මචන්ස්ලා මගෙ UPS එකේ අව්ලක් තියෙනවා.. මොකක්ද කියල හරියටම හොයාගන්න බෑ.. ඒ ගැන දන්න Expert කෙනෙක් ඉන්නවනම් පොඩි Idea එකක් දීපල්ලකෝ..
මේකයි සීන් එක.. UPS එක කරන්ට් එක ගියපු ගමන් ඕෆ් වෙනවා. මහ හයියෙන් කෑගහනව.. හරියට මන් උට අරින්න හැදුව වගේ..

බැටරි එක සවුත්තු වෙල කියල හිතන්නත් අමරුයි. එච්චර පරණ එකකුත් නෙමේ.. අර පිටිපස්සෙ තියෙන ෆුයුස් එක වගේ එකත් මාරු කරා.. එකට හරි ගියෙත් නෑ.. වෙන මොනහරි කෑල්ලක් සවුත්තු උනාම එහෙම වෙනවද? මොකක් වගේ Replace කරල බලන්න වෙයිද මට? කොහොමහරි කරන්ට් එක ගියාම තප්පරයක්වත් තියෙන්නෙ නෑ.. PC එක ඕෆ් වෙලාම යනවා.. බැටරිය නැතුව වෙන මොනා සවුත්තු උනාමද එහෙම වෙන්නෙ? අපේ වයරින් එකෙත් පොඩි කේස් එකක් තියෙනවා.. ඒක බලපාල තම මම හිතන විදිහට UPS එක සවුත්තු උනේ.. දන්න එකෙක් ඉන්නවනම් පොඩි අයිඩියා එකක් දියන්කෝ..



