තිසරණයේ පිහිටීම.....
"බුදු දහම සත්‍යක්.. ඒ සත්‍ය ලොවට හෙළි කල බුදුරජාණන් වහන්සේත්, සියලු දුකින් මිදීමට හේතුවන නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වන ධර්මයත් හා ඒ ධර්මයේ සරණ ගිය, ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගෙන් පසු ලොවට ගෙනියන සංඝයා වහන්සේලා සරණ යාමෙන්, මමත් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය සලසා ගනිමි"
කියන අර්ථයෙන් තමයි "කෙනෙක් තිසරණයේ පිහිටන්නේ". ඒ වගේම මතක තියා ගන්න, තිසරණයේ නොපිහිටපු කිසිම කෙනෙක් කොච්චර ධර්මය කියවා තිබුනත් අවබෝධ වෙන්නෙත් නෑ. නිර්වාණය සාක්ෂාත් කරන්නෙත් නෑ. මොකද, බුදු රජාණන් වහන්සේ, බුද්ධ ධර්මය හා සංඝයා වහන්සේලා ගැන විශ්වාසයක් නැති කෙනෙකුට ඒක කරන්න බැරි නිසා. එක හරියට පඩිපෙලක පළමු පඩි සියල්ල නැතුව අවසන් පඩි කිහිපය නගින්න දඟලනවා වගේ වැඩක්.
ලෞකික සම්පත් ගැන කියනවනං, තිසරණය පිහිටලා ඒ අනුවම පමණක් ජීවිතය ගෙන යන අයට ස්වභාවධර්මයාගේ ආශීර්වාදය ලැබෙනවා.. දෙවිවරු පවා උදවු කරනවා. නමුත් සත්වයා කර්මය දායාද කරගෙන උප්පත්තිය ලබලා තියන නිසා, ඒ ගැන සහතික වෙන්න අමාරුයි! විවිධ අවසථා වල ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි තිසරණයේ පිහිටිය යුත්තේ, නිර්වාණය සාක්ෂාත් කිරීමේ අරමුණින් මිස ලෞකික සැප සම්පත් බලාපොරොත්තුවෙන් නොවන බැවින් ඒ ඒ දේවල් නොලැබුණා කියලා හිතන්න අවශ්‍ය නෑ.