නාඹර වස්සා - පට්ට සින්දුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නාඹර වස්සා - පට්ට සින්දුව

    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුඹ වේවිලු කබර ගොයා
    ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
    දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

    එක යායේ...

    වලට වැටුණු එකා යකා
    වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
    නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

    එක යායේ...


    මේකේ තේරුම දැන ගත්තේ අද බන්...

     
    Last edited:
    • Like
    Reactions: nitrox

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එල සින්දුව. ඕක අපේ මල්ලි කෙනෙක්ගෙ වෙඩින් එකේදී උගේ යාළුවො කිය කියා ඌව උඩ දැම්ම.
    මම මහප්පගෙන් ඇහුව මල්ලි කෝ කියල. මහප්ප කියනවා ඔය කට්ටිය එකතු වෙලා උඩ දාන්නේ නාඹර වස්සා කියකිය කියලා.
     

    waligamaya

    Well-known member
  • කොමද එකලේ පිච්චර් වල ඉන්න නලුවො. සිරා සෙට් තමයි.

    මටත් කසදේ බදින්න ලංවෙනවා කියලා මතක් වෙද්දි බොක්ක කූල්වෙනව.:sorry::sorry::sorry: