හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල අසලදී එජාප
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල බලන්නට ගිය අවස්ථාවේ එහි සිටි ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හා සංවර්ධනය නමින් කරන මංකොල්ලයේ ස්වභාවය කදිමට රටට හෙළි කළේ ය.
එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් ගන්නා ලද මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ ඉහත ඡායාරූපයේ තිබෙන හිස් පසුබිම මත්තල ගුවන් තොටුපලේ යථාර්ථයට දෙස් දෙයි. මන්ත්‍රීවරුන්ට අඩන්තේට්ටම් කිරීමට පැමිණෙන එක් පුද්ගලයෙක් කියන්නේ අද ගුවන් තොටුපලට ගුවන් යානා තුනක් බැස්සවූ බවයි. ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා ගුවන් යානා තුනක්! මේක නේ ද ආශ්චර්යය, හසන්ත මහත්තයෝ!
මෙම ප්‍රහාරය අනිවාර්යයෙන් ම ආණ්ඩුවේ මහ තැනක් විසින් මෙහෙයවන ලද බව පෙනේ. තමන් එහිි ගියේ නාමල් රාජපක්ෂගේ උපදෙස් මත යැයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසා තිබේ. ඔහු කලබලය මැද පිස්තෝලයක් අතින් ගෙන දිව එන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.
මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස අතර සිටි එක් අයෙක් කියන්නේ තමන් හම්බකරගෙන කන්නේ මෙම 'සංවර්ධන' ව්‍යාපෘතිවලින් බවයි. ඇත්තෙන් ම මේ පිරිසට මෙම ව්‍යාපෘති ලොතරැයි දිනුම් වැනි ය. රාජපක්ෂ පවුලට හා ආණ්ඩුවට කඩේ යාමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මහ එවුන් විසින් මහජන මුදලින් කා ඉවත ලන ලද දිව්‍ය භෝජනයේ කටු සූප්පු කිරීමේ අවස්ථාව ලැබී තිබේ. නිකම් සිට මහජන මුදලින් ගානක් කපා ගැනීමට මග පාදා තිබෙන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘති රැක ගැනීමට කුණු බිත්තර, ගල් මුල් හා ගිනි අවි රැගෙන ඔවුන් රැස් වන්නේ එහෙයිනි.
ඇත්තෙන් ම මේ වනාහි කුපිත වූ මහජනතාව තමා ය. ආණ්ඩුවට ඡන්දේ දෙන මහජනතාව මොවුහු වෙති. ඔවුන්ගේ බඩ වියත පවතින්නේ දේශපාලුවන් විසින් ඔවුන්ට විසි කර දී තිබෙන මේ ඉඳුල් මත ය. ඇත්තෙන් ම මොවුහු ද මහ දේශපාලුන් වැනි ම පරපෝෂිතයෝ ය. දූෂිතයෝ ය. එහෙම නැතිව සමහර සමාජවාදීන් සිතා සිටින ආකාරයේ නොමග ගිය අහිංසක ජනතාව නොවේ.
රාජපක්ෂ පාලනයේ පැවැත්ම සුරක්ෂා වන එක් රහසක් මෙයයි. එනම්, දූෂණය බෙදා ගැනීමයි. මට්ටම් කීපයක් ඔස්සේ බෙදා ගනු ලබන දූෂණයේ පහළම මට්ටම අපට මත්තලදීත්, හම්බන්තොටදීත් දක්නට ලැබිණි. මොවුහු ඔබගේ නිවස වටේමත් සිටිති. සමහරවිට ඔබ ද ඔවුන්ගෙන් කෙනෙකු විය හැකි ය. ඔබ ජීවත් වන්නේ ද දූෂණයෙන් සූරා ගන්නා ලද මහජන මුදලින් විය හැකි ය.
එය විවිධ ආකාරයෙන් සිදු විය හැකි ය. නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර පඩි ගන්නා රැකියා, බදුවලින් නිදහස් වාහන, මහජන මුදලින් නඩත්තු වන වාහන, දරුවකු ජනප්‍රිය පාසලකට දමා ගැනීමේ දේශපාලන අනුග්‍රහය ආදිය උදාහරණ කීපයකි.
අප මේ දූෂිත ක්‍රමයට එරෙහිව සටන් කරන්නේ නම් එය අපෙන් පටන් ගත යුතු ය. මේ දූෂණය භුක්ති විඳින ගමන් එයට එරෙහි සටන්වලට නායකත්වය දෙන්නට බැරි ය.
http://www.w3lanka.com/2014/04/blog-post_4542.html