බ්‍රිතාන්‍යයේ නිර්මිත ප්‍රහාරක ඩ්‍රෝනය&a

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බ්‍රිතාන්‍යයේ නිර්මිත ප්‍රහාරක ඩ්‍රෝනය&a

    බ්‍රිතාන්‍යයේ නිර්මිත ප්‍රහාරක ඩ්‍රෝනයානය



    article-0-0A69FEDA000005DC-668_634x406.jpg

    ටැරනිස් යනු යුරෝපයේ පෞරාණික සිශ්ඨාචාරයක් වන කෙල්ටික් සිශ්ඨාචාරයේ වැසියන් අදහනු ලැබූ අකුණුසැරට අධිපති දෙවියාය. යුධ බිමේදී සතුරු පාර්ශවයන්ට අකුණු සැර වැනි විනාශකාරී ප්‍රහාර එල්ලකල හැකි යානාවක් නිර්මාණය කිරීම ටැරැනිස් ව්‍යාපෘතියේ දීර්ඝකාලීන අරමුණ බව පැවසෙනවා.

    මහා බ්‍රිතාන්‍ය හමුදාවන්ට අනාගතයේදී නිර්මාණය කිරීමට නියමිත ප්‍රහාරක යානා හා ප්‍රහාරක ඩ්‍රෝනයානා සඳහා අවශ්‍ය තාක්ශණය දියුණුකිරීමේ technology demonstrator/test bed යානයක් ලෙස නිර්මාණය කෙරුණු ටැරනිස් අතිශය රහසිගත ලෙස නිපදවා පසුගිය වසරේ අගෝස්තු මස සිට පරීක්ශණ පියාසැරවල නිරතකරවමින් තිබේ. බ්‍රිතාන්‍යයේ දැවැන්ත යුධ තාක්ශණ සමාගමක් වන BAE Systems සමාගම මගින් නිර්මාණය කරනලද මෙය මහා බ්‍රිතාන්‍ය රජය මගින් සිය ආරක්ශක හමුදා සඳහා ඉදිරිපත් කොට ඇති Defence Industrial Strategy නම් දීර්ඝකාලීන වැඩපිලිවෙලේ එක් පියවරක් ලෙස ඉදිරිපත් කොට ඇත.

    මෙම දීර්ඝකාලීන වැඩපිලිවෙලේ අරමුණ බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ශාව හා ස්වෛරීත්වය ආරක්ශාකර ගැනීම සඳහා 21වැනි සියවසේ ආරක්ශක අභියෝගවලට මුහුණදිය හැකි අතිනවීන යුධ තාක්ශණය මහා බ්‍රිතාන්‍යයේ දේශීය සමාගම් ලවා නිර්මාණය කර ගැනීමයි. ඒ අනුව ටෙන්ඩර් මගින් අඩුම ලන්සුවට විදෙස් රටවල සමාගම් වලට බ්‍රිතාන්‍ය හමුදා සඳහා යුධ උපකරණ හා මෙවලම් නිර්මාණයට කොන්ත්‍රාත් දෙනවා වෙනුවට දේශීය තාක්ශණය ගොඩනැංවීමේ දීර්ඝකාලීන වැඩපිලිවෙලක් දියත්වී ඇති අතර ටැරනිස් යානය මෙම වෑයමේ එක් පුරුකකි.


    STB_PLANE_ONLINE__11_48676a.jpg


    ටැරනිස් යානය පූර්ණ ලෙසම බ්‍රිතාන්‍යයේ නිර්මාණය කරනලද තාක්ශණික වශයෙන් සංකීර්ණම යානය ලෙස (most technologically advanced aircraft ever designed in the UK) ආරක්ශක විචාරකයින් හඳුන්වාදෙයි. ඩොලර් මිලියන 315ක වියදමින් නිර්මිත මෙය නියමු රහිත ස්ටෙල්ත් ඩ්‍රෝනයානයක් වන අතර අවේක්ෂණය මෙහෙයුම් (surveillance), ඔත්තුබැලීමේ මෙහෙයුම් (intelligence gathering) මෙන්ම ගොඩබිම හා ගුවනේ ඇති ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීම් යනාදී බහුවිධ කාර්‍යයන් සඳහා යොදාගත හැකි පරිද්දෙන් මෙය සැලසුම් කොට ඇති බව පැවසේ.

    පසුගිය ජූලි මස අවසන්වූ, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම ගගනවිද්‍යා තාක්ශණ ප්‍රදර්ශණය වූ Farnborough International Airshow අතර තුර මාධ්‍යවලට එලිදැක්වුනු තොරතුරු වලට අනුව ටැරනිස් යානය අතිනවීන කෘත්‍රිම බුද්ධි මෙහෙයුම පද්ධතියකින් ක්‍රියාත්මක වන අතර නවීන ස්ටෙල්ත් තාක්ශණයෙන් සමන්විතය. 2013 අගෝස්තු මස සිට පැවැත්වෙන පරීක්ශණ පියාසැරි ගණනාවකදී යානය විශිෂ්ඨ ලෙස ක්‍රියාත්මක වෙමින් අපේක්ශිත ඉලක්ක සියල්ලම ලඟාකරගත් බව පැවසුනා.

    article-0-172FD2BC000005DC-203_634x414.jpg


    වෙනත් ඩ්‍රෝනයානා හා ටැරනිස් යානය අතර ඇති ප්‍රධාන වෙනස ලෙස ආරක්ශක විචාරකයින් පෙන්වා දෙන්නේ එය පූර්ණ ලෙසම නියමු ආධාරයකින් තොරව කෘත්‍රිම බුද්ධි පරිගණකයක් ආධාරයෙන් තනිවම පියාසර කිරීමයි. ටොන් 8ක් බරැති මෙයට විශාල ඉන්ධන ප්‍රමාණයක් ගෙනයා හැකි අතර සැතපුම් දහස්ගණනක් ඈත ඉලක්කයක් වෙත ඉතාවේගයෙන් ලඟාවී ප්‍රහාරයක් එල්ලකොට නැවත ස්වයංක්‍රීයවම සිය කඳවුරවෙත ගොඩබෑ හැකිලෙස නිපදවා තිබෙනවා.

    බ්‍රිතාන්‍යයේ රෝල්ස් රොයිස් සමාගම නිර්මාණය කල ටර්බෝෆෑන් ජෙට් එන්ජිමකින් බලගැන්වෙන මෙහි උපරිම වේගය ශබ්දයේ වේගය ඉක්මවා යන බව (Mach 1+) පැවසෙනවා. බ්‍රිතාන්‍ය ආරක්ශක අමාත්‍යාංශය විසින් අතිශයින්ම රහසිගත ව්‍යාපෘතියක් ලෙස නම්කොට් ඇති බැවින් ටැරනිස් යානයේ බොහෝ තාක්ශණික උපක්‍රම හා යුධමය හැකියාවන් පිලිබඳව තොරතුරු හෙලිකල නොහැකි බව ටැරනිස් යානය නිර්මාණය කල බී.ඒ.ඊ සමාගම පවසනවා.

    උපුටාගැණීමකි
    HTML:
    http://vidya-gaweshana.blogspot.com/2014/07/taranis.html
    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න:););)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් ඕක හතර වටේ ගිහින් ගහලා එයි automated නිසා අහිංසක එවුනුත් මැරෙයි ඊට පස්සේ එංගලන්තෙන් වගකීම බාරගන්න එකක් නෑ උන් කියයි මේක automated අපිට කරන්න දෙයක් නෑ කියලා, UN එකත් බටහිර ආයතනයක් නිසා උන්ට ප්‍රශ්ණයක් එන එකකුත් නෑ. මේකත් හරියට මහින්දගේ ආණ්ඩුව වගේ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් ඕක හතර වටේ ගිහින් ගහලා එයි automated නිසා අහිංසක එවුනුත් මැරෙයි ඊට පස්සේ එංගලන්තෙන් වගකීම බාරගන්න එකක් නෑ උන් කියයි මේක automated අපිට කරන්න දෙයක් නෑ කියලා, UN එකත් බටහිර ආයතනයක් නිසා උන්ට ප්‍රශ්ණයක් එන එකකුත් නෑ. මේකත් හරියට මහින්දගේ ආණ්ඩුව වගේ.
    :yes::yes:
     
    • Like
    Reactions: IDG

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    දවල් ටයිම් එකට පාර්ලිමන්තුව පැත්තට යවාගන්න බැරි වෙයිද දන්නේ නැහැ........