පේ‍්‍රමකීර්ති ද අල්විස්

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    පේ‍්‍රමකීර්ති ද අල්විස්

    ‘‘ජනාධිපති තුමනි, මිනීමරුවා ඔබේ ඔඩොක්කුවේ’’පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය ජනාධිපතිතුමාගේ මුහුණටම කියලා...

    456.jpg


    විශිෂ්ට කලාකරුවෙක් වූ පේ‍්‍රමකීර්ති අල්විස් මහතා ඝාතනය කර ජූලි 31වන දිනට වසර 25ක් සම්පූර්ණ වේ. එම මහතාගේ ගුණ සමරු උත්සවයක් එදින ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ‍්‍රයේදී සංවිධානය කර තිබුණි. වික්ටර් රත්නායක ප‍්‍රමුඛ කලාරුවන් රැසක් ඒ සඳහා දායකත්වය සැපයීය. ජනාධිපතිවරයා මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා විය. උත්සවයට ආරාධනා ලැබ පැමිණි සිටි පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් මහත්මිය ‘‘ජනාධිපති තුමනි, පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය’’ යනුවෙන් ජනාධිපති වරයාගේ මූහුණටම පවසා තිබේ. ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ විසින් පේ‍්‍රමකීර්ති අල්විස් ඝාතනය කළ බවට නිර්මලා අල්විස් මහත්මිය චෝදනා කරයි.

    මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක් වූ අල්විස් මහත්මිය මෙසේද පවසා සිටී.

    ‘‘පේ‍්‍රමකීර්ති වෙනුවෙන් විවිධ උපහාර කරනවා. පිංකම් කරනවා. නමුත් පේ‍්‍රමකීර්තිගේ ඝාතනය ගැන කතා කරන්න හිටියේ බොහෝම ස්වල්පයයි. මම අවුරුදු විසි පහක් තිස්සේ මේ ගැන හොයලා අවසානයේ සිද්ධ වෙච්ච දේ ගැන නිගමනයකට ඇවිල්ලා හිටියේ. මම ජනාධිපති තුමාට යම් යම් පණිවිඩ මඟින්, ඒ වගේම වෙනත් අයටත් කිව්වා පේ‍්‍රමකීර්තිව මැතිවරණ හමුවේ විකුණාගෙන කන්න එපා. මේක කළේ ජේ.වී.පී.එකෙන් නෙමෙයි කියලා. මේක ගැන නඩුවක් ගියා. ඒත් අල්ලපු සැකකාරයෝ පිළිබඳව පෙරඩ් එකක්වත් නැතුව එය හරිම විහිළු ආකාරයට අවසන් වුනා.


    අද (31) හරිම හොඳ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාවත පේ‍්‍රමකීර්ති අල්විස් මාවත කියලා නම් කරා. මේ උත්සවයට එන්න සූදානම් වෙද්දී මට උදේ පාන්දර ආරංචියක් ආවා ප‍්‍රවේශ මාර්ගය පටන් ගන්න තැනම තියෙනවා කියලා ප‍්‍රදර්ශනයක්. එය හඩ්සන් සමරසිංහ විසින් සූදානම් කරන්නේ කියලා. ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති මැරුවා කියලා කියන්න හදනවා කියලා. මම උත්සවයට ගියා. ජනාධිපතිතුමා උත්සව සභාවේ ඉඳගන්නත් කලින් අර ප‍්‍රදර්ශනය බලන්න ගියා. මට කල්පනා වුනා මේක වෙන්නේ ඉතාමත් උපක‍්‍රමශීලීව කියලා. මම අවරුදු විසිපහක් ලෙඩ රෝග සහ දුක් කන්දරාවලට ගොදුරු වෙවී මේක කළේ පුද්ගලික පළිගැනීමකට, ජේ.වී.පී. එකෙන් නෙමෙයි කියලා කියපු ඒවා වතුරේ යනවා කියලා දැන ගත්තා. මම හොඳ වෙලාවට ඔය කාරණාව ගැන ලියපු ‘පේ‍්‍රමකීර්තිනී’ පොත අරගෙන තමයි ආවේ. මට වේදනාව දරා ගන්න බැරුව පොතේ වාක්‍ය දෙකක් ලිව්වා. ජනාධිපති තුමනි, පේ‍්‍රමකීර්තිගේ ඝාතකයා ඔබ සෙවනේය කියලා ලිව්වා. ජනාධිපතිතුමා මාව පසු කරලා යන්න යනකොටම මම ජනාධිපති තුමනි කියලා කතා කරාම එතුමා නැවතුණා. මම පොත දෙමින් ගමන කිව්වා ජනාධිපති තුමනි, මං මේ ලෝකේ කිසි දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන්නේ නැහැ, පේ‍්‍රමකීර්ති වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ඒකට හේතුව මිනීමරුවා ඔබතුමා හෙවනේ ඉන්නේ කියලා කිව්වා. ලෝකයා ඉදිරිපිට මේ ඉල්ලීම කළේ, මේ වෙනුවෙන් සාධාරණය ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියලා අඩ අඩා පොත දුන්නා’’.



    කවුරු කොහොම මොනවා කීවත් සොදුරු මිනිසෙක් නැති උන එක විතරයි උනේ..:sorry::sorry:

    උපුටා ගැනීම : http://www.lankatruth.com/home/sinh...-54-57&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kawuda marala thiynna bn
    මං හිතන්නේ ඒ කාලයේ ගුවන්විදුලියේ මුල් පුටුවට කෑදර වූ කෙනෙක් මුල් පුටුව නිතරගයෙන්ම ප්‍රේමකීර්තිට යන බව දුර තියා දුටු නිසා මේක කරල් තියෙන්නෙ :sorry:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    kawuda marala thiynna bn

    ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ විසින් පේ‍්‍රමකීර්ති අල්විස් ඝාතනය කළ බවට නිර්මලා අල්විස් මහත්මිය චෝදනා කරයි.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මං හිතන්නේ ඒ කාලයේ ගුවන්විදුලියේ මුල් පුටුවට කෑදර වූ කෙනෙක් මුල් පුටුව නිතරගයෙන්ම ප්‍රේමකීර්තිට යන බව දුර තියා දුටු නිසා මේක කරල් තියෙන්නෙ :sorry:
    yata thiynna uttraya:dull:
    ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ විසින් පේ‍්‍රමකීර්ති අල්විස් ඝාතනය කළ බවට නිර්මලා අල්විස් මහත්මිය චෝදනා කරයි.
    :dull::dull::dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපෝ මට ඔය හඩ්ඩාව පේන්න බෑ
    උදේට මොකද්ද මන්දා චැනල් එකක කෑ ගහනවා හරියට ඌට වඩා පොරක් නෑ වගේ...
    ඔකුන්ට අපායේත් ඉඩ නැතුව ඇති බන්..
    :angry::angry::angry::angry:
     

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    අපෝ මට ඔය හඩ්ඩාව පේන්න බෑ
    උදේට මොකද්ද මන්දා චැනල් එකක කෑ ගහනවා හරියට ඌට වඩා පොරක් නෑ වගේ...
    ඔකුන්ට අපායේත් ඉඩ නැතුව ඇති බන්..
    :angry::angry::angry::angry:

    apo owu.okata maha muspenthu katak thiyenne.oka Bombay looking Kolkata :rofl: