිහී යන අතරම ටෙලිනාට්‍ය චරිතයකට ලැබුණු ජනප්‍රියත්වය හේතුකොටගෙන පාර්ලිමේන්තුවට පය තැබීමේ වරම උදාකරගත් උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රිතුමියගේ නම මේ පොතට ඇතුළත් වීමයි.


    ලංකාවේ පහළ වූ බල සම්පන්න කාන්තා චරිත කියූ සැණින් උපේක්ෂලා, අනර්කලීලා, නදීශලා මතකයට නැඟෙන තරමට වීරත්වය පිළිබඳ අපේ සංකල්පයන් මොට වී නැත. චන්ද්‍රිකාට, ශිරාණිට ඔළුව දාගන්න බැරිව ගිය ලංකාවේ ශක්ති සම්පන්නම කාන්තාවන්ගේ නාමාවලියට උපේක්ෂා ස්වර්ණමාලි ඔළුව දාගත්තේ කෙසේද...? ඇයත් සමඟ කිසිවකුටත් පෞද්ගලික ප්‍රශ්නයක් නැත. උපේක්ෂා තමන්ගේ නම කිසියම් ගතමනාවක් ලබාදී මෙම ග්‍රන්ථයට ඇතුළත් කරගත්තා නම් අපටද ඇයත් සමඟ ගනුදෙනුවක් තිබෙන්නට ඉඩ තිබිණි. නමුත් මේ ගැටලුව සුළුකොට තැකිය නොහැක්කේ මේ තීරණයට එළැඹෙන්නේ කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය නිසාය.

    ලංකාවේ ශක්තිමත්ම කාන්තාවන්ගේ ලිස්ට් එකට නම දාගත්තා නේද...?
    මොකක්....! ඇත්තට....? සතුටුයි....

    541.jpg


    2.2. මට වඩා මගේ බල්ලා ලස්සනයි - උපේක්ෂා

    ප්‍රශ්නය :-
    මේ නාට්‍ය නිසා ඔයාගේ බලු පැටියත් නළුවෙක් වුනාලු නේද?

    උපේක්ෂා :-
    මගේ සුරතලා රොකී ඉන්නවට වඩා Screen එකට හරි ලස්සනයි. ඇත්තටම කිව්වොත් මට වඩා මගේ බල්ලා ලස්සනයි. මගේ ඉල්ලීමක් තමයි ඒක. බහුතරයක් මෙගා නාට්‍ය වල ස්වභාවික දේවල් දැනෙනවා අඩුයි. තේ කෝප්පයක් හැදෙනවා අඩුයි. ඇනුමක් යනවා අඩුයි. මදුරුවෙක් මරනවා අඩුයි. පාරකට බැස්සාම බල්ලෝ 20ක් 30ක් උනත් අපිට දකින්න ලැබෙනවා. ඒත් නාට්‍ය වල අපිට ඒක දකින්න නැ. ඒනිසා තමයි මං මෙහෙම හිතුවේ. අනික මට වැඩි කාලයක් රොකී එක්ක ඉන්න පුළුවන්. නැත්තන් එයාව ගෙදර දාල එන්න වෙනවනේ. ඒකත් දුකක්.

    ප්‍රශ්නය :-
    එතකොට ඔයාගේ බලු පැටියත් දැන් නළුවෙක්. නාට්‍යයේ රඟපානවට එයාටත් ගෙවීමක් කලාද?

    උපේක්ෂා :-
    අනේ නැ. තාම ගෙවීමක් නම් කලේ නැ. අපිත් රඟපාන්න ආපු මුල් කාලේ අපිටත් ගෙවීම් කලේ නැති දවස් තිබ්බා. ඉස්සර අපේ සමහර රංගන ශිල්පින් බත් පැකට් එකටත් රඟපාපු අවස්ථා තියෙනවනේ. රොකීත් මේ දවස් වල නොමිලේ රඟපාන්නේ. පුහුණු වුනොත් හොඳ අනාගතයක් තියෙයි.

    3. උදාරි වර්ණකුලසුරිය

    Udari-33000lk.jpg


    3.1. ජනාධිපතිතුමාගේ අනුමැතියත් ඇතුවයි ගෞරව උපාධිනාමය මට ලැබුණේ- උදාරි

    ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උදාරි වර්ණකුලසූරිය හට ගෞරව නාමයක් ලබාදීමේ පුවතක් මෙයට පෙර අප විසින් හෙළිකරන ලදී.

    ඇයට ලැබුණු ගෞරව නාමය වන්නේ
    ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි වර්ණකුලසුරිය වේ.

    දිවයින පුරා පිහිටා ඇති පන්සල් මගින් අත්සන් රාශියක් සහිතව ජනපතිවරයාගේ නම සහිතව උපාධි ලබාදීම ස්ථාන බොහොමයක් ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර උදාරි වෙත නිකුත් කල සහිතිකයද මෙයට පෙර සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය නමින් පවත්වාගෙන ගිය උපාධි කඩය විසින් නිකුත්කළ උපාධියට සමාන එකක් බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ.

    උදාරි පවසන පරිදි එම ගෞරව උපාධිය ඇය විසින් මුදල් ලබා දී ගත්තක් නොවන අතර ජනපතිවරයා පවා අනුමත කොට ලබදුන්නකි. උදාරි ඒ සම්බන්ධව මාධ්‍යය ලබාදුන් ප්‍රකාශය පහතින් බලන්න

    "සමාජ සේවාවල් කියල දේවල් තියෙනවනේ. හුඟක් කලාකරුවෝ ඕව කියන්නේ මාධ්‍යය වලට දාලනේ.. අනේ මමනම් ඒකට කැමති නැහැ.
    හුඟක් අය කරන්නේ ජන්දෙට එන්න බලාගෙන නේ..මගේ මේ සමාජ සේවාවල් දකින අය අගය කිරීම් අක විදියට වෙන්නැති මට මේක ලැබුනේ..

    මොකද මම නැතිබැරි අයට උදව් අවශ්‍යය අයට මාසිකවම මුදල් වෙන් කරලා අවශ්‍යය පුද්ගලයන්ට අවශ්‍යය තැන් වලට මම ලබා දීල තියෙනවා..මම සල්ලි වියදම් කරලා නැහැ ගෞරව උපාධියක් ගන්න..ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතුව තමයි මේක දීලා තියෙන්නේ..."

    උදාරිට ලැබුණු සහතිකය


    udari-1.jpg


    hqdefault.jpg



    4. නදීෂා හේමමාලි
    nadeesha_hemamali_lankapics.com_1.jpg


    4.1. නදීෂා හේමමාලි කුරුඳු පොලු හමුදාවට එකතු වෙයි


    Nadeesah-Hemamali.jpg



    ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි මෙනවිය එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට නාම‍ යෝජනා භාරදීමෙන් අනතුරුව ආධාරකරුවන් ඇමතුවාය.

    මාතර මේ ආසනනයෙන් මේ කුරුඳු පොලු හමුදාවට එකතු වෙලා ඔබත් සමග මේ ගමන මේ ජයග්‍රහණය කරා ගමන් ගන්නට එකතු වෙනවා. ජය වේවා



    4.2. නදීෂා හේමමාලි එ.ජා.ප ලොක්කෙක්ට දුවන්නම ගහලා…

    හේතුව හොර ඇසුරක් “ලීක්‌” කිරීමලු
    දකුණු පළාත් සභාවට එජාපයෙන් තරඟ කරන ජනප‍්‍රිය නිළි නදීෂා හේමමාලි විසින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතමයකුට එළව එළවා පහර දී ඇතැයි වාර්තා වෙයි.
    නදීෂා හේමමාලිගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල ප‍්‍රධානියා ලෙස වැඩ කළ අයෙක් වන මොහු හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ අයකුද වෙයි.
    නදීෂා විසින් ඔහුට පහර දී ඇත්තේ ඔහු තමන් සහ නදීෂා හේමමාලි අතර අයථා සම්බන්ධයක් ඇති බව හිතවතුන්ට පවසන බව ආරංචි වීමෙන් පසුය.
    ඔහුට නදීෂා හේමමාලි එළව එළවා පහර දෙද්දී ඔහු බේරාගෙන ඇත්තේ මංගල සමරවීර මහතා විසින් වන අතර පසුව මෙම පුද්ගලයා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එජාප පළාත් සභා මන්ත‍්‍රී ධූරයක් සඳහා තරඟ කරන කාන්තා අපේක්ෂිකාවකගේ ප‍්‍රචාරණ කටයුතු සංවිධානය කිරීම භාර ගෙන ඇති බවද වාර්තා වේ.

    Nadeeshahemamali-278x420-331x500.jpg


    4.3. නදීෂා හේමමාලි බීමතින් රිය අනතුරක

    එජාපයෙන් දකුණු පළාත් සභාවට තරඟ වදින ජනපි‍්‍රය නිලි නදීෂා හේමමාලි 24 දින රාත‍්‍රියේ රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.​
    අනතුරු සිදුවන අවස්ථිවේ රිථය පදවා ඇත්තේ ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල වන අතර ඔවුන් දෙදෙනාව බීමතින් සිට ඇතැයිද පැවසේ.​
    බත්තරමුල්ල ප‍්‍රදේශයේ සිට පැමිනෙමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇත. අනතුරින් දෙදෙනාම සුළු තුවාල ලැබූවද නදීෂා වෙනත් රථයකින් එතැනින් ඉවත්ව ගියද චතුර රදම්පොල පුද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයිද වාර්තා වෙයි.​
    මෙම සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන මෙන් නදීෂා ඒ අවස්ථාවේ එතැන සිටි පිරිසට පින්සෙණ්ඩු වී ඇතැයිද දැනගන්නට ඇත.


    5. අනර්කලී ආකර්ෂා

    anarkali-akarsha.jpg


    5.1. ආදරේ මට බයයි - අනර්කලී ආකර්ෂා

    රිදී තීරයේ සුන්දර මුහුණු අතරින් අනර්කලී ආකර්ෂාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. දේශපාලනයටත් උපන් හපන් කියන ඇගේ තොරතුරු මෙවර අපි සොයා බලමු. * අනර්කලීට දැන් වයස කීයද?
    මට දැන් වයස 26යි.

    * දැන් කසාද බඳින්නත් කල වයස හරි නේද?
    මම විවාහ වෙන්නෙම නැහැ.

    * අනර්කලී එහෙනම් කවදාවත් කසාද බඳින්නෙම නැහැ කියලද කියන්නේ?
    ඔව් මම කසාද බදින්නෙම නැහැ.

    * හේතුව පසුගිය කා‍ලේ ඔයාට වුණ ප්‍රශ්නද?
    නැහැ. මම ඒවා හිතේ තියාගෙන නැහැ. විවාහය කියන්නේ මට වගකීම් ගොඩක්.

    * ඔයා විවාහ වෙන්නේ නැත්තේ මේ වගකීම් දරන්න බැරි නිසාද?
    ඇත්තටම ඔව්. විවාහය කියන්නේ කැප කිරීම් ගොඩක්. මේ කැපකිරීම්වලට හරියට මුහුණ දෙන්න බැරි වුණොත් ඒ විවාහය දික්කසාදයක් වෙනවා. විවාහය ගෞරවනීයව, ‍පොරොන්දු මත කළ යුතු දෙයක්. විවාහයට මුල්තැන දීම ඉතා වැදගත්.

    * ගැහැනියක් ලෙස ඔයාට මේ වගකීම් ගන්න බැරිද?
    ඊට වඩා දේවල් සමාජයට කරනවා ගැහැනියක් ලෙස. ඒක මට ගොඩක් වටිනවා.

    * කොහොම වුණත් අනර්කලී ආදරයට බයයි වගේ?
    නැහැ. කොහොමත්ම නැහැ. ආදරේ මට බයයි.

    * ආදරේ ඔයාට බය වෙන්න තියෙන හේතුව?
    මම ආදරයට ගෞරව කරනවා. ආදරය තුළ තියෙන වගකීම් මම දන්නවා. ආදරයට ආදරණීය ලෙසට නිසි ගෞරවය සහ වටිනාකමක් දෙන කෙනෙක් මම.

    * ආදරයට මෙච්චර ගෞරවයක් දෙන ඔයාව ආදරය හැම වෙලාවකම දාලා යනවා නේද?
    ආදරය මාව කවදාවත් දාලා ගිහින් නැහැ. මම තමයි ආදරය දාලා ගිහින් තියෙන්නේ.

    * හරියට සිංහලවත් බැරි ඔයා කොහොමද ලංකාවේ මිනිසුන් වෙනුවෙන් දේශපාලනය කරන්නේ?
    මිනිසුන්ව තේරුම් ගන්න, මිනිසුන් වෙනුවෙන් කැප වෙන්න, මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න ඔයා ඔය අහපු දේ අදාළ වෙන්නේ නැහැ. මට දේශපාලන පසුබිමක් තියෙනවා. මම දන්නවා දේශපාලනය කියන්නේ මොකක්ද, දේශපාලනයේ අර්ථය, ගැඹුර මේ හැම දේකම වටිනාකම මම හොඳටම දන්නවා.

    * ඔයා ඉදිරියේ එන දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවද?
    අනිවාර්යයෙන් මම ඒ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

    * නමුත් මෙවර දකුණෙන් ජනතාව ‘තරු’ ප්‍රතික්ෂේප කරයි කියලා හිතෙන්නේ නැද්ද?
    දේශපාලනයට නළු නිළියන් පැමිණීම විලාසිතාවක් වෙලා. දේශපාලනයට ආපු අනිත් නළු නිළියන් ගැන මම දන්නේ නැහැ. මම මට පමණක් පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. මාව මිනිසුන් ප්‍රතික්ෂේප කරන එකක් නැහැ.

    * අනර්කලීගේ පිටතින් පෙනෙන සරලකම ආධ්‍යාත්මයේ තියෙනවද?
    මම නිවේදනය කරන කොට මගෙන් පේන සරලකම තමයි මගේ මුළු ජීවිතේම තියෙන්නේ. මම රඟපාන්නේ සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල පමණයි.

    * අනර්කලී ආඩම්බරකම උපතින්ම ද අරන් අවේ?
    අනේ නැහැ. මාව දන්න හැමෝම දන්නවා මම ආඩම්බර නැහැ කියලා. ආඩම්බරයි නම් දේශපාලනය කරන්නත් බැහැනේ. මම රඟපාන්න ආවෙත් මට වයස 2දී. එදා ඉඳන් අද වෙනකන් මට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන් වුණෙත් මම ආඩම්බර නැති නිසා.

    * ඔයා කරන විලාසිතා ලංකාවට ගැළපෙනවද?
    මම කරන විලාසිතා මිනිස්සු දකිනවා. තැනට ගැළපෙන විඳිහට මම අදිනවා.

    * දේශපාලන ක්ෂේත්‍රයේ අනර්කලීට තරහකාරයෝ ඉන්නවද?
    දේශපාලන ක්ෂේත්‍ර කියන්නේ කැපිලි කෙටිලි ගොඩක් තියෙන තැනක්. ඒවා අපි බලා‍පොරොත්තු වෙන්න ඕනේ. අපේ හෘද ශාක්ෂියට එකඟව අපි වැඩ කළ යුතුයි. දේශපාලන ක්ෂේත්‍රයේ කලින් මගේ හතුරෝ දැන් හොඳම යාළුවෝ වෙලා ඉන්නවා. ඒ එයාලා මට කරපු දේවල් මම එයාලට නොකරපු නිසා.



    වැදගත්ම කොටස මුලදීම නැරඹු ඔබ....ගෞරවණීය ශ්‍රීලාංකිකයෙකි.

    මේ ශ්‍රිලංකාවමය. අපේ මව්බිමය. මව්බිමේ සිදුවන දේමය. මෙවන් අය තවත් නම් කොතෙකුත් ඇද්ද.
    කියන්න දේවල් ඇත. නමුත් කියන්නට අවශ්‍ය නැත....
    දිරිය ගැහැණිය, ශක්තිමත් ගැහැණිය, යකඩ ගැහැණිය කවුදැයි ඔබටම වැටහෙනු ඇත.
    ඡන්දය වෙනම කතාවකි. මෙය වෙනමම කතාවකි. සුදුසුම තැනැත්තා පත් කරමු කීවත් ඡන්දය භාවිතා කිරීමට නොසිතෙන්නේ මෙවන් අවස්ථා වලදීමය...
    Sri-Lanka_240-animated-flag-gifs.gif

     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කිව්වට බලපල්ලකො චන්දෙ ඉවර උනාම ඔය ඔක්කොම දිරිය ගෑනු ඇතුලෙ ඉදී
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෙදකින් මුන්ව දැක්කම එපා වෙනවා රටේ දේශපාලනේ...ඔව් බන් මුන්ව දිනවනවා අපේ මිනිස්සු:angry:
    මුන්ටත් චන්දෙ දෙන උන් ඉන්නවනේ ,,,,
     
    Jan 26, 2013
    1,106
    17
    0
    :( godak duka hithena video ekak friend.. me vage duk vidina minissuth innavane.. ada kaale apita ahanna dakinna labena dewal wala hatiyata me vage aadarshamath deyak dakinna labena ekath kochchara deyakda.. honda thread ekak friend... oyage uthsahaya agaya karannanam vachana ne...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා ආඩම්බරයි බන් ඔන්න බදිනවා නම් ඔය වගෙ කෙනෙක් හොයාගන්න ඕනෙ:)
    මචන් අර ත්‍රෙඩ් එකෙ ඔය ගැන කියනන් කොටසා ටිකක් ලොකුවට දාපන් රතු පාටින් වගෙ උනත් කමක් නැ:yes: නැත්නම් මම වගෙ ගොඩක් අයට ඕක මග ඇරෙයි:dull:
    ජයවේවා
    11.gif
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    නෙදකින් මුන්ව දැක්කම එපා වෙනවා රටේ දේශපාලනේ...ඔව් බන් මුන්ව දිනවනවා අපේ මිනිස්සු:angry:
    මුන්ටත් චන්දෙ දෙන උන් ඉන්නවනේ ,,,,
    අයෙත් අහල, මුන්ගෙ පස්ස ටිකක් පෙන්නුවාම අපේ හරක් චන්දෙ නොදී ඉදීද බන් ?
    :lol:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    පට්ටා ආඩම්බරයි බන් ඔන්න බදිනවා නම් ඔය වගෙ කෙනෙක් හොයාගන්න ඕනෙ:)
    මචන් අර ත්‍රෙඩ් එකෙ ඔය ගැන කියනන් කොටසා ටිකක් ලොකුවට දාපන් රතු පාටින් වගෙ උනත් කමක් නැ:yes: නැත්නම් මම වගෙ ගොඩක් අයට ඕක මග ඇරෙයි:dull:
    ජයවේවා
    11.gif
    අම්මපා ඈත්ත! :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :( godak duka hithena video ekak friend.. me vage duk vidina minissuth innavane.. ada kaale apita ahanna dakinna labena dewal wala hatiyata me vage aadarshamath deyak dakinna labena ekath kochchara deyakda.. honda thread ekak friend... oyage uthsahaya agaya karannanam vachana ne...

    ගෙදර මිනිස්සුන්ට උණ කියල ගිනි තියාගන්න රටේ, කොල්ල ගියා කියල එල්ලෙන රටේ, කන්න නෑ කියල වහ බොන රටේ, බැන්න කියල එල්ලෙන රටේ මෙහෙම මිනිස්සු ඉන්නව කියන එක ලෝකෙටම කියන්න ඕනෙ. මාධ්‍යය වල පෙන්නන්න ඕනෙ. මේ වගේ දේවල් නොපෙන්නා එල්ලෙන ඒව පෙන්න පෙන්න ඉන්නව. :dull: ඔවි පෙන්නන්න ඕනා හැම තිස්සෙම. :dull:
    ඔන්න මිනිස්සු මොන දේ උනත් ලෝකෙටම වඩා හිත හයිය මිනිස්සු.:nerd:



    පට්ටා ආඩම්බරයි බන් ඔන්න බදිනවා නම් ඔය වගෙ කෙනෙක් හොයාගන්න ඕනෙ:)
    මචන් අර ත්‍රෙඩ් එකෙ ඔය ගැන කියනන් කොටසා ටිකක් ලොකුවට දාපන් රතු පාටින් වගෙ උනත් කමක් නැ:yes: නැත්නම් මම වගෙ ගොඩක් අයට ඕක මග ඇරෙයි:dull:
    ජයවේවා
    11.gif

    Done!
    11.gif

    ඒ වගේ හිත හයිය කෙල්ලො හොයාගන්න එක කලු නික හොයනව වගේ වැඩක් මචං. අනික අපි උනත් ඔච්චර හිත හයිය නෑ. මේ ගෑණු කෙනා නං මාරම චරිතයක් :nerd:


    අයෙත් අහල, මුන්ගෙ පස්ස ටිකක් පෙන්නුවාම අපේ හරක් චන්දෙ නොදී ඉදීද බන් ?
    :lol:

    අම්මපා ඈත්ත! :lol:


    අර රූපවති ගැන මොකද හිතන්නෙ.... :nerd:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    නිකන් බුදියගන හිටියත් මට මාසෙට ලක්ෂ 20ක් හම්බවෙනවා" - ගීතා කුමාරසිංහ

    කට බොරු කීවට දිව බොරු කියන්නේ නෑ කියන්නේ මේවට තමයි...
    If-You-Know-What-I-Mean-Mr-Bean-Blank.png
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    video එක නං මුල ඉඳන් අග වෙනකන්ම බැලුවා ..
    මේවා බලත්දී නං අපිට මොන ප්‍රශ්නද කියල හිතෙනවා :baffled:
    btw tfs :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16385873 said:

    Done!
    11.gif

    ඒ වගේ හිත හයිය කෙල්ලො හොයාගන්න එක කලු නික හොයනව වගේ වැඩක් මචං. අනික අපි උනත් ඔච්චර හිත හයිය නෑ. මේ ගෑණු කෙනා නං මාරම චරිතයක් :nerd:
    එල:) ඇත්ත හොයාගන්න අමාරුයි තමයි ඒත් ඇති කියලා හිතෙනවා:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඕවා දැම්ම කියලා උබට අපේ බුද්ධිමත් ඡ්න්ද දායකයන්ගෙ ගැම්ම නවත්තන්න බෑ :lol: