මම අද දැක්ක එක මිත්‍රයෙක් නුලක් ඇරලා තියනවා කඩ්ඩ කොහොමද හදා ගන්නේ කියල . මම ඌට දුන්න පිළිතුර වෙනම නුලක් ඇරලා දාන්න හිතුව. මේක ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන නිසා.
උබල මම කියන එක පිලි ගනින් නැත්නම් නිකන් හිටපන්.
අද කලේ ගොඩක් උන් හිතන් ඉන්නේ ඉංග්‍රීසි කඩේ ගිහිල්ල ගන්න පුළුවන් බඩුවක් වගේ පන්ති වලට ගිහින් ගන්න පුළුවන් කියල. මම ඉස්සර ඉදන දැකපු දෙයක් තමයි සමහර සට කපට මිනිස්සු දවස7 ඉංග්‍රීසි උගන්වනවලු. සමහරු මාසෙන් . සමහරු මාස 3 නෙන් . එහෙම කඩේ ගිහින් බඩු ගන්නවා වගේ ඉංග්‍රීසි බාෂාව ඉගන ගන්න බැහැ.
ඉස්සර උසස්පෙළ ඉවර වෙනකම් මට කඩ්ඩ පට්ට අමාරුයි. කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කලොත් දාඩිය දානවා. දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් කඩ්ඩ වතුර වගේ. දැන් පත්තර වලට හිටන් මම ලිපි ලියනවා.
( පඩේ නොවෙයි )
මේවා අපේ තාත්ත මට දීපු මසුරන් වගේ උපදෙස්.
මගේ උපදෙස් මාලාව ක්‍රියාත්මක කරපන්. අනිවා අවුරුදු 2 හරි 3 යනකොට යම් තත්වයකට එන්න පුළුවන්, අවුරුදු 4 වෙනකොට හොද තත්වයකට ඒවි.
1 : තමන්ට විශාල ආසාවක් සහ උනන්දුවක් ඇතිකර ගනින් ඉස්සලම. ඊට පස්සේ ලැජ්ජාව බය වගේ දේවල් නැති කර ගනින්. ගොඩක් අයට පුළුවන් දේත් කතා කරගන්න බැරි බය නිසා. ගොඩක් උන්ට ඉන්ටවිව් ගියාම කකුල් දෙක වෙවුලලා දාඩිය දානවා. දැන් බලපන් සමහරු ඩ්‍රින්ක් එකක් දැම්මම කඩ්ඩ විදිනවා. නමුත් සාමාන්‍ය වෙලාවල් වලදී ගොත ගහනවා. එකට හේතුව බය. ගොඩක් උන් හිතනවා තමන්ව නොන්ඩි වේවි කියල. එහෙම දෙයක් නැහැ. ඉංග්‍රීසි කියන්නේ අපේ ප්‍රධාන භාෂාව නොවෙයි නේ.
2 : සරල ළමා කතා පොත් කියවපන්. දන්නේ නැති වචන පැන්සලකින් ඉරක් ගහල එක ඩික්ෂනරියෙන් බලල ඒ වචනේ පාඩම් කර ගනින්. අඩුම තරමේ දවසට අලුත් වචන 5 වත් ඉගන ගනින් ( සතියට වචන 35 ) මාසෙට වචන 140 . අවුරුද්දට 1680 . අවුරුදු 3 අවසානයේ වචන 5040 ඉගන ගෙන අවසන්
3: ඉංග්‍රීසි චිත්‍රපට බලපන් English Sub Titles එක්ක.
4: ඉංග්‍රීසි පත්තර කියවපන්
5: නිතරම ඉංග්‍රීසි රේඩියෝ වලට සවන් දීපන්. ( ඔය තොර තෝංචියක් නැතුව කියවන ෂා FM වගේ ඒවා අහන්නේ නැතුව. )
6: හවසට ටෙලිවිෂන් ඒකෙ සිංහල ප්‍රවුර්ති අහල රෑට ඉංග්‍රීසි ප්‍රවුර්ති බලපන්
7: පුලුවන්නම් ඉංග්‍රීසි ඉගන ගන්න ආස උබ වගේ තව යාලුවෙක් හොයා ගනින්. ඌත් එක්ක පුළු පුළුවන් විදිහට කතා කරපන්.
8 : ඉන්ටර්නෙට් ඒකෙ වෙබ් සයිට් එකක් තියනවා. ඒකෙ වොයිස් චැට් කරන්න පුළුවන්. එක හදල තියෙන්නේ ඉංග්‍රීසි ඉගන ගන්න එන උන්ටමයි. ඒකෙ ලෝකේ ගොඩක් උන් ඉන්නවා. චයිනිස් , ඉන්දීයන් , ජපන්නු , යුරෝපීය ජාතින් . උනුත් එන්නේ කඩ්ඩ හදා ගන්න . උන් එක්කත් පුළු පුළුවන් විදිහට මයික් එක දාගෙන කඩ්ඩෙන් කතා කරපන්. ඉන්ටර්නෙට් වල තියන විදෙශීය ෆෝරම් වලට සම්බන්ධ වෙයන්. උන් එක්ක උබට සිංහලෙන් කතා කරන්න බහ නේ. අනිවා එතැනදී උබට ඉංග්‍රීසි භාවිතා කරන්නම වෙනවා.
9: නිතරම ඉංග්‍රීසි භාෂාවෙන් හිතපන්.
10 : හොද spoken සහ grammar කරන පන්තියකට සහභාගී වෙයන්.
11 : උබල ඔය SMS ගහනකොට සිංග්ලිෂ් පාවිච්චි කරන්නේ නැතුව කඩ්ඩෙන් ම SMS ගහපන්. එලකිරියට ඇවිල්ලත් පුළුවන් තරම් කඩ්ඩෙන් ගහපන්
12: පුළුවන් තරමක් ලියපන්. සරල රචනා ලියපන්. ලියන්න පැටර්න් එක එන්නෙත් කියවීමෙන්.
ඔය ටිකක් විතරයි . මම කියන මේ ටික follow කරපන්. අනිවා කඩ්ඩ ගොඩ යනවා

Last edited: