මිනිසුන් පාත්තයෝ වූ හැටි.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මිනිසුන් පාත්තයෝ වූ හැටි.

    මම හිටපු ගමන් නිවාඩු දවසට ව්‍යායාමයටත් එක්ක, කිලෝමීටර් 8 ක් විතර එහා තියන lake එකකට බයිසිකලය පාගනව. හති දාගෙන පෑගුවත්, පොට් එක මරු නිසා, පුච්චපු කෑම ටික ගැන කිසි දුකක් නෑ.:)

    cvag.jpg

    පොට් එක ලස්සන උනත්, ලණු කාගෙන foot-bike එක පාගන්නෙ තවත් හේතුවක් නිසා. ඔතන ඉන්නවා සිරා පාත්තයෝ සෙට් එකක්; මුන් ගැන්සි දාල, සැර පෙන්නගෙන ඉන්නෙ. පැටවු ඉන්න කාලෙට STF එකෙන් දැම්ම වගේ තමා, කඳුළු ගෑස් විතරයි අඩු. මුන් attack කරන්න ඉහලින් නියෝග එනකන් ඉන්නෙ නෑ; පලවෙනි දවසෙ බයිසිකලේ හැටට පාගල තමයි බේරුනෙ.:growl:

    කඳු පල්ලම් අද්දල, බඩේ තියන ඔක්කොම දහනය කරගෙන ඔතනට යන නිසා, ආපහු ගෙදර යන්න කලින් බඩට මොනව හරි දාගන්න ඕන. ඒක නිසා යනකොට, බීම එකකුයි බිස්කට් පැකට් එකකුයි අරගෙන යනව ගියාම පරිභෝජනය කරන්න.;)

    ඉතින් මම ඔතන තියන බංකුවක වාඩිවෙලා අර බිස්කට් පැකට් එකකට වැඩේ දෙනකොට, අර පාත්තයෝ සෙට් එකත් පෙරේත කමින් බලාගෙන ඉන්නවා.:eek:

    dtpas.jpg

    මුන්ගෙ ඇස්වහ වැදිල බඩේ අමාරුව හදාගන්න ඕන නෑනේ? ඉතින් මාත් කන ගමන් බිස්කට් එකක් දෙකක් උන්ගේ පැත්තට දැම්ම.:rolleyes:
    පෙරේත කම ඉහටත් උඩින් නිසා, මුන් අර බිස්කට් කෑල්ලට පොර බදනවා.:no: මුන්ගේ රණ්ඩුව නවත්තන්න, පස්සේ මම පැකට් එකෙන් භාගයක්ම ඒ පැත්තට විසි කළා.:lol:

    ටිකක් දවස් යනකොට, මුන්ට බිස්කට් ගේන නිසා, අල්ලස් වලට තනතුරු දෙනව වගේ, මුන් මාවත් උන්ගේ ගෞරවාන්විත පාත්ත සාමාජිකයෙක් බවට පත් කලා.:cool:

    මේ තියෙන්නෙ ලඟකදී ගත්ත වීඩියෝ එකක්.



    දැන් මේකෙ ඉන්න සමහර උන්ට අතින් කවන්න පුළුවන්. සමහර එවුන් respect එක තියාගන්න ඕන නිසා අතින් දෙන එක ගන්නේ නෑ, ඒත් බිමට වැටෙන ඒවා කන්න පොරබදනවා.:rofl:

    වීඩියෝ එකෙත් ඇති පැටවු එනකොට full guard දාල එන හැටි. අනික් පාත්තයෝන්ටවත් ලං වෙන්න දෙන්න නෑ, ඒත් දැන් මාව shape. :D

    මේ ඉන්නෙ පැටවු ටිකයි, body-guard විදිහට ඉන්න මහ එකයි.

    3u2f.jpg



    දැන් එතින් ටික දවසක ඉඳන් මුන්ව ලඟින්ම නිරික්ෂණය කරන නිසා, මට හිතුන මගේ නිරීක්ෂණ ටික බෙදා ගන්න.;)

    පාත්තයා වනාහී, ඉතාමත් පුදුමාකාර පක්‍ෂියෙකි.
    අත්තටු ඇතත්, කිම්බුලෙකු සේ ජලයේ හා ඉවුරේ වාසය කිරීමට ලැදි කමක් දක්වයි. (කිම්බුලෙකුගේ සේ දත් පෙලක්ද හොටයේ පිහිටා ඇත.)
    කිපුණු කල, දරණ ගැසූ නාගයකු මෙන් පිඹීමටත්, උරණ වූ පොළගෙකු සේ පසු පසින් එලවිමත්, සහජ හැකියාවක් දක්වයි.
    වෘෂභයෙකු සේ තණ උලා කෑමට කැමැත්තක් දක්වන අතර, පනුවෙකු සේ කෑ තැන පැහැරීමට මැලි කමක් නොදක්වයි.
    සුනඛයෙකු සේ ආහාර දුටු විට හීලෑ වීමටත්, ගිජු බව වැඩි වූ විට කන්නට දුන් අත සපා කෑමටත් හැකියාව පෙන්වයි.
    මිනිසුන් මෙන්, අනෙකාට බිස්කට් එකක් ලැබුණු විට ඊර්ෂ්‍යා කිරීමටත්, ඌ එය බුදින තුරු උගේ පශ්චාත්භාගයට හොටයෙන් ඇනනීමටත්, පුරුද්දක් පෙන්වයි.


    මේ සියලු නිරීක්ෂණ හැදෑරු විට, මා පැමිණි නිගමනය වන්නේ:​
    .
    .
    .
    .
    .
    .

    පාත්තයා අනෙකුත් විවිධාකාර සතුන් ලෙස හැසිරුනත්, මිනිසා පාත්තයෙකු බවයි.:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ එන්ග්ලන්ඩ් නේද? මම ඉන්න පැත්තේ ලේක් වල හංසයින් පාත්තයන් හංස පැටවු පිරිලා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    2014_06_22_165218.png

    හංස පැටියෙක් සාක්කුවේ දාගෙන එන්න ගිහින් මට නඩුවකුත් වැ‍ටුනා
     
    • Like
    Reactions: mmaxx

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලස්සන තැනක් මචන්. මේ පැත්තෙනම් ඔය වගේ නිදහස් තැන් හරිම අඩුයි. මේ ලඟදි මම ගියා ලොකු comdominium complex එකකට. එකේ gym එකයි pool plaza එකයි ඔක්කොම තියෙන්න 4 වෙනි තට්ටුවේ. එතන හතරවෙනි තට්ටවේ පාත්තයෝ family දෙකක් ඉන්නවා . හරිම ලස්සනයි. කව්රුත් ගෙනල්ල දාපු එවුන් නෙවෙයිලු. උන් ඉබේම ඇවිත් කියල තමයි කියන්නේ. මෙන්න පින්තුර දෙක තුනක් ගත්ත .

    2014-06-12151025_zps3b79bbf1.jpg


    2014-06-12151006_zps1af9d1a1.jpg


    2014-06-12151050_zps05141a48.jpg


    2014-06-12151039_zps8185efc3.jpg
     
    • Like
    Reactions: mmaxx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඇමරිකාවේ ගමෙහ් නේද ඉන්නේ

    අඩේ ලංකාවට වඩා greenish සමහර ඒවා
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇමරිකාවේ ගමෙහ් නේද ඉන්නේ

    අඩේ ලංකාවට වඩා greenish සමහර ඒවා

    පොඩ්ඩක් ගම වගේ තමයි. මම ඉන්න city එකේ කොළඹට වඩා ගොඩක් ගහකොල, parks තියනව.:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඌ එය බුදින තුරු උගේ පශ්චාත්භාගයට හොටයෙන් ඇනනීමටත්, පුරුද්දක් පෙන්වයි
    :shocked::shocked::shocked::shocked:
    :lol:ගූත් එක්ක රහ ඇති.:lol:
    එල ටිෆ්ස්:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සතෙක් උනත් කැමට තියෙන පේරෙත කම නිසාම නෙමෙයි ලගට එන්නෙ උනට උබ ඉන්න තැන ආරක්ශවක් දැනෙන නිසා:yes:මොනා උනත පට්ට්ට ස්පොට් එක:cool:
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    sattunta kanna dena aka loku pinak ban eyalata apita wage badagini unama illagena kanna bane :( godak pin ban uba oya karana wade :yes:

    uba keyboard play karanawa dala tibba youtube ake :D hondata play karanawa :D meketh (elakiri ake) member kenek innawa keyboard play karana. eyagenuth advice ganna puluwan onenam. id aka nad253 me eya play karnaa vidoe 1k



    good luck :D