ලංකාවෙ බ්ලොක් කරපු සයිට් වලට යන හැටි...

ganiw-ape-de

Member
Jul 24, 2014
39
8
0
මෙන්න ලංකාවෙ බ්ලොක් කරපු සයිට් වලට යන හැට&#353

ඔන්න මේ කියන්න යන්නෙ අපේ තොරතුරැ දැනගැනීමේ අයිතිය ආයෙත් ලබා ගන්නෙ කොහොමද කියල...

අසිරිමත් ලංකාවේ අනිකුත් සියලුම අයිතීන් වගේ මේ අයිතියත් දැන් අපෙන් අයින් කරලයි තියෙන්න... ඒකට හරියන්න මෙන්න මේ ඇප්ස් දාගන්න ඔබේ ෆෝන් එකට... මේ ඇප්ස් පාවිච්චි කරන්නේ රටට හොඳක් වෙන්නද නරකක් කරන්නද කියන එක තීරණය කල යුත්තේ ඔබයි. ඔබේ බදු මුදලින් නඩත්තු වන විදුලි සංදේශ කොමිසම සහ අනෙකුත් ආයතන ඔබේම අයිතීන් කප්පාදු කරන්නේ කාගෙ උවමනාවකටද කියලත් ආයෙත් හිතන්න...

සමහරැ කියන විදිහට තොරතුරැ දැන ගැනීමෙන් ජනතාවට සැබෑවටම හානියක් සිදු වෙනවාද කියලත් ආයෙත් හිතල බලන්න... තොරතුරැ දැන ගැනීම වැලැක්වීමෙන් වාසි ලබන්නෙ කවුද කියලත් නැවත හිතන්න...

අයි ෆෝන් එකක් නම් තියෙන්න ඔනාවෝ ප්‍රොටෙක්ට් කියල ඇප් එකක් තියෙනවා...
https://itunes.apple.com/us/app/free-vpn-onavo-protect/id577491499

ඇන්ඩ්‍රොයිඩ් නම් තියෙන්නෙ ඕර්බොට් කියන ඇප් එක දා ගන්න...
https://play.google.com/store/apps/details?id=org.torproject.android&hl=en

එක එක රටවල වෙබ් සයිට් බ්ලොක් කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ අයිතියට මග අහුරන්න...ලෝකෙ ප්‍රජාතන්ත්‍රවාදය අතින් දියුණු රටවල තොරතුරැ වාරණය සිදු වෙන්නෙ බොහොම අඩුවෙන්...

කොම්පැනි වල උනත් ජොබ් හොයන වෙබ් සයිට් සහ තරඟකාරී අනිකුත් සමාගම් වල වෙබ් අඩවි වාරණය කරන්නෙ තමන්ගෙ සේවකයන් තවත් හොඳ තැනකට යාම වලක්වන්න...

තොරතුරැ වාරණය හා දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් මේකට බම්ප් එකක් දාලා ෂෙයා කරන්න...

මේක කොපි පේස්ට් කලත් කමක් නෑ... මේ රෙප්, ක්‍රෙඩිට් බලාගෙන දාපු පෝස්ට් එකක් නෙමේ...ඒක හින්දා පුලුවන් තරමක් ෆේස්බුක්, ඊ-මේල් වලිනුත් ෂෙයා කරන්න..


ඔන්න කලින්ම ස්තූතියි බම්ප් එකට...
:yes::yes::yes:
 
Last edited: